හුදෙක් ජේම්ස් බොන්ඩ් චරිතය ම පමනක් නොවේ: ෂෝන් කොනරි (1930-2020)

[මෙම ලිපිය 2020 නොවැම්බර් 06 වැනි දින ඉංග්‍රීසි බසින් පල විය.]

ස්කොට්ලන්ත රංගන ශිල්පී ෂෝන් කොනරි, වයස අවුරුදු 90 දී ඔක්තෝබර් 31 වැනි දා බහමාස් රටේ දී මිය ගියේ ය. ටික කලක් තිස්සේ ඔහු රෝගාතුර ව සිටියේ ය.

ඔහු සතුව ජේම්ස් බොන්ඩ් චරිතයට වඩා බොහෝ දේ තිබුන ද කොනරි ව සදාකල් හඳුනාගනු ලබන්නේ මෙම ඔත්තුකරුවාගේ චරිතය සමග ය. බොන්ඩ් ප්‍රපංචයට වගකිව යුත්තා ලෙස කොනරිව නම් කරනු ලැබිය නො හැකි වුව ද චිත්‍රපට සන්නාමයේ ආරම්භක සාර්ථකත්වය හා පසු කාලීන චිරස්ථායීතාව, මෙම රංගන ශිල්පියාට බොහෝ සෙයින් නයගැති වේ. ආකර්ශනීය ලෙස මනහර හා තීක්ෂන වන කොනරිගේ ප්‍රසන්න හා ප්‍රතාපවත් විද්‍යාමාන වීම, චරිතයට බොහෝ අධිකාරවත් බවක් ලබා දුන්නේ ය. බොන්ඩ් චරිතය සමග අධිඅනන්‍යකරනය කිරීමට එරෙහි ව ඔහු උරන වුව ද ඔහුගේ දීර්ඝ-කාලීන වෘත්තීය ජීවිතය පුරා ඔහු ව අඛන්ඩ ව අර්ථකථනය කරන ල්දදේ එම චරිතය විසිනි.

කොනරි තමනගේ සෘජු ව කතා කරන ගතියටත් අධිෂ්ඨානශීලීත්වයටත් ප්‍රකට වූ අතර, එම ගුනාංගවලට බොහෝ සෙයින් බලපෑවේ ඔහුගේ කම්කරු-පන්තික පසුබිම යි. පිරිසිදු කරන්නියක් වූ එෆීගේ සහ ලොරි රියැදුරෙක් හා කම්හල් කම්කරුවෙක් වූ ජෝසෆ්ගේ පුත්‍රයා ලෙස එඩින්බර්ග්හි උපන් ඔහු, වයස 14 දී පාසල හැර ගොස් කිරි බෙදා හරින ප්‍රාදේශීය සමුපකාරයක රැකියාවක් ලබා ගත්තේ ය. ඉන් වසර තුනකට පසු ඔහු නාවික හමුදාවට බැඳුනි.

1949 දී වයස 19ක් වන විට රෝගාතුර වීම නිසා නාවික හමුදාවෙන් සේවාමුක්ත කරන ලද ඔහු, යලිත් සමුපකාරයේ රැකියාවට පැමිනියේ ය. ඉන්පසු කුලී වැඩවල ද, ලොරි රථ රියදුරකු ලෙස ද, ඉදිකිරීම් කම්කරුවෙකු වශයෙන් ද රැකියා කලේ ය. “රංගන ශිල්පියෙකු වීමේ කිසිදු විශේෂත්වයක් තිබුනේ නැහැ. එය ගඩොල් අතුරන රැකියාව වැනි ම තවත් එක් රැකියාවක්” යයි ඔහු පසු කලෙක කීවේ ය.

හිටපු යුද හමුදා ක්‍රීඩා උපදේශකයෙකු සමග පුහුනු වෙමින් හා කාය වර්ධන තරඟවලට සහභාගි වෙමින් ද කොනරි කාලය ගත කලේ ය. අඩි 6යි අඟල් 2ක් උස මිනිසෙකු වූ ඔහු, ප්‍රාදේශීය මැරයන්ගේ බිය ගැන්වීම් ප්‍රතික්ෂේප කල දෘඪ පුද්ගලයෙකු ලෙස නමක් දිනාගත්තේ ය.

තම කායවර්ධනය කෙරෙහි කෝනරිට පැවති බරපතල ආකල්පය, එඩින්බර්ග් කලා විද්‍යාලයේ චිත්‍ර කලා සිසුන් සඳහා නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කිරීම අවස්ථාව උදාකර දුන් අතර, එම විද්‍යාලයේ කලාකරුවෙකු වූ රිචඩ් ඩෙමාකෝ ඔහු “ඇඩෝනිස්ට” [ඇඩෝනිස් යනු ග්‍රීක මිථ්‍යා කථාවල එන අමරනීය චරිතයකි. - පරි.] සමාන රූපකායක් ඇත්තෙකු ලෙස විස්තර කලේ ය.

ඔහු 1953 දී කායවර්ධන තරඟයක් සඳහා ලන්ඩනයට ගියේ ය. සවුත් පැසිෆික් නම් සංගීතමය වේදිකා නාට්‍යයේ කන්ඩායමට එකතු වීමට අවස්ථා තිබෙන බව දැන ගත් ඔහු එහි සමූහ නර්තන කන්ඩායමට එක් වීමට අවස්ථාව සලසා ගත්තේ ය. වසරකට පසු ඔහු එහි ප්‍රධාන චරිතයක් වූ ලුතිනන් බස් ඇඩම්ස්ගේ චරිතය දක්වා ඉදිරියට පැමිනියේ ය.

ඇමරිකානු රංගන ශිල්පී රොබට් හෙන්ඩසන් විසින් උනන්දු කරනු ලැබූ කොනරි, ෂේක්ස්පියර්, ඉබ්සන් හා ෂෝගේ කෘති කියවමින්, සම්භාව්‍ය නාට්‍ය කෘති ස්ව-අධ්‍යයනය කලේ ය. සිනමාවේ වඩාත් ම කැපී පෙනෙන හඬක් බවට පසු කාලීන ව පත් වුනු ඔහුගේ උච්චාරන විධිය ඔප්නංවා ගැනීම සඳහා හඬ පුහුනු කිරීමේ පාඩම්වලට ද ඔහු සහභාගි විය.

ඉක්මනින් ම කොනරිට චරිත ලැබෙන්නට පටන් ගත්තේ ය. හෙල් ඩ්‍රයිවර්ස් (සයි එන්ඩ්ෆීල්ඩ්, 1957) හා ෆ්‍රයිට්න්ඩ් සිටි (ජෝන් ලෙමන්, 1961) වැනි චිත්‍රපටවල මැරවර චරිත, ප්‍රාදේශීය උච්චාරනයක් සහිත මෙම උස හා ශක්තිමත් මිනිසාට ලැබීම පුදුමයක් නො වන නමුත්, ඔහුගේ ස්වයං-අධ්‍යයනයේ ධනාත්මක බලපෑමෙහි සංඥා ද පෙනෙන්නට තිබුනි.

1960 දශකය පුරා බ්‍රිතාන්‍ය රූපවාහිනිය තුල නව නිර්මාන මෙන් ම, සම්භාව්‍ය කෘතීන් ද ඇතුලත් ව ගැඹුරක් සහිත නාට්‍ය නිෂ්පාදනය කිරීම රංගන ශිල්පියෙකු වශයෙන් කොනරිගේ පරාසය පෝෂනය කලේ ය. ජෝන් මිලින්ටන් සින්ජ්, ජීන් අනවුලි, ආතර් මිලර් (ද කෲසිබල්හි ජෝන් ප්‍රොක්ටර් චරිතය) සහ ලියෝ තොල්ස්තෝයි (ඇනා කැරනිනාහි රොන්ස්කි) යන ලේඛකයන්ගේ වැදගත් කෘතිවල ඔහු පෙනී සිටියේ ය. කැනේඩියානු ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදනයක මැක්බත් චරිතය රඟපාමින් හා වඩාත් ම සාර්ථක ලෙස, බීබීසීය ප්‍රචාරය කල ෂේක්ස්පියර්ගේ ඓතිහාසික නාට්‍ය මාලාවක හොට්ස්පර් චරිතය රඟපාමින් ෂේක්ස්පියර් නාට්‍ය තුල ද තම නිරූපන සිදු කලේ ය.

හොඳට හෝ නරකට සියල්ල වෙනස් කලේ, ඉයන් ෆ්ලෙමිංගේ නවකතා මත පාදක ව තනන ලද ප්‍රථම චිත්‍රපටය වූ ඩොක්ටර් නෝ (ටෙරන්ස් යං, 1962) චිත්‍රපටයේ බොන්ඩ්ගේ කොටස රඟපෑමට ලැබිම වූ අතර, එහි උර්සුලා ඇන්ඩ්‍රෙස් ද රඟපෑවා ය.

කොනරිගේ කම්කරු-පන්තික වැඩුනු කායත් කෙලින් කතා කිරීමත් ෆ්ලෙමිං විසින් කාල්පනය කෙරුනු පාලක පන්තියේ ශික්ෂිත වීරයාට අනුචිත විය. සීතල යුද්ධයේ දේශමාමක සහ ජයග්‍රහනය ගැන කල්පනා ලෝක ගොඩ නගමින් සිටි ෆ්ලෙමිං තම චරිතයට සුදුසු රංගන ශිල්පියා වශයෙන් දැක ගත්තේ ඩේවිඩ් නිවෙන්ව ය. “මම බලාපොරොත්තු වන්නේ අනදෙන නිලධාරී බොන්ඩ් මිස හැඩි දැඩි ත්‍රාසජනක වැඩවලට යොදන ආදේශක නලුවෙකු නොවේ” යැයි ෆ්ලෙමිං සඳහන් කලේ ය.

නිෂ්පාදක ඇල්බට් ආර්. බ්‍රොකෝලි කොනරිගේ රූපකාය සාර්ථකත්වයට යතුර වශයෙන් දැක ගත්තේ ය. “මට අවශ්‍ය වුනේ නිර්භීත හාදයෙක්... ස්කොට් හමට උඩින් කුඩා පිටස්තර ඔපයක් දමන්න, එවිට ඔබට ෆ්ලෙමිංගේ බොන්ඩ් ලැබී තිබේවි.” යයි ඔහු සඳහන් කලේ ය. යං රංගන ශිල්පිනී ලුවී මැක්ස්වෙල් සමගින් එම පිට ඔපය දැමීමේ වගකීම භාරගත් ය. “(කොනරි) රාත්‍රී භෝජනයකට ගෙන ගොස්, ඇවිදින්නේ කෙසේ ද, කතා කරන්නේ කෙසේ ද හා අනුභව කරන්නේ කෙසේ ද යන්න පවා ඔහුට පෙන්වා දුන්නා” යි යං සඳහන් කලේ ය.

ෂෝන් කොනරි ඩොක්ටර් නෝ චිත්‍රපටයේ (1962)

විචාරකයන්ගෙන් එතරම් උනන්දු සහගත ප්‍රතිචාරයක් නොලදත් ඩොක්ටර් නෝ ජනප්‍රිය විය. උදාහරනයක් වශයෙන් දක්වතොත් චිත්‍රපට අධ්‍යක්ෂ ෆ්‍රන්සුවා ටූෆු (François Truffaut) චිත්‍රපටය ගැන දැරුවේ මෙවන් ආකල්පයකි: “සිනමාවේ පරිහානිගත යුගයක ආරම්භ සනිටුහන් කලේ … ලොව පුරා ප්‍රථම වතාවට, ජීවිතයට හෝ කිසිදු විචිත්‍රවත් සම්ප්‍රදායකට අසම්බන්ධිත, ඒවා නිරන්තරයෙන් උපහාසයට බඳුන් කරන හා ඒ වෙනුවට අනෙකුත් චිත්‍රපටවලට පමනක් සම්බන්ධ වෙන වර්ගයේ සිනමා වර්ගයකට රසිකයෝ නිරාවරනය කරනු ලබමිනි.”

කොනරි චරිතයට ගෙනැවිත් තිබූ දෙය මත ගොඩ නැගෙමින් කතා මාලාව ඉදිරියට යන විට, එය වඩාත් ප්‍රකාශිත වන්නට විය. පලමු බොන්ඩ් චිත්‍රපට පහ තුල කොනරි පෙනී සිටි නමුත් (ෆ්‍රොම් රෂ්යා විත් ලව් (1963), ගෝල්ඩ්ෆින්ගර් (1964), තන්ඩර්බෝල් (1965), යූ ඔන්ලි ලිව් ට්වයිස් (1967) යනු සෙසු චිත්‍රපට හතරයි) ඒවා වඩ වඩා වට්ටෝරුගත හා එකම දේ නැවත නැවත පෙන්වන තත්ත්වයට එන්න එන්න ම පත් විය.

එක් රැයකින් තරුවක් වීමෙන් ලබන ජනප්‍රියත්වය පලදායක නොවන බව ඔහුට පසක් විය. මේ සමයේ ඔහුගේ බොන්ඩ් චිත්‍රපටිවලින් බැහැර චිත්‍රපටි දෙස බලන විට පෙනී යන්නේ ඒකාකාර චරිතයන්ට කොටු වීමට ඔහු මැලි වූ බවයි. එම කාලයේ ඔහු දායක වූ රසවත් නිර්මාන අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ පසුකාලීන හොඳ ම චිත්‍රපටියක් ලෙස සැලකෙන මාර්නී (Marnie 1964) (“හිච්කොක්ගේ ගැඹුරු මනෝභාවයන් එලිදරවු කල අවසන් චිත්‍රපටිය” වශයෙන් ටූෆූ විසින් මෙය හඳුන්වනු ලැබුනි), සහ සිඩ්නි ලුමෙට් සමගින් චිත්‍රපට පහෙන් පලමුවැන්න වූ ද හිල් (1965) ද විය. ද හිල් චිත්‍රපටය තුල, යුද කාලීන උතුරු අප්‍රිකාවේ ම්ලේච්ඡ බ්‍රිතාන්‍ය මිලිටරි බන්ධනාගාර කඳවුරක කැරලිකාර සිරකරුවෙකුගේ චරිතය කොනරි රඟපෑවේ ය.

ටිප්පි හෙඩ්රන් හා ෂෝන් කොනරි මාර්නී චිත්‍රපටයේ (1964)

ලුමෙට් හා කොනරි එකට වැඩ කල අනෙක් චිත්‍රපට හතර වූයේ, දි ඇන්ඩර්සන් ටේප්ස් (1971), දි ඔෆෙන්ස් (1973), මර්ඩර් ඔන් දි ඔරියන්ට් එක්ස්ප්‍රස් (1974) හා ෆැමිලි බිස්නස් (1989) යන චිත්‍රපටයන් ය. “රංගන ශිල්පියෙකු ලෙස අභියෝගයට හා සැලකිල්ලට බඳුන් කරනු ලැබීමේ කොනරිගේ ආශාව ලුමෙට් ඉටු කලේ ය. කොනරි එයට ප්‍රතික්‍රියාව ලෙස, ලුමෙට්ගේ ව්‍යාපෘති පිටුපස ඔහුගේ කැපී පෙනෙන බලය යොදවමින්, මූල්‍ය සම්පාදකයන්ගෙන් ලුමෙට්ට නිර්මානාත්මක නිදහස උපයා දුන්නේ ඔවුන් දෙදෙනාගේ වානිජමය අපේක්ෂාවන් මිශ්‍ර වීම ද නො තකා” යි ෆැමිලි ස්ටෝරීස්හි අටුවාකරුවෙක් මෑතක දී අවධාරනය කලේ ය.

වුමන් ඔෆ් ස්ට්‍රෝ (බැසිල් ඩියර්ඩන්, 1964) හා අ ෆයින් මෑඩ්නස් (අර්වින් කර්ෂ්නර්, 1966) යන නිර්මාන ද කොනරි 1960 ගනන්වල රඟපෑ අවධානයට ලක්විය යුතු නිර්මානයන් ය.

රංගන ශිල්පියා තුල කැරලිකාරී -හෝ අඩු තරමින් විවේචනාත්මක- ප්‍රවනතාවක් ද තිබුනි. ක්ලයිඩ්සයිඩ් නෞකාංගනයට නව කලමනාකාරීත්ව භාවිතයන් හඳුන්වා දීමේ ප්‍රයත්න ගැන වාර්තා චිත්‍රපටයක් වූ, කොනරි අධ්‍යක්ෂනය කල එකම කෘතිය 1967 දී නිර්මානය කරනු ලැබී ය. මාටින් රිට්ගේ ද මෝලි මැග්විරෙස් (1970) චිත්‍රපයට තුල, සූරාකන ගල් අඟුරු සංගතයට එරෙහි ව ප්‍රතිප්‍රහාරක ක්‍රියා සිදු කරන පෙන්සිල්වේනියාවේ වැඩ කරන අයර්ලන්ත ජාතික සංක්‍රමනික පතල් කම්කරුවෙකුගේ චරිතයට ඔහු පන පෙවී ය.

රිචඩ් හැරිස් හා ෂෝන් කොනරි ද මෝලි මැග්විරෙස් චිත්‍රපටයේ (1970)

පීටර් ආර්. හන්ට්ගේ ඔන් හර් මැජෙස්ටිස් සීක්රට් සර්විස් (1969) බොන්ඩ් චිත්‍රපටි මාලාව සරුව පිත්තල ඔපයක් දෙසට වර්ධනය වන රැල්ල වැලකිමට අසමත් වෙද්දී, බොන්ඩ් චරිතය කරා පෙරලා පැමිනීමට කොනරි පලකල එකඟතාවට එක් සාධකයක් වූයේ, ද මෝලි මැගවිරෙස් චිත්‍රපටය ආදායම් ඉපැයීම අතින් අසාර්ථක වීම යි. පසු කාලීන චිත්‍රපටවල ලුහු බර ප්‍රලාපයන් දෙසට වන වැඩි දුර පිරිහීමක් ඩයමන්ඩ් ආ ෆෝඑවර් (ගයි හැමිල්ටන්, 1971) චිත්‍රපටය මගින් සලකුනු කරන නමුත්, කොනරි ඒ වන විටත් ඔහුගේ සලකුන තබා තිබුනි. “මූලික ව, ඔබ සතුව කොනරි සිටී නම්, එවිට ඉතිරි සියල්ල ඔබට තිබේ” යි කලා විචාරක රොබට් ඊබට් සඳහන් කලේ ය.

කොනරි විවේචනාත්මක නිපුනත්වයක් නොහොත් ඔහුගේ ස්වාධීනත්වය ප්‍රදර්ශනය කලේ ය. ස්කොට්ලන්තයේ අසරන ලමුන්ට උදව් කිරීම පිනිස ඔහු ස්ථාපනය කොට තිබූ අධ්‍යාපන පුන්‍යායතනයකට ඔහුට විවෘත ව ගෙවන ලද එක්සත් ජනපද ඩොලර් මිලියනයක් ඔහු ප්‍රදානය කලේ ය. සතියකට ඩොලර් 10,000ක වැටුපක් හා ඔහු තෝරා ගන්නා චිත්‍රපට දෙකකට මුදල් සපයන බවට පොරොන්දුවක් ඔහුට ලැබුනි.

දි ඔෆෙන්ස් (1973) ඉන් එක් චිත්‍රපටයක් වූ අතර, වාර්තාගත ආදායමක් ඉපැයීමට එය අසමත් වීමෙහි අර්ථය වූයේ, දෙවන චිත්‍රපටයක් නිර්මානය නො කෙරීම යි. පොලිස් පහර දීමක ප්‍රතිඵලය ලෙස සැකකරුවෙකු මිය යාමෙන් පසුව, මානසික රෝගයකට ගොදුරු වුනු ම්ලේච්ඡ පොලිස් නිලධාරියෙකුගේ චරිතය මෙම චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ය.

යම් ගැඹුරක් තිබුනු කොනරි, ප්‍රචන්ඩත්වයෙහි මානසික හා මනෝභාවික බලපෑම විසින් සමහර අවස්ථාවල දී වශී වූ බව පෙනෙන්නට තිබුනි. මෙය සෑම විට ම සෞඛ්‍ය සම්පන්න නො වේ. ප්‍රධාන භූමිකාවක් සඳහා ඔහු කල ඉල්ලීම් පිලිබඳ ව සාකච්ඡා කිරීමේ ප්‍රයත්නයක් ලෙස, 1964 දී ඔහුගේ එවක භාර්යාව වූ ඩියේන් සිලෙන්ටෝ, මතභේදාත්මක මනෝ විද්‍යාඥ ආර්. ඩී. ලයිං මුන ගැසෙන ලෙස ඔහු ව දිරිගැන්වූවා ය. ලයිංගේ හමුවේ දී කොනරිට එල්එස්ඩී පෙත්තක් ලබා දීම හා ලමා කාලයේ මානසික කම්පනයන් සෝදිසි කිරීමට උත්සාහ කිරීම ඇතුලත් විය.

“ඔහුගේ යෝධ සංශයන් හා ශාරීරික සන්නාහ විරෝධය සමගින් ෂෝන් ඖෂධය ප්‍රතිකපේෂ කල” නමුත්, මෙම හමුව ඔහු මත ගැඹුරින් බලපෑ බව තමන් සිතන්නේ යයි සිලෙන්ටෝ පසුව කීවා ය. කොනරි කිහිප අවස්ථාවක තමන්ට පහර දුන් බව සිලෙන්ටෝ කියා සිටියා ය.ඔහු මෙය එකහෙලා ප්‍රතික්ෂේප කල ද “කාන්තාවක් නිසි ආස්ථානයේ තබා ගැනීමට” ඇයගේ කම්මුලට ගැසීම පිලිගත හැකියි ඔහු සිතූ බව සම්මුඛ සාකච්ඡාකරුවන්ට කීවේ ය.

ඔහුගේ මරනයෙන් පසුව ගනන් නැති මාධ්‍ය හෙලා දැකීම්වලට, මෙම ප්‍රකෝපකාරී හා පසුගාමී අදහස් දැක්වීම ඩැහැගනු ලැබ ඇත. “ෂෝන් කොනරි මුනිවරයෙක් බවට ඔසවන්න එපා, ඔහු බියගුල්ලෙක් හා දාමරිකයෙක්,” “ෂෝන් කොනරිගේ අඳුරු පැත්ත අප සියලු දෙනාට අමතක වී තිබෙනවා ද?” තමන් වෙනුවෙන් නිදහසට කරුනු කීමට කොනරි දැන් නැති අතර, ඔහු සෑම විට ම ප්‍රසන්න පුද්ගලයෙක් නො වී, “දාමරිකයෙකු” වුව ද “ජොනී ඩෙප්, ෂෝන් කොනරි, ඔස්කා පිස්ටෝරියස්- ‘දිදුලන ’ පිරිමින් කෙරෙහි අපේ බැඳීම මෙතරම් ම කාන්තාවන්ට අන්තරායකාරී වන්නේ ඇයි ද” යන දි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ ආත්මාර්ථකාමී තීරු ලිපිය එමගින් සාධාරනීකරනය වන්නේ නැත. #MeToo පන්නයේ ලිපියක් වන මෙය, තම පෙම්වතියට හතර වතාවක් වෙඩි තැබූ පිස්ටෝරියස් සහ තම පැරනි භාර්යාව වන ඈම්බර් හර්ඩ් සමග කටුක නඩුවල පැටලුනු ඩෙප් සමග, වගකීම් විරහිත ලෙස කොනරි ව ඒකාබද්ධ කරයි.

කොනරිගේ අසමර්ථතාවන් කවරක් වුව ද කලාකරුවෙකු ලෙස කලාත්මක සම්මතයන්ගේ විනිශ්චය කරනු ලැබීමට ඔහු සුදුසුකම් ලබයි.

කෙසේ වුව ද බොන්ඩ් චරිතය පසෙකට දැමීම, කොනරිට වඩා පරිනත චරිත භාර ගැනීමට අවස්ථාව උදාකර දුන්නේ ය. ජෝන් හස්ටන් නිර්මානය කල ද මෑන් හූ වුඩ් බී කිං (1975) සහ රොබින් ඇන්ඩ් මේරියන් (රිචඩ් ලෙස්ටර්, 1976) ඇතුලු අව්‍යාජ ලෙස වටිනා චිත්‍රපට කිහිපයකට මෙම කාලය තුල මයිකල් කේන් සමගින් කොනරි දායක වූ අතර, පසුව සඳහන් චිත්‍රපටය තුල මේඩ් මේරියන්ට (ඕඩ්‍රේ හෙප්බර්න්) ඇති සිය ආලය නැවුම් බවට පත් කරන, වයසට යමින් සිටින රොබින් හුඩ්ගේ චරිතය රඟපායි. දෘෂ්‍ය අවධානය ඇද ගන්නාසුලු හා ගැඹුරින් ම අසම්මත වන ජෝන් බූර්මන්ගේ සරාඩෝස් (1974) සුවිශේෂී වසයෙන් සාධුතර චිත්‍රපටයක් නො වන නමුත්, සමහර අංශවලින් ආකර්ශනීය ය.

ෂෝන් කොනරි හා මයිකල් කේන් ද මෑන් හූ වුඩ් බී කිං චිත්‍රපටයේ (1975)

මින් පසුව, බොන්ඩ් ලෙස ඔහුගේ අවසන් ආපසු ඒම සමග, ඔහුගේ චිත්‍රපට තෝරාගැනිම් මුලුමනින් ම ධනලෝභී ගනන් බැලීම් විසින් ධාවනය කල බව පෙනෙන්නට තිබුනි. නෙවර් සේ නෙවර් අගේන් (අර්වින් කර්ෂනර්, 1983) යන නාමය ම, ඔහුගේ තීරනය පිලිබඳ නරුම චර්චාවක් ලෙස පෙනුනි.

සාමාන්‍යයෙන් කොනරි ව නැරඹීමට සුදුසු වුවද මෙම චිත්‍රපට ප්‍රේක්ෂකයට යහපත් වන්නේ යම් අවස්ථාවල දී පමනි. රිචඩ් ඇටන්බොරෝගේ අ බ්‍රිජ් ටූ ෆා (1977) චිත්‍රපටයේ මේජර් ජනරාල් රෝයි උර්කුහාට් ලෙස ඉතා හොඳින් රඟපෑවේ ය; ටෙරී ගිලියම්ගේ ටයිම් බැන්ඩිට්ස් (1981) චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම මන බඳනාසුලු ය; බ්‍රයන් ඩි පැල්මාගේ දි අන්ටචබල්ස් (1987) චිත්‍රපටයට ඔහු (අවිනිශ්චිත අයර්ලන්ත උච්චාරනය සමගින්) ප්‍රසන්න අධිකාරවත් බවක් ලබා දෙයි. ඔහුගේ චිත්තාකර්ශනීය කාර්ය සාධනයන් සහිත අනෙකුත් චිත්‍රපට අතර, පලා යන සෝවියට් සබ්මැරීන් අන දෙන්නා ලෙස රඟපාන ද හන්ට් ෆෝ රෙඩ් ඔක්ටෝබර් (ජෝන් මැක්ටියර්නන්, 1990) හා විලියම් ඩි බැස්කර්විල් චරිතය රඟපාන උමබර්තෝ එකෝගේ ද නේම් ඔෆ් ද රෝස් (1986) හි ෂෝන්-ජැක් අනාවුඩ්ගේ අනුවාදය අයත් වේ.

ෂෝන් කොනරි හා ඕඩ්‍රේ හෙප්බර්න් රොබින් ඇන්ඩ් මේරියන් චිත්‍රපටයේ (1976)

ඔහු “නපුරු සිහිනයක්” ලෙස නම් කල ත්‍රාසජනක ද ලීග් ඔෆ් එක්ස්ට්‍රාඕඩිනර් ජෙන්ට්ල්මන් (ස්ටීවන් නොරිංටන්, 2003) චිත්‍රපටයෙන් පසු විශ්‍රාම ගැනීමට ඔහු තීරනය කලේ ය. “දැන් හොලිවුඩයේ චිත්‍රපට තනන තකතීරුවන් පිලිබඳ තිත්ත වී” ඇතැයි ඔහු පසු කලෙක කීවේ ය.

සෑම විට ම, ඔහුගේ අචල ස්වාධීනත්වය බොහෝ සෙයින් හුදු ව්‍යාපාරික ගනන් බැලීමක් බව පෙනුනි. දුෂ්කර හිලව් කිරීමේ සහ චිත්‍රාගර හා හිටපු ගනකාධිකාරීවරුන්ට එරෙහි ව නඩු පැවරීමේ ඉතිහාසයක කීර්ති නාමයක් ඔහුට තිබුනි. “ජීවිතයේ කොතැනකට හෝ ලඟා වීමට ඔබ සමාජ-විරෝධී විය යුතු යි.එසේ නො වුන හොත් ඔබ විනාශයෙන් අවසන් වෙනු ඇති” වැනි ඔහුගේ දෘෂ්ටීන් පෙන්නුම් කරන පරිදි, යම් කටුක හා සමාජයට ද්වේෂ කරන ක්‍රියාවලියක් මෙහි දී ක්‍රියාත්මක වුනි.

ස්කොට්ලන්ත ස්වාධීනත්වයට සහ ව්‍යාපාර-ගැති ස්කොට්ලන්ත ජාතික පක්ෂයට (එස්එන්පී) සහයෝගය දක්වමින්, දේශපාලනයේ දී ඔහු තම වානිජමය ශක්තීන්ට කාල්පනික ව්‍යාජ ඔපයක් ලබා දුන්නේ ය. එස්එන්පීයේ ප්‍රදර්ශනශීලී සමූහාන්ඩුවාදය නො තකා, කොනරි 2000 වසරේ දී නයිට් නාමයක් පිලිගත්තේ ය.

Loading