පාසල් නැවත විවෘත කිරීමේ මාරක ව්‍යායාමය නැවැත්වීම සඳහා රටපුරා මහා වැඩ වර්ජනයක් සූදානම් කරනු! ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන්ගේ ස්වාධීන සාමාජික ආරක්ෂක කමිටු පිහිටුවනු!

මෙම ලිපිය අගෝස්තු 15 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

එක්සත් ජනපදයේ අලුතින් පිහිටුවන ලද  අධ්‍යාපන සේවකයින්ගේ  සාමාජික ආරක්ෂක කමිටුව විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කර ඇත. එයට සම්බන්ධ වීමට, ඔබට ලෝසවෙඅ අධ්‍යාපන සේවකයින්ගේ  WSWS Educators පුවත් පත්‍රිකාව Newsletterසම්බන්ධ කර ගත හැකි ය.

පුලුල් වන කොරෝනා වසංගතය මධ්‍යයේ පාසල් නැවත විවෘත කිරීමේ උත්සාහය,  මිලියන සංඛ්‍යාත ලමුන්, ගුරුවරුන්, දෙමාපියන්, ආච්චිලා සීයලා හා ප්‍රජා සාමාජිකයින්ගේ සෞඛ්‍යයට හා ජීවිතයට තර්ජනය කරයි.

පාසල් දිස්ත්‍රික්ක දුසිම් ගනනක් පුද්ගල ඉගැන්වීම් නැවත ආරම්භ කර ඇත. දින කිහිපයක් ඇතුලත, ජෝර්ජියා, ඩෙලවෙයාර්, ලුයිසියානා, ඇලබාමා, හවායි, කැලිෆෝනියා හා වෙනත් ප්‍රාන්තවල , ලමයින් හා පාසල් කම්කරුවන් දහස් ගනනක් නිරෝධායනය කිරීමට බල කරමින් කොවිඩ්-19 වසංගතය මේ වන විටත් පැතිර යමින් තිබේ.

මහා විනාශයක් සූදානම් කෙරෙමින් තිබෙන අතර ඉදිරි දින හා සතිවල දී තවත් මිලියන ගනනක් සිසුන් පන්ති වලට පැමිනීමට නියමිත ය. සිසුන් මිලියන 1.1 ක් සහ ගුරුවරුන් 135,000 ක් හා සහායක කාර්ය මන්ඩලයක් සිටින රටේ විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන නිව් යෝක් නගරය මෙයට ඇතුලත් ය.

ට්‍රම්ප්, බෙට්සි ඩිවෝස් හා ෆ්ලොරිඩා ආන්ඩුකාර ඩිසැන්ටිස් වේවා නැත්නම්  බිඩෙන් හා නිව් යෝක් ආන්ඩුකාර කියෝමෝ වැනි ඩිමොක්‍රටිකයන් වේවා මේ සියල්ලෝම, බාලාංශයේ සිට උසස් පෙල දක්වා (කේ -12)පාසල් නැවත විවෘත කිරීමට සම්පූර්නයෙන් ම විරුද්ධ බව පෙන්වන ඡන්දදායකයින්ගෙන් සියයට 59කගේ මතය ද විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය විශේෂඥයින්ගේ අනතුරු ඇඟවීම් ද නො තකා, පාසල් යලි විවෘත කිරීමට පිටුබලය දෙති. තම මුලු කාලය ම පාසල් අරමුදල් කප්පාදු කිරීම හා රාජ්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීම සඳහා වැය කර ඇති මෙම සංගත පාලිත දේශපාලනඥයින්, හදිසියේ ම දරුවන්ගේ අධ්‍යාපන, සමාජීය හා චිත්තවේගී බලපෑම් ගැන උත්සුක වීම නිසා නොවේ මෙසේ සිදුවන්නේ. 

ඊට පටහැනි ලෙස ඔවුන්ට ඇත්තේ එක් අරමුනක් පමනි: ලමයින් නිවෙස්වලින් පිටතට ගෙන පාසැල් වලට දැක්කීම නිසා ඔවුන්ගේ දෙමව්පියන් සංගත හා මූල්‍ය ප්‍රභූන්ට ලාභ උපයා ගැනීම සඳහා ආපසු වැඩට යැවිය හැකි ය. ඩොලර් ට්‍රිලියන ගනනක ඇප මුදල් වෝල් වීදියට පිරිනමා ඇති ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන්ට අවශ්‍ය වන්නේ, කොපමන සංඛ්‍යාවක් මිය යන්නෙදැයි නො සලකා, ඒ සඳහා ගෙවීමට කම්කරුවන්ට බල කිරීමට යි.

මෙම උමතුව නැවැත්වීමට අධ්‍යාපන සේවකයින්, දෙමාපියන් හා  ශිෂ්‍යයන් අධිෂ්ඨාන කරගෙන සිටිති. එක්සත් ජනපදයේ සෑම ප්‍රාන්තයකම සහ ලොව පුරා රටවල් ගනනාවක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පාසල් නැවත විවෘත කිරීමට විරුද්ධ ෆේස්බුක් කන්ඩායම් සමඟ එක් වී සිටිති. මෑත සතිවල දී එක්සත් ජනපදය පුරා විරෝධතා සහ  රථ පෙලපාලි 100කට වැඩි ප්‍රමානයක් පැවැත්වුනි.

එක්සත් ජනපදයේ ගුරුවරු, පාසල් කම්කරුවෝ, දෙමාපියෝ, සිසුහු සහ වෙනත් අය, අධ්‍යාපන සේවකයින්ගේ  සාමාජික ආරක්ෂක කමිටු පිහිටුවීමට මූලික පියවර ගනිමින් සිටිති. පාසල් නැවත විවෘත කිරීමේ මාරක ප්‍රතිපත්තියට මග පාදන සමාජ උත්සුකතාවන්ට විරුද්ධ වීමට තරුනයන්, දෙමාපියන් සහ සමස්ත කම්කරු පන්තිය සමඟ අධ්‍යාපනඥයින් එක්සත් කිරීම අපගේ අරමුන යි.

දේශපාලනඥයින් හා සංගත මාධ්‍ය විසින් තොරොම්බල් කරනු ලබන වැරදි තොරතුරු හා බොරුවලට ප්‍රතිප්‍රහාර දීමට කම්කරුවන්ට සියල්ලට ම පලමුව විද්‍යාත්මක කරුනු අවශ්‍ය වේ.

පාසල් නැවත විවෘත කිරීමේ උද්ඝෝෂනය පාදක කෙරෙන්නේ  මූලික බොරු  තුනක් මත යි.

පලමු බොරුව: ලමයින් ආසාදනයට ලක් වීමේ අවදානම අඩු නිසා කොවිඩ්-19න්  බරපතල රෝග ලක්ෂන වර්ධනය නො කරයි.

ජූලි 9 සිට අගෝස්තු 6 දක්වා කාලය තුල ලමුන් අතර කොවිඩ්-19 රෝගීන් 180,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මෙය යන්තම් සති හතරක් තුල ලමුන් අතර රෝගීන්ගේ මුලු සංඛ්‍යාවෙහි සියයට 90ක වැඩිවීමකි. ඇමරිකානු ලමා රෝග පිලිබඳ ඇකඩමියේ වාර්තාවකට අනුව, එක්සත් ජනපදයේ ලමුන් 100,000කට ආසන්න සංඛ්‍යාවක් ජූලි මස අවසාන සති දෙක තුල දී පමනක් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තහවුරු කෙරුනි. ප්‍රාන්ත සහ වයස අනුව වාර්තා වූ මුලු රෝහල් ගතවීම්වලින්, ලමුන් සංඛ්‍යාව සියයට 0.5 සිට 5.3 දක්වා විය.

ලමුන් රෝහල් ගත කල විට, හැම විට ම  වැඩිහිටියන්ට මෙන්, තිදෙනෙකුගෙන් එක් අයෙකුට දැඩි සත්කාර ඒකකය අවශ්‍ය වේ. මොවුන්ගෙන් සියයට හයකට පිරිසිදු වාතය ventilators සපයිය යුතුවේ. මැයි මාසයේ සිට එක්සත් ජනපදය පුරා අවම වශයෙන් ලමුන් 90 ක් කොවිඩ්-19න් මියගොස් ඇත්තේ, බොහෝ දෙනෙකුට මුලින් කිවූ අවශ්‍යතා නො මැති වූ තතු තුල ය.

දෙවන බොරුව: ලමයින් කොවිඩ්-19 සම්ප්‍රේෂනය කරන්නේ කලාතුරකිනි

එක්සත් ජනපදය, ඉතාලිය හා දකුනු කොරියාව යන රටවල සිදු කරන ලද විශාල නියැදි ප්‍රමාන සහිත මෑත කාලීන සවිස්තරාත්මක අධ්‍යයනවලින් නිගමනය කර ඇත්තේ, ලමයින් වැඩිහිටියන්ට වඩා පහසුවෙන් කොවිඩ්-19 සම්ප්‍රේෂනය කරන බව යි. චිකාගෝ ප්‍රාන්තයේ කරන ලද එක් අධ්‍යයනයකින් හෙලි වූයේ, වෛරසයට ගොදුරු වූ ලදරුවන් හා කුඩා ලමුන්ට තම උගුරේ, වැඩිහිටියන්ට වඩා 100 ගුනයක වෛරස් බරක් ගෙන යා හැකි බව යි. ඊස්රායලයේ මාරක රෝගය පැතිරීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ පාසල් නැවත විවෘත කිරීම යි.

තුන්වැනි බොරුව: පාසල් “ආරක්ෂිතව” නැවත විවෘත කල හැකි ය

ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ මෑතක දී කරන ලද අධ්‍යයනයකින් තහවුරු වී ඇත්තේ, වාතයට එකතු වූ ආසාදිත කුඩා කෝවිඩ් 19 බිංඳු වලට වාතය මගින් රෝගය බෝ කල හැකි බවත්, සමාජ දුරස්ථභාවය සඳහා නිර්දේශිත අඩි 6 ට වඩා, අඩි 16 හෝ ඊට වැඩි දුරක් ගමන් කල හැකි බවත්ය. දුර්වල වාතාශ්‍රයක් ඇති අවකාශයන් හි මෙම බිංඳු වලට පැය ගනනක් වාතයේ රඳා පැවතිය හැකි ය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, උෂ්නත්ව වෙන්කිරීම් temperature screenings,  මුහුනු ආවරන හා සමාජ දුරස්ථභාවය සඳහා දරන උත්සාහය මධ්‍යයේ වුවත්, සෑම පාසල් බස් රථයක් හා පන්ති කාමරයක්ම පවා භයානක තැන් බවට පත්වනු ඇත. පාසල් දිස්ත්‍රික්කවලින් සියයට 41 ක, අවම වශයෙන් පාසල්වලින් අඩකවත් වාතාශ්‍ර පද්ධති යාවත්කාලීන කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම අවශ්‍ය බව රජයේ වගවීමේ කාර්යාලය විසින් මෑතක දී නිගමනය කරන ලදී. පාසල් ගොඩනැගිලි 36,000කට සම්බන්ධ.   නවීන විද්‍යා ඥානය පැහැදිලි කරන්නේ, පාසල් නැවත විවෘත කිරීම නො වරදින ව්‍යසනයක් වනු ඇති බව යි. පසුගිය මාසයේ දී ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කයිලි මැක්නානි, වසංගතය කෙරෙහි පාලක පන්තියේ දෘෂ්ටිය කෙටියෙන් ඉදිරිපත් කලේ, “පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රියාමාර්ගයේ දී විද්‍යාව ඊට හරස් නො විය යුතු” බව පවසමිනි.  

කොටස් වෙලඳපොල කෙරෙහි වසංගතයේ වූ බලපෑම පමනක් හිතේ තබාගත් ට්‍රම්ප් සහ ප්‍රාන්ත ඩිමොක්‍රටිකයෝ මෙන් ම රිපබ්ලිකානුවෝ, මාර්තු මුල දී මාරක වෛරසය පැතිරීම වැලැක්වීමට කිසිවක් නො කලහ. පාසැල් වසා දමන ලෙස නිව් යෝක් නගරයේ ගුරුවරුන් කල ඉල්ලීම් ද මෝටර් රථ කම්කරුවන්, මස් ඇසුරුම් කම්කරුවන්, ප්‍රවර්ධන කම්කරුවන් සහ වෙනත් අය විසින් වෘත්තීය සමිතිවලට එරෙහිව යමින් දියත් කරන ලද  හදිසි වැඩවර්ජන මාලාවක් ඇතුලුව කම්කරුවන්ගේ සාමූහික ක්‍රියාමාර්ගය පමනක්, ප්‍රාන්ත පුරා නිල වශයෙන් අගුලු දැමීම ක්‍රියාත්මක කිරීමට හේතු විය. මෙයින් ජීවිත දස දහස් ගනනක් බේරා ගත් බව ඔප්පු වී ඇත.

නැවත වරක් හදිසි පියවර ගැනීම කම්කරු පන්තියට පැවරේ.  පාසල් නැවත විවෘත කිරීම වැලැක්වීම හා ජීවිත බේරා ගැනීම සඳහා රටපුරා මහා වැඩ වර්ජනයක් දියත් කිරීමට අධ්‍යාපන සේවකයින්ගේ සාමාජික ක්‍රියාකාරී කමිටුව Educators Rank-and-File Safety Committee සටන් කරයි. ගුරුවරුන්, පාසල් බස් රියදුරන්, මුරකරුවන්, නඩත්තු කම්කරුවන් හා සාහායක කම්කරුවන් සමග  නිෂ්පාදන, සෞඛ්‍ය සේවා, සැපයුම්, සිල්ලර බඩු හා ආහාර සැකසුම්, සිල්ලර හා ආපනශාලා කම්කරුවන් යන සියලු කම්කරුවන් එක්සත් කිරීම එහි අපේක්ෂාවයි. 

මෙම අරගලය මෙහෙයවීමේ දී, අපි සියලු කම්කරුවන් සටන් වැදිය යුතු පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙමු.

සියලු ම රජයේ, පෞද්ගලික හා බලපත් පාසල් වහා ම වසා දැමීම සඳහා! මෙය මත කේවල් කල නො හැක. රුදුරු වසංගතයක් පැතිර යද්දී, පාසල් “ආරක්ෂිතව” විවෘත කල නො හැක. ගුරුවරුන්, දෙමාපියන් සහ ආච්චිලා සීයලාට රෝගය පතුරුවන ලමුන්ගේ ජීවිත හානි හා ස්ථිර ශාරීරික හා මානසික හානිය, අන්තර්ජාල ඉගෙනීම නිසා ඇතිවන ඕනෑ ම කඩාකප්පල් වීමක් අඟුටිමිටි බවට පත් කරයි.

රජයේ අධ්‍යාපනය, අන්තර්ජාල ප්‍රවේශය හා මාර්ගගත උපදෙස් සඳහා පූර්න  අරමුදල්! සෑම සිසුවෙකුට ම හා ගුරුවරයෙකුට ම උසස් තත්ත්වයේ දුරස්ථ ඉගෙනුම් ලබා දීම සඳහා අධිවේගී අන්තර්ජාල පහසුකම්, ආහාර සුරක්‍ෂිතතාව, මානසික සෞඛ්‍ය සේවා, විශේෂ අධ්‍යාපන සහාය සහ අනෙකුත් සියලු සම්පත් වලට විශ්වීය ප්‍රවේශයක් ලබා දීම සඳහා ධනවතුන්ට පිරිනමා ඇති ඩොලර් ට්‍රිලියන ගනන නැවත බෙදා හැරිය යුතු ය. පාලක පන්තිය දශක ගනනාවක් තිස්සේ විනාස වීමට ඉඩ හැර ඇති ග්‍රාමීය ප්‍රදේශ, ස්වදේශීය ඇමරිකානු අඩවි සහ වඩාත් දරිද්‍රාපන්න කම්කරු පන්තියේ නිවාස ප්‍රදේශවල මෙම වැඩසටහන් කඩිනම් කල යුතු ය.

දරුවන් සමඟ නිවසේ රැඳී සිටින සියලු ම දෙමාපියන් හා රැකබලා ගන්නන්ට පූර්න ආදායම් සහිත ආරක්ෂාවක්! සංගත පාලිත දේශපාලනඥයන් මෙන් අධ්‍යාපන සේවකයින්, දෙමාපියන්ගේ අවශ්‍යතා පිලිබඳ නො දැනුවත් අය නොවේ. ධනවතුන්ට පිරිනැමූ මුදල්, වැඩ කල නො හැකි අයට පූර්න ආදායමක් සැපයීමට යොදා ගත යුත්තේ, ඔවුන් දරුවන් සමඟ නිවසේ සිටිය යුතු අතර රැකියාවන්ට පිටව යා නොහැකි බැවිනි. ඒ අතරම, පූර්න විරැකියා සහන යථා තත්වයට පත් කර, පවුල් ආරක්ෂා කිරීම සඳහා අරමුදල් වැඩි කල යුතු අතර, සියලු නෙරපා හැරීම් සහ නිවාස අත්පත් කර ගැනීම් නැවැත්වීම සඳහා ස්ථිර තහනමක් පැනවිය යුතු ය.

නිවසේ රැඳී සිටින අධ්‍යාපන සේවකයින්ගේ  ආදායම් අහිමි නොකරනු! අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන ගුරුවරුන්ට සහ අධ්‍යාපන කම්කරුවන්ට වසංගතයේ කාලසීමාව සඳහා සම්පූර්න ආදායම හා ප්‍රතිලාභ ලබා දිය යුතු අතර දඩ හා  දඬුවම් නො පැනවිය යුතු ය. ගුරුවරු මිලියන 1.5කට ආසන්න සංඛ්‍යාවක් හෝ හතර දෙනෙකුගෙන් එක් අයෙකු කොවිඩ්-19න් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ අවදානමක් ඇත.

භාෂනයේ නිදහස හා අයථා ක්‍රියා දැනුම් දෙන්නන්ගේ ආරක්ෂාව සඳහා! පාසැල්, කර්මාන්තශාලා, ගබඩා, රෝහල් හෝ කාර්යාලවල වේවා අනාරක්ෂිත සේවා කොන්දේසිවලට එරෙහිව කතා කරන සියල්ලන්ම, සේවා යෝජකයන් හෝ රාජ්‍ය නිලධාරීන් විසින් කරනු ලබන ඕනෑම හිංසනයකට එරෙහිව, ආරක්ෂා කල යුතු ය. ගොදුරු වූ සියලු ම කම්කරුවන් ආපසු ගෙවීම් සහිතව නැවත සේවයේ යෙදවිය යුතු ය.

අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන සියල්ලම නවත්වනු! වසංගතය මැඩලන තුරු  විවෘතව පැවතිය යුත්තේ ආහාර නිෂ්පාදනය, වෛද්‍ය ප්‍රතිකාර හා සැපයුම් වැනි ප්‍රධාන කර්මාන්ත පමනි. එම කර්මාන්තවල කම්කරුවන්ට ආසාදන වැලැක්වීම සඳහා වඩාත් දියුනු ආරක්ෂක පියවරයන් ලබා දිය යුතු ය. සියලු ම අත්‍යවශ්‍ය නො වන කම්කරුවන් හා දොට්ට දැමූ කම්කරුවන්ට පූර්න විරැකියා ප්‍රතිලාභ හා නිදහස් සෞඛ්‍ය සේවාවට ප්‍රවේශය ලබා දිය යුතු ය.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනය අවසන් වන තුරු පාසල් වසා තිබිය යුතුය.  විශ්වාසදායක විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය විශේෂඥයින් සමඟ එක්ව කටයුතු කරන ආරක්ෂක කමිටුවලට ලමයින්, ගුරුවරුන් හා පාසල් කම්කරුවන්ගේ  ආරක්ෂාව සහතික කල හැකි ය. මෙය සිදුවනු ඇත්තේ දැවැන්ත පරීක්ෂන හා සම්බන්ධතා සොයා ගැනීමේ වැඩසටහනකින්, ජාතික වශයෙන් ධනාත්මක අනුපාතය සියයට 0.1 ට වඩා අඩු බව පෙන්වීමෙන් පසුව පමනි. මෙම කොන්දේසි යටතේ ඕනෑ ම පාසලක් නැවත විවෘත කිරීමට පෙර, සියලු වාතාශ්‍ර පද්ධති නවීකරනය කල යුතු අතර, සනීපාරක්ෂක හා හෙද කාර්ය මන්ඩලයට පූර්න අරමුදල් සපයා, පන්ති ප්‍රමානය ස්ථිරව ම සිසුන් 15 කට නො වැඩි වන සේ අඩු කල යුතු ය.

අධ්‍යාපන සේවා සාමාජිකයින්ගේ  ආරක්ෂක කමිටුව, කම්කරු පන්තිය නියෝජනය නො කරන ඇමරිකානු ගුරු සම්මේලනය (ඒඑෆ්ටී), ජාතික අධ්‍යාපන සංගමය (එන්ඊඒ ) සහ වෙනත් වෘත්තීය සමිතිවලින් සම්පූර්නයෙන් ම ස්වාධීන ය. පාසල් ආරක්ෂිත ව නැවත විවෘත කල හැකිය යන බොරුව සනාථ කිරීම සඳහා ඒඑෆ්ටී හා එන්ඊඒ  ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු කරති. චිකාගෝ, ලොස් ඇන්ජලීස් වැනි නගරවල සහ අනෙකුත් ප්‍රධාන නාගරික ප්‍රදේශවල වෘත්තීය සමිති,  මාර්ගස්ත අධ්‍යාපනයෙන් පමනක් , පාසැල් වාරය semester ආරම්භ කිරීමට ඩිමොක්‍රටිකයින් සමඟ ගිවිසුමකට එලඹ ඇත. එහෙත් මෙය මහජන විරෝධය විසුරුවා හැර පූර්න විවෘත කිරීමක් සඳහා වැඩි කාලයක් ලබා ගැනීමේ උපාමාරුවක් පමනි.

ලොස් ඇන්ජලීස්, ඕක්ලන්ඩ් හා චිකාගෝ ප්‍රාන්තවල වැඩවර්ජන සහ බටහිර වර්ජිනියා, ඔක්ලහෝමා සහ වෙනත් ප්‍රාන්තවල 2018–19 හදිසි වැඩවර්ජනවල කේන්ද්‍රීය පාඩම වන්නේ,  සටන් කිරීමේ දී අධ්‍යාපන සේවකයින් තමන්ගේ ම ස්වාධීන ශක්තිය මත විශ්වාසය තැබීම අත්‍යවශ්‍ය බව යි.

වසංගතයේ පෙර නො වූ විරූ ව්‍යසනය, මූලික වශයෙන් සමාජීය හා දේශපාලනික මිස හුදෙක් වෛද්‍යමය ප්‍රශ්නයක් නො වේ. වෛරසය මැඩපැවැත්වීම හා සමස්ත කම්කරු පන්තියේ ආරක්ෂාව සහතික කිරීම සඳහා තාක්ෂනය හා වෛද්‍ය විශේෂඥතාව පවතින නමුත්, ධනවාදය යටතේ ඒ සියල්ල සංගත හා මූල්‍ය ප්‍රභූවේ ලාභ අවශ්‍යතා සඳහා යටත් කෙරේ.

වසංගතය ආරම්භ වූ දා සිට ඇමසොන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස්, ටෙස්ලා ප්‍රධානී එලොන් මස්ක් සහ ඇමරිකාවේ සෙසු ප්‍රකෝටිපතියන් තම සාමූහික ධනය ඩොලර් බිලියන 600කට ආසන්න ප්‍රමානයකින් ඉහල නංවාගෙන තිබේ. ඩිමොක්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් මූල්‍ය කතිපයාධිකාරයට ඩොලර් ට්‍රිලියන ගනනක් දී ඇති අතර, ඔවුන් සතියකට ඩොලර් 600 ක විරැකියා සහනාධාරය කපා හැර,  පාසල්වල දල වශයෙන් ඩොලර් බිලියන 300 ක  අරමුදල් හිඟයක් ඇතිකරමින්, ප්‍රාන්ත එහැම පිටින්ම අත්හැර  දමා ඇත. මේවා යොදා ගනු ඇත්තේ ගුරුවරුන්ට පහරදීම, පාසල් වැසීම, රාජ්‍ය වත්කම් බලපත්‍ පෞද්ගලික පාසල්වලට පැවරීම සහ වෙනත් ලාභ උපයන යෝජනා ක්‍රම වේගවත් කිරීම සඳහා ය.

අපගේ ඉල්ලීම් පදනම් වී ඇත්තේ, සංස්ථා හා දේශපාලනඥයින් පවසන පරිදි දැරිය හැකි දේ මත නොව දරුවන්, ගුරුවරුන් හා සමස්ත කම්කරු පන්තියේ ම ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය. අධ්‍යාපන සේවකයන්ගේ සාමාජික ආරක්ෂක කමිටු දියත් කිරීමේ දී, අප අපේක්ෂා කරන්නේ, පාසල් අනාරක්ෂිත ලෙස නැවත විවෘත කිරීමට එරෙහි ව සහ මහජන අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීන සමාජ බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමට යි.

මෙම වැඩසටහනට සහයෝගය දක්වන සියලු ම අධ්‍යාපනසේවකයන්, පාසල් කම්කරුවන්, දෙමාපියන් හා සිසුන් අපගේ ෆේස්බුක් පිටුවට සම්බන්ධ වී ඔබගේ පාසලේ හා  අසල්වැසි ප්‍රදේශවල ප්‍රාදේශීය මට්ටමේ කමිටු පිහිටුවීම සඳහා අදම අප හා එක්වන්න. ඔබගේ දිස්ත්‍රික්කයේ හෝ ප්‍රාන්තයේ සැලකිය යුතු වර්ධනයන් ඇතුලුව අදාල තොරතුරු අපට එවනු මැනවි, අපි ඒවා ගෝලීය ප්‍රේක්ෂකයින් සමඟ පුලුල් ලෙස බෙදා ගන්නෙමු.

ප.ව. 3.00 ට අපි ජාතික ඇමතුම් රැස්වීමක් පවත්වන්නෙමු. වර්ධනයන් සහ ඉදිරි මාවත සාකච්ඡා කිරීම සඳහා අගෝස්තු 22 සෙනසුරාදා නැගෙනහිර දිවා වේලාවෙන් ප.ව.3.00ට (ප.ව. 12.00) පැවැත්වෙන මෙම වැදගත් රැස්වීමට සහභාගී වීමට අදම සැලසුම් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading