ශ්‍රී ලංකා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සුරක්ෂිතතා කමිටුව චිකාගෝ ගුරුවරුන්ට සුභපැතුම් එක් කරයි

ඇමරිකා එක්සත් ජනපදය පුරා පැතිරෙන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් සම්බන්ධව බයිඩ්න් පරිපාලනයේ මිනීමරු ප්‍රතිපත්තියට එරෙහිව චිකාගෝ හි ගුරුවරුන් විසින් දියත් කරනු ලබන ධෛර්ය සම්පන්න අරගලයට ශ්‍රී ලංකාවේ ගුරු-සිසු-දෙමාපිය සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව සිය සහයෝගය පල කර සිටී.

චිකාගෝ ගුරුවරුන්ගේ ආරක්ෂන කමිටුව නිවැරදිව පෙන්වා දී ඇති පරිදි, ඇමරිකාවේ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ, මහ ව්‍යාපාරවල ලාභය මිනිස් ජීවිතවලට වඩා ඉහලින් තැබීමේ මරනයේ ප්‍රතිපත්තියක් දියත් කර ඇත. අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් යලි වැඞට කැඳවීමේ ධාවනයට පහසු කිරීම සඳහා පාසල් විවෘත කිරීමින් ගුරුවරුන්ගේ හා දරුවන්ගේ ජීවිත බරපතල අවදානමක හෙලා ඇත. 

පාසල් නැවත විවෘත කිරීම වෛරසය පැතිරීමට බරපතල හේතු සාධකයක් වන බව ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව පිලිගත් වෛද්‍ය විද්‍යාඥයින් පැහැදිලි කර දී තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් සහ නිව් යෝර්ක් ටයිම්ස් වැනි සංස්ථාපිත මාධ්‍ය මෙන්ම අධ්‍යාපන බලධාරීන් සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂ ආන්ඩුකාරවරු ගුරුවරුන්  “ආත්මාර්ථකාමී” යයි කරන අවලාද අපි හෙලා දකිමු.                          

 

මහනුවර පාසලක සමාජ දුරස්ථතාවයකින් තොරව පාසල් පන්ති පවත්වනු ලැබේ [WSWS Media]

               

චිකාගෝ ගුරුවරුන්ගේ අධිෂ්ඨාන සහගත අරගලය මෙවැනිම ප්‍රහාරයන්ට එරෙහිව සටන් සංවිධානය කිරීමට සම්බන්ධ සියලු දෙනාටම උත්ප්‍රේරනයකි. ලාභය නිස්සාරනය කිරීම සඳහා මානව ජීවිතය ද්විතීයිකව සලකන ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුලු ලෝකයේ සෑම තැනකම පාලක පන්තීන්ගේ සාර්වත්‍රික ප්‍රතිපත්තියට එරෙහි අරගලයේ චිකාගෝ ගුරුවරුන් ඉදිරියෙන් සිටී.

ආසාදන හා මරනවල නිල සංඛ්‍යාව අඩුවෙන් සඳහන් කරමින් ශ්‍රි ලංකාවේ ආන්ඩුව නොවැම්බර් 23 වන දින පාසල් විවෘත කිරීමට නියෝග කලේ ය. පහල  සංඛ්‍යාව වාර්තා වීමට එක් හේතුවක් වන්නේ සෞඛ්‍යය බලධාරීන් විසින් සිදු කරනු ලබන පරීක්ෂන ප්‍රමානයේ සීමිත භාවය වන අතර පසුව ඔවුන් අනතුරක් නැති බව මවා පාමින් තත්වය එතරම් භයානක නොවන බව ප්‍රකාශ කිරීමට ආන්ඩුව විසින් භාවිතා කරනු ලැබේ.

ජනවාරි 11 වන දින පාසල් නැවත විවෘත කරන ලද අතර පාසල් පැමිනියේ සිසුන්ගෙන් 55% ක් පමනක් වන අතර බොහෝ ගුරුවරුන් ද පාසල් නො පැමිනියේ ය. පාසැල් නැවත ආරම්භ කිරීමේ මාධ්‍ය ව්‍යාපාරයත් සමග මීලඟ දින කිහිපය තුල පැමිනීම තරමක් වැඩි විය. කෙසේ වෙතත්, එම මාධ්‍යය විසින්ම සෑම දිනකම සිසුන් සහ ගුරුවරුන් ආසාදනය වීමෙන් පාසැල් වසා දැමීම් පිලිබඳව ද වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බහුතරයක් සිසුන්ට මෙන්ම නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ගුරුවරුන්ට පවා අන්තර්ජාල පහසුකම් නොමැත. ඔවුන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා පරිගනක හෝ වෙනත් උපකරන ලබා ගත නොහැක.

බොහෝ සිසුන් ඉගෙනුම් ක්‍රියාවලියෙන් ඉවත් වී ඇති බව පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ මෑත සමීක්ෂනයකින් මෙම රටවල ඇති දරුනු තත්වය හෙලිදරව් කරයි. ආන්ඩු විසින් අධ්‍යාපන වියදම් කප්පාදු කරනු ලැබ ඇති අතර සිසුන්ට සහ  ගුරුවරුන්ට අත්‍යවශ්‍ය පහසුකම් සපයා නොමැත.

අනාරක්ෂිත කොන්දේසි යටතේ පාසල් යලි විවෘත කිරීම පිලිබඳව සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් අතර කෝපය වැඩිවෙමින් පවතී. ගුරුවරුන් ඇතුලු කම්කරුවන්ගේ අරගල ධනේශ්වරයේ ප්‍රතිපත්ති සමඟ ගැටගැසීමට කටයුතු කරන වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂවල දෙබිඩි භූමිකාව හෙලිදරව් වෙමින් පවතී.

චිකාගෝ ගුරු සංගමයේ ද්‍රෝහී භූමිකාව ගැන අපි ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් (ලෝසවෙඅ) අධ්‍යනය කලෙමු. මෙහි තත්වය ඊට වෙනස් නොවේ. ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය වැනි සංවිධාන රජයේ මෙවලම් බවට පත්ව ඇති අතර පාසල් යලි විවෘත කිරීම අනුමත කරති.

ශ්‍රී ලංකාවේ අපගේ ක්‍රියාකාරී කමිටුව සටන් කරන්නේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයකින් ගුරුවරුන් බලමුලු ගැන්වීමටත් ඔවුන් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අනෙකුත් කම්කරුවන් හා ශිෂ්‍යයන් සමඟ ඒකාබද්ධ කිරීමටත් ය. චිකාගෝ ගුරු අරගලයට සහය දක්වමින් මෙම වැදගත් අත්දැකීම ගුරුවරුන් සහ සිසුන් අතර පැහැදිලි කරමට අපි උද්ඝෝෂනයේ යෙදෙමු. චිකාගෝ අරගලය අපේම සටනයි.

* * *

චිකාගෝ ගුරුවරුන්ගේ අධිෂ්ඨානශීලී ස්ථාවරය ගැන උද්‍යෝගිමත් වූ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් කිහිප දෙනෙක් සමාජවාදී සමානාත්මතා පක්ෂය සමග සාකච්ඡා කලහ.

කොලඹ ප්‍රධාන පාසලක තාක්‍ෂන ගුරුවරයෙකු වන කොඩිතුවක්කු මෙසේ පැවසීය. “චිකාගෝ ගුරු වැඩ වර්ජනයට එරෙහි තර්ජන, වසංගතය මධ්‍යයේ කම්කරුවන්ට නැවත වැඩට යෑමට බල කෙරෙන ආකාරය පිලිබඳ බරපතල උදාහරනයකි. චිකාගෝ නගරාධිපති ලෝරි ලයිට්ෆූට් ගුරුවරුන්ගේ ක්‍රියාමාර්ගය ‘නීති විරෝධී වැඩ වර්ජනයක්’ යැයි ප්‍රකාශ කරමින්, ඔවුන්ට එරෙහිව ‘ක්‍රියාමාර්ගයක් ගන්නා බවට’ තර්ජනය කිරීම, සමස්ත පාලක පන්තියේ මිනීමරු අභිප්‍රාය සහ කම්කරුවන්ගේ ජීවිත බිලි දීමට එහි ඇති උත්සුකය පෙන්නුම් කරයි.

“රැකියාවට පැමිනීම ප්‍රතික්ෂේප කරන ගුරුවරුන්ව ‘නිවාඩු නොමැතිව සේවයට වාර්තා නො කිරීම’ යනුවෙන් ලේබල් කිරීම සහ වැටුප් කප්පාදුව සහ මාර්ගගත ප්‍රවේශය අවහිර කිරීමට මම විරුද්ධ වෙමි. පුද්ගල ඉගැන්වීම් තුලින් ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ පවුල්වලට ඇතිවිය හැකි අනතුරු පිලිබඳව ඔවුන් දක්වන සැලකිල්ල මුලුමනින්ම යුක්ති සහගතයි.

“චිකාගෝ පොදු පාසල් (සීපීඑස්) සහ චිකාගෝ ගුරු සංගමය (සීටීයූ) විසින් ඉටු කරනු ලබන කාර්යභාරය වෘත්තීය සමිති පිලිබඳ කදිම හෙලිදරව්වකි.  ගුරුවරුන් නැවත පාසලට තල්ලු කරන ගිවිසුමක් පැනවීමට ගත් උත්සාහය පාලක පන්තියේ සැබෑ උනන්දුව හෙලි කරයි. චිකාගෝ ගුරුවරුන්ගේ අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුලු ජාත්‍යන්තර කම්කරු පන්තියට ඉතා වැදගත් ය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකු වන බස්නායක මෙසේ පැවසීය: “චිකාගෝ ගුරුවරුන් බලධාරීන්ගේ තර්ජන නොතකා අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වීම ඔවුන්ගේ ශක්තිය ප්‍රදර්ශනය කර තිබේ. තමන් සහ ඔවුන්ගේ සිසුන් ආරක්ෂා කර ගැනීමින් පන්ති කාමරවල මුහුනට මුහුනලා සිදු කරන අධ්‍යාපනය සඳහා ඔවුන්ට ආරක්ෂිත පාසලක් අවශ්‍ය බව ඔවුන් පැහැදිලිව පෙන්වා දෙයි.

“සම්මුතියකට කිසිවක් නොමැති බවත්, සියලුම පාසල් වල අධ්‍යාපනය දුරස්ථව පැවතිය යුතු බවටත් චිකාගෝ අධ්‍යාපන වෘත්තිකයන්ගේ ක්‍රියාකාරී කමිටුවේ අවධාරනය සමඟ මම බොහෝ සෙයින් එකඟ වෙමි.

“ශ්‍රී ලංකාවේ පාසල් විවෘත්ත කිරීමට ගත් තීරනය දරුනු ප්‍රතිඵල ගෙන දී ඇති බව සැලකිය යුතු සිසුන් හා ගුරුවරුන් වෛරසයට ගොදුරු වීමෙන් පෙන්නුම් කරයි.

පාලක පන්තිය අනාරක්ෂිත ලෙස පාසල් විවෘත කිරීමට උත්සාහ කරන ඕනෑම තැනක චිකාගෝ ගුරුවරුන් දක්වන ආකාරයේ විරෝධතා වර්ධනය විය යුතු අතර එම විරුද්ධත්වය නිවැරදි දේශපාලන ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කල යුතුය.”

පෞද්ගලික පාසල් ගුරුවරියක් වන නිලූකා මෙසේ පැවසීය: “චිකාගෝ අධ්‍යාපන වෘත්තිකයින්ගේ සුරක්ෂිතතා ක්‍රියාකාරී කමිටුව පාසල් නැවත විවෘත කිරීමේ ගුරු සංගමයේ සැලැස්මට එරෙහිව නැගී සිටීමට මම සම්පූර්නයෙන්ම එකඟ වෙමි. පාසල් ඇතුලු  ආර්ථිකය නැවත විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින තත්වයක් යටතේ, අනාරක්ෂිත කොන්දේසි යටතේ යලි වැඩට දැක්වීමේ වැඩපිලිවෙලට එරෙහි චිකාගෝ ගුරුවරුන්ගේ විරෝධය ගෝලීය කම්කරු පන්තියට තීරනාත්මක උදාහරනයකි. 

'වැඩ වර්ජිත ගුරුවරුන්ට එරෙහිව පියවර ගන්නා බවට තර්ජනය කල චිකාගෝ හි ඩිමොක්‍රටික් නගරාධිපති ලයිට්ෆූට්ගේ නායකත්වයෙන් යුත් පාලක පන්තියේ ප්‍රතිචාරය හෙලා දැකිය යුතු අතර, සියලු වෘත්තීය සමිතිවලින් ස්වාධීනව මෙහෙය වුන කම්කරු පන්තියේ දේශපාලනිකව ව්‍යාපාරයකින් ප්‍රතිචාර දැක්විය යුතු ය'.

Loading