ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතය පිලිබඳ ට්‍රම්ප්: “සැබවින් ම කිසිවෙකුට” බලපෑමක් නැත

එක්සත් ජනපදය මේ වන විට කොරෝනා වෛරසයෙන් නිල වශයෙන් මියගිය පුද්ගලයන් 200,000ක භයානක සන්ධිස්ථානය ඉක්මවා ගොස් ඇත. එය පලමුවන ලෝක යුද්ධය, කොරියා හා වියට්නාමයේ දී මියගිය මුලු ඇමරිකානුවන් සංඛ්‍යාවට වඩා වැඩි ය. පෙර වර්ෂවල සාමාන්‍යයට වඩා “අතිරික්ත මරන” මගින් මනිනු ලබන සත්‍ය සංඛ්‍යාව මිලියනයෙන් හතරෙන් එකක් ඉක්මවා ඇත. ලොව පුරා, වාර්තා වූ සංඛ්‍යා මත පදනම්ව, මරන සංඛ්‍යාව මාසය අවසන් වීමට පෙර මිලියනය ඉක්මවා යනු ඇත

මිනිස් ජීවිත විනාශ කෙරෙන මෙම බිහිසුන් හානිය හමුවේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කලේ, වෛරසය “සැබවින්ම කිසිවෙකුට” බලපාන්නේ නැති බව යි. ඔහියෝ ප්‍රාන්තයේ ටොලිඩෝ හි පැවති මැතිවරන උද්ඝෝෂන රැලියක දී ඔහු මෙසේ පැවසී ය.

ඒ්ක [කොරෝනා  වෛරසය] වැඩිහිටි පුද්ගලයින්ට, හෘදයාබාධ ගැටලු හා වෙනත් ගැටලු ඇති වැඩිහිටි පුද්ගලයින්ට බලපානවා. ඔවුන්ට වෙනත් ගැටලු තියෙනවා නම්. සැබවින්ම බලපාන්නේ එයයි. ඒක තමයි. … වයස අවුරුදු 18 ට අඩු, කව්රුත් නෑ. ඔවුන්ට ශක්තිමත් ප්‍රතිශක්තිකරන පද්ධතියක් ඇති, කවුද දන්නේ? ඔයා බලන්න. ... ඔබ තරුනයන්ට ගරු කල යුතුයි, මොකද ඔවුන්ට විශාල ප්‍රතිශක්තිකරන පද්ධතියක් තියෙනවා. නමුත් එය ඇත්තට ම කිසිවෙකුට බලපාන්නේ නෑ. ඒ්ක පුදුම සහගත දෙයක්.

ට්‍රම්ප් සිය ප්‍රකාශය අවසන් කලේ, පාසල් නැවත විවෘත කරන ලෙස ඉල්ලමිනි. “තමන්ගේ පාසල් අරින්න. හැමෝම, තමන්ගේ පාසල් අරින්න. ”

 කාරනයක් ලෙස ගත හොත්, වසංගතය බලපාන්නේ “වයෝවෘද්ධ පුද්ගලයින්ට” පමනක් ය යන ට්‍රම්ප්ගේ ප්‍රකාශය බොරු ය. මේ මස මුල දී බොබ් වුඩ්වර්ඩ් විසින් නිකුත් කරන ලද එක් පටිගත කිරීමක දී, ඔහු විසින්ම මාර්තු මාසයේ දී පිලිගත් පරිදි, “දැන් එය මරා දමන්නේ වයෝවෘද්ධ පුද්ගලයින් පමනක් නොවේ.” එක්සත් ජනපදයේ මියගිය අයගෙන් සියයට 20ක් හෙවත් 40,000 කට වැඩි පිරිසක් වයස අවුරුදු 65 ට අඩු අය යි.

වෛරසය වැලඳී ජීවත්වන අය දිගු කාලීන ව ඇතිවන බලපෑම හා සෞඛ්‍යයට අහිතකර ප්‍රතිවිපාක නො දැන සිටිති. තවද, වසර අවසාන වන විට මරන සංඛ්‍යාව 400,000 දක්වා ඉහල යනු ඇතැ යි අපේක්ෂා කරන අතර, වසංගතය “සැබවින්ම සැමට” බලපානු ඇත්තේ, පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, ගුරුවරයෙකු හෝ සගයෙකුගේ මරනය හෝ බරපතල රෝගාබාධ වැනි ස්වරූපයෙනි.

ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත් විට, ආසන්න වසයෙන් ඔහුගෙන් ඕනෑම දෙයක් කියවෙනු ඇතැයි බලාපොරොත්තු වන යමෙකු පවා,  සිය දහස් ගනනකගේ මරන ගැන ඔහු කතා කරන උදාසීනත්වය තුල යම්කිසි බියකරු දෙයක් දකිනවා ඇත. කෙසේ වෙතත්, මෙය පුද්ගල අර්ථයෙන්, ධවල මන්දිරයේ වර්තමාන පදිංචිකරුවාගේ විශේෂිත සමාජීය පෞරුෂයේ ප්‍රකාශනයක් ලෙස දැකීම, එහි අවශ්‍යම වැදගත්කම මග හරිනු ඇත. ට්‍රම්ප් කතා කරන්නේ තමා වෙනුවෙන් පමනක් නො ව පංතියක් වෙනුවෙනි.

විශේෂයෙන් වැඩිහිටියන් අතර  මරන විශාල සංඛ්‍යාවක් තිබේ යයි පිලිගැනීමට යටින්, සමාජ-ආර්ථික පදනමක් ඇත. කාර්මික ධනවාදයේ ආරම්භයේදී ම, 1844 දී තම ප්‍රබෝධමත් ආර්ථික හා දාර්ශනික අත්පිටපත්වල ( Philosophical Manuscripts), කාල් මාක්ස්, කම්කරුවාගේ ජීවිතය කෙරෙහි ධනපතියන්ගේ ආකල්පය මුලුමනින්ම නීර්නය කෙරෙන්නේ, ලාභය නිපදවීමට, එනම් ඔහුට හෝ ඇයට වැඩ කිරීමට ඇති හැකියාව මත බව පැහැදිලි කලේ ය.

මෙම ශ්‍රම හා අතිරික්ත වටිනාකම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔහු ඉවත් වූ විගස, කම්කරුවාට රැකියා නැත, ඒ් නිසා වැටුප් නැත, එමෙන් ම ඔහුට කම්කරුවෙකු ලෙස පමනක් මිස මිනිසෙකු ලෙස පැවත්මක් නැති හෙයින්, ඔහුට තමන්ට ම මිහිදන් විය හැක, කුසගින්නේ මිය යාම, ආදිය විය හැක” මාක්ස් සඳහන් කලේ ය.ධනේශ්වර ආර්ථිකය සම්බන්ධයෙන් ගත් කල, “සේවකයාගේ අවශ්‍යතා යනු  එක් අවශ්‍යතාවයක් පමනි - ඔහු වැඩ කරමින් සිටන අතරතුර ඔහු ව නඩත්තු කිරීම සහ අවශ්‍ය විය හැකි තාක් දුරට කම්කරුවන්ගේ තරගය [නැති වී යාම] වැලැක්වීම යි. (“ප්‍රාග්ධනය සහ ශ්‍රමය පිලිබඳ ප්‍රතිවිරෝධතා: ඉඩකඩම් හා ප්‍රාග්ධනය -Antithesis of Capital and Labor: Landed Property and Capital” වෙතින්)

වසර 175ත් වැඩි කාලයකට පසු ව,මෙම න්‍යායාත්මක තීක්ෂන බුද්ධිය විශ්මය ජනක යථාර්ථයක් අත් කර ගනී. තවදුරටත් වැඩ කිරීමට නො හැකි කම්කරුවා පාලක පන්තියේ දෘෂ්ටි කෝනයෙන් බලන කල කමකට නැත. ඔහු හෝ ඇය ලාභ උපයන්නේ නැතිවා පමනක් නො ව, වැඩිහිටි සෞඛ්‍ය ආරක්ෂනය සඳහා වෙන් කර ඇති සම්පත්, එසේ නො වන්නේ නම් වෙලඳපොල දියුනු කිරීමට හෝ යුද යාන්ත්‍රනයට වියදම් කල හැකි මුදල්, විනාස කර දැමීමකි. 

මෙම සලකා බැලීම්  වසංගතය සඳහා වන පාලක පන්තියේ ප්‍රතිචාරය සජීවීකරනය කර ඇත. දැවැන්ත ජීවිත හානි පිලිබඳ ආකල්පයේ ඇඟවුම් බියකරු ය. ඇත්ත වශයෙන්ම, අනායාස මරනය පිලිබඳ ප්‍රතිපත්තිය ආරම්භ කල නාසීහු, “ජීවිතයට නුසුදුසු ජීවිතයක්” ((lebensunwertes Leben) යන සංකල්පය යුක්තිසහගත කරන ලදී.  එනම්, ජීවත් වීමට අයිතියක් නො තිබූ ජනගහනයේ කොටස්  මරා දැමීම සාධනීය යහපත් දෙයක් විය.

පැහැදිලිව ම කිවහොත්, පාලක පන්තියේ දෘෂ්ටි කෝනයෙන් බලන කල, වයෝවෘද්ධ හා දුබල අය මත වෛරසයේ අසමාන බලපෑම සෑම විට ම වාසියක් ලෙස දැක ගනී. වසංගතය ඇතිවීමට පෙර, පාලක පන්තියේ පන්ඩිත කවයන්ගේ ගිනිය නො හැකි වාර්තා සඳහන් කලේ, වැඩිවන ආයු අපේක්ෂාවන් සහ බොහෝ විට විශ්‍රාම ගොස් වසර කිහිපයක් නොව, දශක ගනනාවක් ජීවත්ව සිටින නිසා සෞඛ්‍ය රැකවරනය සඳහා වන පිරිවැය වැඩිවෙමින් පවතින බව සඳහන් කර ඇත. රජයේ මූල්‍ය හා මිලිටරි වියදම් කෙරෙහි වන බලපෑම ගැන ඔවුහු අනතුරු ඇඟවූහ.

කොරෝනා  වෛරසයට සම්බන්ධ වැඩිහිටියන්ගේ ඉරනම පිලිබඳ ව ලොව පුරා ආන්ඩු සාපරාධී මට්ටමේ උදාසීනත්වයක් පෙන්නුම් කර ඇත. පසුගිය මාසයේ දී නිව් යෝ ටයිම්ස් පුවත්පත, ඕනෑ ම රටක් සඳහා ඒක පුද්ගල (කොවිඩ්)මරන අනුපාතය ඉහලම අගයක් ගන්නා බෙල්ජියමේ ප්‍රතිචාරය හෙලිදරව් කලේ, රෝහල් කිසි විටෙකත් ධාරිතාවයෙන් පිරී නො තිබුන ද, වැඩිහිටියන් රෝහල්වලින්  හරවා ඇති බව  නිගමනය කරමිනි. සාත්තු නිවාසවල නේවාසිකයන් 6,000කට ආසන්න සංඛ්‍යාවක් රට තුල මිය ගොස් තිබේ.

වැඩිහිටියන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කල යුතු යැයි කියනු ලබන “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ උපාය මාර්ගයට පුරෝගාමී වූ ස්වීඩනයේ, කෙසේ වෙතත් ආසාදිතයින් සාත්තු නිවාසවල, විශේෂයෙන් ස්ටොක්හෝම් නගරයේ  සංකේන්ද්‍රනය වී ඇත. අප්‍රේල් අග වන විට රටේ සෞඛ්‍ය හා සමාජ කටයුතු අමාත්‍ය ලීනා හැලෙන්ග්‍රේන්ට, “අපගේ වැඩිහිටියන් ආරක්ෂා කිරීමට අප අසමත් වුනා. එය ඇත්තෙන්ම බැරෑරුම් වගේ ම සමස්තයක් ලෙස සමාජය සම්බන්ධයෙන් අසාර්ථකයි” කියා එකඟ වීමට බල කෙරුනි. 

ජොන්සන් ආන්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිවල ප්‍රතිඵ ලයක් ලෙස එක්සත් රාජධානියේ දිනකට රෝගීන් 50,000 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරන ක්වීන්ස් හෙද ආයතනය, අප්‍රේල් හා මැයි මාසවල දී සාත්තු නිවාසවල බිහිසුනු මරන සංඛ්‍යා වාර්තා කලේ ය. අගෝස්තු මාසයේ දී ද ඉන්ඩිපෙන්ඩන්ට් මාර්ගස්ථ පුවත්පතේ පල වූ වාර්තාවක සඳහන් වුනේ, කොවිඩ් අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී රෝගාතුර වූ නිවැසියන් සඳහා රෝහල්වලින් හා [සාමාන්‍ය වෛද්‍යවරුන්ගෙන්] නිතිපතා ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කෙරෙමින් තිබෙන අතර ම, සාත්තු නිවාසවලට කොරෝනා වෛරස් රෝගීන් පිලිගැනීමට ‘නිරන්තර’ පීඩනයක් එල්ල වී ඇති බව යි.

එපමනක් නො ව එක්සත් ජනපදයේ,  “රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ මාරාන්තික ප්‍රතිපත්තියට ට්‍රම්ප් නායකත්වය දෙන අතර, එයට ඩිමොක්‍රටිකයින් හා (තීරු රචක තෝමස් ෆ්‍රීඩ්මන් විසින් “සුව කිරීම වසංතයට වඩා නරක නො විය යතු ය” යන වැකිය හඳුන්වා දුන්) නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ සිට,සති අන්තයේ පල වූ ලිපියක තමන් විසින් ම ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය සමග පෙල ගැසුනු, ඩිමොක්‍රටික් සමාජවාදීන් සමඟ අනුබද්ධ ජේකොබින් පත්‍රය දක්වා වන දේශපාලන සංස්ථාපිතයේ සහයෝගය එයට ඇත.

“රංචු ප්‍රතිශක්තිය” පිලිබඳ ප්‍රතිපත්තියේ නිගමනය, දැවැන්ත පරිමානයෙන් “මරනය සාමාන්‍ය තත්වයට පත් කිරීම” අවශ්‍ය බවයි. වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරය “මාරාන්තික නො සලකා හැරීමක්,” එනම්, වෛරසයේ පුලුල් පැතිරීමට ඉඩ දීම සඳහා ආන්ඩුව දක්වන ප්‍රතිචාරය අවම කිරීමට හිතාමතා ගත් තීරනයක් බව  මාර්තු මාසයේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය අර්ථ දැක්වී ය. පසුගිය මාස හය තුල, මෙම ප්‍රතිපත්තිය “ අනායාස සමාජ මරන” ලෙස හැඳින්විය හැකි, ඊටත් වඩා දුෂ්ට දෙයක් දක්වා වර්ධනය වී තිබේ.

වසංගතයේ සම්භවය ජීව විද්‍යාත්මක විය හැකි නමුත්, ආන්ඩුවල ප්‍රතිචාරය තීන්දු කෙරෙන්නේ, සමාජ උත්සුකතා හා දේශපාලන අවශ්‍යතා විසිනි. අන්තරාය මුලින් අවතක්සේරු කිරීම, ධනවතුන්ට දැවැන්ත ධනයක් පැවරීම සඳහා වසංගතය උපයෝගී කර ගැනීම, කම්කරුවන් කර්මාන්තශාලා වෙත ආපසු වැඩට දැක්කීමේ තල්ලුව, පාසල් නැවත විවෘත කිරීම සහ “රංචු ප්‍රතිශක්තිය” ඇතුලු සමස්ත ප්‍රතිපත්තිය ම හුදෙක් ට්‍රම්ප්ගේ නො ව, ධනේශ්වර පද්ධතියේ ම නිෂ්පාදිතයකි.

කම්කරුවන් පෙරලා සටන් කිරීමට පටන් ගෙන තිබේ. එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර ව ගුරුවරුන්, මෝටර් රථ කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස්වල සාමාජික ක්‍රියාකාරී/ආරක්ෂක කමිටු සංවිධානය කෙරෙමින් තිබේ. කෝපය හා  කැරැලිකාරී මනෝගතියක් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි ව මහජන උද්ඝෝෂන සජීවිකරනය කර තිබේ. ජනගහනයේ පුලුල් සමූහයා වමට ගමන් කරති. පාලක පන්තිය කරමින් සිටින්නේ කොහේට ද යන්න අවධානයෙන් ගිලිහී ගොස් නැත.

එහි නිගමනය වන්නේ: කම්කරු පන්තිය ජීවිතය වෙනුවෙන් සටන් කරන අතර පාලක පන්තිය මරනය වෙනුවෙන් පෙනී සිටී.  පාලක පන්තියේ  අනායාස සමාජ මරන ප්‍රතිපත්තිය කෙරෙහි කම්කරු පන්තිය සමාජවාදී විප්ලවය මඟින් ප්‍රතිචාර දැක්විය යුතු ය.

Loading