ජීවිත ආරක්ෂා කිරීම සඳහා අගුලු ලෑම දීර්ඝ කරන ලෙස වෛද්‍ය විශේෂඥයෝ ඉල්ලති

ලෝක සෞඛ්ය සංවිධානයේ (ලෝසෞස) ශ්රී ලංකා කාර්යාලය කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පත් කර ඇති ස්වාධීන තාක්ෂනික විශේෂඥ කමිටුව, පසුගිය 26 වනදා තම නිරීක්ෂන සහ නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කලේය. ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික පරිමාන දැඩි අගුළු දැමීමක් පනවන ලෙස ඉල්ලා සිටින විශේෂඥයෝ, සැප්තැම්බර් 18 දක්වා වන එවන් අගුළු දැමීමකින් ජීවිත 7,500 රැකගත හැකිබව පෙන්වා දෙති. එය ඔක්තෝබර් 2 වනදා දක්වා දීර්ඝ කලහොත් ජීවිත 10,000 ක් රැකගත හැකි වෙයි.

රාගම රෝහලෙන් වාර්තාවන දර්ශනයක්

මෙම කමිටුවට ලෝසෞස හි විශේෂ නියෝජිතයන්ට අමතරව ලංකාවේ වෛද්ය විශේෂඥයන් 16 දෙනෙකු ද අඩංගු වෙයි. වාර්තාව වසංගතයේ වැඩෙන විනාශකාරීත්වයට අවධානය යොමු කර ඇත. ඊට අනුව දින හතක් තුල ජනගහනයෙන් මිලියනයකට සිදුවන කොරෝනා මරන සංඛ්‍යාව අනුව ලංකාව 11 වන ස්ථානය ගෙන ඇත.

වාර්තාවේ පෙරදැකීම් සනාථ කරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 22 දා පැනවූ ව්යාජ අගුලු දැමීම මධ්යයේ පවා ඊයේ දිනයේදී දෛනිකව වාර්තා වූ ඉහලම මරන සංඛ්යාව වාර්තා විය. එය මරන 216 කි. දැන් පැයකට කොවිඩ් මරන නමයක් සිදුවන මට්ටමට තත්වය උග්ර වී ඇත.

වාර්තාවේ සඳහන් මෙම කරුනු ආන්ඩුවේ වැඩපිලිවෙල සම්බන්ධ චෝදනා පත්රයකි. රාජපක්ෂ දිගින් දිගටම සඳහන් කරන්නේ “එන්නත්කරනය එකම විසඳුම” බවයි. ඒ ඔස්සේ යමින් ආන්ඩුව මහජන සෞඛ්ය ආරක්ෂන පියවර ඉවත දමා ඇත. පසුගිය 28 වනදා ඔහු යලිත් සඳහන් කලේ “එන්නත් ලබාදී අවසන් කල පසුත් කොරෝනා පැතිර යයි නම්” ඊට අවශ්ය පිලියම් ගත යුතු බවයි.

ඊට ප්රතිවිරුද්ධව වාර්තාව කියා සිටින්නේ, වෛරසය සම්ප්රේශනය සීමා කිරීමේ දැඩි පියවර සමග එන්නත්කරනය දියත් කලයුතු බවයි. ඊට ජනගහනයෙන් වඩා අවදානම් සහගත කොටස් සඳහා සමාජ ආරක්ෂන පද්ධතියක් සකසන ලෙසද එය යෝජනා කරයි.

රෝහල් සම්පූර්නයෙන්ම කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් පවතින අතර, සෞඛ්ය කම්කරුවෝ නිරන්තරව වසංගතයට ගොදුරු වෙමින් සිටිති. රෝගීන්ට ප්රතිකාර කිරීමේදී අත්යාවශ්ය වන ඔක්සිජන් ඇතුළු පහසුකම් වල බරපතල හිඟයක් මතුව ඇති අතර, රෝහල් ධාරිතාව ඉක්මවා ඇති තතු තුල දහස් ගනනක් රෝගීහු නිවෙස් තුල ප්රතිකාර ලබති. ඊයේ ලංකාදීප පුවත්පත වාර්තා කලේ ගම්පහ දිස්ත්රික්කයේ පමනක් ආසාදිතයින් 20,000ක් පමන එසේ නිවෙස් තුල ප්රතිකාර ලබන බවයි. මෙම තත්වය ආසාදන සහ මරන ඉහල යාමට කොන්දේසි සපයයි. මේ වන විට රෝහල් හෝ නිවෙස් තුල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගනන 55,000 කි.

ඔක්සිජන් අවශ්ය රෝගීන් 936 දෙනෙක් 28 වනදා විට රෝහල් තුල ප්රතිකාර ලබමින් සිටියහ. ඒ අතරින්, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි නිදන්ගත රෝග සහිත ආසාදිතයින් 4347 රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටිති. මෙම කාන්ඩය තුල මරන අනුපාතය ඉහල වන අතර ඔවුන්ව සෘජු වෛද්ය අධීක්ෂනය වැදගත් ය.

ආන්ඩුවේ එන්නත්කරනය පිලිබඳ පම්පෝරියට ප්රතිකූලව, ජනගහනයෙන් මාත්රා දෙකම ලැබී ඇත්තේ සියයට විස්සකට ආසන්න සංඛ්යාවකි. එහි අර්ථය ජනගහනයෙන් සියයට අසූවකට ආසන්න බහුතරයක් වෛරසයේ නව ප්රභේද හමුවේ නිරාවරනය කොට ඇති බවයි. විශාල වශයෙන් එන්නත්කරනය සිදු කල ඊශ්රායලය, එංගලන්තය වැනි රටවල පවා යලිත් ඩෙල්ටා ප්රභේදයේ පැතිරීම පෙන්නුම් කරන්නේ දැඩි සෞඛ්ය ආරක්ෂන පියවර වල අවශ්යතාවයයි.

වඩාත්ම අවදානම් සහගත කාරනාව වන්නේ, ව්යසනකාරී ඩෙල්ටා ප්රභේදය ලංකාව තුල වේගයෙන් පැතිර යාමයි. ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ පර්යේෂන කන්ඩායම් වලට අනුව කොලඹ නගරය තුල ඩෙල්ටා ප්රභේදයේ පැතිරීම සියයට සීයක් දක්වා ඉහල නැග ඇත. මෙරටින් හමුවූ මුළු ඩෙල්ටා ආසාදිතයින් සංඛ්යාව 292ක් දක්වා ඉහල ගොස් තිබේ.

මීට පෙර ලංකාව තුලින් ඩෙල්ටා ප්රභේදයේ විකෘතිතා වාර්තා වූ අතර එය මේ වන විට වේගයෙන් පැතිරී ප්රභේදයක් දක්වා වර්ධනය වී ඇත. ඒ සම්බන්ධයෙන් පර්යේෂන වල නිරත වන වෛද්ය චන්දිම ජීවන්දර මාධ්යට ප්‍රකාශ කලේ “විකෘතිතා සහිත ප්රභේදය ක්රම ක්රමයෙන් ප්රමුඛ ප්රභේදය” බවට කෙටි කාලයක් තුල පත්ව ඇති බවයි. තවමත් එහි ස්වභාවය පිලිබඳව පර්යේෂන සිදු කරමින් පවතින බව ඔහු සඳහන් කලේය.

වසංගතය ආරම්භයේ පටන් සෞඛ්ය පහසුකම් වර්ධනය කිරීමට කිසිවක් සිදු නොකල ආන්ඩුව මෙම තත්වය සම්බන්ධයෙන් මුලුමනින්ම වගකිව යුතුය. ඉහල ආසාදන වේගයක් සහිත ඩෙල්ටා ප්රභේදයේ පැතිරීම සහ වෛද්ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් තිබියදීත් ආන්ඩුව ධනපතියන්ගේ ලාභ ආරක්ෂා කිරීම සඳහා ආර්ථිකය විවෘත කර තැබුවේය. එහි ප්රතිඵලය වූයේ ඩෙල්ටා ප්රභේදය නව ප්රභේදයන් ජනිත කරමින් ලංකාව පුරා වේගයෙන් පැතිරී යාමයි.

වැඩුනු බලගතු මහජන විරුද්ධත්වය හේතුවෙන් ආන්ඩුවට නාමික අගුළු දැමීමක් පැනවීමට බල කෙරුනි. පනවා ඇති ව්‍යාජ අගුළු දැමීම යටතේ, වෛරසයේ පැතිරීමට තුඩු දෙන ඇඟලුම් කම්හල්, ඉදිකිරීම් වැඩබිම් ඇතුලු බහුතරයක් ආයතන විවෘතව පවතින අතර ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ට වසංගතය මධ්‍යයේ වැඩට යාමට බලකෙරී ඇත.

වෛද්‍ය විශේෂඥයන්ගේ දැඩි අවධාරනය සහ මහජන විරෝධය හමුවේ, සැප්තැම්බර් 06 දක්වා අගුලු දැමීම දීර්ඝ කිරීමට පසුගිය 27 වනදා ආන්ඩුව තීන්දු කලේය. වෛද්ය විශේෂඥයන් සති තුනක අඛන්ඩ අගුලු ලෑමක් නිර්දේශ කලද ආන්ඩුව කඩින් කඩ එය දීර්ඝ කිරීම මගින් පෙන්නුම් කරන්නේ එවන් ක්රියාමාර්ගයකට දක්වන විරුද්ධත්වයයි.

“නිරෝධායන ඇඳිරි නීතිය තුල ජනතාවගේ සංචරනය සම්පූර්නයෙන් සීමා වී නැති” බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන ප්‍රකාශ කලේ ය. ඔහු වැඩි දුරටත් සඳහන් කරේ ඉහල යන දෛනික ආසාදිතයින් ගනන දරාගත නොහැකි මට්ටමට පැමින ඇති බවයි.

ඊයේ දිනයේදී පිට පිට දසවන දිනයටත් දෛනික ආසාදිතයින් සංඛ්යාව 4000 ඉක්මවා ගියේය. මෙලෙස සීඝ්රයෙන් වැඩි වන රෝගීන් සංඛ්යාව සෞඛ්ය පද්ධතියට දරාගැනීමට නොහැකි වීම මරන සංඛ්යාව ඉහල යාමට හේතු වී ඇත.

ශ්රී ලංකා වෛද්ය සංගමයේ සභාපති පද්මා ගුනරත්න මාධ්යයට පැවසුවේ, පසුගිය කාලයේ සිදුවූ මරන වලින් සියයට 20 ක් සිදුව ඇත්තේ “ගෙදර නැත්නම් රෝහල් වලට ඇතුල් කරන අවස්ථාවේ” දී බවයි. නව ඩෙල්ටා ප්රභේදයේ පැතිරීම පිලිබඳ අවධානය යොමු කරමින් ඇය සඳහන් කලේ “අලුත් ප්රභේදය අනිත් පලාත් වලටත් පැතිරෙනවා කියන එක සැකයක් නැති” බවයි.

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වැල‌‌දෙන බහුවිධ ඉන්ද්රීය ප්රදාහය නම් වූ මාරාන්තික රෝගී තත්වයට ලමුන් 34 ක් මුහුන දී ඇති බව රිජ්වේ ආර්යා ලමා රෝහලේ විශේෂඥ වෛද්ය නලීන් කිතුල්වත්ත හෙලි කලේය. එම තත්වයට පත් වූ ලමුන් පස් දෙනෙක් මේ වන විට ජාතික රෝහල තුල ප්රතිකාර ලබන බව ද ඔහු සඳහන් කලේය.

වෛද්ය විශේෂඥයන්ගේ නිර්දේශ ප්රතික්ෂේප කරමින් ආන්ඩුව ඉක්මනින්ම අගුළු දැමීම ඉවත් කිරීමට මාන බලමින් සිටින බව අඟවමින් මුදල් රාජ්ය අමාත්ය අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ මාධ්ය සාකච්ඡාවකදී සඳහන් කලේ “කැඳයි රැවුලයි දෙකම බේරගන්න ඕන නම්” රට විවෘත කල යුතු බවයි. “අගුළු දැමීම කෙටි කර ගැනීම සඳහා” ජනතාව කැප විය යුතු බව ඔහු අගෝස්තු 28 වනදා සඳහන් කලේය.

ධනපති සුළුතරයකගේ ලාභ අවශ්යතා සඳහා තම ජීවිත බිල්ලට දෙන මෙම පිලිවෙත් වලට කම්කරු පංතිය එකහෙලා ව්රුද්ධ ව්ය යුතුය. මෙම පිලිවෙත් හේතුවෙන් දැනටමත් 9000 කට ආසන්න ජීවිත සංඛ්යාවක් බිලිගෙන ඇති අතර 430,000 කට අධික සංඛ්යාවක් ආසාදනයට ලක් කොට ඇත.

Loading