ඉදිරිදර්ශන

කොවිඩ්-19 සඳහා එන්නතක් සොයාගැනීමේ වැඩි සම්භාවිතාව වෛරසය පැතිරීම නැවැත්වීමට පියවර ගැනීම ඉතා හදිසි භාවයකට පමුනුවයි

කොවිඩ්-19ට එරෙහි ව ක්‍රියා කරන ඵලදායී එන්නතක් වර්ධනය කිරීමේ ප්‍රගතියක් පවතී යයි ෆයිසර් සමාගම හා ජර්මානු හවුල්කාර බයෝඑන්ටෙක් සඳුදා (නොවැම්බර් 9) නිවේදනය කිරීම, අපේක්ෂාජනක හා ධෛර්යය දනවන වර්ධනයකි. එන්නතක් පුලුල් ලෙස සුලභ වන තාක් කල් වෛරසය පැතිරී යාම වලක්වා, ජීවිත ආරක්ෂා කිරීමට හදිසි පියවර ගැනීම එමගින් අත්‍යවශ්‍ය බවට පත්කරයි.

සායනික පරීක්ෂාවන්ට සහභාගි වී, සති තුනක කාල අන්තරයක දී, එන්නත දෙවරක් ලබාගත් රෝගීන්, පාලිත තත්වයේ තැබූය් කන්ඩායමකට වඩා සියයට 90කින් අඩු කොවිඩ්-19 ආසාදන වාර්තා කල බව ෆයිසර් සමාගම නිවේදනය කලේ ය. සන්සන්දනාත්මක ව ගත් කල, වසරකට වරක් උන රෝගය සඳහා ලබා දෙන සාමන්‍ය එන්නත සතු වන්නේ සියයට 40-60 අතර ඵලදායීත්වයක් පමනි.

නිව් යෝක් නගරයේ ෆයිසර් සමාගමේ ලෝක මූලස්ථානය පසුකර ඇවිදයන පදිකයන්, නොවැම්බර් 9, 2020 (ඒපී ඡායාරූප/ බෙබේතෝ මැතිව්ස්)

ස්වාධීන මඩුල්ලක් විසින් විමර්ශනය කරන ලද, එහෙත් තවමත් ප්‍රසිද්ධ කර නැති, 43,538කට අධික පිරිසක් සහභාගි වූ සායනික පරීක්ෂනයක ආරම්භක දත්ත මත, මෙම සොයා ගැනීම් පදනම් විය. සුරක්ෂිතතාව පිලිබඳ ප්‍රශ්න සඳහා, අවම වසයෙන් පරීක්ෂනයට සහභාගි වූවන්ගෙන් අඩක් නිරීක්ෂනයට භාජනය කරනු ලැබීමෙන් අනතුරු ව, නොවැම්බර් මස තුන්වන සතියේ යම් දිනක, ඉක්මන් භාවිතාවට ගැනීමේ අවසරයක් ඉල්ලා සිටීම සමාගමේ අභිප්‍රායයයි.

මෙය අනුමත කරන ලද හොත්, ෆයිසර් සමාගමේ එන්නත (එමෙන් ම ප්‍රතිමල්ලව මොඩර්නා සමාගම විසින් වර්ධනය කරමින් තිබෙන එන්නත), පලල් ව ප්‍රයෝජනයට ගැනෙන [ප්‍රතිදේහ උත්පාදනයෙහි ලා සුවිශේෂී මෙහයක් කරන]පලමු එම්ආර්එන්ඒ අනුක එන්නත වනු ඇත. බෝ වන රෝග සඳහා ක්ෂනික ව ප්‍රතිකාර කරන, සමස්ත නව අඩු මිල එන්නත් සමූහයක් සඳහා නව යුගයක් මෙමගින් විවෘත කරනු ඇත.

එන්නතක් දෙසට වන වර්ධනය විශ්වාසය දනවන ප්‍රවෘත්තියකි. එහෙත්, වැදගත් ප්‍රශ්න හා ගැටලු තවමත් ඉතිරි ව පවතී.

“රෝහල්ගත වීම හා මරනයට හේතුවන වර්ගයේ දුස්සාධ්‍ය ආසාදන, එන්නත මගින් වලක්වන්නේ ද යන්න ගැන තොරතුරු නැත. තව ද රෝග ලක්ෂන නො පෙන්වමින් වෛරසය රැගෙන ගොස් කොවිඩ්-19, සාර්ස්-සීඕවී-2 ආසාදනය කරන පුද්ගලයන් එමගින් වලක්වන්නේදැයි යන්න ගැන ද තොරතුරු නැත” යි ස්ටාට් නමැති වෛද්‍ය සඟරාව, එන්නත පිලිබඳ එහි වාර්තාව තුල සටහන් කලේ ය. සම්ප්‍රේෂන අනුපාතයන් පහල දැමීමේ දී, එන්නත කොතරම් ඵලදායී ද යන්න නීර්නය කිරීමට, මෙහි දෙවනුවට සදහන් කල කරුන තීරනාත්මක වනු ඇත.

ඒ අතර ම, ආසාදනයට එරෙහි ව එන්නතින් කොතරම් කාලයක් ආරක්ෂාව සලසන්නේ ද යන්න ගැන කීමට තවමත් කල් මදි ය. ෆයිසර් හා බයෝඑන්ටෙක් විසින් නිවේදනය කරන ලද ප්‍රතිඵල, තවමත් විද්‍යාඥයන් විසින් සමපදස්ථ විමර්ශනයට බඳුන් කර හෝ වෛද්‍ය විද්‍යාත්මක සඟරාවක ප්‍රසිද්ධ කරනු ලැබ නොමැති බව ද ස්ටාට් සඟරාව සටහන් කලේ ය.

ආරම්භක ප්‍රතිඵල පිලිගනු ඇතැයි උපකල්පනය කල විට, ෆයිසර් සමාගම සඳහන් කලේ, ඉතා හොඳ ම කොන්දේසි යටතේ පවා, වසර අවසානය වන විට තිබෙනු ඇත්තේ මාත්‍රා මිලියන 50ක් පමනක් බව හා 2021 දී මාත්‍රා බිලියන 1.3ක් නිපදවනු ඇති බව ය. අධි-ශීත උෂ්නත්වවල එන්නත ගබඩා කරනු ලැබිය යුතු අතර, එය, බොහෝ ස්ථානවලට එන්නත බෙදා හරිනු ලැබීම, දැඩිසේ දුෂ්කර වීමට ඉඩ ඇත.

මීට අමතර ව, යෝධ ඖෂධ නිෂ්පාදන සංගතයන්ගේ ලාබ ප්‍රේරනයන් සහ එකිනෙකා සමග තරඟ වදින ජාතික රාජ්‍යයන්ගේ ඝට්ටනීය අවශ්‍යතා මගින්, එන්නතේ සුලභතාවට හා බෙදා හැරීමට බාධා කරනු ඇත.

මේ බව පැවසීමෙන් ඉක්බිතිව, ප්‍රගතියක්ද අත් කරගනු ලැබෙමින් පවතින බව පෙනෙනේයැයි කිව යුතු ය. ෆයිසර් සමාගමේ ආරම්භක ප්‍රතිඵල, ජෛව-තාක්ෂනික සංගතයක් වන මොඩර්නා හා ජාතික සෞඛ්‍ය ආයතනය විසින් ඒ හා සමාන තාක්ෂනයන් මත පදනම් ව, වර්ධනය කරනු ලැබෙමින් තිබෙන එන්නත පිලිබඳ සුභ පෙර නිමිත පල කරන්නේ යයි, එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝ වන රෝග ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි සටහන් කලේ ය. රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්පුට්නික් පහ එන්නත ද සියයට 90ට වඩා ඵලදායී යයි ඉඟි කරන ප්‍රකාශයක් එම අමාත්‍යාංශය විසින් නිකුත් කලේ ය.

මේ සියල්ලෙහි අර්ථය වන්නේ, ලබන වසරේ යම් කාලයක දී, ඵලදායී එන්නතක් පලල් ලෙස බෙදා හරිනු ලැබීම සඳහා තිබීමේ හැකියාව යි.

එන්නතක් සොයා ගැනීම දෙසට වන ප්‍රගතිය, ලොව පුරා ආන්ඩු ක්‍රියාත්මක කරමින් සිටින “රංචු ප්‍රතිශක්ති” පිලිවෙතේ සාපරාධී භාවය මොනවට පැහැදිලි කරයි. උමං මග අවසානයේ දී එය තුලින් ගමන් ගන්නා තැනැත්තා ආලෝකය දැකීමට පටන් ගන්නාක් මෙන්, “වෛරසය සමග ජීවත් වීම” අවශ්‍ය බවට කරන තර්කය මුලුමනින් ම පිලිගත නො හැකි බවට පැමිනෙයි.

එන්නත පිලිබඳ ප්‍රවෘත්තිය පැමිනෙන්නේ, එක්සත් ජනපදය හ යුරෝපය පුරා වසංගතය වේගයෙන් පැතිරෙමින් පවතිද්දීය. එක්සත් ජනපදය ආසාදන කෝටියේ සීමාව අභිබවා ගොස් ඇති අතර, දින කිහිපයක් තුල, එරටේ පමනක්, පුද්ගලයින් මිලියන කාලක් මිය ගොස් තිබෙනු ඇත. සඳුදා වන විට, ප්‍රාන්ත 43ක් පෙර සතියට සාපේක්ෂ ව සියයට 10කින් වැඩි නව කොවිඩ්-19 ආසාදන වාර්තා කලේ ය.

ව්‍යසනය කෙසේ වුව ද වසංගතය වැලැක්වීමට සැලසුමක් නැත. අවම වසයෙන් තවත් මාස දෙකහමාරක් යන තෙක් එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා වන ඩොනල්ඩ් ට්‍රම්ප්, රෝගය පැතිරී යාම ධනාත්මක දෙයක් බව පමනක් යයි ප්‍රකාශ කරමින්, “රංචු ප්‍රතිශක්තිය” වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත. වඩා පලල් පරාසීය අගුලු දැමීම් සඳහා වන ඉල්ලීම්, තේරී පත් ව ඇති ජනාධිපති වන ජෝ බයිඩන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් රාජධානිය, ප්‍රන්සය හා ජර්මනිය, සුරාසැල් හා ක්‍රීඩා ශාලා මත සුලුපහේ සීමාවන් නිවේදනය කර ඇතත්, කම්හල් හා පාසල් වැනි අත්‍යවශ්‍ය නො වන වැඩපොලවල් වසා දැමීම අවධාරනාත්මක ව ප්‍රතික්ෂේප කර ඇත.

වසංගතයේ වර්තමාන ව්‍යසනකාරී තත්ත්වය, ආන්ඩුවේ පිලිවෙත නීර්නය කරනු ලැබ තිබෙන්නේ මහජන සෞඛ්‍යය වෙනුවට ලාබ අවශ්‍යතා විසින් වීමෙහි ඍජු විපාකය යි. මාර්තු මාසයේ බැංකුවලට ඇප තැබීම සහතික කර ගනු ලැබීමෙන් අනතුරු ව, කම්කරුවන් ආපසු වැඩට දැක්කීමේ පිලිවෙත ක්‍රියාත්මක කිරීම සඳහා පාලක පන්තිය ක්‍රියාකාරී විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ ගනනක් මිය ගොස් තිබේ. දැන් හදිසි ක්‍රියා මාර්ගයක් නො ගත හොත්, එන්නත් පලල් ව සුලභ වීමට පෙර, තවත් ලක්ෂ ගනනක් මිය යනු ඇත.

නිරර්ථක ලෙස ජීවිත අහිමි වීම නවත්වනු ලැබිය යුතු ය! වසංගතය හේතුවෙන් වැටුප් අහිමි වන සියලු කම්කරුවන්ට සම්පූර්නයෙන් වන්දි ගෙවමින් හා කුඩා ව්‍යාපාරිකයන්ට ආදායම් ගෙවමින්, අත්‍යවශ්‍ය නො වන ව්‍යාපාර වසා දැමිය යුතු ය. පුද්ගලයෙකුගේ ජීවිතය හා ජීවිකාව බියකරු ලෙස හුවමාරු කිරීම පිලිගනු ලැබිය නො හැක.

සමාජයේ පැවැත්මට නිෂ්පාදනය අත්‍යවශ්‍ය වන විට, සංගත ලාබ ගැන උත්සුක නො වෙමින්, කම්කරුවන්ගේ ක්‍රියාකාරී ආරක්ෂක කමිටු හා සෞඛ්‍යාරක්ෂන වෘත්තිකයන් විසින් සුරක්ෂිත වැඩ කොන්දේසි අධීක්ෂනය කරනු ලැබිය යුතු ය.

විශ්වීය පරීක්ෂන, බෝ වූවන් හඳුනාගැනීම හා සියල්ලන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීම ඇතුලු ව මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා යෝධ ආයෝජනයක් තිබිය යුතු ය. එන්නතක් සොයා ගනු ලැබූ විට, පුද්ගලික සංගතවල ලාබ අවශ්‍යතාවන්ට හා ජාතික රාජ්‍යයන් අතර තරඟයට එය යටත් නො කොට, එය නොමිලේ බෙදා හරිනු ලැබිය යුතු ය.

ධනපතියන් ඔවුන්ගේ ලාබ සුරක්ෂිත කරගැනීම හේතුවෙන් එලඹෙන සති හා මාසවල දී ලක්ෂ ගනනක් අනවශ්‍ය ලෙස මිය නො යන බව තහවුරු කිරීමට කම්කරු පන්තිය මැදිහත් විය යුතු ය.

[මෙම ලිපිය නොවැම්බර් 10 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.] 

Loading