ඉදිරිදර්ශන

චීනයට එරෙහි එක්සත් ජනපද යුද ව්‍යායාමය වේගවත් කරයි

මෙම ලිපිය ජූලි 8 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

දිවා රෑ ගුවන්යනා දියත් කිරීම් ද සහිත, සෙනසුරාදා ආරම්භ කල  "අධි සූදානම්" (“high end”) යුද සරඹ පැවැත්වීමට සම්බන්ධ එක්සත් ජනපද ගුවන්යානා හාරක නාවික ප්‍රහාරක බලඇනි දෙකක් දකුනු චීන මුහුදට ඇතුලුවී තිබීම, චීනයට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයේ තීව්‍රවන යුද සූදානම පිලිබඳ සරලව ම අතිශය කැපීපෙනෙන ව්‍යායාමයකි. චීන නාවික අභ්‍යාස පවත්වන මූලෝපායිකව වැදගත්, එම මුහුදු කලාපයටම යවා ඇති නාවික බලඇනි දෙකේ මෙහෙයුම් කාලය චීන අභ්‍යාස වලට සම්පාත වීම නිසා ඒවා වඩාත් ප්‍රකෝපකාරී මෙන් ම  භයානක ය.

එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගත් ගෝලීය කොවිඩ්-19 වසංගතය ගෝලීය ධනවාදයේ අර්බුදය හා එහි සියලු මූලික ප්‍රතිවිරෝධතා නාටකාකාර ලෙස උග්‍ර කර ඇත්තේ, භූදේශපාලනික ආතතීන් තවදුරටත් වේගයෙන් ඉහල යාමට මග පාදමිනි. ආපසු වැඩට දැක්කීමේ ඉවබව නැති ව්‍යායාමයට කම්කරු පන්තිය තුල වැඩෙමින් තිබෙන විරුද්ධත්වය මධ්‍යයේ, රට තුල ගැඹුරු සමාජ හා ආර්ථික අර්බුදයකට මුහුන දෙන ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කරන්නේ, සමාජ ආතතීන් බාහිර සතුරෙකු වෙත හරවා යැවීමට ය.

ඩිමොක්‍රටිකයින්ගේ හා මාධ්‍ය සංස්ථාපිතයේ පිටුබලය ලබන ට්‍රම්ප්, බොරු හා සාවද්‍ය තොරතුරු පදනම් කර ගනිමින් චීන විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් හරහා යුද උන්මාදයේ  වාතාවරනයක් ඇති කිරීමට උත්සාහ කරයි. මොනම සාක්ෂියක්  වත් නැති ව, පුරුද්දක් ලෙස ඉහල නිලධාරීහු, කොරෝනා වෛරස් වසංගතයට හා ධවල මන්දිරය තම සාපරාධී නො සැලකිල්ල සහ උදාසීනත්වය තුලින් සෘජුව ම වග කිව යුතු අති විශාල ඇමරිකානු මරන සංඛ්‍යාව වෙනුවෙන් චීනයට දොස් නඟති.

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට මඟ පෙන්වන මිසයිල නෞකාවක් වන එච්එම්ඒඑස් පරමත්ත (එෆ්එෆ්එච් 154), එක්සත් ජනපද නාවික හමුදාවේ උභයජීවී ප්‍රහාරක නෞකාව වන යූඑස්එස් ඇමරිකා (එල්එච්ඒ 6), ටිකොන්ඩෝරාගා පන්තියේ මඟ පෙන්වන මිසයිල නෞකාව යූඑස්එස් බන්කර් හිල් (සීජී 52) සහ ආර්ලී-බර්ක් පන්තියේ මඟ පෙන්වයි මිසයිල විනාශ කරන්නා යූඑස්එස් බැරී (ඩීඩීජී 52). (ඡායාරූපය ජන සන්නිවේදන විශේෂඥ 3 වන පන්තියේ නිකලස් හුයින්)

 චීන විරෝධී උද්ඝෝෂනය හැමතැන ම පතුරුවා හැරේ. හොංකොං හි හා චීන ෂින්ජියැන්ග් පලාතේ මුස්ලිම් උයිගුර් සුලුතරයේ “මානව හිමිකම්” උල්ලංඝ නය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය බීජිනය හෙලා දැකීම් උත්සන්න කර තිබේ.

මෙම ප්‍රශ්න සම්බන්ධකරගෙන එක්සත් ජනපදය දැනටමත් දන්ඩනීය සම්බාධක පනවා ඇත. ඇමරිකානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, එක්සත් ජනපදයේ පොලිස් ඝාතනවලට එරෙහි විරෝධතා ප්‍රචන්ඩ ලෙස මැඩපැවැත්වීම සඳහා මිලිටරිය හා ජාතික ආරක්ෂක භටයින් යෙදවීම, ට්‍රම්ප් පාලනාධිකාරයේ පිලිකුල් සහගත කුහකකම පෙන්නුම් කරන්නකි. යලි වතාවක්, මැද පෙරදිග සාපරාධී යුද්ධ වල යෙදී සිටින වොෂින්ටනය, චීනයට එරෙහිව දැවැන්ත මිලිටරි සූදානමක් හා ආර්ථික යුද්ධයක් සඳහා "මානව හිමිකම්" ප්‍රශ්න ගසාකෑමට උත්සාහ කරයි.

කොව්ඩ්-19 වසංගතය එක්සත් ජනපද යුද මෙහෙයුමේ මූලික හේතුව නො වේ.  ඊට විපරීත ව එය දිගුකාලීන ක්‍රියාදාමයන්ගේ ත්වරකය(accelerant) යි. ඉන්දු-ශාන්තිකර කලාපය හා ලෝකය පුරා චීන බලපෑම අඩපන කිරීම සඳහා ආක්‍රමනශීලී රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක්, අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය (ටීපීපී) හරහා චීනය හුදෙකලා කිරීම සහ කලාපය පුරා ඇමරිකානු මිලිටරි කටයුතු ශක්තිමත් කිරීම හා ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධ කරමින් 2011 දී ඔබාමා පරිපාලනය චීනයට එරෙහිව එල්ල කෙරුනු “ආසියාවට හැරීම” ප්‍රකාශයට පත් කලේ ය. ඔබාමා ඉවබව නැතිව දකුනු චීන මුහුද හා කොරියානු අර්ධද්වීපය ඇතුලු ප්‍රදේශවල භයානක කලාපීය ජ්වලන කේන්ද්‍ර නිර්මානය කලේය.

ට්‍රම්ප් පරිපාලනය චීනයට එරෙහි යුද ධවනය වේගවත් කර තිබේ. ඔහු ටීපීපීය අතහැර දැමූ අතර, බොහොමයක් තවමත් ක්‍රියාත්මක වන,  චීනයට එරෙහිව පූර්න පරිමාන ආර්ථික යුද්ධයක් දියත් කලේ,  සැබවින් ම සියලු චීන භාන්ඩ සඳහා දන්ඩනීය තීරුබදු පනවමින් සහ චීනය තුලට වඩ වඩා එක්සත් ජනපද අපනයන හා ආයෝජන පමනක් නො ව, අධි තාක්ෂනික කර්මාන්ත සඳහා එක්සත් ජනපදයට යටත් වීම ද ඉල්ලා සිටිමිනි. ට්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදය හා සැපයුම් දාමයන්, විශේෂයෙන් මිලිටරියට තීරනාත්මක ඒවා, ඇමරිකාවේ පදනම් විය යුතු යැයි අවධාරනය කිරීම, යුද්ධය සඳහා වන ආර්ථික සූදානමට වඩා අඩු දෙයක් නො වේ.

ඇමරිකානු බුද්ධිමය දේපල ආරක්ෂා කිරීම හා චීන ඔත්තු බැලීම වැලැක්වීමේ මුවාවෙන් වොෂින්ටනය, චීන විදුලි සංදේශ දැවැන්තයා වන හුආවේ ඉලක්ක කර තිබේ. එය බ්‍රිතාන්‍යය වැනි මිත්‍ර පාක්ෂිකයින්ට හුආවේ උපකරන භාවිතා නො කරන ලෙස බලපෑම් කර ඇති අතර හුආවේ වෙත ප්‍රධාන කොටස් සපයන සමාගම්වලට සම්බාධක පැනවීමට තර්ජනය කර තිබේ. එක්සත් ජනපදය, චීන ඔත්තු බැලීම හා අනවසරයෙන් ඇතුලුවීම පිලිබඳ සනාථ නො කල චෝදනා ඉදිරිපත් කරන අතර, රහස් හෙලි කරන්නෙකු වන එඩ්වඩ් ස්නෝඩන් පෙන්වාදුන් පරිදි,  ජාතික ආරක්ෂක ඒ්ජන්සිය(එන්එස්ඒ) වැනි බුද්ධි අංශ,   තමන්ගේ ම පුරවැසියන් ඇතුලුව, ලෝක ජනගහනය පිලිබඳ දැවැන්ත පරිමානයෙන් ඔත්තු බලති.

ට්‍රම්ප් පරිපාලනය එක්සත් ජනපදයේ චීන සිසුන් හා පර්යේෂකයින් ද ඉලක්ක කර ඇත්තේ, ප්‍රවේශ වීමේ දැඩි  සීමාවන් පනවමින් හා කොවිඩ්-19 පියවර හේතුවෙන් මේ වන විට අන්තර්ජාල විද්‍යාල පාඨමාලා සඳහා පමනක් ඇතුලත් වුවහොත් දහස් ගනනක් සිසුන් පිටුවහල් කරන බවට තර්ජනය කරමිනි. ධවල මන්දිරය එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වන චීන මාධ්‍ය සඳහා වන සීමා බාධක පුලුල් කරමින් සිටින අතර තවත් සංවිධාන හතරක් පසුගිය මාසයේ “විදේශ දූත මන්ඩල” ලෙස නම් කරන ලදී.

යුද්ධය සඳහා මිලිටරි සූදානම ද වේගයෙන් ඉදිරියට යමින් තිබේ. එක්සත් ජනපද යුද නැව් හා යුද ගුවන් යානාවලින් සියයට 60 ක් ඉන්දු-ශාන්තිකර කලාපයට නැවත යෙදවීම සඳහා ඔබාමා 2020 ඉලක්කය බවට පත් කලේ ය. ට්‍රම්ප් යටතේ පෙන්ටගනය 2018 දී නිවේදනය කලේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” නො ව මහා බල තරඟය එහි ප්‍රමුඛතාවය බව යි. රුසියාව හා චීනය එහි ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස හඳුනාගෙන තිබේ. චීනය කෙරෙහි ඇති අවධානය පිලිබිඹු කරන්නේ, චීනයේ අසාමාන්‍ය ආර්ථික ව්‍යාප්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අඛන්ඩ ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය නියෝජනය කරන බවට ඇමරිකානු මූලෝපායික කවයන් තුල ඇති දෘෂ්ටිය යි.

මිලිටරි ගැටුම් සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස එක්සත් ජනපදය, ඉන්දු-පැසිෆික් කලාපය පුරා මිලිටරි සන්ධාන හා මූලෝපායික හවුල්කාරිත්වයන්, විශේෂයෙන් ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව සම්බන්ධව සිටින ඊනියා “චතුර්තය” (Quad) ශක්තිමත් කරමින් සිටී.

එක්සත් ජනපදයේ චීන විරෝධී උද්ඝෝෂනයේ ඉවබව නැති ස්වභාවය, මතභේදාත්මක දේශසීමා සම්බන්ධයෙන් චීනය සමඟ මෑත දී ඇති වූ මිලිටරි ගැටුම්වල දී එය ඉන්දියාව දිරිමත් කිරීමට වඩා පැහැදිලිව පෙනුන අන් තැනක් නැත. න්‍යෂ්ටික බලවතුන් අතර ඇති මෙම භයානක ගැටුමේ දී ට්‍රම්ප්ගේ මාන්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් සඳුදා අදහස් දක්වමින්, ඉන්දියාව සමඟ පැහැදිලිව ම පෙනී සිටියේ මෙසේ පවසමිනි. “එම කලාපයේ හෝ නැත් නම් මෙහි වේවා, බලවත් ම අධිපති බලවේගය වීමේ සිතුවිලි හමුවේ, චීනයට හෝ වෙනත් කිසිවෙකුට පාලනය භාර ගැනීමට ඉඩ දී පසෙකට වී බලා සිටීමට අප සූදානම් නැත. ”

මුලු ලෝකය ම ඇදගත් ව්‍යසනකාරී ගැටුමක් දක්වා වේගයෙන් උත්සන්න වන චීනයට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් සඳහා වන සියලු සූදානම්, බොහෝ ඉදිරියට ගොස් ඇත. දකුනු චීන මුහුදේ වේවා, චීනය සමඟ ඉන්දියානු දේශසීමාවේ වේවා, ඇති ජ්වනලාංක අහම්බෙන් හෝ හිතාමතාම සිදුවීමකට තුඩු දිය හැකි අතර, එය එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට රට තුල මර්දනය දියත් කිරීම  සඳහා හේතුවක් සපයනු ඇත.

වේගයෙන් ලෝක යුද්ධය කරා ඇද වැටීම නැවැත්විය හැකි එක ම සමාජ බලවේගය, ජාත්‍යන්තර කම්කරු පන්තිය යි. 2016 දී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව “යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා සටන” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ලොව පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතු යැයි ඉල්ලා සිටියේ ය. එම ප්‍රකාශයේ හඳුනාගෙන ඇති අන්තරායන් ද  එම නිසා එවැනි ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාව ද පසුගිය සිව් වසර තුල වඩාත් උග්‍ර වී ඇත.  

කම්කරුපන්තියඑක්සත්කිරීමසඳහාවනදේශපාලනපදනමපිහිටවියයුතුමූලිකප්‍රතිපත්තිඑමප්‍රකාශයතුලසාරාංශකරදැක්වී.

* යුද්ධයට එරෙහි අරගලය, සමාජය තුල සිටින මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතුය. කම්කරු පන්තිය ජනගහනයේ අවශේෂ සියලු ප්‍රගතිශීලී ජනතාවන් තමන් පසුපස පෙලගස්වා ගන්නවා ඇත.

* නව යුද විරෝධී ව්‍යාපාරයක් ධනේශ්වර විරෝධී හා සමාජවාදී විය යුතු ය. මක්නිසා ද යත්, මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාපතිත්වයේ ද මිලිටරිවාදයේ ද යුද්ධයේ ද මූලික හේතුව වන ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටනකින් තොරව යුද්ධයට එරෙහි බැරෑරුම් අරගලයක් ගෙන යා නොහැකි බැවිනි. 

* එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අවශ්‍යයෙන් ම, මුලුමනින් ම හා පැහැදිලිව ම, ධනපති පන්තියේ සියලු දේශපාලන පක්ෂ හා සංවිධානවලට සතුරු හා ඒවායින් ස්වාධීන විය යුතු ය.

*අන් සියල්ලටත් වඩා, නව යුද විරෝධී ව්‍යාපාරය, ජාත්‍යන්තර විය යුතු ය. එය කම්කරු පන්තියේ දැවැන්ත ශක්තිය, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුල බලමුලු ගැන්විය යුතු ය.

මානව වර්ගයාගේ අනාගතය සහතික කිරීම සඳහා අද කම්කරුවන් හා තරුනයින් යොමු විය යුත්තේ එම කර්තව්‍යය වෙත යි.

Loading