බීජිනයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය අනුගමනය කරයි

1 අගෝස්තු 2020

මෙම ලිපිය ජූලි 29 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

චීනය සමඟ එක්සත් ජනපද ගැටුමක තවත් භයානක පියවරක් සනිටුහන් කරමින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය සතියේ රිචඩ් නික්සන් ජනාධිපති පුස්තකාලය හා කෞතුකාගාරයේදී, “කොමියුනිස්ට් චීනය හා නිදහස් ලෝකයේ අනාගතය” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනයක් පැවැත්වී ය.

“කොමියුනිස්ට් චීනය” හෝ “නිදහස් ලෝකය” ආධිපත්‍යය දරන අනාගතයක් අතර තේරීමක් ලෙස ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් පොම්පියෝ, චීනය සමඟ එක්සත් ජනපද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි යන සෑම අංශයකින් ම දැඩි ලෙස තීව්‍ර කිරීමට වේදිකාව සැකසී ය. එපමනක් නොව, එකක් නිසැකවම විශේෂයෙන්  එල්ල කෙරුනේ, බීජිංහි පාලන තන්ත්‍රය වෙනස් කිරීම වෙතට යි.

“අපට නිදහස් 21 වන සියවසක් අවශ්‍ය නම්, චීනය සමඟ අන්ධ  බැඳීමේ  පැරනි ආදර්ශය” වෙනුවට “මෙම නව කුරිරු පාලනය වෙනුවට නිදහස් ලෝකයක ආස්ථානය ජයගත යුතුය” යන්න තහවුරු කරන නව මූලෝපායක් ආදේශ කල යුතු යැයි පොම්පියෝ ප්‍රකාශ කලේ ය..

මෙම කථාවෙන් චීනය සමඟ එක්සත් ජනපදයේ අඩ සියවසකට ආසන්න කාලයක, අසීමිත හෝ අවිවේචනාත්මක බැඳීම නිශ්චිතවම පෙරලා දැමූ අතර, කෙසේ වෙතත් පොම්පියෝ, කිසි විටෙකත් ඒ ගැන “අන්ධ” නොවීය.

එය ආරම්භ වූයේ 1972 දී නික්සන්ගේ යලි මිත්‍ර වීම හා බීජිං සංචාරයත් සමඟ ය. එහි මූලෝපායික අරමුන වූයේ, පොම්පියෝ ප්‍රකාශ කල පරිදි චීනය ඊනියා “ප්‍රජාතන්ත්‍රවාදයක්” බවට පරිවර්තනය කිරීම නොව, සෝවියට් සංගමයට එරෙහිව බාධකයක් පිහිටුවීමය.

පොම්පියෝ සීතල යුද්ධ වාචාලකම වෙත යොමුවීම හුදු විකාරයකි. යම් දේශපාලන අවබෝධයකින් යුත් කිසිවෙක්, චීනය “කොමියුනිස්ට්වාදී” යයි විශ්වාස නො කරයි. නික්සන් හා මාඕ විසින් පිහිටුවන ලද එක්සත් ජනපද-චීන ආතති හරන මිත්‍රත්වය, ධනේශ්වර පුනස්ථාපනයේ වේගවත් ක්‍රියාවලියක් සඳහා දොර විවර කල අතර, එය ඇමරිකානු හා ගෝලීය සංගත සඳහා ලෝකයේ විශාලතම ලාභ-ශ්‍රම වේදිකාව බවට චීනය පරිවර්තනය කලේ ය.

එපමනක් නොව, ට්‍රම්ප් පරිපාලනය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලින් වේගයෙන් ඉවත් වෙමින් හා විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග භාවිතා කරමින් සිටින විට, “නිදහස් ලෝකය” ගැන කථා කිරීම  බොරු විකාරය කි. අන්ත දක්ෂිනාංශික හා විවෘතව ෆැසිස්ට් පක්ෂ ප්‍රවර්ධනය කෙරෙන ආන්ඩු වලින් සමන්විත,  වැඩි වැඩියෙන් අත්තනෝමතික පාලන ක්‍රමවලට යොමු වී සිටින වොෂිංටනයේ “නිදහස් ලෝක” සහචරයින් අතර කොතැනක වත්, තත්වය ඊට වෙනස් නො වේ.

පොම්පියෝ කතා කරන්නේ හුදෙක් ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් පමනක් නො ව, කොවිඩ්-19 වසංගතයෙන් වේගවත් කෙරුනු, රට තුල ප්‍රගාඪ ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුදයකට මුහුන දෙමින් සිටන අවස්ථවේ දී, බාහිර සතුරෙකුට එරෙහිව අතිවිශාල සමාජ ආතතීන්  හරවා යැවීමට උත්සාහ ගනිමින් සිටින, ඇමරිකානු පාලක පන්තියේ ප්‍රමුඛ කොටස වෙනුවෙනි. 

ඩිමොක්‍රටිකයින්ගේ හොරනෑවක් වන නිව් යෝක් ටයිම්ස් හි සඳුදා කතුවැකිය, චීනය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයේ ආක්‍රමනශීලී ප්‍රතිපත්තියට පූර්න සහය දක්වන්නේ, එය වඩාත් ඵලදායී හා සුහදශීලී නොවිය යුතු බවට පමනක් තර්ක කරමිනි. “දකුනු චීන මුහුදට චීනයේ හිමිකම් පෑම නීති විරෝධී ය. ඊලඟට කුමක් ද? ” යන  මාතෘකාවෙන් යුත් එය, “ලෝකයේ අතිශය තීරනාත්මක මුහුදු මාර්ගවලින් එකක” චීන “ආක්‍රමන” හා “ බිය වැද්දීම”හෙලා දකින අතර, මතභේදාත්මක මුහුදේ චීන භෞමික හිමිකම්පෑම, “නීති විරෝධී ”යයි ප්‍රකාශ කරන පොම්පියෝගේ මෑත ප්‍රකාශයට සහාය දක්වයි.

ඉහවහා ගිය කුහකකමකින්. එක්සත් ජනපදය ජාත්‍යන්තර නීතියට අනුකූල ව පෙලගැස්වීම  පිලිබඳ පොම්පියෝගේ ප්‍රකාශයට කතුවැකිය ප්‍රශංසා කරන නමුත් වොෂින්ටනය, බීජිනය උල්ලංඝනය කරන බව කියන අන්තර්ජාතික නීතිය ම, එනම්, මුහුදේ නීතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කර නැත. චීනයේ අසල්වැසියන්ට  දකුනු චීන මුහුදේ තම හිමිකම් කියා පෑමට බල කරමින් හා චීනය හිමිකම් කියන භෞමික මුහුදේ ඇමරිකානු යුද නැව් ප්‍රකෝපකාරී ලෙස යොදවමින්,  දකුනු චීන මුහුද භයානක ගෝලීය ජ්වලනාංකයක් බවට පරිවර්තනය කලේ, කතුවැකිය පැසසුමට ලක් කරන, ජනාධිපති ඔබාමා විසින්ම ය. 

බිය වැද්දීම හා ආක්‍රමනය සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, පසුගිය සියවස් කාල  තුල මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා උතුරු අප්‍රිකාවේ එක් අපරාධකාරී යුද්ධයකට පසු තවත් එකක නිරත වී ඇත්තේ, මෙම කලාපවල ජනතාවට මානුෂීය ව්‍යසන ඇති කරමිනි. ට්‍රම්ප් විසින් දිගින් දිගට ම ව්‍යාප්ත කරනු ලබන ඔබාමාගේ “ආසියාවට හැරීම”, චීනය ඉලක්ක කර ගනිමින් ආසියාව පුරා විශාල මිලිටරි තරකිරීමක නියුක්ත වූ අතර, චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ, දකුනු චීන නාවික කඳවුරුවලට යාබද දකුනු චීන මුහුදේ කොදෙව්වල පාලනය තහවුරු කරමිනි.

හොංකොං හා චීනයේ ෂින්ජියැන්ග් පලාතේ උයිගුර් ජනතාව සම්බන්ධයෙන්,  “මානව හිමිකම්” පිලිබඳ එහි නරුම ආයාචනය සහ චීන ඔත්තු බැලීම හා බුද්ධිමය දේපල සොරකම් කිරීම පිලිබඳ සනාථ නො කල චෝදනා ඇතුලු ව, චීනය කෙරෙහි ට්‍රම්ප් පරිපාලනයේ ආක්‍රමනශීලී ප්‍රතිපත්ති, නිව් යෝක් ටයිම්ස් කතුවැකිය විසින් නිහඬව අනුමත කෙරේ.

පොම්පියෝ මෙන්ම කතුවැකිය ද, සෝවියට් සංගමය සමඟ සීතල යුද්ධය සහ චීනය සමඟ වොෂින්ටනයේ වඩ වඩාත් භයානක ගැටුම අතර වෙනසක් දැක්වීම කැපී පෙනෙයි . එහි මෙසේ සඳහන් වේ: “චීනය එක්සත් ජනපදය හා ලෝකයේ සෙසු බොහෝ රටවල් සමඟ ප්‍රධාන වෙලඳ හවුල්කරුවෙකි. එය අධිරාජ්‍යයක් මෙහෙයවන්නේ නැත. එමෙන් ම මොස්කව්හි ආඥා ආර්ථිකය මෙන්, බටහිර අභියෝගවල බරෙන් චීන ආර්ථිකය බිඳ වැටෙන බවක් පෙනෙන්නට ද නැත.”

එහි ප්‍රතිඵලයක් වශයෙන් සෝවියට් ස්ටැලින්වාදී නිලධරය මෙම ආරාවුල හැඳින්වූ පරිදි, “හීලෑ කිරීම” “containment,” හෝ “සාමකාමී සහජීවනය” “peaceful coexistence” පිලිබඳ සීතල යුද්ධ ප්‍රතිපත්තියක් වෙත ආපසු යා නො හැකි බව පොම්පියෝ සිය කතාවෙන් නිගමනය කලේ  ය. “හීලෑ කිරීම” ප්‍රතික්ෂේප කිරීම අනතුරු ඇඟවීමේ ලකුනකි. 1950 ගනන්වල ඇමරිකානු පාලක කවයන් තුල පැවති විවාදයේ දී, හීලෑ කිරීමේ පිලිවෙතේ විකල්පය වූයේ, “ආපසු හැරවීමේ” “rollback”—ප්‍රතිපත්තිය යි, එනම්, සෝවියට් සංගමය ආක්‍රමනශීලී ලෙස යටපත් කිරීමට හා විනාශ කිරීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික හා මිලිටරි ශක්තිය යොදා ගැනීම යි.

නිව් යෝක් ටයිම්ස් පොම්පියෝ මෙන් පැහැදිලි හා ඔහුගේම නිගමනයට  නො එලඹෙයි, ගම්‍යයන් පැහැදිලි ය: චීනය සෝවියට් සංගමය මෙන් බිඳ නො වැටෙන්නේ නම්, වඩාත් ආක්‍රමනශීලී හා බලවත් විධික්‍රම භාවිතා කිරීමට සිදුවනු ඇත. අනුමාන ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බිඩෙන් මෙන් ටයිම්ස් පුවත්පත ද චීන තන්ත්‍රය පෙරලා දැමීම සඳහා පුලුල් මූලෝපායක් සැකසීමට අපොහොසත් වීම ගැන ට්‍රම්ප් විවේචනය කලේ ය.

එක්සත් ජනපද ජනාධිපතිවරනයේ දී චීනය පිලිබඳ විවාදය ප්‍රධාන කාරනයක් වන අතර, යටින් පවතින ද්විපාර්ශ්වික එකඟත්වය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ පරදුවට තැබී ඇති අතිමූලික උත්සුකයන් පෙන්වා දෙයි. එහි වේගවත් ‌වෙමින් තිබෙන ‌‌ඓතිහාසික පරිහානිය මධ්‍යයේ, එක්සත් ජනපදය චීනය සලකන්නේ, ගෝලීය ආධිපත්‍යය රඳවා ගැනීමේ තම ප්‍රයත්නයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස ය. මිලිටරි මැදිහත්වීම් ද ඇතුළුව ඕනෑ ම හා සියලු ක්‍රමවේදයන් මගින් මෙය රඳවා ගැනීමට ඇමරිකාව අධිෂ්ඨාන සහගත ය.

චීනය කෙරෙහි එක්සත් ජනපද ප්‍රතිපත්තියේ නියත වෙනසක් ප්‍රකාශයට පත් කලපොම්පියෝගේ කථාව,   මහජන මතයට විස කැවීමට හා යුද වාතාවරනයක් ඇති කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය යොදා ගන්නා සියළු බොරු හා  සනාථ නො කල චෝදනා  සමඟ අත්වැල් බැඳගත්තේය. කොවිඩ්-19 වසංගතයට වොෂින්ටනයේ සාපරාධී නො සැලකිලිමත් ප්‍රතිචාරය හේතුවෙන් ඇති වූ විනාශකාරී ජීවිත හානි සඳහා බීජීනයට දොස් පැවරීමේ උත්සාහය ද මෙයට ඇතුලත් ය.

පොම්පියෝ හා ට්‍රම්ප්ගේ සියලු බොරු හා චෝදනා වොෂිංටනයේ මූලෝපායික  සැලසුම් සමඟ බැඳී ඇත: චීනය බෙදීමට බෙදුම්වාදී ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කෙරුනු හොංකොං, ටිබෙට් සහ ෂින්ජියැන්ග් හි “මානව හිමිකම්” ප්‍රවර්ධනය කිරීම සහ දකුනු චීන මුහුදේ “යාත්‍රා කිරීමේ නිදහස” ඉල්ලා  සිටීමේ අර්ථය වන්නේ,  චීන වෙරල තීරයේ ගැවසීමට එක්සත් ජනපද ගුවන් යානා හාරක නෞකාවලට “නිදහස” සහතික කිරීම යි.

න්‍යෂ්ටික බලවතෙකු වන චීනය සමඟ, ලෝකය වේගයෙන් ගිල ගැනීමේ විභවයක් ඇති, ව්‍යසනකාරී යුද්ධයකට එක්සත් ජනපදය සූදානම් වෙමින් සිටී. ලෝකය ව්‍යසනය කරා ඇදී යද්දී කම්කරුවන්ට හා තරුනයින්ට පැත්තකට වී බලා සිටිය නො හැක. මෙම යුද ව්‍යායාමය නැවැත්විය හැකි එක ම සමාජ බලවේගය, යුද්ධයේ මූලාශ්‍රය වන ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම සඳහා සමාජවාදී මූලධර්ම මත පදනම් වූ ඒකාබද්ධ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් බලමුලු ගැන්විය යුතු, කම්කරු පන්තිය යි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සටන් කරන්නේ මෙම ඉදිරිදර්ශනය වෙනුවෙනි.

පීටර් සිමන්ඩ්ස්