නරඹන්න: ඕස්ට්‍රේලියානු ශිෂ්‍යයෝ සහ තරුනයෝ චීනයට එරෙහි යුද ධාවනයට එරෙහි වෙති

ඕස්ට්‍රේලියාවේ සහ නව සීලන්තයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය හෙට (අප්‍රේල් 24 වැනි දා සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 11.00ට චීනයට එරෙහි ඇමරිකාව පෙරමුන ගත් අධිරාජ්‍යවාදී යුද්ධයක වැඩෙන තර්ජනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීමක් පවත්වයි. කොරෝනා වෛරස් ගෝලීය වසංගතය තුල වඩාත් තියුනු ප්‍රකාශනයක් අත්පත් කර ගෙන ඇති ගෝලීය ධනවාදයේ ගැඹුරුවන කඩා වැටීම දක්වා අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලයන් ගවේෂනය කොට යුද්ධයට එරෙහි ව පැන නගින අරගල සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් මෙහෙය වනු ලැබිය යුත්තේ ඇයි දැයි දේශකයන් විසින් පෙන්වා දෙනු ලබනු ඇත. රැස්වීමට සහභාගී වීමට මෙම සබැඳිය භාවිත කර ලියාපදිංචි වන්න:

https://zoom.us/webinar/register/WN_6EqC01BKRWulBQhXDg8q5Q

පහත දැක්වෙන වීඩියෝවේ දී සසජාතශි සාමාජිකයෝ ඇමරිකානු යුද ධාවනය තුල ඕස්ට්‍රේලියාව ඉටු කරන කේන්ද්‍රීය භූමිකාව හෙලා දකිමින් ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක අවශ්‍යතාව ගැන කතා කරති.

Loading