මාරාන්තික වසංගතයට එරෙහිව කිසිදු අරගලයක් දියත් කිරීමට බ්‍රසීල පාලක පන්තිය අකමැති මෙන්ම අසමත්ය

[මෙහි පලවන්නේ 2021 මැයි 07, දින The Brazilian ruling class is unwilling and incapable of mounting any struggle against the deadly pandemic  මැයෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනයයි.]

තෝමස් කැස්ටන්හයිරා යනු, හතරවන ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) බ්‍රසීලියානු ශාඛාව ගොඩනැගීමට සටන් කරන  සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ නායකයෙකි.මැයි 1 වෙනි දා ලෝක සමාජවාදි වෙබ් අඩවිය සහ හතරවන ජාත්‍යනතරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පවත්වන ලද 2021 වර්ෂයේ ජත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදි ඔහු මෙම අදහස් දැක්වීය.

2021 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට තෝමස් කැස්ටන්හයිරා කල කතාව

 

අප අත්විඳින ඓතිහාසික අර්බුදයට ගෝලීය කම්කරු පන්තියේ එකම අව්‍යාජ පිලිතුරේ වර්ධනය නියෝජනය කරන මෙම ජාත්‍යන්තර මැයි දින රැලියට බ්‍රසීලය වෙනුවෙන් සුබ පතමි. වසරකට වැඩි කාලයක් දුක් පීඩා විඳීමෙන් පසුව බ්‍රසීලයේ වැඩ කරන ජනතාව, කොවිඩ් -19 වසංගතය යටතේ ඊටත් වඩා ම්ලේච්ඡ ආසාදන හා මරන රැල්ලකට මුහුන දී සිටිති. බ්‍රෙසීලයේ වසංගතයෙහි මාරකම මාසය වන අප්‍රේල් මාසය තුල කොවිඩ් -19 න් බ්‍රසීල ජාතිකයන් 80,000 ක් මියගොස් ඇති අතර, රටේ බිහිසුනු මුලු මරන සංඛ්‍යාව 400,000 ඉක්මවයි.

ලතින් ඇමරිකාවේ විශාලතම රටෙහි වසංගතය, කලාපය පුරාම අතිවිශාල වේගයකින්  ව්‍යාප්ත වී ඇත. අගුලු දැමීමේ පියවර ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බ්‍රසීලයේ කොරෝනා වෛරසයේ  පී.1 ප්‍රභේදය පැතිර යාම උත්සන්න වු අතර දැනටමත් දකුනු ඇමරිකානු මහාද්වීපය පුරා ප්‍රමුඛව පැතිර යයි.

බ්‍රසීලයේ මෙන්ම, වසංගතය ආරම්භ වීමෙන් පසුව මාසයක් තුල පැරගුවේ, පේරු, උරුගුවේ සහ වෙනිසියුලාව වැනි රටවල විශාලතම මරන සංඛ්‍යාව වාර්තා වී තිබේ. ආර්ජන්ටිනාව සහ කොලොම්බියාව මෑත සතිවල දෛනික මරන වාර්තා බිඳ දමා ඇති අතර, ඔවුන්ගේ ආසාදන දරුනුතම හා උච්චතම අවස්ථාවන්ට මුහුන දෙති. එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටිය ද චිලීය, සෞඛ්‍ය සේවා පද්ධතිය ආසාදිතයන්ගෙන් ඉහවහා යන හා නොනැවතී ඉහල යාමක් අත්විඳිමින් සිටී.

බ්‍රසීලයේ වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීම, ලතින් ඇමරිකානු ජනතාවට පමනක් නොව, සියලු මනුෂ්‍ය වර්ගයාටද අනතුරුදායක වෙයි. විද්‍යාඥයින් විසින් දැනටමත් හඳුනාගෙන ඇති භයානක විකෘති දුසිම් ගනනක් දැන් රටේ විවිධ ප්‍රදේශවල වර්ධනය වෙමින් පවතී. පෙර දැකිය හැකි පරිදිම මෙම තත්වය නොසලකා හැරීමෙන් හටගන්නා, වික්‍රියා උත්පාදනය ඊටත් වඩා ආක්‍රමනශීලී හා එන්නත් වලට ප්‍රතිරෝධී වේ.

එහෙත් මාරක වසංගතයට එරෙහිව කිසිදු අරගලයක් දියත් කිරීමට බ්‍රසීල පාලක පන්තිය අකමැති හා අසමත් ය. ජනගහනයෙන් ඉතා සුලු ප්‍රතිශතයක් එන්නත් කිරීමත්, දිනපතා දහස් ගනනක් රෝගයෙන් මිය යාමත් සමඟ සියලු ධනේශ්වර පක්ෂවල සම්බන්ධීකරන ප්‍රයත්නයන්හි අරමුන වන්නේ, ආර්ථික කටයුතු මුලුමනින්ම නැවත විවෘත කිරීමයි.

මෙම සමාජ ඝාතන ප්‍රතිපත්තියේ වඩාත්ම රැඩිකල් උපදේශකයා වන්නේ බ්‍රසීලයේ ෆැසිස්ට් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ය. වසංගතයේ ආරම්භයේ සිටම බොල්සොනාරෝ, නිරන්තරයෙන් රංචු ප්‍රතිශක්තීකරන ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කර ඇති අතර, මුලු  ජනගහනයම වෛරසයෙන් ආසාදනය විය යුතු බවත් ධනවාදී ලාභයට බාධා වන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදිය යුතු බවත් කියා සිටියේය.

මෙය සහතික කිරීම සඳහා බොල්සෝනාරෝ වැඩකරන ජනතාව මත පැටවෙන දැවැන්ත ආර්ථික පීඩනය මත විශ්වාසය තබා තිබේ. වසංගතය සමඟ පසුගිය වසර කිහිපය තුල බ්‍රසීලයේ වර්ධනයවූ, සමාජ අර්බුදයක් පුපුරා ගියේය.

මිලියන ගනනක් කම්කරුවන් දැනගත්තේ හදිසියේම තමන්ට රැකියා නැතිවී ඇති බවය. අවිධිමත් ශ්‍රමයෙන් ලැබෙන ආදායම හදිසියේම අතුරුදහන් විය. වැටුප් කප්පාදු කල අතර ආහාර මිලෙහි තියුනු වැඩිවීමක් හේතුවෙන් බ්‍රසීලියානු පවුල්වල ක්‍රය ශක්තිය අහෝසි විය.

වසංගතයේ පලමු වසර තුල ආන්ඩුව විසින් අවම හදිසි ආධාරයක් ගෙවීමේදී ගනනට ගත්තේ, කම්කරුවන්ට  සේවා ස්ථානවලට පැමිනෙන ලෙස බල කිරීම සඳහා ඔවුන් සාගිනි අයවැයක් මත තබා ගැනීම ය.

කොවිඩ් - 19 හි දැවැන්ත නව රැල්ල බ්‍රසීලයට පහර දෙද්දී, වසර ආරම්භයේදී ආන්ඩුව ආධාර කපා හරිනු ලැබූ අතර, තවත් මිලියන ගනනක් දරිද්‍රතාවයට ඇද වැටීමෙන් බ්‍රසීල කම්කරුවන්ගේ නිවෙස්වලට සාගින්න පැතිර ගියේය.

බ්‍රසීලයේ උග්‍ර වෙමින් පවතින වසංගත හා සමාජ අර්බුදයට සමගාමීව, කම්කරු පන්තියට එරෙහිව ඒකාධිපති ක්‍රියාමාර්ග ගැනීමට ද මර්දනය තුලින් රංචු ප්‍රතිශක්තිය පිලිබඳ ධනවාදී ප්‍රතිපත්තිය සහතික කිරීම කෙරෙහි වඩාත් අවධාරනය යොදමින් ද බොල්සොනාරෝ , සිය ඒකාධිපති මෙහෙයුම තීව්‍ර කර තිබේ.

සතියකට පෙර බොල්සොනාරෝ  සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, තම හමුදාව වීදිවල රැදී ආරක්ෂාව සැපයීමට සහ ෆැසිස්ට් භාෂාවෙන් “වැඩ කිරීමේ අයිතිය” ලෙස හඳුන්වන දේ සුරක්ෂිත කිරීමට සූදානම් බවයි. දරිද්‍රතාවයට හා සාගින්නට ප්‍රතිචාර වශයෙන් වීදිවල නැගී එන මහජන නැගිටීමකට ප්‍රචන්ඬකාරී ප්‍රතිචාරයක් දැක්වීමට තම කැබිනට් මන්ඬලය සමඟ ක්‍රමානුකූලව සූදානම් වන බව ද ඔහු කියා සිටියේය.

බොල්සොනාරෝ විසින් යෝජනා කරන ලද, කම්කරු පන්තියට බරපතල අන්තරායන් ඇති කරන, ෆැසිස්ට් ප්‍රතික්‍රියාවෙන් ප්‍රකාශ වන්නේ, පාලක පන්තියේ ශක්තිය නොව එහි දුර්වලතාවයි. බොල්සොනාරෝ නියෝජනය කරන ධනේශ්වර කතිපයාධිකාරය, පවත්නා සමාජ පර්යාය සමඟ ගැටුමක් කරා යන, නොබිඳිය හැකි කම්කරු පන්ති ව්‍යාපාරයක වර්ධනය ගැන භීතියට පත්ව සිටී.

වසංගතයෙන් පසුව රැඩිකල් ලෙස නරක අතට හැරී ඇති සමාජ අසමානතාවයේ වර්ධනයට ප්‍රතිචාර වශයෙන්, මෑත වසරවලදී ලතින් ඇමරිකාව පුරා විරෝධතා පැතිරී තිබේ. 2019 අගභාගයේදී චිලියේ වීදිවල සිදු වූ මහජන නැගිටීම, ඉදිරි කාල පරිච්ඡේදය තුල කලාපය පුරා ආධිපත්‍යය දරන දේශපාලන ක්‍රියාදාමයන්ගේ පෙර නිමිත්තකි.

මිනීමරන ප්‍රතිපත්තියට හා පුලුල් දරිද්‍රතාවයට එරෙහිව බ්‍රසීල කම්කරු පන්තියේ විවිධ කොටස්වල වැඩෙන වැඩ වර්ජන රැල්ල, වර්ධනය වන සමාජ විරෝධය ප්‍රකාශ කරයි.

පසුගිය මාස කිහිපය තුල සාඕ පවුලෝ හි අධ්‍යාපනඥයින් රටේ විශාලතම පාසල් පද්ධතිය නැවත විවෘත කිරීමට එරෙහිව වැඩ වර්ජනයක් පවත්වා ගෙන ගිය අතර, මෑත සතිවල දී පර්නාම්බුකෝ සහ මිනාස් ජෙරෙයිස් ප්‍රාන්තවල ගුරුවරුන් ඊට එක්ව සිටියි. බස් රථ රියදුරන් සහ අනෙකුත් ප්‍රවාහන සේවකයින්ගේ වැඩ වර්ජන බ්‍රසීලය පුරා අගනගරවල තීව්‍ර වී ඇති අතර, දොට්ට දැමීම් හා වැටුප් කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට අමතරව, සේවා ස්ථාන ආසාදන හා මරනවලට එරෙහි විරෝධතා වඩ වඩාත් පැන නඟිමින් තිබේ.

පෙට්‍රොබ්‍රාස් ඒකකවල ආසාදන පැතිරීම තෙල් කම්කරුවන්ගේ වැඩ වර්ජන අවුලුවා ඇති අතර, ඉන්ධන මිල ඉහල යෑමට හා වඩා හොඳ ගෙවීම් ඉල්ලා සිටින යෙදුම් app රියදුරන් සහ යෙදුම් app බෙදා හැරීමේ සේවකයින් මෙන්ම ට්‍රක් රථ රියදුරන්ගේ ද විරෝධතා ඊට එක් වී තිබේ.

මෙම ක්‍රියාදාමයන් කම්කරු පන්තියේ අරගල එක්සත් කිරීමේ අවශ්‍යතාව වෛෂයිකව මතු කරයි. එනිසාම ඔවුන්ට වෘත්තීය සමිති දැඩි බියක් දක්වති. , සමාගම්වල සේවකයින් අතර “වැඩෙන මහා වැඩ වර්ජන ව්‍යාපාරය අවම කිරීම” සඳහා ආන්ඩුවෙන් අරමුදල් ඉල්ලා සිටින ප්‍රවාහන සේවක සම්මේලනයේ ලිපියකින් මෙය පෙන්නුම් කෙරුනි.

වසංගතය අතරතුර, මිනීමරු ධනවාදී ප්‍රතිපත්තිවලට එරෙහිව කම්කරු පන්තියේ ප්‍රතිරෝධය වාෂ්ප කිරීමට වෘත්තීය සමිති ක්‍රියාකාරීව වැඩ කලහ. කර්මාන්තශාලා අනාරක්ෂිත ලෙස නැවත විවෘත කිරීම වෙනුවෙන් පෙනී සිටීමට අමතරව, රටේ විශාලතම වෘත්තීය සමිති සම්මේලන වන කට් සහ ෆෝකා සින්ඩිකල්, වසර අවසානයේදී බ්‍රසීලියානු තරඟකාරිත්වය ආරක්ෂා කිරීමේ ප්‍රකාශිත ඉලක්කය සහිත නව ආයතනික සංස්ථාපිතයක් වන ඉන්ඩස්ට්‍රි බ්‍රසීලය සමඟ ඒකාබද්ධ වුයේ, ධනවාදය සහ මහා ව්‍යාපාරික සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ය.

මෙම දූෂිත වෘත්තීය සමිති, වසංගත කාලය තුල සිය වත්කම් සියයට 70 කට වඩා වැඩි කරගත් බ්‍රසීලියානු ප්‍රකෝටිපතියන්ගේ සමාජ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කැප වෙති. ඔවුන් පාලනය ගෙන යන ප්‍රාන්තවල පාසල් සහ අනෙකුත් ආර්ථික කටයුතු සාපරාධී ලෙස නැවත විවෘත කිරීමට බල කරන කම්කරු පක්ෂය සහ එහි සහචරයින් සමඟ ඔවුහු සම්බන්ධ වී සිටිති.

බොල්සොනාරෝට විරුද්ධ පක්ෂයක් ලෙස පෙනී සිටින මෙම දේශපාලන බලවේග, ෆැසිස්ට් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය රට තුල අස්ථාවරත්වයට හේතු වන අතර සිය ලාභයට තර්ජනයක් වනු ඇතැයි විශ්වාස කරන ධනේශ්වරයේ අංශයක් වෙනුවෙන් හඬ  නගති.

මෙම වෙනස්කම් මෙම මැයි දිනයේ සෘජු ප්‍රකාශනයක් සොයා ගනී. ධනේශ්වර විපක්ෂයේ ප්‍රතිගාමී පෙරමුනක් පිහිටුවීමේ නාමයෙන් හිටපු ජනාධිපතිවරුන් වන ලූලා සහ කාර්ඩෝසෝ සහ තවත් විවෘත දක්ෂිනාංශික පුද්ගලයන් කිහිප දෙනෙකු එක් කරන ක්‍රියාවක් සඳහා වෘත්තීය සමිති සම්මේලන පෙනී සිටින අතර බොල්සොනාරෝගේ ආධාරකරුවන්, වීදි විරෝධතා සංවිධානය කරන්නේ යලි විවෘත කිරීම සඳහා මෙන්ම ආර්ථිකය සහ බ්‍රසීලයේ ජනාධිපති ඒකාධිපත්ත්වය වහාම ස්ථාපිත කිරීමටයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම මැයි දින රැලිය, බ්‍රසීල කම්කරු පන්තියේ සහ ලොව පුරා සිටින කම්කරුවන්ගේ අව්‍යාජ අවශ්‍යතා ආරක්ෂා කරන එකම මැයි දින රැස්වීමයි.

වෘත්තීය සමිති හා ජාතික ධනේශ්වරයේ සියලු බලවේග වලින් නිශ්චිත බිඳීමකින් තොරව බ්‍රසීලයේ අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් ලබා දිය නොහැකිය.

වසංගත, සමාජ අසමානතාවය හා ඒකාධිපතිත්වයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා බ්‍රසීලියානු කම්කරුවන්, ලතින් ඇමරිකාවේ සහ ලොව පුරා සිටින  ඔවුන්ගේ සහෝදරයන් සමඟ සිය අරගල එක්සත් කිරීම ඉල්ලා සිටී.

මේ සඳහා කම්කරු පන්තිය තුල සවිඤ්ඤානික විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ පියවරක් ලෙස, හජාජාකහි බ්‍රසීල ශාඛාවක්  පිහිටුවා ගත යුතුය.

Loading