ඉදිරිදර්ශන

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර අලුත් යුද ගිවිසුම චීනයට එරෙහි යුද්ධයක තර්ජනය උග්‍ර කරයි

[මෙය US, UK, Australia military pact threatens war against China යන මැයෙන් 2021 සැප්තැම්බර් 17 වනදා පලවූ ලිපියේ ඉදිරිදර්ශනය ලිපියයි.]

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතර ඕකුස් (AUKUS) නම් මිලිටරි සන්ධානයක්‍ මෙම සතියේදි අත්සන් කිරිමට නියමිත බව නිවේදනය කීරීම, න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ඝෝර යුද්ධයක පිපුරුම් රේඛා මතුකරයි. මාස ගනනාවක් රහසිගත සාකච්ඡා වලට භාජනය වුනු මෙම ගිවිසුම, දෙවන ලෝක යුද්ධ සමයේ පැසිෆික් සාගරයේ ජපානයට එරෙහි යුද්ධ සන්ධානය යලිත් පනගන්වයි. එහෙත් මේ වතාවේ චීනයට එරෙහිව ය.

එච්එම්එස් ක්වීන් එලිසබෙත් ගුවන් යානා ප්‍රවාහන නෞකාව විසින් මෙහෙයවනු ලබන එක්සත් රාජධානියේ ගුවන් ප්‍රහාරක කන්ඩායම 2021 එක්සත් රාජධානියෙන් පිටත්ව යයි [අනුග්‍රහය: රාජකීය නාවික හමුදාව/ෆ්ලිකර්]


ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ දිගු දුර න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන වලින් ඔස්ට්‍රේලියාව සන්නද්ධ කිරීමට ගත් තීරනයෙන් ගිවිසුමේ මිලිටරිවාදී ස්වභාවය අවධාරනය කෙරිනි. පෙන්ටගනයේ න්‍යෂ්ටික යුද්ධය සඳහා වූ සමස්ත උපාය මාර්ගයේ කොටසක් වශයෙන් ඔවුන්ගේ එකම සිතා ගත හැකි අරමුන නම්, බටහිර පැසිෆික් කලාපයේ චීන න්‍යෂ්ටික සබ්මැරීන සහ යුද නැව් දඩයම් කිරීමට සහ චීන ගොඩබිමට එරෙහිව මිසයිල දියත් කිරීමට හැකි වීමයි.

මෙම සන්ධානය මඟින් ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් බලකායක් ගොඩනැගීමට උදව් කිරීමට අමතරව එක්සත් ජනපදය සමග සයිබර් යුද්ධය සහ කෘතිම බුද්ධිය සහ ක්වොන්ටම් පරිගනක ඇතුළුව තාක්ෂනික ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ද ඉහල නංවනු ඇත. ඕස්ට්‍රේලියාව දෙවන ලෝක යුද්ධ සමයේ මෙන් සිය රට යෝධ ඇමරිකානු මෙහෙයුම් කඳවුරක් බවට පත් කරමින් ගිනිකොනදිග ආසියාවට යාබද සිය උතුරු ප්‍රදේශයේ යුද පහසුකම් වලට එක්සත් ජනපදයේ ප්‍රවේශය පුළුල් කර දෙනු ඇත.

චීනය වහාම ඕකුස් ගිවිසුම හෙලා දැක තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කලේ මෙය 'කලාපීය සාමය සහ ස්ථාවරභාවය බරපතල ලෙස උල්ලංඝනය කරන අතර ආයුධ තරඟය තීව්ර කරන' බවයි, වොෂිංටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය රටවල් තුනේ 'සීතල යුද්ධ මානසිකත්වය හා දෘෂ්ටිවාදාත්මක අගතිය' ගැන චෝදනා කලේය.

ග්ලෝබල් ටයිම්ස් පුවත්පතේ පලවූ 'ජ්‍යෙෂ්ඨ චීන හමුදා ප්‍රවීනයෙකුගේ' ප්‍රකාශයක් එක්සත් ජනපදයෙන් එල්ලව තිබෙන මෙම තර්ජනය බීජිං පාලනය කොයී තරම් බාරපතල ලෙස අවධාරනය කරගෙන ඇත්ද යාන්න පෙන්නුම් කරයි: 'චීනය සහ රුසියාව න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයන් වන හෙයින් ඔස්ට්‍රේලියාව න්‍යෂ්ටික ප්‍රහාරයක ඉලක්කයක් බවට පත් ව තිබේ.'

නව “සීතල යුද්ධයක්” ගැන චීනයේ සඳහන් කිරීම් මිලිටරි ගැටුමේ අන්තරායන් මුළුමනින්ම අවතක්සේරු කරයි. වොෂිංටන් පෝස්ට් හි වාර්තාකරුවන් වන බොබ් වුඩ්වර්ඩ් සහ රොබට් කොස්ටා විසින් රචිත පේරීල් නම් අලුත් පොත ජනාධිපති ට්‍රම්ප් එවන් හමුදා ප්‍රහාරයක් චීනය ට එල්ල කරනු ඇතැයි බිය ව සිටී. එක්සත් ජනපද ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලීට ,එවැන්නක් සිදු නොවන බවට බීජිංනයට සහතික වීම සඳහා අත්‍යාසාමාන්‍ය පියවර ගැනීමට බල කෙරුනු සැටි හෙලිදරව් කරයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමත් සමඟ, ඕකුස් ගිවිසුම යුරෝපා බලවතුන් අතර භේදය ද ගැඹුරු කරනු ඇත. පෙර නොවූ විරූ පියවරක් වශයෙන්, නිවේදනය කරන ලද සන්ධානයේ “අතිශය බැරෑරුම්කම” හේතුවෙන් ප්‍රන්සය එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ සිය තානාපතිවරුන් ඉවත් කර ගෙන තිබේ. පැරීසියේ කනස්සල්ල වන්නේ ඕස්ට්‍රේලියාවට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන තැනීම ට ඩොලර් බිලියන 90 ක ප්‍රංස කොන්ත්‍රාත්තුවක් අවසන් කිරීම පමනක් නොව, ඊටත් වඩා ප්‍රන්සය ප්‍රධාන ශාන්තිකර බලයක් ලෙස සැලකීම අවසන් කිරීම ය.

බයිඩෙන්ගේ පරිපාලනය චීනය සමඟ ඇති ගැටුම විසඳීමට උත්සාහ කරන විට, නව ගිවිසුම මඟින් බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීය මට්ටමට ඔසවා තබයි. පෙන්ටගනයේ නිලධාරියෙකු පැවසූ පරිදි, එක්සත් ජනපදයට 'ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය තරම් හොඳ මිතුරන් වෙන නැත.' එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුරෝපය ඇතුළු සියළුම ප්‍රධාන බලවතුන්ට චීනයට පක්ෂව හෝ විරුද්ධව පෙලගැසීමට උග්‍ර පීඩනයක් එල්ල වී තිබේ. ආසියාවේදී, බයිඩෙන් පරිපාලනය විසින් දැනටමත් සිව්කොන් ආරක්ෂක සංවාදය හෙවත් “ක්වාඩ්” නමැති, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සමඟ අර්ධ-මිලිටරි සන්ධානය ශක්තිමත් කරගෙන තිබේ. එහි නායකයින්ගේ පලමු මුහුනට මුහුන හමුව මේ සතියේ වොෂිංටනයේදී පැවැත්වීමට නියමව තිබේ.

වොෂිංටනයේ යුද මෙහෙයුම අහසින් පාත් වී නැත. ඔබාමා පාලනාධිකාරයේ “ආසියාව දෙසට හැරීම” පටන් එක්සත් ජනපදය සිය දැවැන්ත මිලිටරි බලකායන් ප්‍රතිව්‍යුහගත කර බල ගන්වා ගනිමින් සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා සන්ධාන, උපායමාර්ගික හවුල් සහ මූලික සැකසුම් තහවුරු කර ගනිමින් චීනය රාජ්‍ය තාන්ත්‍රිකව හා ආර්ථික වශයෙන් බිඳ දැමීම සඳහා වඩ වඩාත් ආක්‍රමනශීලී පියවරයන්හි නිරත විය.

චීනයේ අසාමාන්‍ය ආර්ථික වර්ධනය ඇමරිකානු ගෝලීය ආධිපත්‍යය බිඳ හෙලනු ඇතැයි වොෂිංටනය තුල වැඩෙන බිය එක්සත් ජනපද යුද මෙහෙයුම පිටුපස තිබේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුදය ගැඹුරු කල, එක්සත් ජනපදය හා චීනය ඉක්මවන ආර්ථික ප්‍රමුඛත්වය තවදුරටත් හීන කර දැමීමට තුඩු දුන් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එම උත්සුකයන් තවත් වැඩි වී තිබේ. පසුගිය වසරේ චීන ආර්ථිකය සියයට 2.3 කින් වර්ධනය විය, එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතය සියයට 2.3 කින් හැකිලී ගිය අතර සමහර ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පල කරන්නේ 2025 වන විට චීනය පුළුල් ආර්ථික වශයෙන් එක්සත් ජනපදය අභිබවා යා හැකි බවයි.

දකුනු චීනයේ සහ නැගෙනහිර චීන මුහුදේ කුපිතකාරී නාවික මෙහෙයුම්, තායිවානය සමඟ එක්සත් ජනපදය සබඳතා වැඩි දියුනු කිරීම, හුවාවි වැනි චීන සමාගම් වලට එරෙහිව දැවැන්ත වෙලඳ යුද්ධ සම්බාධක සහ දන්ඩන පියවර සිට ට්‍රම්ප්ගේ චීන විරෝධී පියවරයන් සියල්ලම පවත්වා ගන්නා බව බිඩෙන් පාලනය වේගයෙන් පෙන්නුම් කලේය. වුහාන් විද්‍යාගාර පචය සහ චීනයට අපහාස කිරීම සහ යුද්ධයට සූදානම් වීමේදී මහජන මතයට විෂ එකතු කිරීම අරමුනු කරගත් උයිගුර් “ජන සංහාරය” පිලිබඳ චෝදනා ගොතන දුෂ්ට ප්‍රචාරක ව්‍යාපාරයක් ද මෙයට ඇතුලත් ය.

මාර්තු මාසයේදී එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අන දෙන නිලධාරී අද්මිරාල් පිලිප් ඩේවිඩ්සන් වසර හයක් ඇතුලත එක්සත් ජනපදය චීනය සමඟ යුද්ධ කල හැකි බවට අනතුරු ඇඟවූ අතර චීනයට එරෙහිව සටන් කිරීම සඳහා නව ආයුධ සංවර්ධනය කිරීම ඇතුළුව තම අයවැය දෙගුන කරන ලෙස ඉල්ලා සිටියේය. පැමිනෙන ප්‍රධානී අද්මිරාල් ජෝන් ඇකිලිනෝ යෝජනා කලේ චීනය සමඟ ගැටුම 'බොහෝ දෙනා සිතනවාට වඩා අපට සමීප' බවයි.

එක්සත් ජනපදයේ යුද සූදානම මෙහෙයවනු ලබන්නේ චීනය ආර්ථික වශයෙන් එක්සත් ජනපදය අභිබවා යන බවට ඇමරිකානු පාලක කවයන් තුල ඇති බිය නිසා පමනක් නොව, කොවිඩ්-19 වසංගතය සහ ගැඹුරු වෙමින් පවතින සමාජ අසමානතාවය හේතුවෙන් අසාමාන්‍ය සමාජ ආතතීන් ඇවිලවීමයි. ඇමරිකානු කම්කරු පන්තියේ පන්ති අරගල නැවත ඉස්මතු වීම මධ්‍යයේ, පාලක පන්තිය උත්සාහ කරන්නේ බාහිර “සතුරෙකුට” එරෙහිව මෙම සමාජ ආතතීන් පිටතට හැරවීමට ය.

එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ සහ ජාත්‍යන්තරව සිටින කම්කරුවන් 'චීන ආක්‍රමනශීලීභාවය' සහ 'මානව හිමිකම් උල්ලංඝනය කිරීම්' පිලිබඳ මුළුමනින්ම නරුම හා කුහක චෝදනාවන් අවඥාවෙන් ප්රතික්ෂේප කල යුතුය. ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය වැනි සමස්ත රටවල් විනාශ කර මිලියන ගනනකගේ මරනයට හේතු වී ඇති සාපරාධී නව යටත් විජිත ආක්‍රමනයන් සහ යටත්කර ගැනීම් සිදු කලේ එක්සත් ජනපදය මිස චීනය නොවේ. මේ සියලු යුද්ධ වල බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එහි ප්‍රධාන හවුල්කරුවන් වී ඇත.

ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය ඉවත් වීමේ අලුත්ම පරාජය තිබියදීත්, වොෂිංටනය 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ' සිට 'මහා බල ගැටුම' සඳහා සූදානම් වීමේ පෙන්ටගනයේ මූලෝපායික මාරුවට අනුකූලව නව හා වඩාත් ව්‍යසනකාරී යුද්ධ සූදානම් කරමින් සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) පාලන තන්ත්‍රයට යුද්ධයේ උවදුර ගැන ප්‍රගතිශීලී පිලිතුරක් නැත. වොෂිංටනය සමඟ සම්මුතියක් ඇති කර ගත හැකිය යන බලාපොරොත්තුවේ එල්බගෙන සිටින අතර, බීජිං අවි ආයුධ තරඟයක් දිගටම කරගෙන යයි, එය මනුෂ්‍යත්වයට ගෙනෙනු ඇත්තේ ව්‍යසනයක් පමනක් මය. ධනේශ්වර සබඳතා මත පදනම් වූ සහ ලෝක වෙලඳපොල සහ වොෂිංටනය පාලනය කරන ගෝලීය මූල්‍ය පද්ධතිය මත යැපෙන ආර්ථිකයක් සහිත සීසීපීයට යුද්ධය වැලැක්විය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු ආයාචනයක් කිරීමට නොහැකිය.

තුන්වන ලෝක යුද්ධය දෙසට වේගයෙන් ඇද වැටීමට එරෙහිව ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙස ලොව පුරා සිටින කම්කරුවන්ට හා තරුනයන්ට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) වසර පහකට පෙර ආයාචනයක් නිකුත් කලේය. ජාත්‍යන්තර කමිටුව එහි “සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන” යන ප්‍රකාශය තුලින් මෙම ව්‍යාපාරය ප්‍රානවත් කිරීම සඳහා අවශ්‍ය මූලික මූලධර්ම විස්තර කලේය:

යුද්ධයට එරෙහි අරගලය පදනම් විය යුත්තේ සමාජයේ මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත විය යුතු අතර, එය පිටුපස ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් එක්සත් කර ගත යුතුය.

මිලිටරිවාදයේ හා යුද්ධයේ මූලික හේතුව වන මූල්‍ය ප්‍රාග්ධනයේ ආඥාදායකත්වය සහ ආර්ථික ක්‍රමය අවසන් කිරීමේ සටන හැර යුද්ධයට එරෙහිව බරපතල අරගලයක් නොතිබිය හැකි බැවින් නව යුද විරෝධී ව්යාපාරය ධනේශ්වර-විරෝධී හා සමාජවාදී විය යුතුය.

එබැවින් නව යුද විරෝධී ව්‍යාපාරය අත්‍යවශ්‍යයෙන්ම ධනේශ්වර පන්තියේ සියලුම දේශපාලන පක්ෂ හා සංවිධාන වලින් සම්පූර්යෙනන්ම ස්වාධීන විය යුතු අතර ඒවාට නිසැකව සතුරු විය යුතුය.

අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයක් තුළ කම්කරු පන්තියේ අතිමහත බලය බලමුලු ගැන්වීම සඳහා, නව යුද විරෝධී ව්‍යාපාරය, ප්‍රමුඛ වශයෙන්ම සියල්ලටත් වඩා ජාත්‍යන්තර විය යුතුය. ජාතික රාජ්‍ය ක්‍රමය අහෝසි කිරීම සහ ලෝක සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීම එහි මූලෝපායික අරමුන වූ කම්කරු පන්තියේ නොනවතින විප්ලවය ඉදිරිදර්ශනය මගින් ධනපති පන්තියේ නොනවතින යුද්ධයට පිලිතුරු දිය යුතු ය. ගෝලීය සම්පත් තාර්කිකව, සැලසුම් සහගතව වර්ධනය කර ගැනීමෙන් සහ මෙම පදනම මත දුප්පත්කම තුරන් කිරීමෙන් මානව සංස්කෘතිය ඉහල තලයකට ගෙන ඒම තුලින් මෙය සිදු කෙරේ.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ කර්තව්‍යය අද වෙන කවරදාටත් වඩා හදිසි අවශ්‍යතාවයක් වී ඇත. ලෝකය පුරාම වැඩ කරන වැඩ කරන ජනතාවගේ පුළුල් කොටස් තුල යුද්ධය කෙරෙහි සැඟවී ඇති විරෝධය, යුද්ධයේ මුලික හේතුව වන ධනවාදයට එරෙහි දැනුවත් දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය කර ගත යුතුව ඇත. හජාජාක හා එහි කොටස් සමග සබඳතා ඇති කර ගන්නා ලෙසත්, යුද්ධයට හා මිලිටරිවාදයට එරෙහි අරගලයට සහභාගී වන ලෙසත් අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading