ශ්‍රී ලංකා මිලිටරිය උතුරේ දුගී ධීවරයන් රැසක් අත්අඩංගුවට ගනී

හමුදාව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරන්චි වෙරල තීරයේ එලවන්කුඩාහිදී ධීවරයන් 23 ක් අත්අඩංගුවට ගැනීම මඟින්, හමුදාව වාඩිලාගත් උතුරේ කම්කරුවන් හා දුගී ජනතාව මුහුනපා සිටින දරිද්‍රතාව හා පීඩනය යලි වතාවක් හෙලිදරව් කරයි. 

මෙම ධීවරයින් බෝට්ටු තුනකින් ආපසු එමින් සිටියදී රැක සිටි හමුදා සෙබලුන් හා බුද්ධි අංශ නිලධාරීන් විසින් වටලා අත්අඬංඟුවට ගෙන තිබේ. හමුදාව ඔවුන්ට සලකා ඇත්තේ ත්‍රස්තවදීන් කන්ඬායමකට සේය. තමන් අත්අඬංඟුවට ගනු ලැබීමට ධීවරයින් විරෝධය පලකරමින් වාද කල විට සෙබලු ඔවුන්ට කායිකව පහර දුන්හ. අල්ලා ගනු ලැබූ ධීවරයන් ගේ මෝටර් හා කිමිදුම් උපකරන හමුදා භටයින් විසින් අල්ලා ගනු ලැබින.

වසර 11 පෙර දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊයට) එරෙහි යුද්ධය අවසන්වූ පසුව පවා උතුරු නැඟෙනහිර මිලිටරි කටයුතු උග්‍රවී ඇති අතර  දැන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ වඩා උත්සන්නවී ඇත. සිවිල් පරිපාලනයේ කඩතුරාව යටතේ පවත්නා මිලිටරි පාලනය පුලුල් කර දිගටම පවත්වාගෙන යනු ලැබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කිරන්චි වෙරල තීරයේ එලවන්කුඩාහිදී ධීවරයන් දැල් සූදානම් කරමින්

කිලිනොච්චි ප්‍රදේශයේ ජීවත් වන ධීවරයින්, සිය අවසර බලපත් නාවික හමුදාවෙන් ලබාගත යුතුය. මෙම බලපත් ක්‍රමය යුද්ධය පැවති කාලය තුල හඳුන්වා දෙන ලදී. නාවික හමුදා භටයන් ධීවරයින් ගැන විපරම් කරයි. මෙය ධීවරයින්ගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමකි. 

අත්අඩංගුවට ගත් ධීවරයින් පසුව කිරන්චි මුහුදු වෙරලේ නාවික භටයන් වෙත භාර දුන් අතර,  ඉන් පසුව ඔවුන් ධීවර අමාත්‍යාංශයේ බලධාරීන් වෙත භාර දෙනු ලැබින. 

ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධීවරයින් කිලිනොච්චි අධිකරනයට ඉදිරිපත් කල අතර ඔවුන් ඊලඟ දවසේ ඇප මත මුදා හරින තෙක් එක් දිනක් රඳවා ගෙන තිබේ. ඔවුන්ගේ නඩුව ජූලි 7  දක්වා කල් දමා ඇත. මෙම ජනතාව සඳහා අත්‍යවශ්‍ය ධීවර ආම්පන්න, අධිකරනය භාරයට ගෙන ඇත. 

කිලිනොච්චියේ-කිරන්චිහි ධිවරයයින් දියඹට යාමට සූදානම් වෙමින්

මේ දුප්පත් ජනතාවට එරෙහිව නඟා ඇති අභූත චෝදනා නම්, රාත්‍රි කාලයේ විදුලි පන්දම් දල්වා මුහුදු පිපිඤ්ඤ ලෙස හඳුන්වන මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි බවටය. ආලෝකය භාවිතා කර මුහුද යට කිමිදෙමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ ක්‍රියාව ආන්ඩුව විසින් තහනම් කර ඇත.

මෙම උපකරන භාවිතයෙන් මසුන් ඇල්ලීම ආන්ඩුව විසින් තහනම් කර ඇති බව බොහෝ ධීවරයින් නොදනිති . බලධාරීන්, මෙම උපකරන භාවිතා කර මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ තහනම ක්‍රියාත්මක කල ද කම්කරුවන්ට වෙනත් විකල්පයක් නැත. ඔවුන් මෙම කටයුත්තට යොමුකර ඇත්තේ, උග්‍ර දරිද්‍රතාව හමුවේ දෛනික දිවි පැවැත්ම වෙනුවෙන් ඔවුන් දැඩි අරගලයක් යෙදී සිටින බැවිනි.  

උතුරේ සහ මුලු රටේම දරිද්‍ර ධීවරයින්ට ආන්ඩුව කිසිදු සහනයක් ලබා දී නොමැත්තේ ඒ ගැන නොදන්නා නිසා නොවේ.

ජලයෙන් යටවූ කිරන්චි-කිලිනොච්චි මාර්ගය

මැඬිය නොහැකි පරිද්දෙන් පැතිර යන කොරෝනා වෛරස් තත්ත්වය තුල, රටේ සියලුම ධීවර ජනතාව දරුනු ලෙස පීඩාවට පත්ව ඇත . පෑලියගොඩ පිහිටි කොලඹ ප්‍රධාන මාලු වෙලඳපොල මාස කිහිපයක් වසා තබන ලද්දේ එහි ආසාදිතයන් බොහොමයක් සොයාගැනීමෙන් පසුවය.  

ඒ හේතුව නිසාම දේශීය වෙලඳපොලවල් ද නිතර නිතර වසා දැමුන අතර ව්‍යාපාර කටයුතු නතර විය. මේ තත්වය ගසාකන ව්‍යාපාරිකයින් මාලු අස්වැන්න  කුනු කොල්ලයට මිලට ගනියි. 

මුහුදු කූඩැල්ලන් ඇල්ලීම පිනිස කිමිදෙන මෙම ධීවරයින් ඉතා දුප්පත්‍ය . දැඩි වෙහෙසකර රැකියාවක යෙදෙන ඔවුන් සඳහා යොදවනු ලබන්නේ සුලු ආයෝජනයකි, ව්‍යාපාරිකයන් සතු මෝටර් බෝට්ටු යොදාගෙන ඔවුන් කම්කරුවන් ලෙස මේ බොට්ටුවල වැඩෙහි යෙදී සිටියි. ඔවුන් සිය මුහුදු කූඩැල්ලන් අස්වැන්න බෝට්ටු හිමිකරුට පමනක් අලෙවි කල යුතුය, අන් ව්‍යාපාරිකයන්ට අලෙවි නොකල යුතුය. මෙම ව්‍යාපාරිකයෝ අස්වැන්නේ මිල නියම කරති.

දේශීය වශයෙන් නිෂ්පාදනය කල  කිමිදුම් කන්නාඩි කම්කරුවන්ට ඇති අතර කිමිදුම් සපත්තු කුට්ටම් කිහිපයක් ඇත. බොහෝ කම්කරුවන්ට මේ සපත්තු මිලදී ගත නොහැක. ඔවුන් කිමිදුම් සපත්තු ලෙස යොදාගන්නේ තෝසේ හැදීමට යොදාගන්නා තැටිය. මේවා සාදා ඇත්තේ යකඩ වලිනි. ඔක්සිජන් සිලින්ඩර් යොදාගැනීමට ඔවුන් සතුව මුදල් නැත. එබැවින් මේ මිනිසුන් වැඩකරන්නේ ජීවිත පරදුවට තබමිනි. 

කිමිදීම සඳහා නිසි උපකරන භාවිතා කිරීමට අවශ්‍ය ධීවර ආම්පන්න මිලදී ගැනීමට විශාල මුදලක් අවශ්‍ය වේ. යුද්ධයෙන් හානියට පත් උතුරු හා නැගෙනහිර ජීවත්වන සියලුම ධීවරයෝ මෙම දරුනු ගැටලුවලට මුහුන දී සිටිති.

කිරන්චි පිහිටා ඇත්තේ කිලිනොච්චි නගරයේ සිට කිලෝ මීටර් 44 ක් දුරිනි. ධීවරයින් ඇතුලු මෙහි ජීවත් වූ ජනතාව ලේවැකි යුද්ධයෙන් පීඩාවට පත්ව ඇත . යුද්ධය පැවති සමයේ ඔවුන් ජීවත් වූයේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දිවෙන සරනාගතයින් ලෙස ය . ධීවරයින් ඇතුලු සිය ගනන් ජනතාව මිලිටරියේ ඉවබව නැති ප්‍රහාර වලින් ජීවිතක්ෂ්‍යට පත්ව ඇත. 

මාලු අස්වැන්න එකතු කිරීමෙන් පසුව පවා එය විකු ගැනීම සඳහා අලෙවි පහසුකම් නොමැත .  අස්වැන්න විකිනීම සඳහා ඔවුන් පෞද්ගලික වෙලඳුන් මත යැපේ. පෞද්ගලික වෙලඳුන්ගේ උග්‍ර සූරාකෑමට ධීවරයින් මුහුන දී සිටී.

මෙම ගමේ යටිතල පහසුකම් ඉතා පහත් ය. මුහුදට ගොස් ආපසු පැමිනෙන ධීවරයින් වරායක් නොමැති නිසා පීඩාවට පත්වෙයි. සුලං හා වැසි සහිත කාලවල බෝට්ටුවලට ලබා හානි සිදුවේ. ජීවිත හා බෝට්ටු රැක ගැනීමට ඔවුන්ට රලු මුහුද තුල දැඩි අරගලයක් කරන්ට සිදුවේ. 

කිරන්චි මහා මාර්ගයට සම්බන්ධ වන්නේ කිලෝ මීටර් 7 දිගු මාර්ගගයකිනි. මෙම මාර්ගය නිසි ලෙස නඩත්තු නොකෙරෙන අතර ගමනාගමනය අනතුරුදායකය. පොදු රජයේ ප්‍රවාහන සේවය ඉතා දුර්වලය. පෞද්ගලික බස් ධාවනය කෙරේ.

ඉතා අඩු පහසුකම් සහිතව ක්‍රියාත්මක වන කුඩා රෝහලක් ඇත. බරපතල හා හදිසි සෞඛ්‍ය ගැටලු සඳහා ජනතාව, බොහෝ දුරින් පිහිටි කිලිනොච්චි හෝ යාපනය රෝහල් කරා යා යුතු ය.

ප්‍රධානකොටම දිවයිනේ වෙරලබඩ ප්‍රදේශවල ජීවත් වන ලක්ෂ ගනන් ජනතාවගේ ප්‍රධාන කර්මාන්තය මසුන් මැරීමය. ඔවුහු දරිද්‍රතාවයට හා නයගැතිකමට මුහුන දෙති. ඒ සමඟම යුද්ධය හා මිලිටරි පීඩනයෙන් සිදුවන විනාශය හේතුකොටගෙන උතුරු හා නැගෙනහිර ධීවරයින් දෙගුනයක පීඩාවන්ට මුහුන දී සිටී.

බලයට පත් කොලඹ ආන්ඩු සියල්ලක්ම මෙම මර්දනකාරී පාලනය දිගටම පවත්වාගෙන යන අතර, දෙමල ජාතික සන්ධානය,  දෙමල ජාතික ජනතා පෙරමුන හා දෙමල ජනතා  සංසදය ඇතුලු දෙමල දේශපාලන ප්‍රභූ පක්ෂ, ධීවර ජනතාව සහ මුලුමහත් ජනතාවගේ දුක් කම්කටොලු  නොසලකා හැර ඇත. ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, මර්දනකාරී රාජපක්ෂ පාලන තන්ත්‍රය සමඟ සන්ධානගතව සිටී.

ඔවුන් සිය වරප්‍රසාද ගැන පමනක් සැලකිලිමත් වන අතර , කොලඹ පාලනයෙන් එම වාසි සලසා  ගැනීමට උත්සාහ කරයි. ඇත්ත වශයෙන්ම  ධීවර කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරිකයෝ ද මේ පක්ෂ වලට ගැටගැසී සිටිති.

මෙම ධීවරයින් මත ආන්ඩුව හා මිලිටරිය විසින් පනවා ඇති සියලු මර්දනකාරී ක්‍රියා නතර කල යුතු ය. කම්කරු පන්තිය, ධීවර කම්කරුවන් සහ සුලු ධීවරයින් ආරක්ෂා කල යුතුය. සියලුම ධීවරයින්ට ධීවර කටයුතු සඳහා නවීන පහසුකම් සහ අවශ්‍ය සියලු මූල්‍ය ආධාර ලබා දිය යුතුය.

මේ නීත්‍යානුකූල ඉල්ලීම් සමඟ සියල්ලටත් වඩා සම්බන්ධ වන්නේ, උතුරු හා නැගෙනහිර වාඩිලාගත් හමුදා ඉවත් කල යුතුය යන ඉල්ලීමය. 

මෙම ඉල්ලීම් දිනාගැනීමේ අරගල තුල ක්‍රියාකාරී කමිටු සංවිධානය කරන ලෙස අපි ධීවර කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. එවන් ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීම මඟින් ඔවුන්ට උතුරු හා නැගෙනහිර අනෙකුත් කම්කරුවන් සමග පමනක් නොව,  රට තුලත් දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරුවන් සමඟත් එක්සත්කම ගොඩනඟාගත හැකිය.

කම්කරු ගොවි ආන්ඩුවක් හා සමාජවාදය සඳහා අරගලය තුල පමනක් කම්කරුවන්ට පීඩාකාරී ධනේශ්වර පාලනය අවසන් කල හැකි ය.