සෞඛ්‍ය සේවකයින්ගේ වැඩ වර්ජනය වෘත්තීය සමිති විසින් පාවා දේ

[මෙහි පලවන්නේ
Unions betray Sri Lankan health workers’ strike
යන මැයෙන් 2021 ජූලි 7 වැනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පරිවර්තනය යි.]

ශ්‍රී ලංකාව පුරා සෞඛ්‍ය සේවකයින් 25,000 ක් පමන සඳුදා දියත් කල අඛන්ඩ වැඩ වර්ජනය, වෘත්තීය සමිති විසින් ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් ලැබී නොතිබියදී ම පසුදා අවසන් කෙරිනි. රසායනාගාර විද්‍යා ශිල්පීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වින්නඹු මාතාවන්, ඖෂධවේදීන්, විකිරනවේදීන් සහ චිකිත්සකයින් ඇතුළු අතිරේක වෛද්‍ය හා පරිපූරක වෛද්‍ය සේවාවන් 15 කට අධික සංඛ්‍යාවක් වැඩ වර්ජනයට සහභාගී විය.

අතුරු හා පරිපූරක වෛද්‍ය සේවකයින් (ෆේස්බුක් පිටුව පීඑස්එම්)

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මන්ඩලය (ජේසීපීඑස්එම්) සහ අතුරු වෛද්‍ය සේවා ඒ්කාබද්ධ පෙරමුන ඉල්ලීම් 14 ක් සම්බන්ධයෙන් වැඩ වර්ජනය කැඳවීය. වෘත්තීය හා අවදානම් දීමනා, මාන්ඩලික ශ්‍රේනියට පත්කිරීම ඇතුලු නිවැරදි උසස්වීම් පද්ධතියක් හා කාර්ය මන්ඩල මත පටවමින් ඇති අධික වැඩ බර ලිහිල් කිරීම මෙයට ඇතුලත් ය. ලබන සඳුදා වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් “කැබිනට් පත්‍රිකාවක්” ඉදිරිපත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් හිස් පොරොන්දුවක් ලබා දීමෙන් පසුව වැඩ වර්ජනය නවත්වන ලදී.

වැඩ වර්ජනය සිදු කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අංශයේ සියලුම සේවකයින්ට එරෙහිව පනවා ඇති කුරිරු “අත්‍යවශ්‍ය සේවා නියෝග” ප්‍රතික්ෂේප කරමිනි. මෙම නීතිය යටතේ, වැඩ වර්ජන ඇතුළු කාර්මික ක්‍රියාමාර්ගවලට සම්බන්ධ ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වසර දෙකේ සිට පහ දක්වා සිර දඬුවමක් සහ / හෝ රුපියල් 2,000 සිට 5,000 දක්වා දඩයක් සහ වෘත්තීයමය ලියාපදිංචිය අහිමි කිරීම ද ඇතුලත් වේ.

වඩාත් නරක අතට හැරෙන කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ, ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ජීවිත අවදානමකට මුහුන දීමට සිදු වේ. ඒමෙන්ම මෙම සේවකයින් විශාල වැඩ පැටවීමකට ලක්ව සිටියි. එපමනක් නොව, පූර්ව වසංගත කාල පරිච්ඡේදයේ සිට ම පැවත ඒන ගෙවීම් හා වැඩපල කොන්දේසි සම්බන්ධ ගැටළු රාශියක් උග්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වැඩෙන කෝපය වාෂ්ප කර හැරීම සඳහා වැඩ වර්ජනය කැඳවීමට වෘත්තීය සමිතිවලට සිදුවිය.

ජේසීපීඑස්එම් හි සභාපති රවී කුමුදේෂ් සඳුදා පැවති මාධ්‍ය හමුවකදී අවධාරනය කලේ වෘත්තීය ක්‍රියාමාර්ග නොගෙන වසර ගනනාවක් තිස්සේ පවතින දුක්ගැනවිලි විසඳා ගැනීමට වෘත්තීය සමිති උත්සාහ කර ඇති බවයි. වෘත්තීය සමිති විසින් මෙම වැඩ වර්ජනය දියත් කලේ අකමැත්තෙන් බව කියමින් අවම වශයෙන් “අපේ තුවාලයට පැලැස්තරයක් වත්” දමන ලෙස ඔහු ආන්ඩුවට පින්සේන්ඩු විය. එය සිදුවුවහොත්, කම්කරුවන් ඒසැනින්ම නැවත සේවයට වාර්තා කරනු ඇති බවට සපථ වෙමින් අරගලය පාවාදීමට වෘත්තීය සමිතිවල නැඹුරුව ඔහු විදහා දැක්වීය.

සෞඛ්‍ය වෘත්තීය සමිති සඒකමුතුවේ (එච්ඊටීයූසී) නායකයෙකු ලෙස කුමුදේශ් විසින් සේවකයින් 100,000 ක් පමන ආවරනය වන අයුරින් ජුනි 15 වන දින ආන්ඩුව සමඟ පාවාදීමේ සම්මුතියකටද ඒලඹිනි. රුපියල් 7,500 ක සොච්චම් විශේෂ දීමනාවක් මතින් සෞඛ්‍ය සේවකයින්ගේ සියලු ඉල්ලීම් පසෙකට දැමීමට ඔහු ක්‍රියා කලේය.

ජුනි 11 වන දින වැඩ නතර කර, පුළුල් ලෙස උද්ඝෝෂන පැවැත්වූ සෞඛ්‍ය සේවකයින් 50,000 ක් පමන විසින් ජාතික වශයෙන් සම්බන්ධීකරනය කරන ලද විරෝධතා ව්‍යාපාරය මෙම ගනුදෙනුව මගින් පාවා දෙනු ලැබිනි. සෞඛ්‍ය කම්කරුවෝ ජුනි 4 වන දින ද වැඩ වර්ජනයක් පැවැත්වූහ. ඒම සටන් වලට පාදක වූ ඉල්ලීම් වූයේ, මූලික වැටුපෙන් සියයට 78 කට සමාන විශේෂ දීමනාවක් මෙන්ම පුද්ගලික ආරක්ෂක උපකරන සැපයීම සහ අනෙකුත් කොවිඩ්-19 ආරක්ෂක පියවරයන් ආදියයි.

කුමුදේෂ් සහ අනෙකුත් වෘත්තීය සමිති නායකයින් අරගලයට පිවිසි අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගෙන් නවතම වැඩ වර්ජනය හුදකලා කිරීමට උත්සාහ කලේය. ජුලි 1-2 දෙදින, හෙද ශ්‍රම බලකායෙන් සියයට 90 කට වඩා වැඩි පිරිසකගෙන් සමන්විත 30,000ක පමන රාජ්‍ය අංශයේ හෙදියන් ඉල්ලීම් මාලාවක් මත අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් දියත් කලහ. රුපියල් 10,000 ක අවහිරතා, උපයෝජ්‍යතා සහ ප්‍රවාහන දීමනාවක්, නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම සහ දින පහක වැඩ සතියක් ද ඊට ඇතුලත් ය.

වැඩ වර්ජනය සංවිධානය කල වෘත්තීය සමිති තුන වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය (පීඑස්යූඑන්යූ), රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය (ජීඑන්ඕඒ) සහ සමස්ත ලංකා හෙද සංගමය (ඒසීඑන්යූ) හි උත්සාහය වූයේ එය හැකි ඉක්මනින් අවසන් කර දැමීම යි.

රජයේ සමීපතම ආධාරකරුවෙකු වන පීඑස්යූඑන්යූ හි නායක මුරුත්තෙට්ටුවේ ආනන්ද ජූලි 2 වන දින ජනාධිපති රාජපක්ෂ මහතා හමුවිය. රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඉල්ලීම් හතෙන් පහක් ලබා දෙන බවත් අනෙක් ඒවා ලබන වසරේ අයවැයෙන් සලකා බලන බවත්ය. එය අනුමත කිරීමට කිසිදු කැබිනට් තීරනයක් ක්‍රියාත්මක නොකිරීම මගින් මෙම නිවේදනය ව්‍යාජ එකක් බව ඉතා ඉක්මනින් හෙලිදරව් විය.

වත්මන් රජයේ සමීප සගයෙකු ලෙස වැඩ කරන වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (ජීඑම්ඕඒ) විසින් සෞඛ්‍ය සේවකයින් අතර භේද ඇති කිරීමට යොමු වූ මෙම නිවේදනය වහාම ඩැහැ ගනු ලැබිනි. හෙදියන්ගේ ඉල්ලීම් ලබා දීම “සෞඛ්‍ය අංශය පමනක් නොව, සියලු රාජ්‍ය සේවා ශ්‍රේනීන් අතර උද්ඝෝෂනයකට තුඩු දෙනු ඇතැයි” ජීඑම්ඕඒ රජයට අනතුරු ඇඟවූ අතර එමඟින් “රජ්‍ය සේවයේ සුමට ක්‍රියාකාරිත්වයට” බලපෑම් ඇති වනු ඇතැයි කියා සිටියේ ය.

හෙදියන් වෘත්තීය සමිති කෙරෙහි සිය අප්‍රසාදය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. ගම්පොල රෝහලේ හෙදියක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසුවාය: “වැඩ වර්ජනය නැවැත්වුවද ලබාගත් කිසිවක් නෑ. සෑම අරගලයකම අවසානය මෙන්, පොරොන්දු කිහිපයක් විතරක් ලැබිල තියෙනවා.”

නවතම වැඩ වර්ජනයට සහභාගී වූ අතුරු සහ පරිපූරක වෛද්‍ය සේවකයින් ද වෘත්තීය සමිතිවල ක්‍රියාමාර්ගයන්ට සතුරුව සිටියි.

පොලොන්නරුව රෝහලේ වැඩ වර්ජනයේ යෙදුනු ඊසීජී තාක්ෂනික ශිල්පියෙකු ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: “කම්කරුවන්ට දරාගත නොහැකි වැඩ බර පැටවීමට වෘත්තීය සමිති රජය සමඟ කටයුතු කරනවා. හුදකලාව සටන් කිරීමෙන් අපට ඉල්ලීම් දිනා ගන්න බැහැ. කම්කරුවන් එකතු වී සටන් කිරීමයි අවශ්‍ය වෙන්නේ.”

කුරුනෑගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් පැවසුවේ මෙසේය: “වෘත්තීය සමිති විසින් කම්කරු කොටස් එකිනෙකාට එරෙහිව කෙටවීම පිලිකුල් සහගතයි. කොවිඩ් 19 පැතිරවීමේ ආන්ඩුවේ රුදුරු වැඩ වලට එරෙහි මහජන වෛරය, අප කෙරෙහි අවුලුවාලීමට ආන්ඩුව මෙම තත්වය යොදා ගන්නවා.”

සංගත මාධ්‍ය ආයතන සෞඛ්‍ය සේවකයින්ගේ අරගල නැවත නැවතත් හෙලා දැක තිබේ. ජුලි 6 වන දින දි අයිලන්ඩ් හි කතුවැකියකින් ප්‍රකාශ කලේ “මෙය නිසැකවම වැඩ වර්ජනය කිරීමට කාලය නොවන” බවයි. එය තවදුරටත් මෙසේ පැවසීය: “වර්තමාන සෞඛ්‍ය අර්බුදය හමුවේ සෞඛ්‍ය සේවකයින් හෝ වෙනත් රාජ්‍ය සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම වැරදියි.”

සෞඛ්‍ය සේවකයින් තම පොදු දැවෙන ගැටලු වටා එක්සත් අරගලයකට ඒලඹීම වැලැක්වීම සඳහා, වෘත්තීය සමිතිවල සහාය ඇතිව අනුප්‍රාප්තික ආන්ඩු විසින් සෞඛ්‍ය සේවකයින්ගේ එක් කාන්ඩයක් තවත් කාන්ඩයකට එරෙහිව පිහිටුවීමේ වාර්තාගත ඉතිහාසයක් ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) දේශපාලන මූලාරම්භකත්වය මත පිහිටුවන ලද සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුව නවතම සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයට මැදිහත් වෙමින්, ජූලි 5 වන දින “ආන්ඩුවේ සහ සමිති නිලධරයේ ශ්‍රේනිභේදකාරී කුමන්ත්‍රන පරාජය කරමු! සෞඛ්‍ය සේවකයන්ගේ සහ අවශේෂ කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරමු!” යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කලේය.

එය මෙසේ ප්‍රකාශ කලේය: “අපේ අයිතීන් රැක ගැනීමේ සටන අප අතට ගත යුතුය. එය කල හැක්කේ ආන්ඩුව සහ සෞඛ්‍ය බලධාරීන් සමග පෙලගැසී සිටින වෘත්තීය සමිතිවලින් ස්වාධීනව අපගේ ඡන්දයෙන් ගොඩනගා ගනු ලබන සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටු තුලිනි. සෑම රෝහලකම හා සෞඛ්‍ය මධ්‍යස්ථානයකම, ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුවේ අපි, ඔබට සහාය වන්නෙමු.

“අපේ සටන හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමනක් සීමා කර හුදෙකලා නොකල යුතුව ඇත. වෘත්තීය සමිති ක්‍රියා කරමින් සිටින්නේ ඒ සදහාය. මෙම සටනට, ජාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ මෙන්ම, සිසුන් හා ගොවීන් ඇතුලු අනෙකුත් පීඩිත ජන කොටස්වලද සහය ලබා ගත යුතුය.

“මෙම තත්වය, කෝවිඩ් වසංගතයෙන් උග්‍ර කෙරී ඇති ආර්ථික අර්බුදය හමුවේ, රටක් රටක් පාසා ධනපති ආන්ඩු විසින් එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහිව ලොවපුරා වැඩෙන සෙසු කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගලය සමඟ ඒ්කාබද්ධ වීමට අපට මඟ සලසා තිබේ.

“ඉන්දියාවේ, යුරෝපයේ, ඔස්ට්‍රෙලියාවේ, නවසීලන්තයේ මෙන්ම ඇමරිකාවේද සෞඛ්‍ය කම්කරුවන් අතර සටන් ඇවිලී ඇත. ඇමරිකාවේ මැසචුසෙට්ස්හි සාන්ත වින්සන්ට් රෝහලේ 700ක් හෙද හෙදියන් දියත් කල වර්ජනය හතරවන මාසයට ඇතුලු වී තිබේ.

“මෙම සටන් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ඒ්කාබද්ධ කර ගැනීමට අප සටන් වැදිය යුතුය. එහි ලා, අප විසින් ගොඩනගන ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කරගත් ජාත්‍යන්තර කම්කරු සන්ධානයක් ගොඩ නැඟීමට සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කර ඇති කැඳවුම මත පෙල ගැසීම තීරනාත්මකය.”

Loading