වසර 100 කට පෙර: පෝලන්ත හමුදා වෝර්සෝ නගරයෙන් පිටත රතු හමුදා වලලු බිඳ දමති

මෙම ලිපිය අගෝස්තු 10 දා ඉංග්රීසි භාෂාවෙන් පලවින

වෝර්සෝ සටනේ යෙදී සිටින පෝලන්ත පාබල හමුදා

පෝලන්තයේ වෝර්සෝ අගනුවරින් පිටත සිටි රතු හමුදාවට එරෙහිව පෝලන්ත හමුදාව, 1920 අගෝස්තු 16 වැනිදා, ප්‍රතිප්‍රහාරයක් එල්ල කල අතර රතු හමුදාවට වට කොට පහර දීමේ තර්ජනයක් ද  මතු විය. වෝර්සෝ නගරයේ සිට සැතපුම් අටක් පමන දුරින් පිහිටි විස්ටූලා ගඟේ (Vistula River) ඉවුර ඔස්සේ අතිශය ව්‍යාකූල ලෙස සටන් කරමින් සිටි පෝලන්ත හමුදාව, සෝවියට් හමුදා වලල්ලේ දුර්වල ස්ථානයක් වූ රතු හමුදාවේ වම් පස කොටසට, නිර්භීත ප්‍රහාරයක් එල්ල කලහ. මෙම පහර දීම ඔවුන්ගේ  ප්‍රන්ශ අධිරාජ්‍යවාදී උපදේශකයින්ගේ උපදෙස්වලට පටහැනි එකක් විය.

මෙම ප්‍රහාරය පෝලන්ත හමුදාවේ සූදුවකට සමාන කල හැක. සෝවියට් අන දෙන නිලධාරියා එම ප්‍රහාරයේ සැලසුම් ව්‍යර්ථ කිරීමට පටන්  විට පෝලන්ත හමුදාව ඒවා ව්‍යාජ සටන් ලෙස නොසලකා හැරියේ ය. කරුනු එසේ වුවද, පෝලන්ත හමුදාව, අගෝස්තු 12 වන දින, රතු හමුදා ජෙනරාල් මිහායිල් තුකාචෙව්ස්කි (Mikhail Tukhachevsky) පුදුමයට පත් කරමින් රතු හමුදාවේ වැදගත් සන්නිවේදන උපකරන අල්ලා ගත්හ. මින් තුකාචෙව්ස්කිට සමහර හමුදා කොටස් මෙහෙයවා ගැනීමට ද නොහැකි විනි. අගෝස්තු 16 වන විට පෝලන්ත හමුදා සෝවියට් වලල්ලේ හිඩැසක් ප්‍රයෝජනයට ගෙන රතු හමුදාවේ දුර්වලම ස්ථානයට පහර දීමට සමත් විය. ඒ හේතුවෙන් තුකාචෙව්ස්කිට පසුබැසීමට සිදුවිය.

පෝලන්ත ධනවාදී රාජ්‍යය ආරක්ෂා කරමින් වෝර්සෝ සටන මෙසේ පැවැත්වෙද්දී අනෙක් පසින්, සෝවියට් සංඟමය, අප්‍රේල් මාසයේදී, පෝලන්තයේ යුක්‍රේන ආක්‍රමනය සාර්ථකව වලක්වා ගත්තේය.  සෝවියට් සංඟමයේ දේශසීමාව සැතපුම් සිය ගනනකින් පසුකර ගොස් ස්වාධීන සෝවියට් යුක්‍රේනයේ ඉදිරි දේශසීමා ආරක්ෂා කර ගෙන තිබින. මේ හේතුවෙන් තමන්ගේම හමුදා හෝ ගැත්තර හමුදා යොදාගෙන පෝලන්තය තුලට මැදිහත් වීමට සිටි ප්‍රන්ස සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අපේක්ෂාවන් බිඳ වැටුනි. පෝලන්තය සහ සෝවියට්වරු ඔක්තෝබර් මාසයේදී සාම ගිවිසුමක් අත්සන් කලහ.

සැප්තැම්බර් මාසයේදී, සෝවියට් යුද කොමිසාර් ලියොන් ට්‍රොට්ස්කි, පෝලන්ත-සෝවියට් යුද්ධය තක්සේරු කරමින් මෙසේ සඳහන් කලේය: “විශාල හමුදා ව්‍යාපාරයකදී එවැනි පසුබෑම් නොවැලැක්විය හැකිය. එක් එක් රෝදයේ එක් එක් චලනය, එක් එක් අත තත්පරයට ගනනය කරන කාලානුරූපයක් මෙන් යුද්ධය ඉදිරියට නොයයි. යුද්ධය යනු බලවත් බලවේග දෙකක් අතර දරුනු අරගලයක් වන අතර එය අනිවාර්යයෙන්ම අනපේක්ෂිත සිදුවීම් සමඟ සම්බන්ධ වී ඇත. විශේෂයෙන් ම මෙය විප්ලවීය යුද  මෙහෙයුමක් තුල සත්‍යය කි.”

Loading