අවුරුදු 100කට පෙර: සෝවියට්වරු මිත්‍ර පාක්ෂිකයන්ගේ පෝලන්ත සටන් විරාම ගිවිසුම් ප්‍රතික්ෂේප කරති

මෙම ලිපිය අගෝස්තු 3 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1920 අගෝස්තු මාසයේදී සෝවියට් නියෝජිතයින් සාකච්ඡා සඳහා පැමිනි අයුරු

ජාතිකවාදී පෝලන්ත ආන්ඩුවට දින 10ක සටන් විරාමයක් ලබා දීමේ ගිවිසුම 1920 අගෝස්තු 8 වන දා සෝවියට් සංගමය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, වෝර්සෝ නගරයට එපිටින් සටන් ඇවිලෙමින් පැවතියදී මෙම ගිවිසුම සකස් කොට තිබුනේ බ්‍රිතාන්‍ය සහ ප්‍රන්ස අධිරාජ්‍යවාදින් විසින්, ඔවුන්ගේ කොන්දේසි ද ඇතුලත් කොට, ය.

අප්‍රේල් මාසයේ දී පෝලන්තය විසින් සෝවියට් භූමිය ආක්‍රමනය කල අතර එයට ප්‍රතිචාරක් ලෙස රතු හමුදාව පෝලන්තයට මෙහෙයනු ලැබින. මේ නිසා මිත්‍ර බලවත්තු අර්බුදයකට මුහුන පෑහ. සමුලුවට බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස අගමැතිවරුන් සහභාගී වූ අතර,එය “ඉතා යුදවාදී කාරනයක්” ලෙස උපකල්පනය කල බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කලේය. සෝවියට් රතු හමුදාව වෝර්සෝ සිට යන්තම් සැතපුම් 36 ක දුරකට පැමින සිටි අතර අධිරාජ්‍යවාදී බලවත්තු, සෝවියට් සංඟමයේ ඉදිරි ගමන අවහිර කිරීම් නැවත ඇරඹීමට සාකච්ඡා ආරම්භ කලහ. මේ සඳහා එක්සත් ජනපදය සහාය දෙන බවට ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඔවුන්ට සහතික විය.

ප්‍රන්සය ද පෝලන්තයට හමුදා යැවීමට යෝජනා කල අතර ඒ සඳහා රුමේනියානු සහ චෙකොස්ලොවැක් හමුදා ද මෙහෙයවා ගැනීමට උත්සාහ කලේය. ඔවුන් ජර්මනියට අනතුරු අඟවමින් පැවසුවේ,  බොල්ෂෙවිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට මොනයම් හෝ උත්සාහයක් නොගත යුතු බවත්  එසේ කලහොත් ජර්මනියේ රූර් නිම්නය (Ruhr Valley) ඇතුලු අනෙකුත් ප්‍රදේශ මිත්‍ර හමුදා විසින් අත්පත් කර ගනු ඇති බවත් ය.

ඒ වන විට රතු හමුදාව වෝර්සෝ නගරයට පිටින් පිහිටි බලකොටුවලට බෝම්බ හෙලීමට පටන් ගෙන තිබූ අතර, පිල්සුඩ්ස්කි (Pilsudski) ආන්ඩුවට එරෙහිව නැඟී සිටින ලෙස පෝලන්ත කම්කරු පන්තියෙන් හා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. 

ඊලඟ දින කිහිපය තුල සිදු වූ කම්කරු පන්තියේ දැවැන්ත විරෝධය හේතුවෙන් පෝලන්ත-සෝවියට් යුද්ධයට මැදිහත් වීමෙන් ඉවත් වීමට අධිරාජ්‍යවාදී බලවතුන්ට සිදුවිය. අගෝස්තු 9 වන දින බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති සම්මේලනය (British Trades Union Congress)ප්‍රකාශයක් නිකුත් කරමින් “පෝලන්තය සම්බන්ධයෙන් සෝවියට් රුසියාවට එරෙහිව යුද්ධය සැලසුම් කිරීම… මනුෂ්‍යත්වයට එරෙහි නොඉවසිය හැකි අපරාධයක් වනු ඇත” යනුවෙන් පැවසූ අතර “සංවිධානාත්මක කම්කරුවන්ගේ සමස්ත කාර්මික බලයම මේ යුද්ධය පරාජය කිරීමට යොදා ගනු ඇත.” යනුවෙන් අනතුරු ඇඟවීමක් ද කලේය.

ලන්ඩනයේ කම්කරුවන් යුද විරෝධී රැස්වීම් පැවැත්වූ අතර ඒවාට යුධ සේවයෙන් ඉවත් වූ සොල්දාදුවන් ද සහභාගී විය. තවද ලිවර්පූල්, ග්ලාස්ගෝ සහ මැන්චෙස්ටර් යන නගර වල ද  පැවැත්වුන රැස්වීම්  වලදී සෝවියට් සංඟමයට එරෙහි යුද්ධයට බ්‍රිතාන්‍යය සහභාගී වුව හොත් ඊට එරෙහිව මහා වැඩ වර්ජනයක් කල යුතු බවට කැඳවීම් නිකුත් විය.

Loading