යුරෝපා සංගම් සමුලුව ආරම්භ වෙද්දී යුරෝපය පුරා කොවිඩ්-19 පැතිරීම වේගවත් වේ

මෙම ලිපිය ජූලි 18 දින ඉංග්‍රීසියෙන් පලවින.

දින දෙකක සමුලුවක කොටසක් ලෙස යුරෝපීය සංගමයේ (යුසං) රාජ්‍ය නායකයින්, ඇප දීමේ පැකේජයක් පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා සිකුරාදා බ්‍රසල්ස් හි රැස්වීම ආරම්භ කරද්දී, COVID-19 වසංගතය මහාද්වීපය පුරා වේගයෙන් පැතිරෙමින් තිබේ. අගුලු දැමීම අවසන් වූ මැයි මාසයේ පටන් යුරෝපය පුරා ආන්ඩු සහ වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩට දැක්කීමේ ප්‍රතිපත්ති, සමාජ දුරස්ථභාවය බිඳවැටීමට තුඩු දී ඇති අතර, වසංගතයේ අලුත් වටයක තර්ජනය හමුවේ නැවත වරක්  සෞඛ්‍ය පද්ධතීන් ගිල දැමීමේ තර්ජනය මතුකර ඇත.

බ්‍රසල්ස්හිදී පැවති යුරෝපීය සංඟම් සමුලුවේදී ජූලි 17දා, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ප්‍රන්ස ජනාධිපති මැක්‍රෝන්, (අනුග්‍රහය: ස්ටෙෆ්නි ලෙකොක්, ඒපී ප්‍රවෘත්ති) [Credit: Stephanie Lecocq/Pool via AP]

ජූලි 16 වන දින ස්පාඤ්ඤයේ අලුතින් රොගීන් 1,361 ක් සොයා ගන්නා ලදී. එය මැයි මාසයෙන් පසු පලමු වතාවට දහසකට වඩා වැඩි විය. මිලියන 5ක ජනගනයකින් යුත් බාසිලෝනා නාගරිකයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිවෙස් වලට වී සිටින ලෙසයි. අලුත් ස්පාඤ්ඤ රෝගීන්ගෙන් 647 ක් කැටලෝනියාවේ ය. කලාපීය උපදේශක මෙරිට්සෙල් බඩ්  පැවසුවේ, “සමස්ත ජනගහනයටම සීමාවන් පැනවීමේ පියවර ගැනීමෙන් වැලකී සිටීමට ලැබෙන අවසාන අවස්ථාව මෙය” බවයි.

ජර්මනියේ නව ආසාදන 583 ක් සහ ඔස්ට්‍රියාවේ 157 ක් බ්‍රහස්පතින්දා වාර්තා විය. එය අප්‍රේල්  10 න් පසු ඕස්ට්‍රියාවෙන් වාර්තතාවූ වැඩිම සංඛ්‍යාවයි. බෙල්ජියමේ COVID-19 ආසාදන දිනකට 115 ක් දක්වා සියයට 32 කින් ඉහල ගොස් තිබේ. වෛරසයේ ප්‍රජනන අනුපාතය ජර්මනියේ මෙන්ම බෙල්ජියමේ ද 1 ට වඩා ඉහල නැඟී ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ, නව රෝගීන් සංඛ්‍යාව යලිත්  වේගයෙන් වර්ධනය වීමට පටන් ගෙන ඇති බවයි. බෙල්ජියම් වෛරස් විද්‍යාඥ මාක් වැන් රැන්ස්ට් පැවසුවේ, “මෙම දත්ත අනුව දෙවන රැල්ලක ආරම්භය අප දකිනවා” යනුවෙනි.

සක්‍රීය පොකුරු 184 ක් සහ ප්‍රජා ව්‍යාප්තියක් ඇති ප්‍රන්සයේ බ්‍රිටනිහි ප්‍රජනන අනුපාතය 2.62 ක් ද, ලෝයර් නිම්නයේ 1.5 ක් ද රිවිරාහි 1.55 ක් ද දක්වා ඉහල ගොස් තිබේ.  පැරිසිය ඇතුලු කලාප ගනනාවක එය 1 ට වඩා වැඩිය.

කෙසේවෙතත්, යුරෝපයේ COVID-19 වසංගතය ආරම්භ වූ දා සිට ඔවුන්ගේ පලමු කායික රැස්වීම බ්‍රසල්ස් හි පවත්වන විට නායකයින්ගේ  අවධානය, වසංගතය නතර කිරීම කෙරෙහි යොමුවුනේ නැත. යුරෝපය පුරා රැකියා මිලියන ගනනක් විනාශ කරමින් කප්පාදු හා මහා පරිමානයෙන් දොට්ට දැමීම් සිදුකරන අතරම යුරෝ ට්‍රිලියන ගනනක ව්‍යාපාරික හා බැංකු ඇපදීම් සංවිධානය කරන්නේ කෙසේද යන්න පිලිබඳව ඔවුහු ගැටෙමින් සිටියහ. යුරෝපීය ධනේශ්වරය COVID-19 ට එරෙහිව නොව කම්කරු පන්තියට එරෙහිව යුද්ධ කරයි.

යුරෝපීය මහ බැංකුව (ඊසීබී) යුරෝපීය බැංකුවලට ලබා දී ඇති යුරෝ ට්‍රිලියන 1.25 ක් (ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.43) මුද්‍රනය කර ඇති අතර, බර්ලිනය සහ පැරිසිය විසින් සැලසුම් කර ඇති ඩොලර් බිලියන 750 ක ඇපදීමක් යුරෝපා සංගමය විසින් සූදානම් කරමින් සිටී. දැනටමත් යුරෝපා සංගම් රාජ්‍යයන්, සීමන්ස්, එයාර් බස්, රෙනෝල්ට් සහ විවිධ ජාතික ගුවන් සමාගම් සඳහා ව්‍යාපාරික ඇපදීම් සඳහා යුරෝ බිලියන ගනනක් වැය කර තිබේ. ඒ අතරම ආන්ඩු, සංගත සහ වෘත්තීය සමිති, මහජන අරමුදල් උපයෝගී කරගනිමින් ඇප ලබාගෙන පොහොසත් වී ඇති බලවත් සමාගම් විසින් සිදු කරනු ලබන තොග පිටින් දොට්ට දැමීම් නිර්ලජ්ජිතව අනුමත කරති.

2008 වෝල් වීදියේ කඩාවැටීමෙන් පසු ග්‍රීසියේ දී මෙන්, ඇප දීම දරුනු කප්පාදු පැනවීමට උපකාරී වනු ඇති බවට සහතික වන්නේ කෙසේ ද හා යුරෝපා සංගම් සමාගම්වල ගෝලීය තරඟකාරිත්වය ඉහල නැංවීම මත, යුරෝපා සංගමය තුල දැඩි බෙදීම්  පවතී. මාරුවෙන් මාරුවට යුරෝපා සංගමයේ සභාපති ධුරය දරන ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් බ්‍රසල්ස්හිදී මෙසේ පැවසීය: “වෙනස්කම් තවමත් ඉතා විශාල බැවින් මට මෙවර ප්‍රතිපලයක් ලැබෙයි ද යන්න ගැන අනාවැකි කිව නොහැක. එය යෝග්‍ය වනු ඇත, නමුත් අප යථාර්ථවත් ද විය යුතුය. ”

පලමු දින සාකච්ඡාවේදී කුඩා රටවල් කිහිපයක් ෆ්‍රැන්කෝ-ජර්මානු ඇපදීම ප්‍රතික්ෂේප කලහ. ඇප මුදල් ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයේ “මූලික වටිනාකම්” වලට ගරු කල යුතු බවට වන වගන්ති වලට විරුද්ධව නිෂේධ බලය යොදන බවට හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් තර්ජනය කලේය. නෙදර්ලන්ත අගමැති මාක් රූට්, යුරෝපා සංගම්  ඇපදීමේ මුදල්වල සියලු වියදම් වලට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කිරීමේ අයිතිය ඉල්ලා සිටියේය.

ග්‍රීසියේ මෙන් යුරෝපා සංගම් සාකච්ඡා වලදී කප්පාදු ක්‍රියාත්මක කිරීම අනිවාර්ය නොවන, බර්ලිනය සහ පැරිසිය විසින් යෝජනා කරන ලද ඇපදීම ගැන ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ ප්‍රශංසා කලේය. එහෙත්, යුරෝපා සංගම් ප්‍රධාන බලවතුන් අතර සාකච්ඡා පැවැත්වුනේ තිරය පිටුපස ය. “අපගේ සියලු යුරෝපීය පුරවැසියන්ගේ පොදු අවශ්‍යතාවල බෙදාගන්නා වටිනාකම්  වලට ප්‍රතිචාරයක්, ආර්ථික හා සමාජීය ප්‍රතිචාරයක්, අපි  විස්තාරනය කරමින් සිටිමු" යයි කොන්ටේ පැවසීය.

යථාර්ථය නම්, යුරෝපා සංගමය 1930 ගනන්වලින් පසුව ඇතිවූ, ලෝක ධනවාදයේ විශාලතම ආර්ථික පසුබෑමට ප්‍රතිචාර දක්වන්නේ, සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආක්‍රමනකාරී ලෙස තහවුරු කරමිනි. මෙම මූලෝපාය ක්‍රියාත්මක කලේ තම රටේ කම්කරු පන්තියේ වියදමිනි. ඊට එරෙහිව නැඟෙන පුපුරන සුලු සමාජ විරෝධය මැඩපැවැත්වීමට දරන උත්සාහය තීරනාත්මක ලෙස රඳාපවතින්නේ, වෘත්තීය සමිති නිලධරයන්ගේ සහාය මතය.

ආර්ථික ප්‍රතිපත්තිය සැලසුම් කිරීම සඳහා ප්‍රන්ස වෘත්තීය සමිති ඊයේ, අලුතින් පත් කරන ලද අගමැති ජීන් කැස්ටෙක්ස් හමුවිය. මෙම වසර මුලදී ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ සාකච්ඡා කල විශ්‍රාම වැටුපේ විශාල කප්පාදුව ක්‍රියාත්මක කිරීම සඳහා වසර අවසානය වනතෙක්  සිටීමට ඔවුන් එකඟ වූ අතර, කැස්ටෙක්ස් ප්‍රන්සය පුරා සේවා ස්ථානවල ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගතකරනය සහ විශාල දොට්ට දැමීම් සූදානම් කිරීමට කටයුතු කරයි. එසේ වුවද, සියලු වර්ගයේ වෘත්තීය සමිති නිලධාරීහු ඔහුගේ කාර්යාලයෙන් පිටව යන විට  කැස්ටෙක්ස් සහ ඔහුගේ ප්‍රතිගාමී සැලසුම් වලට ප්‍රශංසා කලහ.

සීජීටී (පොදු කම්කරු සම්මේලනයේ) පිලිප් මාටිනස් මෙසේ පැවසීය. “අපි සිටින්නේ මැද මාවතේ, නමුත් සිදු කර ඇති දේ අහෝසි කල නොහැකිය. අතෘප්තිය, විරෝධතා, ඔහු සැලකිල්ලට ගෙන ඇත. ඒක හොඳ දෙයක්. ” මෙය වංචාවකි. යථාර්ථය නම්, යුරෝපා සංගමය දැවැන්ත ප්‍රහාර සැලසුම් කරමින් සිටින අතර සමාජ පිපිරීමක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ප්‍රවේශමෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් සිටියි.

යුරෝපා සංගමය එකට බැඳ තබන්නේ, පොදු අවශ්‍යතා මඟින්ම නොවේ. සිය රට තුලදී යුරෝපීය කම්කරු පන්තියට  මුහුන දීමට මංමුලා සහගත උත්සාහයන් දරන අතරම ඔවුන් විදේශයන්හි දී විශාල බල ප්‍රතිවාදීන් වන රුසියාව වැනි නේටෝවේ සාම්ප්‍රදායික විරුද්ධවාදීන් පමනක් නොව, යුරෝපා සංගමයේ නේටෝ “සගයා” වන එක්සත් ජනපදය සමඟ ද වැඩි වැඩියෙන් ගැටේ.

සමුලුවේදී, යුරෝපා සංගම් බලවතුන්, යුරෝපා සංගමය මිලිටරි සන්ධානයක් බවට පත් කිරීම සඳහා තවත් පියවර ගැනීමට උත්සාහ කරති. වෝර්සෝ හි පැවති රැස්වීමකදී ජර්මානු ආරක්ෂක ඇමති ඇනෙග්‍රෙට් ක්‍රම්ප්-කරන්බවර් සහ ඇගේ පෝලන්ත සහචරයා වන මාරියස් බ්ලැස්ක්සාක්, යුරෝපා සංගම් මිලිටරි වියදම් වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ. යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්ගේ වර්තමාන සම්මුති යෝජනාවෙන්, ඒකාබද්ධ ආයුධ ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන යුරෝපා සංගම් ආරක්ෂක අරමුදල සඳහා යුරෝ බිලියන 7 ක් වෙන් කර ඇති අතර, යුරෝපීය ප්‍රවාහන ජාලය මිලිටරි අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ප්‍රතිසංවිධානය සඳහා තවත් බිලියන 1.5 ක් වෙන් කර ඇත.

මෙම ප්‍රතිපත්තියට යටින් ඇත්තේ, දෙවන ලෝක යුද්ධයේ අවසානයෙන් පසු ඇති වූ ගැඹුරුම ආර්ථික අර්බුදය සහ විශේෂයෙන් ජර්මනිය සහ එක්සත් ජනපදය අතර වර්ධනය වන අන්තර් අධිරාජ්‍යවාදී ආතතීන් ය.

රුසියාව සහ ජර්මනිය සම්බන්ධ කරමින් නෝර්ඩ් ස්ට්‍රීම් 2 නල මාර්ගය ඉදිකරන සමාගම්වලට එරෙහිව සම්බාධක තීව්‍ර කරන බවට, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ බදාදා අලුතින් තර්ජනය  කලේය. ඉරානය, උතුරු කොරියාව සහ රුසියාවට එරෙහිව මීට පෙර භාවිතා කල ඇමරිකානු CAATSA (ඇමරිකාවේ විරුද්ධවාදීන්ට එරෙහි සම්බාධක) නීතිය යටතේ සකස් කරන ලද සම්බාධක, අවම වශයෙන් යුරෝපීය රටවල් පහක සමාගම් ඉලක්ක කර ගෙන ඇත.

ජර්මනියේ වින්ටර්ෂෝල් සහ යුනිපර්, රෝයල් ඩච් ෂෙල්, ප්‍රන්සයේ එන්ජීඊ සහ ඔස්ට්‍රියාවේ ඕඑම්වී යන සමාගම් සියල්ලම නෝර්ඩ්ස්ට්‍රීම් 2 ඉදිකිරීම සඳහා මුදල් යෙදවීමට සම්බන්ධ වී ඇත.

 ජර්මානු විදේශ ඇමති හයිකෝ මාස් බ්‍රහස්පතින්දා, එක්සත් ජනපද සැලසුම් අසාමාන්‍ය දැඩි බවකින්  හෙලා දුටුවේය. “යුරෝපීය සමාගම්වලට සම්බාධක පැනවීමට තර්ජනය කරන ක්‍රියාමාර්ග පිලිබඳ නිවේදන ද සමඟ එක්සත් ජනපද පරිපාලනය, අපගේ බලශක්ති ලබා ගන්නේ කොහෙන්ද සහ කෙසේද යන්න තීරනය කිරීමට යුරෝපය සතු අයිතියට හා ස්වෛරීභාවයට අගෞරව කරයි” යනුවෙන් ජර්මානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශයක් නිකුත් කරමින්  පැවසීය. යුරෝපීය බලශක්ති ප්‍රතිපත්තිය තීරනය වන්නේ යුරෝපයේ මිස වොෂිංටනයේ නොවේ. ප්‍රදේශයෙන් බැහැර සම්බාධක අපි තරයේ ප්‍රතික්ෂේප කරමු. ”

“අපට අංශක 360 දර්ශන පථයක් අවශ්‍යයි,” ඇය අවධාරනය කලාය. “යුරෝපය තුල රුසියානු මිසයිල පරාසයට අයත් වන්නේ කවුරුන්දැයි බැලුවහොත්, ඒ මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් සහ අප [ජර්මනිය] පමනි. මෙම රාජ්‍යයන් බොහෝමයක් තම අවශ්‍යතා මනසේ තබාගෙනම, නැඹුරු වීමට වැදගත් හවුල්කරුවෙකු ලෙස අපව දැකීමට එය එක් හේතුවකි. අපගේ යුරෝපා සංගම් සභාපති ධුර කාලය තුල  තර්ජන වලට ඒකාබද්ධ විශ්ලේෂනයක් ඇතිකර ගැනීම සඳහා අපි කටයුතු කරන්නෙමු. මක්නිසාද යත් අප ආරක්ෂක පද්ධති දියුනු කල යුතු බැවිනි. ගුවන් ආරක්ෂාව ගන්න: මෙය වැඩි වැඩියෙන් ඩ්‍රෝන යානා, AI පාලනය කරන ඩ්‍රෝන් රංචු හෝ හයිපර්සොනික් ආයුධ ගැන වේ. ”

දැඩි ආතති සහගත අන්තර් අත්ලාන්තික්  සම්බන්ධතා පිලිබඳ තවත් සිදුවීමක් නම්,  යුරෝපා සංගම් අධිකරනය විසින් බ්‍රහස්පතින්දා දුන් තීන්දුවයි. මධ්‍යම යුරෝපා සංගම්-එක්සත් ජනපද දත්ත ගලායාම පිලිබඳ ගිවිසුමක් වන ඊනියා රහස්‍යතා පලිහ එමඟින් ඉවත දැමුනි. එක්සත් ජනපද ඔත්තු සේවාවන්ට එරෙහිව යුරෝපීය පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමක් ලෙස තීන්දුව නිල වශයෙන් ඉදිරිපත් කිරීම වංචාවකි. ඔවුන්ගේ ඇමරිකානු සගයන් මෙන්ම යුරෝපීය බුද්ධි අංශ ද   විශාල ලෙස ජනතාවගේ ඔත්තු බැලීම්වල නිරත වෙති.

COVID-19 වසංගතය පිලිබඳව එක්සත් ජනපදයේ විනාශකාරී පියවර උපුටා දක්වමින් යුරෝපා සංගමය, ඇමරිකානු පුරවැසියන්ට තම දේශසීමා වසා දැමුවද යුරෝපා සංගමය වසංගතයට ප්‍රතිචාර දක්වන්නේ සිය නාමික “සගයා” මෙන්ම ය.

ජර්මානු පමනක් නොව යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්තිය ද නැවත මිලිටරීකරනය  සඳහා වෙන කවරදාටත් වඩා ආක්‍රමනශීලී ඉල්ලීම් තිබේ. බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද ජර්මානු සතිපතා ඩයි සයිට් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රම්ප්-කරන්බවර් ජාත්‍යන්තරව සිය අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය දැවැන්ත ලෙස ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලා සිටියේය. න්‍යෂ්ටික බලවතුන්ට ද විරුද්ධව‍

ඇපදීමේ ප්‍රතිපත්තිය පිලිබඳ කටුක විවාදයේදී කුමන කන්ඩායම් ජය ගත්තද, නාටකාකාර ලෙස යලි සන්නද්ධ කිරීම හා ව්‍යාපාරික ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් වලින් පැහැදිලි වන්නේ, යුරෝපා සංගමය , කම්කරුවන්ට බරපතල ප්‍රහාර එල්ල කිරීමට  හැරී සිටින බවය.

 

Loading