ඉදිරිදර්ශන

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම සාදරයෙන් පිලිගනිමු!

අද දින සංස්කරනයත් සමග, ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) යලි දියත් කිරීම ආරම්භ කරයි. ලෝසවෙඅ සම්පූර්න හා අති මූලික නව සැලසුමකට භාජනය වී ඇත. වෙබ් අඩවියෙහි ක්‍රියාකාරීත්වයේ හා බාහිරාකෘතියේ බොහෝ වැඩි දියුනු කිරීම් අපේ පාඨකයයන් විසින් ඇගයීමකට ලක් කරනු ඇතැයි නිශ්චිත වසයෙන් ම අප අපේක්ෂා කරන නමුත්, එහි බාහිරාකෘතියේ වෙනස් කම්වලට අභිප්‍රේරනය සපයා ඇත්තේ, හුදෙක් වැදගත් තාක්ෂනික හා සෞන්දර්යාත්මක සලකා බැලීම් පමනක් නො වේ. මෙම වර්ධනයන් අර්ථභාරී වන අතර ම, නව දියත් කිරීමේ ව්‍යාපෘතියෙහි සියලු අංශවලට මග පෙන්වා ඇති න්‍යායික හා දේශපාලනික ඉදිරිදර්ශනයේ සාරභූත ප්‍රශ්නවලට එම වර්ධනයන් දෙවැනි වේ.

1998 පෙබරවාරි 14 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය දියත් කෙරුනු තැන් පටන් ආසන්න වසයෙන් වසර 23ක් ගත වී ඇත. අන්තර්ජාලයෙහි වර්ධනයේ අතිශය මුල් කාලයේ දී ම, සන්නිවේදන තාක්ෂනයේ මෙම යෝධ අභිවර්ධනය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඇගයීමට බඳුන් විය. මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී අදහස්වල බලය හා අපේ ශ්‍රාවකත්වයේ විශාලත්වය අතර වඩා වාසිදායක පෙල ගැසීමක් ඇති වීම හැකියාවක් බවට පත් කරන තාක්ෂනයක් උපයෝගී කර ගැනීම පිනිස, අපි එම අවස්ථාව අත් පත් කරගත්තෙමු. මුද්‍රිත පුවත් පතක් බෙදාහැරීමේදී ඉල්ලා සිටි ශාරීරික මැදිහත්වීම් විසින් පටවන ලද පැරනි බාධාවන්, තොරතුරු හා අදහස් සමස්ත ලෝකය පුරා ක්ෂනික ව සම්ප්‍රේෂනය කිරීම හැකියාවක් බවට පත් කල තාක්ෂනයක් විසින් අභිබවන ලදී.

ආසන්න වසයෙන් ශතවර්ෂ කාලකට පෙර, සිය ප්‍රකාශන ප්‍රයත්නයන් අන්තර්ජාලය වෙතට මාරු කල යුතු යයි ජාත්‍යන්තර කමිටුවට ඒත්තු ගන්වන ලද්දේ, මෙම තාක්ෂනයෙහි සුවිශේෂී ගෝලීය ස්වභාවය යි. අපට ලෝක ශ්‍රාවකයකට ලඟා විය හැකි වූවා පමනක් නො ව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සියලු ශාඛාවල දේශපාලන වැඩ කටයුතු මාක්ස්වාදී ව්‍යාපාරයෙහි ඉතිහාසය තුල පෙර නුවූ විරූ ප්‍රමානයකින් දේශපාලනික ව ඒකාග්‍ර කිරීමට හා ඒකාබද්ධ කිරීමට ද හැකි විය. මෙහි දී ද ජාත්‍යන්තර කමිටුවට සිය ජාත්‍යන්තර මූලෝපාය හා ක්‍රියා මාර්ගය එහි දෛනික භාවිතාවේ දී වඩා හොඳින් පෙලගස්වා ගැනීමට මෙම නව තාක්ෂනය විසින් හැකියාව ලබා දෙනු ලැබුනි. ලෝකයේ කොතැනක සිදු වුව ද සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස දෛනික සිද්ධීන්ට ප්‍රතිචාර දැක්වීමට, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීම මගින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හැකි විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කොට ගත වුනු පලමු දශකය තුල අව්‍යාජ විප්ලවීය මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදයේ ශ්‍රාවකත්වයෙහි යෝධ ප්‍රසාරනයක් කරා එය ලඟා විය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය නමැති ලේවැකි ධජය යටතේ, එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදය විසින් සිදු කල භයංකර අපරාධ විසින් ආධිපත්‍යය දරන ලදවිසිඑක් වන ශතවර්ෂයේ පලමු වසර කිහිපයේ සිද්ධීන්ට දැක්වූ ප්‍රතිචාරයේ දී, පලමුව දස දහස් ගනනක්, ඉන්පසු ලක්ෂ ගනනක්, 2008 වර්ෂය වන විට මිලියන කිහිප ගනනක් වූ ලොව පුරා පාඨකයන්ට, සාරභූත විවේචනාත්මක විප්ලවීය දිශානතියක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සම්පාදනය කරනු ලැබුනි.

වසර 10ක් ප්‍රකාශනයට පත් කරනු ලැබීමෙන් පසු, පාඨකත්වයෙහි වර්ධනය ලෝසවෙඅට එහි ආරම්භක ව්‍යුහය තුල ඉටු කරනු ලැබිය නො හැකි ඉල්ලීම් පනවා තිබුනා පමනක් නො වේ. ඇමරිකානු හා ලෝක ධනවාදයේ තීව්‍ර වන අර්බුදය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ තාක්ෂනික යටිතල පහසුකම් හා ඉදිරිපත් කිරීම්වල අර්ථභාරී අභිවර්ධනයක් අවශ්‍ය වූ අභියෝගවලට ලෝසවෙඅ මුහුන දෙමින් සිටි බව, ජාත්‍යන්තර කමිටුවට හා ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයට පැහැදිලි විය. ලෝසවෙඅහි නව සැලසුමට අභිප්‍රේරනය සැපයූ, වෛෂයික තත්ත්වය පිලිබඳ ඇගයීමේ නිරවද්‍යතාව තහවුරු වීමට, කාලයක් බලාගෙන සිටීමට අපට අවශ්‍ය නො වී ය. යලි සැලසුම් කල ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි පලමු සංස්කරනය, 2008 ඔක්තෝබර් 22 වැනි දා ප්‍රකාශයට පත් වූයේ, 1929 වෝල් වීදියේ බිඳ වැටීමෙන් මෙපිට ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැඹුරු ම ආර්ථික බිඳ වැටීම මධ්‍යයේ ය.

නව සැලසුමට යටින් පැවති දේශපාලනික සංකල්පයන් විස්තර කරමින් 2008 ඔක්තෝබර් 22 වැනි දා පල කල ප්‍රකාශය තුල, ලෝසවෙඅ පහත දැක්වෙන කරුනු ඉදිරිපත් කලේ ය:

  1.  එක්සත් ජනපදය තුල කේන්ද්‍රගත ගෝලීය මූල්‍ය අර්බුදය, ලෝක ධනේශ්වර ක්‍රමයෙහි ඓතිහාසික අර්බුදයේ තීරනාත්මක හැරුම් ලක්ෂ්‍යයක් සලකුනු කරයි.
  2.  ගැඹුරු වන ආර්ථික අර්බුදය දැනට මත් විද්‍යාමාන වන ප්‍රධාන අධිරාජ්‍යවාදී හා ධනේශ්වර බලයන් අතර ආතතීන් වඩ වඩා අවුලුවාලනු ඇත. ... දැනට පැවතීගෙන යන අර්බුදය තුල නාටකාකාර ව හෙලිදරව් වන, තම ලෝක ආර්ථික තත්ත්වයෙහි ඛාදනය වීම මග හරවා ගැනීමට එක්සත් ජනපදය දරන ප්‍රයත්නයන්, වඩ වඩා ඉව බව නැති හා නොදැමුනු මිලිටරිමය ස්වභාවයක් අත් කර ගනු ඇත.
  3.  වඩාත් නරක අතට හැරෙමින් තිබෙන ආර්ථික තත්ත්වය, ලෝක පරිමානයකින් පන්ති අරගලයේ නව පුනර්ජීවයක් කරා ධාවනය කරමින් තිබේ. කම්කරු පන්තිය, තම අරගලවලට බාධා කරමින් පාවාදීමට පැරනි හා දූෂිත නිලධාරිවාදී සංවිධානවල - දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිතිවල- ප්‍රයත්නයන්ට එරෙහි ව වැඩෙන අධිෂ්ඨානයකින් යුතු ව ප්‍රතිරෝධය දක්වනු ඇත.
  4.  හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන මාක්ස්වාදී න්‍යාය සහ විප්ලවීය සමාජවාදයේ ක්‍රියා මාර්ගයට, අලුතින් රැඩිකලීකරනය වන කම්කරුවන්, ශිෂ්‍යයන්, තරුනයන් හා බුද්ධිමතුන් අතරින් නව ශ්‍රාවකත්වයක් ඉස්මතු වනු ඇත. නව විප්ලවවාදී කාල පරිච්ඡේදයක අභියෝගයන්ට මුහුන දෙනු ඇත්තේ, මාක්ස්වාදී න්‍යාය මත ස්ථීරසාර ව පදනම් වන හා ට්‍රොට්ස්කිවාදයේ උරුමය සුපැහැදිලි ලෙස ආරක්ෂා කරන පක්ෂයක් පමනි.

පසුගිය දොලොස් වසරේ සිද්ධීන් නව සැලසුම පදනම් කරන ලද තක්සේරුව මුලුමනින් ම සනාථ කර ඇත.

වඩාත් ම මෑත වර්ධනයන්ගේ ආලෝකයෙන් ගත් කල, පූර්න පරිමාන දේශපාලනික හා ආර්ථික බිඳ වැටීමක අවතාරයලෝක ධනවාදය හා අභිමුඛව ඇත යන්න ගැන පලල් ලෙස තර්ක කිරීම අවශ්‍ය නැත. අර්බුදය කොතරම් දුරට වර්ධනය වී ඇද්ද යත්, කිසිදු බුද්ධිමත් ධනේශ්වර අටුවාකරුවෙක්ට, මාස තුනක කාලයකට පසු එක්සත් ජනපදය තුල අර්ධ-ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වත් ඉතිරි වී තිබෙනු ඇතැයි, නිශ්චිත භාවය පිලිබඳ කිසිදු සාධාරන පරිමානයකින් ප්‍රකාශ කල නො හැක.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2008 නව සැලසුම, ධනවාදයේ ලෝක අර්බුදයෙහි තීව්‍ර වීමක් පූර්වාපේක්ෂා කරමින් ආරම්භ කරන ලදී.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2020 නව දියත් කිරීම සිදු වන්නේ ගෝලීය දේශපාලනික හා සමාජ-ආර්ථික බිඳ වැටීමක් සහ ඉස්මතු වෙමින් තිබෙන විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ ය.

මෙම තත්ත්වය ජාත්‍යන්තර කමිටුව විස්මයට පත් කර නැත. 2020 ජනවාරි 3 වැනි දා පල කරන ලද ලෝසවෙඅහි නව වසරේ පලමු සංස්කරනය තුල, සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹී ඇතැයි අපි සඳහන් කලෙමු. ලෝකයට වසංගතයක් මගින් පහර දෙනු ඇතැයි කිසිවෙක් දැනගැනීමට පෙරාතුව ම, පෙර නුවූ විරූ පරිමානයක ගෝලීය අර්බුදයක් පුපුරා යන බව ලෝසවෙඅ පුරෝකථනය කලේ ය.

එහෙත් ජාත්‍යන්තර කමිටුව සරල ව ම පුරෝකථනයන් ප්‍රකාශ කර ඒවා යථාවත් වන තෙක් අක්‍රීය ලෙස බලා සිටින වර්ගයේ සෑහිමට පත්වීමක සිටියේ නැත. තීරනාත්මක කාරනය වූයේ හා වන්නේ, මෙම අර්බුදයට ජාත්‍යන්තර කමිටුව ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද, විප්ලවවාදී අරගලයේ කොන්දේසි සඳහා එය විසින් කම්කරු පන්තිය සූදානම් කරන්නේ කෙසේ ද යන්න යි.

පන්ති අරගලයේ ගෝලීය ප්‍රසාරනය, කම්කරු පන්තිය තුල සමාජවාදී දේශපාලනය, ඉතිහාසය හා න්‍යාය කෙරෙහි යෝධ පුනර්ජීවනයක් ජනනය කරනු ඇතැයි යන අපේක්ෂාවෙන් යුතු ව, මෙම නව දියත් කිරීමත් සමග හඳුන්වා දෙනු ලබන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වෙනස් කම් සිදු කරනු ලැබේ.

1998 පටන් කර ඇතිවාක් පරිදි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය දවසේ ප්‍රධාන සිද්ධීන් පිලිබඳ සම කල නොහැකි අනාවරනයක් හා විශ්ලේෂනයක්, දිගට ම සම්පාදනය කරනු ඇත. එහෙත් සැලසුමේ හා ව්‍යුහයේ වෙනස් කම්වල ඉලක්කය වන්නේ, ප්‍රවෘත්ති අනාවරනය සහ හතරවන ජාත්‍යන්තරයේ හා සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික අත්දැකීම් හා න්‍යායික පදනම් අතර වඩා ඍජු හා ගතික අන්තර්ක්‍රියාකාරීත්වයක් නිර්මානය කිරීම යි.

ලෝසවෙඅ 1998 පටන් පල කල විශාල විෂය පරාසයක් පිලිබඳ ලිපි, වාර්තා, ඓතිහාසික ලේඛන හා දේශන වෙත පාඨකයන්ට වඩා හොඳ ප්‍රවේශයක් සම්පාදන කිරීම පිනිස, වෙබ් අඩවිය යලි සැලසුම් කරනු ලැබ ඇත.  ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවල  කලින් පල නො කරන ලද ලිපි ලේඛන ඒවායේ ලේඛනාගාරයන් වෙතින් ලබාගෙන ඇතුල් කිරීම මගින්, අයිතමයන් 150,000කට සමීප වන වෙබ් අඩවිය මත දැනට මත් පල කරන ලද දේශපාලනමය සාහිත්‍යය කටයුතු වර්ධනය කෙරෙනු ඇත.

අද්‍යතන සිද්ධීන් පිලිබඳ වඩා ගැඹුරු අවබෝධයක් සම්පාදනය කරනු ඇති දේශපාලනික, සංස්කෘතික හා න්‍යායික මාතෘකාවන්ගේ අන්තර්ජාල ඉදිරිපත් කිරීම් නිර්මානය කරන හා ආරක්ෂා කරන කන්ඩායම්, ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය විසින් ගොනු කරගෙන ඇත.

2020 නව වසරෙහි ප්‍රකාශනයේ සමාප්තියේ දී ලෝසවෙඅ මෙසේ ප්‍රකාශ කලේ ය:

කම්කරු පන්තියේ අරගල වර්ධනය කිරීමේ දී හා සමාජවාදයට වන මාවත වාත්තු කිරීමේ දී, ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම්වල සවිඥානික සුරක්ෂිතාගාරය වන මෙම ව්‍යාපාරය රඳා සිටින යෝධ ඓතිහාසික පදනම, ඉදිරියට ගෙන එනු ලැබිය යුතු ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීමේ සාරභූත ඉලක්කය මෙය යි. ධනවාදයට එරෙහි ව අතිශය සවිඥානික දේශපාලන අරගලයක් දියත් කිරීම, සංගත-මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ෆැසිස්ට්වාදී කුමන්ත්‍රන විනාශ කිරීම හා සමාජවාදයෙහි ජයග්‍රහනය සහතික කිරීම සඳහා අවශ්‍ය න්‍යායික අවබෝධය, ඓතිහාසික දැනුම හා දේශපාලනික අන්තර්-ඥානය සමගින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීමට අපි අරමුනු කර ගනිමු.

[*මෙය අද දින ඉංග්‍රීසි බසින් පල වූ ඉදිරි දර්ශනයේ සිංහල පරිවර්තනයයි.]

Loading