ඉදිරිදර්ශන

යුක්‍රේනයේ වක්‍ර යුද්ධයේ මීලඟ අදියර සැලසුම් කිරීමට නැටෝව රැස්වෙයි

[මෙය NATO meets to plot next stage in Ukraine proxy war යන මැයෙන් 2022 මාර්තු 23 පල වූ ඉදිරිදර්ශනයේ පරිවර්තනයයි.]

මෙම සතියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් නැටෝ සමුලුවකට සහභාගී වීමට බෙල්ජියමේ බ්‍රසල්ස් වෙත යාමට නියමිතය. ඇත්ත වශයෙන්ම සමුලුව, යුද කවුන්සිලයක් වන අතර, එය රුසියාව සමග එක්සත් ජනපද-නැටෝ ගැටුමේ ප්‍රධාන ඉහල නැංවීමක් සංවිධානය කරනු ඇත.

සමුලුවට පෙරාතුව කතා කරමින්, නැටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් 'රුසියාවට පෙර නොවූ විරූ හානි' පැමිනවීමට දිවුරුවේ ය. රුසියානු දේශසීමාවේ දැනටමත් යොදවා ඇති භට පිරිස් පිලිබඳ තක්සේරුවක් කරමින් ඔහු මෙසේ පැවසීය.

දැන් සන්ධානය පුරා ඉහල සූදානමකින් මිත‍්‍ර පාක්ෂික හමුදා ලක්ෂ ගනනක් සිටිති. යුරෝපයේ එක්සත් ජනපද හමුදා ලක්ෂයක්. බොහෝ දුරට සන්ධානයේ නැගෙනහිර කොටසේ 40,000 සෘජු නැටෝ අන යටතේ ඇත. ප්‍රධාන ගුවන් හා නාවික බලයෙන් ඒ සියල්ලටම සහාය ලැබේ. ඒ ඉහල උතුරුකරේ සහ මධ්‍යධරනී මුහුදේ ප්‍රහාරක නාවික බලඇනි පහක් ඇතුලුවයි.

මාර්තු 21 සඳුදා, යුක්‍රේනයේ කියෙව්හි සාප්පු සංකීර්නයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු සිදු වූ විනාශය මධ්‍යයේ ජනතාව රැස් වෙති. (අනුග්‍රහය -ඒපී ඡායාරූපය/ රොඩ්‍රිගෝ ඇබ්ඩ්)

එලඹෙන සමුලුව වෙතට හැරෙමින් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ, “සියලු භූමි භාගයන්හි නැටෝවේ ස්ථාවරය ශක්තිමත් කිරීමට නායකයින් එකඟ වනු ඇතැයි මම අපේක්ෂා කරමි. ඒ සන්ධානයේ නැඟෙනහිර කොටසේ අපේ හමුදාවන්ගේ විශාල වැඩිවීමක් සමඟ, ගොඩබිම, ගුවනේ සහ මුහුදේ.”

ස්ටෝල්ටන්බර්ග් චීනයට ද තර්ජනය කලේය. 'බීජිං ස්වාධීන ජාතීන්ට තමන්ගේම මාවතක් තෝරා ගැනීමට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්න කිරීමට මොස්කෝව සමඟ එකතු වී ඇත,' ඔහු පැවසීය. පසුගිය සතියේ බයිඩන්ගේ ප්‍රකාශ ප්‍රතිරාවය කරමින් චීනයට එරෙහි ස්ටෝල්ටන්බර්ග්ගේ තර්ජන, එක්සත් ජනපදය හා නැටෝව විසින් දිගුකාලීන සැලසුම් කර ඇති “මහා බල ගැටුමක්” සඳහා රුසියාවේ ආක්‍රමනය, කඩතුරාව සපයා ඇත යන මූලික යථාර්ථය ප්‍රකාශ කරයි: රුසියාව සහ චීනය යටත් කිරීම අරමුනු කර ගත් ප්‍රධාන ලෝක යුද්ධයක්.

අර්ථභාරී ලෙස ස්ටෝල්ටන්බර්ග්ගේ ඓතිහාසික යොමු ලක්ෂ්‍යය වූයේ, පසුගිය මාසයේ යුක්‍රේනය වෙත කල රුසියානු ආක්‍රමනය නොව, යුක්‍රේනය නැටෝවේ යටත් වැයික්කියක් බවට පත් කල ෆැසිස්ට්වාදී නායකත්වයෙන් යුත් 2014 කුමන්ත්‍ර්නයයි. “2014 පටන් [නැටෝ] මිත්‍ර පාක්ෂිකයින් යුක්‍රේනයේ සන්නද්ධ හමුදා පුහුනු කර ඔවුන්ගේ හැකියාවන් සැලකිය යුතු ලෙස ශක්තිමත් කර ඇත. ඔවුන් එම පුහුනුව දැන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවයි, පෙරමුනේම ඉතා නිර්භීතව. ”

පසුගිය වසර අට පුරා නැටෝව විසින් යුක්‍රේන හමුදා මිලිටරිමය වශයෙන් දැවැන්ත ලෙස ශක්තිමත් කර තිබීමේ කාරනය වසන් කිරීමට ස්ටෝල්ටන්බර්ග් කිසිදු උත්සාහයක් ගත්තේ නැත. නැටෝව, ඒ සඳහා 'යුද ටැංකි නාශක අවි සහ ගුවන් ආරක්ෂක පද්ධති, ඩ්‍රෝන යානා, ඉන්ධන සහ පතොරම් සපයා ඇත. ඒ වගේම මුල්‍ය ආධාර.'

ඔහු තවදුරටත් කියා සිටියේ, “යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ගේ ධෛර්යය සහ වෘත්තීය කුසලතා අගය කිරීමට මම කැමතියි. මට ඔවුන් යුක්‍රේනයේදී මුනගැසී ඇති අතර, වසර අටකට පෙර, 2014 දී ඔවුන් සිටි තැනට සාපේක්ෂව මෙය සම්පූර්නයෙන්ම වෙනස් බලවේගයක් බව අපි කවුරුත් දනිමු. අද යුක්‍රේන සන්නද්ධ හමුදා, වඩා විශාල, වඩා හොඳින් සන්නද්ධ, වඩා හොඳ පුහුනු, වඩා හොඳ අනක් යටතේ කටයුතු කරති. ඔවුන් සතුව 2014 දී තිබුනාට වඩා හොඳ මෙහෙයුම් තිබේ” යනුවෙනි.

රුසියානුවන් අත්විඳින ලද දැවැන්ත පාඩු වලට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන් නැටෝව විසින් සන්නද්ධ කර පුහුනු කරන ලද හමුදාවක් සමඟ සටන් කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුක්‍රේන හමුදාවට 'ඔරොත්තු දීමට සහ වඩා විශාල රුසියානු ආක්‍රමනයට එරෙහිව නැගී සිටීමට හැකි වී ඇති බව' ස්ටෝල්ටන්බර්ග් පැවසීය.

Loading Tweet ...
Tweet not loading? See it directly on Twitter

'නැටෝව රුසියාවට එරෙහිව යුද්ධයට සැරෙසයි' යන එහි පෙබරවාරි 28 ප්‍රකාශයේ ලෝසවෙඅ සඳහන් කලේ, 'යුද්ධයන්හි අතිමූලික හේතූන් සහ අවශ්‍යතා බොහෝ විට මුලින්ම දැකගත නොහැකිය. ඒවා ප්‍රචාරක කුනාටුවකින් සැඟවී ගොසිනි. කෙසේ වෙතත්, ඉක්මනින් හෝ පසුව, ගැටුමේ සැබෑ සහ වඩාත් ගැඹුරු ගාමක බලවේග සහ වැදගත්කම ඉස්මතු වීමට නියමිත ය” යනුවෙනි.

සති තුනක් ඉක්ම යද්දී, ගනන් බැලී ඇත්තේ යුක්‍රේන යුද්ධයක් පමනක් නොව, රුසියාවට එරෙහි යුද්ධයක් සහ ලෝකය යලි බෙදාලීමක් සඳහා එක්සත් ජනපද සහ නැටෝ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ව්‍යාපාරයක් බව පැහැදිලිය. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම ප්‍රකෝප කරන ලද රුසියාවේ මංමුලා සහගත යුක්‍රේන ආක්‍රමනය ඊට කඩතුරාව සපයා ඇත.

සමුලුවට පෙර එක්සත් ජනපද ව්‍යාපාරික වටමේසය සමඟ පැවති රැස්වීමක දී, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙමින් පවතින දිගුකාලීන සැලසුම් ගැන බයිඩන් පෙන්වා දුන්නේය.

“ඔබ දන්නවා, අපි ඉන්නේ නතිවර්තන ලක්ෂ්‍යයක,” බයිඩන් පැවසීය. “එය සෑම පරම්පරා තුනකට හෝ හතරකට වරක් සිදු වේ. පසුගිය දිනක ආරක්‍ෂිත රැස්වීමකදී ඉහලම හමුදා නිලධාරීන් මට පැවසූ පරිදි, 1900 සිට 1946 දක්වා කාලය තුල මිලියන 60 ක ජනතාවක් මිය ගිය ගොස් ඇත.”

ඔහු තවදුරටත් කියා සිටියේ, 'දැන් දේවල් වෙනස් වෙමින් පවතින කාලයක්... නව ලෝක පර්යායක් ඇති ව තිබේ, අපි එයට නායකත්වය දිය යුතුයි.'

'නව ලෝක පර්යාය' යන වාක්‍ය ඛන්ඩයට දිගු හා ලේ වැකි සම්භවයක් ඇත.

1990 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් එච්. බුෂ් 'නව ලෝක පර්යායක් කරා' යන මැයෙන් දේශනයක් පැවැත්වීය. 'පර්සියානු ගල්ෆ් අර්බුදය බරපතල වනවාක් සේම, ඓතිහාසික කාල පරිච්ඡේදයක් කරා ගමන් කිරීමට දුර්ලභ අවස්ථාවක් ද ලබා දෙයි' යනුවෙන් ඔහු ප්‍රකාශ කලේය.

යුක්‍රේනය තුල වත්මන් අර්බුදයේ දී මෙන් එක්සත් ජනපදය, ඉරාකය අසල්වැසි රටක් ආක්‍රමනය කරවා ගැනීමට උපාමාරු යෙදුවේ, දිගු කලක් තිස්සේ සකස් වෙමින් පැවති යුද සැලසුම් සඳහා කඩතුරාවක් සැපයීම සඳහා ය. යුගෝස්ලාවියාවේ යුද්ධ, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය, එක්සත් ජනපදය විසින් ලිබියානු ආන්ඩුව පෙරලා දැමීම සහ සිරියාවට එරෙහිව වසර ගනනාවක් තිස්සේ ගෙන යන අස්ථාවර කිරීමේ ව්‍යාපාරය හරහා දිගටම ඇදී ගියේ, අවුලුවාලූ එක්සත් ජනපද මිලිටරිවාදයේ පිපිරීමකි.

බයිඩන් ගේ “නව ලෝක පර්යාය”ට , මිලියනයකට වඩා මිනිසුන් ඝාතනය කර, වසර 30ක යුද්ධ හා මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ මැදිහත්වීම් වලින් ද න්‍යෂ්ටික අවි වලින් කෙරෙන තුන්වන ලෝක යුද්ධයක හොල්මන මතු කරන රුසියාව සහ චීනය ඉලක්ක කරගත් ගැටුමකට මාරුවීම ඇතුලත් ය.

ධනේශ්වර පුවත්පත් සිරස්තල, වරප්‍රසාදිත මධ්‍යම පන්තිය පිටුපස ගලතා ගත්, පාලක පන්තිය මත ඉහ වහා ගොස් ඇති අදූරදර්ශී යුද උන්මාදය හෙලිදරව් කරයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත බෙරිහන් දුන්නේ,'නැගෙනහිර පැත්තේ හමුදා වැඩි කිරීමට නැටෝව සැලසුම් කරයි'. ටයිම්ස් හි තවත් ලිපියක සඳහන් වුනේ, 'රුසියාව සහ එක්සත් ජනපදය යන දෙරටම සතුව අඩු විනාශකාරී න්‍යෂ්ටික අවි තිබේ-ඒවායේ බලය හිරෝෂිමා බෝම්බයේ බලයෙන් සුලු ප්‍රමානයක් පමනි, ඒවා භාවිතය සමහර විට අඩුවෙන් බිය උපදවන්නේ වුවත් සිතාගත හැකි මට්ටමේ ඒවා' ය.

ඔබාමා පාලනය යටතේ ජාතික බුද්ධි අංශයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂවරයෙකු වූ ඩේවිඩ් සී. ගොම්පර්ට්, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල කල තීරු ලිපියක මෙසේ ලිවීය, 'එක්සත් ජනපදයට, රුසියාවේ බිම් මට්ටමේ මූලෝපායික බාධක තවදුරටත් විනාශ කල හැකි, වඩා පැවතිය හැකි, නිවැරදි හා විශ්වාසදායක ප්‍රහාරක න්‍යෂ්ටික බලවේග තිබේ. එවැනි නිරායුධ කරන ප්‍රහාරවලින් බේරෙන රුසියානු මිසයිල කුමක් වුවත් එක්සත් ජනපද මිසයිල ආරක්ෂන පද්ධති විසින් අල්ලා ගනු ඇත.”

යුක්‍රේනයේ සීමිත යුද්ධයක් සඳහා වූ එහි සැලැස්ම අසාර්ථක වීමට මුහුන දී සිටින පුටින් තන්ත‍්‍රය, නැටෝව සිය ආරක්ෂක අවශ්‍යතා පිලිබඳව සාකච්ඡා කිරීමට කැඳවා ගැනීම සඳහා බලපෑම් කිරීම අරමුන කරගනිමින්, න්‍යෂ්ටික කඩුව වැනීම මගින් තමන් හසුකරගත් උගුලෙන් ගැලවීමට උත්සාහ කරයි. 'විශාල න්‍යෂ්ටික පිපිරීමකින්' අවසන් වන ඩිස්ටෝපියන් අර්බුදයකට ලෝකයට මුහුන දීමට සිදුවිය හැකි බව හිටපු රුසියානු ජනාධිපති සහ පුටින් සගයා වන දිමිත්‍රි මෙද්වදෙව් බදාදා ප්‍රකාශ කලේ ය.

දේශීය අර්බුද මාලාවකින් අවුලුවා තබන නැටෝවේ සාහසිකකම සහ රුසියාවේ මංමුලා සහගත භාවය අන්තර් ඡේදනය වීම රුසියාව තුල අසාමාන්‍ය ලෙස පුපුරන සුලු තත්වයක් නිර්මානය කර ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වූ මහජන යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම හරහා මෙම භයානක යුද උත්සන්නියට විරුද්ධ විය යුතුය.

සමාජ අසමානතාවයට හා සූරාකෑමට එරෙහිව ලොව පුරා කම්කරුවන්ගේ වැඩෙන ව්‍යාපාරයක් පවතී. යුද ධාවනයේ ප්‍රතිවිපාක, උද්ධමනය සහ මහජන දරිද්‍රතාවය පිලිබඳ විරෝධතා සහ වැඩ වර්ජන අවුලුවයි.

මෙය, පාලක පන්තියේ සාපරාධී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස පවතින කෝවිඩ්-19 වසංගතයේ බලපෑම සමග ඒකාබද්ධ වේ. එක්සත් ජනපදයේ පමනක් මිලියන 1 කට වැඩි ජනතාවක් ඇතුලුව ලොව පුරා මිලියන 6 කට වඩා වැඩි පිරිසක් මිය ගොස් ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන මෙම අරගල සමග බද්ධ කර, සමාජවාදය සඳහා සවිඥානික හා ජාත්‍යන්තර දේශපාලන ව්‍යාපාරයක් ලෙස වර්ධනය කල යුතුය. මෙයින් අදහස් කරන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එයට අනුබද්ධ සමාජවාදී සමානතා පක්ෂ සෑම රටකම ගොඩනැඟීමයි.

Loading