සසජාතශි ඔන්ලයින් රැස්වීම: අධ්‍යාපනය මිලිටරීකරනයට හා පුද්ගලීකරනයට එරෙහිව සටන් කරන්නේ කෙසේද?

අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහි සටන සඳහා වන වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කිරීමට ජුලි 16 වන දින සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, පාලක පක්ෂ බහුතරය උපයෝගී කරගනිමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුන ඇතිව කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත (කේඩීයූ) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම පනත් කෙටුම්පත මඟින්, දැනටමත් ක්‍රියාත්මක වන කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස එහි බලතල පුලුල් කරනු ලබයි. එමගින් පුලුල් ලෙස සිසුන් ඇතුලත් කර ගන්නා විවිධ අධ්‍යයන පාඨමාලා සඳහා ගාස්තු අය කරන පීඨ පිහිටුවීමට එයට බලය ලබා දෙනු ඇත.

මිලිටරිය මගින් පාලනය වන මෙම ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට සමාන්තරව ක්‍රියාත්මක වනු ඇත. එය නිදහස් අධ්‍යාපනයට විශාල පහරක් වන අතර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමේ තවත් පියවරකි.

මෙම පනත් කෙටුම්පත ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ 2018 දීය. කෙසේ වෙතත්, සිසුන්, ගුරුවරුන් සහ සමස්තයක් වශයෙන් කම්කරු පන්තියේ දැඩි විරෝධය මධ්‍යයේ මෙම පනත තාවකාලිකව හකුලා ගැනීමට බල කෙරුනි.

ගෝලීය කෝවිඩ්-19 වසංගතය මගින් උග්‍ර කෙරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ, කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සමාජ අයිතිවාසිකම් කප්පාදු කරන මහා ව්‍යාපාරික ගැති වැඩ සටහනේ කොටසක් ලෙස යලිත් වරක් මෙම පනත ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රාජපක්ෂ ආන්ඩුව තීරනය කර තිබේ.

ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එය විසින් පාලනය කරන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, පාර්ලිමේන්තුවේදී පනත පරාජය කිරීමට ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සහාය ඉල්ලා සිටී. ඔවුන්, ශිෂ්‍යයින් කම්කරු පන්තිය දෙසට හැරී අධ්‍යාපනය මිලිටරීකරනය හා පුද්ගලීකරනය කිරීමේ පියවර පරාජය කිරීමේ ව්‍යාපාරයක් ගොඩනැගීමට විරුද්ධ ය.

සසජාතශි රැස්වීමේදී, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමේදී වැදගත් වන කරුනු සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදකව සාකච්ඡා කරනු ඇත. මෙම රැස්වීමට හා සාකච්ඡාවට සහභාගී වන ලෙස අපි සිසුන්, විශ්ව විද්‍යාල ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයින් සහ අනෙකුත් සේවකයින්ගෙන් ඉල්ලා සිටිමු.

ප්‍රගීත් අරවින්ද

මෙම රැස්වීමේදී සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු විසින් මුලසුන දරනු ඇති අතර ප්‍රධාන දේශනය ප්‍රගීත් අරවින්ද විසින් පවත්වනු ඇත.

දිනය: 2021 ජූලි 16 වැනි දා සිකුරාදා

වේලාව: රාත්‍රී 7 ට

ලියාපදිංචි වීම සඳහා සබැඳිය:

https://us02web.zoom.us/meeting/register/tZYkcumuqDkvHtDAsYe2OY0sa9ijOfCphtQ1

Loading