එක්සත් රාජධානියේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයන් රුසියාවට එරෙහිව ගුවන් යුද්ධයක් ඉල්ලා සිටිද්දී නැටෝව හමුදා බලමුලු ගන්වයි

[මෙය NATO mobilizes troops as UKMPs, US congressmen call for air war against Russia යන මැයෙන් 2022 පෙබරවාරි 26 පල වූ ලිපියේ පරිවර්තනයයි.]

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමනය කිරීමෙන් දින තුනකට පසු, ගැටුම වඩාත් පුලුල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ භයානක සලකුනු පෙන්නුම් කරයි.

එක්සත් ජනපද හමුදාවේ 82 වැනි ගුවන් හමුදා අංශයේ සාමාජිකයන්, 2022 පෙබරවාරි 14 වැනි සඳුදා, ෆෝට් බ්‍රැග්, එන්.සී. සිට පෝලන්තයට යෙදවීමට සූදානම් වෙති. ඔවුන්, ආරක්ෂක දෙපාර්තමේන්තුව නැගෙනහිර යුරෝපයට යවන සොල්දාදුවන් සමග ගමන් කරමින්. (ඒපී ඡායාරූපය / නේතන් පොස්නර්)

රුසියානු හමුදා යුක්‍රේනයේ කියෙව් අගනුවරට ඇතුලු වන විට, යුක්‍රේන ආරක්ෂක ඇමති ඇස්තමේන්තු කලේ ගැටුමෙන් මේ දක්වා රුසියානු සොල්දාදුවන් සිය ගනනක් මිය ගොස් ඇති බවයි. යුක්‍රේනයේ සිවිල් වැසියන් ඇතුලු 137 කට අධික පිරිසක් මිය ගොස් ඇත. කියෙව් සහ මොස්කව් අතර සාකච්ඡා පැවැත්වීමේ පලමු උත්සාහය සිකුරාදා අසාර්ථක විය. යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි ගැටුමට මැදිහත් වන ලෙස ඊශ්‍රායල අගමැති නෆ්තාලි බෙනට් ගෙන් ඉල්ලා ඇත.

සිකුරාදා, නැටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් නිවේදනය කලේ, 2003 දී නිර්මානය කරන ලද නැටෝවේ හදිසි ප්‍රතිචාර බලකායේ (rapid response force) සෙබලුන් 40,000 ක් ප්‍රථම වරට ක්‍රියාන්විතයේ යෙදවීමට යන බවයි.

'ඊයේ, නැටෝ මිත්‍ර පාක්ෂිකයින් අපගේ ආරක්‍ෂක සැලසුම් සක්‍රිය කර ඇත,' ස්ටෝල්ටන්බර්ග් සිකුරාදා පැවසීය, සන්ධානයේ හමුදා 'ගොඩබිම, මුහුදේ සහ ගුවනේ' ස්ථානගත කෙරෙනු ඇත.

'එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය මිත්‍ර රටවල්, සන්ධානයේ නැගෙනහිර කොටසට තවත් දහස් ගනන් භටයන් යොදවා ඇත,' ස්ටෝල්ටන්බර්ග් තවදුරටත් පැවසීය. “අපට, විවිධ ස්ථාන 30 කට අධික ප්‍රමානයක ස්ථානගත කර ඇති සීරුවෙන් සිටින ජෙට් යානා 100 කට වඩා තිබේ. එසේම, ඉහල උතුරේ සිට මධ්‍යධරනී මුහුද දක්වා නැව් 120 කට අධික ප්‍රමානයක් ද ප්‍රහාරක නැව් කන්ඩායම් තුනක් ද එයට ඇතුලත් ය.”

ස්ටෝල්ටන්බර්ග් තවදුරටත් පැවසුවේ, “අපි කතා කරන්නේ දහස් ගනන් හමුදා ගැන ය. අපි කතා කරන්නේ ගුවන් සහ නාවික හැකියාවන් ගැන. ඔවුන් සැබවින්ම ස්ථාවර නාවික කන්ඩායම්වල කොටසක් පමනි. සන්ධානයේ නැගෙනහිර කොටසේ අපගේ බොහෝ ගුවන් යානා ක්‍රියාත්මක වේ. එසේම, මිත්‍ර පාක්ෂිකයින් කිහිප දෙනෙකු දැනටමත් නැටෝ ප්‍රතිචාර බලකායට සෙබලුන් සහ බලකායන් අර්ධ වශයෙන් පවරා ඇත.

ස්ටෝල්ටන්බර්ග් රුසියාවේ ක්‍රියාවන් “දශක ගනනාවක් තුල යුරෝපා-අත්ලාන්තික් ආරක්‍ෂාවට ඇති බරපතලම තර්ජනය” ලෙස හැඳින්වූයේ, “නැටෝ භූමියේ සෑම මිත්‍රයෙක්ම සහ සෑම අඟලක්ම ආරක්ෂා කිරීමට අපි ඕනෑම දෙයක් කරන්නෙමු”යි ප්‍රකාශ කරමිනි.

මෙම නිවේදනය රුසියාව සමග ගැටුමේ උපදේශකයින්ගේ පැසසුමට ලක් විය. “නැටෝවේ සීරුවෙන් සිටින ඒකාබද්ධ කාර්ය සාධක බලකාය (Very High Readiness Joint Task Force) සක්‍රීය කර ඇති බව දැන් අසන්නට ලැබේ. එය විශිෂ්ට ප්‍රවෘත්තියකි,' රුසියාවේ හිටපු එක්සත් ජනපද තානාපති සහ පරම යුද ඝෝෂකයෙකු වන මයිකල් මැක්ෆෝල් ට්වීට් කලේය.

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍ය ජේම්ස් හීපී නිවේදනය කලේ, ඉක්මනින්ම රට වෙත පැමිනෙන රෝයල් වේල්ස් සටන් කන්ඩායම සමග එක්සත් රාජධානිය 'සැලසුම් කලාට වඩා කලින්' එස්තෝනියාවට සන්නද්ධ හමුදා එවන බවයි. 'හංගේරියාව, ස්ලෝවැකියාව, රුමේනියාව සහ පෝලන්තයට සහය දැක්වීම සඳහා' තවත් එක්සත් රාජධානියේ භටයන් 1,000 ක් සූදානම්ව සිටිනු ඇති බව හීපි පැවසීය.

එහෙත් නැටෝව සහ රුසියාව අතර විවෘත ගැටුමක අන්තරායන් පිලිබඳව ආරක්ෂක ඇමති අනතුරු ඇඟවූයේ ගැටුම ඉක්මනින්ම 'පැවැත්ම පිලිබඳ කාරනයක්' විය හැකි බව නිරීක්ෂනය කරමිනි.

ඇත්ත වශයෙන්ම එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ දේශපාලන සංස්ථාපිතය තුල සැලකිය යුතු බලවේග පෙනී සිටින්නේ එවන් 'පැවැත්ම පිලිබඳ කාරනයක් විය හැකි' ගැටුමක් සඳහා ය.

හීපි ගේ අනතුරු ඇඟවීම් යුක්රේනයට ඉහලින් පියාසර තහනම් කලාපයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් වෙත යොමු කරන ලදී, එනම් නැටෝහි බිම සිට ගුවනට විදින මිසයිල සහ ගුවන් යානා ක්‍රියාත්මක වෙමින්, රුසියානු ප්‍රහාරක ගුවන් යානා වලට වෙඩි තබා බිම දැමීමට උත්සාහ කරනු ඇති බවයි.

ගුවන් ගමන් තහනම් කලාපයක් පැනවීම 'යුක්රේනයේ ජනතාවට සැලකිය යුතු සහ සැබෑ උපකාරයක් වනු ඇත' යනුවෙන් ටෝරි මන්ත්‍රී පීටර් බෝන් පැවසීය.

එක්සත් ජනපදයේ කොන්ග්‍රස් සභික ඇඩම් කින්සින්ගර් එක්සත් ජනපදයයෙන් මෙම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය. 'යුක්‍රේනය පුරා #NoFlyZone (තහනම් ගුවන් කලාපයක්) ප්‍රකාශ කරන්න,' කින්සින්ගර් ට්වීට් කලේය. “ඉතිහාසය උගන්වන්නේ ස්ථාවරයක් ගැනීම නොවැලැක්විය හැකි බවත් කාලයත් සමඟ තවත් මිල අධික වියහැකි බවත්‍ ය. අහස අයිති අපට යි, රුසියාවට අපේ ගුවන් බලය සමග කිට්ටුවෙන්නවත් බැහැ. මේක කරන්න. පුටින් 'යුක්‍රේනය' ගැන පමනක් සෑහීමකට පත්වේ යැයි බලාපොරොත්තු විය නොහැකි තරම් භයානක ය.'

නැඟෙනහිර යුරෝපයේ “අහස එක්සත් ජනපදය සතුය” යන ප්‍රකාශය අසත්‍යයකි. රුසියාව ක්‍රියාත්මක කරන්නේ ලෝකයේ වඩාත්ම දියුනු ප්‍රවේශ විරෝධී සහ ප්‍රදේශ ප්‍රතික්ෂේප කිරීමේ පද්ධතිය (Anti-Access and Area Denial system) වන අතර, එය රුසියානු ගුවන් හමුදා සමග ගැටීමට උත්සාහ කරන නැටෝ ගුවන් යානාවලට සැලකිය යුතු අලාභයක් සිදු කරනු ඇත. මොස්කව් ගුවන් යානා නැටෝ භූමිය තුල ස්ථානවලින් ප්‍රහාරයට ලක් වුවහොත්, රුසියාවට සමූහ කාල තුවක්කු කෲස් මිසයිල ප්‍රහාරවලින් ප්‍රතිචාර දැක්විය හැකි අතර, නැටෝවේ 5 වන වගන්තිය අනුව ලෝක යුද්ධයක් ආරම්භ කල හැකිය.

'එක්සත් ජනපදය යුක්රේනය තුල පියාසර තහනම් කලාපයක් ප්‍රකාශ කල යුතුය—දැන්ම!!' යනුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වන ජෝන් කූපර් ඉල්ලා සිටීමත් සමඟ මෙම උමතු ඉල්ලීමට දෙපාර්ශවයෙන්ම සහයෝගය හිමි විය.

බීබීසී හි 'රේඩියෝ ෆෝ ටුඩේ' වැඩසටහනට සහභාගී වෙමින් එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් බෙන් වොලස් පැවසුවේ පියාසර තහනම් කලාපයක් පැනවීම රුසියාවට එරෙහි යුද ක්‍රියාවක් වනු ඇති බවයි.

“ගුවන් ගමන් තහනම් කලාපයක් කරන්නේ නම් මට රුසියානුවන්ට එරෙහිව බ්‍රිතාන්‍ය ප්‍රහාරක ජෙට් යානා දැමිය හැකි යුතුය; නැටෝවට රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට සිදුවනු ඇත.' මෙය 'යුරෝපීය යුද්ධයක් අවුලුවාලනු ඇත' ඔහු පැවසීය.

එවැනි ඕනෑම යුද්ධයක් න්‍යෂ්ටික අවි භාවිතයේ තර්ජනය මතු කරයි. සීඑන්එන් හමුදා විශ්ලේෂක ජේම්ස් “ස්පයිඩර්” මාර්ක්ස් බ්‍රහස්පතින්දා සජීවී රූපවාහිනියේ පැවසූ පරිදි, “[ව්ලැඩිමීර් පුටින්] තමාට උපායශීලී න්‍යෂ්ටික අවියකින් ගැලවිය හැකි යැයි සිතිය හැකි බවත්, ඊට සමගාමී ප්‍රතිචාරයක් නොපෙන්වන බවත් සිතීමට මම අකමැති වෙමි. එවිට කල්ප අවසාන මුරුගසන් වරුසාව ආරම්භ වේ.'

බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ එක්සත් ජනපද හමුදාවේ 7,000 ක් ජර්මනියට යොදවන බවයි. නමුත් පෙන්ටගනය පැහැදිලි කලේ ඔවුන්ගෙන් සමහරක් නැටෝ හදිසි ප්‍රතිචාර බලකායේ කොටසක් ලෙස රුසියාවේ දේශසීමා වෙත යොමු කල හැකි බවයි.

මිලිටරි.කොම් (Military.com) වාර්තා කලේ, “එක්සත් ජනපදය දැනටමත් ජර්මනිය, පෝලන්තය, රුමේනියාව සහ බෝල්ටික් රාජ්‍ය වලට එෆ්-35 ලයිට්නින්ග් II (F-35 Lightning II) ප්‍රහාරක ජෙට් යානා සහ ඇපාචි (Apache) ප්‍රහාරක හෙලිකොප්ටර් වැනි උපකරන සහ 12,000ක පමන භට පිරිසක් යොදවා ඇත. පෙන්ටගනය පවසා ඇත්තේ ජනවාරි මාසයේ සිට 11,000 කට වැඩි භට පිරිසක් යෙදවීම සඳහා සීරුවෙන් තබා ඇති බවයි, එසේම සීරුවෙන් සිටින හෝ යොදවා ඇති අයගේ නිශ්චිත සංඛ්‍යා සිකුරාදා ලබා දිය නොහැකි බවයි.'

මෙම වර්ධනයන් පැමිනෙන්නේ රුසියානු ජනගහනය ලෝක ආර්ථිකයෙන් වෙන් කර දැමීමට එහා යන වැඩිදුර පියවර ලෙස ය. සිකුරාදා පෝලන්තය රුසියානු ගුවන් සේවා සඳහා සිය ගුවන් සීමාව වසා දැමූ අතර බ්‍රිටිෂ් එයාර්වේස් සහ වර්ජින් අත්ලාන්තික් රුසියානු ගුවන් අවකාශය භාවිතා කිරීම නවතා දමා ඇති බව කොමර්සන්ට් වාර්තා කලේය. එස් ඇන්ඩ් පී විසින් යුක්‍රේනයේ සහ රුසියාවේ නය ශ්‍රේනිගත කිරීම් පහත හෙලා ඇත.

සිකුරාදා, කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පාක්ෂික එරික් ස්වල්වෙල් පැවසුවේ “සෑම රුසියානු ශිෂ්‍යයෙකුම එක්සත් ජනපදයෙන් පන්නා දැමීම… කල යුතු” බවයි.

එක්සත් ජනපදය හා නැටෝ ආන්ඩු යුක්‍රේනයේ රුසියානු ආක්‍රමනයකින් දේශීය හා භූ දේශපාලනික හේතූන් මත ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන අතර, යුද්ධය, එම කලාපයේ ජනගහනයට පමනක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම දැවැන්ත හා නොගැනියහැකි ප්‍රතිවිපාක ගෙන ඒමට තර්ජනය කරයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඊයේ (25) සිය ප්‍රකාශය තුල ප්‍රකාශ කල පරිදි, යුක්‍රේනයේ, රුසියාවේ සහ මුලුමහත් ලෝකයේම ජනතාව අතර ඇති විරෝධය “සමාජවාදය සඳහා සවිඥානික දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. මෙයින් අදහස් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ සෑම රටකම ගොඩනැගීමයි.”

Loading