ඉදිරිදර්ශන

පාසල් යලි විවෘත කිරීමේ කුමන්ත්‍රනය

නිව් යෝක් නගරය එහි ආරක්ෂක උපදෙස් අත් හැර, නගරය පුරා කොවිඩ්-19 වසංගතය පැතිර යාම තිබිය දී වුව පාසල් යලි විවෘත කරන බව, නගරයේ ඩිමොක්‍රටික් පක්ෂ නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ ඉරිදා (නොවැම්බර් 29) නිවේදනය කලේ ය.

පරීක්ෂනවලින් ආසාදිතයන් හමුවීමේ රේට්ටුව සියයට තුන ඉක්මවා යන විට පාසල් වසා තැබිය යුතු ය යන නීතිය, පාසල් යලි විවෘත කිරීමේ පියවර ගැනීම මගින් ඩි බ්ලැසියෝ සරල ව නො තකා හැරියේ ය. දිස්ත්‍රික්කයේ පාසල් අනාරක්ෂිත ව යලි විවෘත කිරීමට එරෙහි ව ගුරුවරුන් අතර කෝපය පැතිර යාම පාලනය කිරීමේ උත්සාහයක් ලෙස එම නීතිය ආරම්භයේ දී පනවන ලදී. ආසාදිතයන් සොයාගැනීමේ රේට්ටුව සියයට තුන ඉක්මවූවා පමනක් නො ව, එය සියයට හතරට ආසන්න මට්ටමට ලඟා වී ඇත.

නිව් ජර්සි ප්‍රාන්තයේ ජර්සි සිටි නගරයේ බ්‍රැඩ්ෆෝඩ් පාසල ඉදිරිපිට දී තම දරුවාට මුහුනු ආවරනයක් පැලඳ ගැනීමට උදව් කරන පියෙක්, 2020 ජුනි 10 (ඒපී ඡායාරූප/ සෙක් වෙනිග්, ෆයිල්)

වෘත්තීය සමිතිවල පිටුබලය ද ලබන නගරාධිපතිගේ තීරනය ධාවනය කරනු ලබන්නේ, විද්‍යාත්මක හෝ මහජන සෞඛ්‍යය පිලිබඳ කිසිදු සලකා බැලීමකින් වෙනුවට, වෝල් වීදියේ විධානයන් විසිනි. ලමුන්ගේ දෙමව්පියන්ට ද අනාරක්ෂිත කොන්දේසි යටතේ ආපසු වැඩට යා හැකි වන පරිදි, ලමුන් අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල්වල නවාතැන් සැපයීමට පාසල් විවෘත ව තැබීම පාලක පන්තියට අවශ්‍ය ය. රටෙහි විශාලතම පාසල් දිස්ත්‍රික්කය වන නිව් යෝක් නගරයේ පාසල් යලි විවෘත කිරීම, සමස්ත රටට ම ආදර්ශය සම්පාදනය කරන අතරතුර, පාලක පන්තියේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙත බලාත්මක කිරීම එහි අභිප්‍රායය යි.

තනි වාක්‍යයකින් ඩි බ්ලැසියෝ ඔහුගේ ක්‍රියාවන් සාධාරනීකරනය කලේ ය: “කුඩා දරුවන් ඍනාත්මක අත්දැකීමක් ලබමින් සිටින්නේ අඩුවෙන් බව සියලු අධ්‍යයන් මගින් සංගතික ව පෙන්වා දෙන බවත්, කුඩා දරුවන් ගැන සැලකීමේ දී වසංගතය පැතිර යාම පිලිබඳ ව ඇත්තේ අඩු උත්සුකයක් බවත්, සියල්ලට පලමුව අපි සැලකිල්ලට ගනිමු.”

මෙය අමු බොරුවකි. පාසල් තුල කොවිඩ්-19 පැතිර යාම පිලිබඳ ව දැන් ඇත්තේ “අඩු උත්සුකයක්” ය යන ඔහුගේ කියාපෑම, සියලු සම්භාවනීය විද්‍යාත්මක සමීක්ෂන විසින් ඛන්ඩනය කරයි. ලෝකයේ ප්‍රමුඛ විද්‍යාත්මක සඟරාවලින් එකක් වන චර සඟරාවේ සති දෙකකට පෙර පල කරන ලද අධ්‍යයනයක්, පාසල් වසා දැමීම කොවිඩ්-19 වැලැක්වීමේ වඩාත් ම ඵලදායී ක්‍රමවලින් එකක් බව සොයාගත්තේ ය.

“ලොව පුරා ආන්ඩු කොවිඩ්-19ට කරන මැදිහත්වීම්වල සඵලදායකත්වය ශ්‍රේනිගත කිරීම” නමැති මෙම අධ්‍යයනය පල කරන ලද්දේ, ඔස්ට්‍රියාවේ වියානා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසිනි. දත්ත වැඩි වැඩියෙන් පැමිනෙන විට, පාසල් වසා දැමීම් කොවිඩ්-19 පැතිර යාම වලක්වන බව වඩා පැහැදිලි වී ඇත. “එක්සත් ජනපදයේ පාසල් වසා දැමීම්, කොවිඩ්-19 සිද්ධි හා මරන සියයට 60කින් පමන අඩු කරන බව සොයා ගනු ලැබ ඇත. නිවහන් ප්‍රදේශවල වැඩිහිටියන් හා ලමුන්ට වඩා, වයස 10-19 අතර පසුවන නව යෞවනයන් අතර වසංගතය පැතිර යාමේ හැකියාවක් පවතින බව හඳුනාගෙන ඇති දකුනු කොරියාවේ රෝගය බෝවීම පිලිබඳ අධ්‍යනයක් සමග ද මෙම ප්‍රතිඵල ගැලපේ” යි එය සඳහන් කලේ ය.

“කොවිඩ්-19 වැලඳීමේ සිද්ධි ...හා ඒ හේතුවෙන් සිදු වන මරන යන දෙක ම, පාසල් වසා දැමීම නිසා සැලකිය යුතු ලෙස අඩු වන්නේ” යැයි සොයාගත්, ඇමරිකානු වෛද්‍ය සංගමයේ සඟරාව විසින් ජූලි මාසයේ පල කරන ලද “එක්සත් ජනපදය තුල පාසල් වසා දැමීම සහ කොවිඩ්-19 සිද්ධි හා මරන අතර සබඳතාව” යන අධ්‍යයනයක් නේචර් ලිපිය තුල උපුටා දක්වනු ලැබී ය.

වෙනත් වචනවලින් කියතොත් පාසල් වැසීම ජීවිත ආරක්ෂා කරයි. තව ද සින්සිනටි ලමා රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් පල කල අධ්‍යයනය, “සමුච්චිත කොවිඩ්-19 සිද්ධි අඩු වී පවතිද්දී කල් තබා පාසල් වසා දැමූ ප්‍රාන්ත, රෝගය වැලඳීමේ සිද්ධි හා මරනයට පත්වීම්වල විශාලතම අඩු වීම වාර්තා කලේ ය” යි සොයාගත්තේ ය.

එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැලැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) අධීක්ෂනය කරනු ලබන ඉමර්ජිං ඉන්ෆෙක්ෂස්  ඩිසීසස් (ඉස්මතු වෙමින් තිබෙන බෝ වන රෝග) නමැති සඟරාව තුල, නේචර් සඟරාව විසින් අවධානය යොමු කල දකුනු කොරියානු රෝග බෝවීමේ අධ්‍යයනයේ ප්‍රතිඵල ඔක්තෝබරයේ පල කරනු ලැබීය.

බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයේ වසංගත විද්‍යාඥවරියක් වන සෝ හයිඩ් විසින් සිදු කරන ලද “කොවිඩ්-19, අත්හැර දමනු ලැබ අන්තරායේ සිටින ලමුන් හා පාසල්” යන හිසින් මෙඩිකල් ජර්නල් ඔෆ් ඕස්ට්‍රේලියා  (ඕස්ට්‍රේලියානු වෛද්‍ය සඟරාව) තුල ඔක්තෝබර් 25දා පල කරන ලද තවත් අධ්‍යයනයක් ද තිබුනි. “ලමුන් මුලින් සිතුවාට වඩා රෝගයට ගොදුරු වනසුලු අතර, ප්‍රජා සම්ප්‍රේෂනයේ දී ඔවුන්ට භූමිකාවක් ඉටු කල හැකි” යි ඇය සොයාගත්තා ය. “සැලකිය යුතු ප්‍රජා සම්ප්‍රේෂනයක පරිසරය තුල මුහුනට මුහුන ඉගැන්වීම සඳහා පාසල් විවෘත ව නො තැබිය යුතු” යි ඇය අවධාරනය කලා ය.

දැනට නිව් යෝක් නගරයේ සිදු වන්නාක් මෙන්, පලල් ජනගහනය අතර කොවිඩ්-19 පුලුල් ව හා සීඝුයෙන් පැතිර යන්නේ නම්, පාසල් යලි විවෘත කිරීමට එරෙහි ව ලෝක සෞඛ්‍ය සංවිධානය හා සීඩීසී යන දෙක ම ලබා දී ඇති නිර්දේශයන් සමග මෙය ගැලපේ.

කරන ලදැයි කියන “නව” විද්‍යාත්මක අධ්‍යයනයන් මත පදනම් ව, පාසල් විවෘත කිරීම ආරක්ෂාකාරී යයි ව්‍යාජ ලෙස කියාපෑම සඳහා, නිව් යෝක් ටයිම්ස් පත්‍රයේ නායකත්වයෙන් සති ගනනක් තිස්සේ ගෙන ගිය එක්සත් ජනපද මාධ්‍ය උද්ඝෝෂනයකින් අනතුරු ව, ඩි බ්ලැසියෝගේ නිවේදනය පැමිනෙයි.

“පාසල් කොරෝනා වෛරසයේ ප්‍රජා සම්ප්‍රේෂනය අවුලුවන ස්ථාන ලෙස නො පෙනේ” යි ප්‍රකාශ කරන “පාසල් සිසුහු කොරෝනා වෛරසයේ ඉහල යාම්වලට ඉන්ධන සපයන්නන් ලෙස නො පෙනෙතියි විද්‍යාඥයෝ කියති” යන හිසින් යුත් ලිපියක්, ඔක්තෝබර් 22දා ටයපත්‍රය පල කලේ ය. සිය මාතෘකාව තුල තර්ක කරන ලද නිගමනය තහවුරු කිරීම පිනිස, සම පදස්ථයන් විසින් විමර්ශනය කරන ලද එකදු අධ්‍යයනයක් හෝ උපුටා නො දැක්වූ ටයලිපිය, තනි පුද්ගලයන්ගේ හුදකලා උපුටා දැක්වීම් හා සම පදස්ථ විමර්ශනයට භාජනය නො කල මූලාශ්‍ර මත පදනම් විය.

කතුවරයා සත්‍ය වසයෙන් පවසන දෙයින් බොහොමයක් ලිපිය මගින් ඛන්ඩනය කරන හෙයින්, ලිපිය කියවන ඕනෑම අයෙක් එහි මාතෘකාව කර්තෘ වරයෙක් සරල ව ඈඳන ලදැයි නිගමනය කරනු ඇත. “වැඩිමහල් ලමුන් අතර ප්‍රවනතා...බෝ වීම් පැතිර යාමේ විශාල හැකියාවක් පෙන්වති” යි ලිපිය සඳහන් කරයි. “වැඩිමහල් ලමුන් සිටින පාසල්වල ගුරුවරුන් අතර, දුරස්ථ ව ඉගැන්වූ ගුරුවරුන්ට වඩා දෙගුනයක ආසාදන රේට්ටුවක් තිබුනි” යි එය සඳහන් කරන්නේ, ස්වීඩනයේ තත්ත්වය විස්තර කරමිනි.

“නිව් යෝක් පාසල් පාසල් විවෘත ව තබනු” යි විධානය කරන කතුවැකියක් නොවැම්බර් 11දා පල කරමින් ටයපත්‍රය එහි විකෘති කරන ලද ප්‍රවෘත්ති ආවරනය ඉදිරියට ගෙන ගියේ ය.

ටයවිසින් ම කලින් පල කරන ලද ලිපි මගින් එහි උද්ඝෝෂනය ඛන්ඩනය කරනු ලැබේ. “ලමයි කොරෝනා වෛරසය සම්ප්‍රේෂනය කල හැකි බවට නව අධ්‍යයනයන් මගින් සාක්ෂි එකතු කරයි” යි යන හිසින් යුත් ලිපියක “ඉක්මනින් පාසල් යලි විවෘත කල හොත් එක්සත් ජනපදයේ බොහෝ ප්‍රජාවන් අතර ආසාදන පිම්බී යා හැකි බවට නව දත්ත විසින් පෙන්නුම් කරන බව විශේෂඥයෝ කී හ” යි ඉහත උපුටා දැක්වුනු ලිපියෙහි කතුවරිය වන අපූර්වා මන්දාවිලි මැයි 5දා ලීවා ය.

“ලමුන් ආපසු පාසල්වලට යැවීමේ අන්තරාය අඩු කර පෙන්වීමට රෝග පාලන හා වැලැක්වීමේ මධ්‍යස්ථාන මත ධවල මන්දිරයේ ඉහල නිලධාරීන් විසින්” පීඩනය යෙදීමේ කුමන්ත්‍රනයක් පවතින බවට සැප්තැම්බරය අග භාගයේ ටයවාර්තා කලේ ය.

සීඩීසීය දේශපාලන පීඩනයට යටත් කිරීමට පරිපාලනය දරන පෙර නුවූ විරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස, “මේ සරත් සමයේ ඇමරිකාවේ පාසල් යලි විවෘත කිරීමේ වැදගත් කම” යන හිසින් ජූලි 23දා ප්‍රකාශයක් පල කල සීඩීසීය, “පාසල් ලමුන් අතර කොවිඩ්-19 සම්ප්‍රේෂනය වීමේ හැකියාව අඩු බව විද්‍යාත්මක අධ්‍යයනය පෙන්නුම් කරති” යි ප්‍රකාශ කලේ ය.

ඇමරිකාවේ ප්‍රමුඛ පෙලේ විද්‍යාත්මක ආයතනවලින් එකක්, ධවල මන්දිරයේ දේශපාලන පීඩනයට බියගුලු යටත් වීමක් ලෙස, වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් විසින් සීඩීසීයේ ප්‍රකාශය පලල් ලෙස හෙලා දකිනු ලැබී ය. මෙම ප්‍රකාශය ව්‍යාජ-විද්‍යාත්මක විකාරයක් ලෙස සැකමුසු ආකාරයෙන් පිලිගනිමින්, සීඩීසීය එය එහි වෙබ් අඩවියෙන් ඔක්තෝබර් 28දා ඉවත් කල අතර, එතැන් පටන් එය, ආන්ඩුවේ කිසිදු වෙබ් අඩවියක පල කෙරී නැත.

“ලමුන් අතර පවතින සාපේක්ෂ ව අඩු රෝහල්ගත කිරීම් හා මරනවල අඩු අවදානම, පාසල් පරිසරයේ දී ගුරුවරුන්, පාසල් පරිපාලකයන් හා අනෙකුත් කාර්ය මන්ඩලවලට පවතින අවදානම තුල සන්දර්භගත කරනු ලැබිය යුතු” යයි නිවැරදි ව සඳහන් කරන, සීඩීසීයේ යාවත්කාලීන කරන ලද උපදේශයකට ඉවත් කරන ලද ප්‍රකාශයේ සබැඳිය පාඨකයන් ව දැන් යොමු කරයි. “ගුරුවරුන්, පාසල් පරිපාලකයන් හා අනෙකුත් කාර්ය මන්ඩලවලට පාසල තුල පවතින අවදානම, ඔවුන්ට කොවිඩ්-19 වැලඳුන හොත් ප්‍රජාවේ අනෙකුත් වැඩිහිටියන්ගේ කැඩපතක් ලෙස ක්‍රියා කරතැයි අපේක්ෂා කරනු ලැබේ” යි එම ප්‍රකාශය වැඩි දුරටත් සඳහන් කරයි.

පාසල් යලි විවෘත කිරීමේ උද්ඝෝෂනයට දැන් නායකත්වය දෙනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂය විසිනි. නිව් යෝක් නගරයේ පාසල් වසා දැමීමේ තීන්දුව ආපසු හරවන ලෙස ඩි බ්ලැසියෝට විධානය කරන්නන් අතර, තේරී පත් වූ ජනාධිපති වන ජෝ බයිඩ්න් සිටින බවට සැකයක් නැත.

වෛරසය පැතිර යාම නැවැත්වීම පිනිස කිසිදු සම්බන්ධීකෘත පියවරයන් ගැනීමට විරුද්ධ වන පැමිනීමට නියමිත බයිඩ්න් පරිපාලනය, රෝගය පාලනයෙන් පිට පනිද්දී ජාතික පරිමාන අගුලු දැමීමක් හා අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීමක් සිදු කිරීම යලි යලිත් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් අතර කවර උපායාත්මක මතභේද පැවතියත්, පාසල් විවෘත කිරීම කේන්ද්‍රීය සංරචකයක් වන්නා වූ පාලක පන්තියේ “රංචු ප්‍රතිශක්ති” පිලිවෙතට, ඩිමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන් ම කැපවී සිටී.

එන්නත් පලල් ලෙස අලුතින් නිෂ්පාදනය කිරීමට මාස ගනනක් පමනක් ඉතිරි ව තිබිය දී, අනවශ්‍ය ලෙස එක් ජීවිතයක් හෝ පරදුවට තැබීම යුක්තියට පටහැනි ය! මූල්‍ය කතිපයාධිකාරයට වඩ වඩා මුදල් හම්බ කර ගත හැකි වන පරිදි, ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හා සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ජීවිත කැප කිරීමේ ප්‍රයත්නයට ඔවුන් විරුද්ධ විය යුතු ය.

වෛරසය පැතිර යාම නැවැත්වීම පිනිස හදිසි පියවර බලාත්මක කිරීමට කම්කරු පන්තිය මැදිහත් විය යුතු ය. ජීවිත ලක්ෂ ගනනක් පරදුවට තැබී තිබේ!

වෘත්තීය සමිතිවලින් හා මහ ව්‍යාපාරිකයේ පක්ෂ දෙකෙන් ම ස්වාධීන සාමාන්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම පාසලක ම හා වැඩපොලක ම ගොඩනැගීමේ සටනට සමාජවාදී සමානතා පක්ෂය නායකත්වය දෙයි. පාලක පන්තිය වසංගතයට දක්වන ප්‍රතිචාරයට විරුද්ධ ව පොදු අරගලයක් සංවිධානය කිරීම පිනිස කම්කරු පන්තියේ අනෙකුත් සෑම කොටසක් සමග ම සබඳතා ස්ථාපනය කරගත යුතු මෙම කමිටු එවන් සබඳතා ස්ථාපනය කරගනිමින් සිටියි.

පාසල් වසා දමා අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන ද වසා දමනු ලැබිය යුතු ය. බලපෑමට බඳුන් වන සියලු කම්කරුවන්ට සම්පූර්න ආදායම් සම්පාදනය කිරීමටත්, සියලු සිසුන්ට ඉහල ම ගුනාත්මක භාවයෙන් යුත් අන්තර්ජාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීමටත්, වෝල් වීදිය හා සංගත වෙත ප්‍රදානය කරන ලද ඩොලර් ට්‍රිලියන ගනනක් වන මුදල් අත් පත් කරගනු ලැබිය යුතු ය.

දැන් වඩ වඩා පැහැදිලි වන පරිදි, වසංගතයට එරෙහි සටන, ට්‍රම්ප් පරිපාලනයට, ඩිමොක්‍රටික් පක්ෂයට හා සමස්ත පාලක පන්තියට එරෙහි ව කම්කරු පන්තියේ දේශපාලන අරගලයකි. මෙය වනාහි පුද්ගලික ලාභය වෙනුවට, සමාජ අවශ්‍යතාවේ පදනම මත ආර්ථික හා සමාජ ජීවිතයට ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන සටනකි. එය සමාජවාදය සඳහා අරගලය යි.

Loading