ගුරු වෘත්තීය සමිතියට එරෙහි විරෝධය වැඩෙද්දි ගුරුවරු 4,000 ක් බර්ලීනයේ දී සංකේත වැඩවර්ජනයකට සම්බන්ධ වෙති

(මෙය 4,000 teachers take part in warning strike in Berlin as mistrust of GEW trade union grows මැයෙන් 2023 පෙබරවාරි 09 දා පල වූ ලිපියේ පරිවර්තනය යි.)

පසුගිය 07 දා ජර්මනියේ, බර්ලින්හි ගුරුවරුන්, සමාජ අධ්‍යාපනඥයින් මෙන්ම පාසල් මනෝවිද්‍යාඥයින් 4,000ක් පමන අධ්‍යාපන හා ශිෂ්‍යත්ව සංගමය (අශිස) විසින් කැඳවන ලද සංකේත වැඩ වර්ජනයකට සහභාගී වූහ. බර්ලීනයේ රතු නගර ශාලාවේ සිට දුම්‍රිය ස්ථානය දක්වා ගමන් ගත් විරෝධතා පා ගමනකට ද ඔවුහු සම්බන්ධ වූහ. අශිස සමිතියේ නියෝජිතයෙක්, හරිත පක්ෂයේ මූල්‍ය සෙනෙට් සභික ඩැනියල් වෙස්නර්ගෙන් “පාසල් සහ වෘත්තීය පුහුනු පාසල්වල පන්ති කාමරයක ශිෂ්‍ය ප්‍රමානය පිලිබඳ රෙගුලාසි” සම්බන්ධ එකඟතාවන්ට එලඹෙන ලෙසට ඉල්ලා සිටියේ ය.

විරෝධතාවයට සම්බන්ධ වූ ගුරුවරුන්ගෙන් කොටසක් (ඡායාරූප:ලෝසවෙඅ)

සිසුන්ගෙන් පිරී ඉතිරි ගිය පන්ති කාමර සහිත පාසල්වල ඉහිලුම් නොදෙන කොන්දේසි පිලිබඳ ගුරුවරුන්ගේ පලල් කෝපය හේතුවෙන්, පසුගිය මාස කිහිපය තුල 8 වතාවක් විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීමට අශිස ට බල කෙරුනි. බදාදා, වෘත්තීය සමිතිය බර්ලින් ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මන්ඩලය නියෝජනය කරන පක්ෂවල අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශකයින් සමඟ සිදු කරන සාකච්ඡා ඇතුලු ව අරගලය විසුරුවා හරින තවත් ක්‍රියාමාර්ග නිවේදනය කලේ ය. වඩා හිතකර සේවා කොන්දේසි, වැඩ කන්දරාව අඩු කිරීම, පන්ති කාමරයක සිසුන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු කිරිම සහ “සෞඛ්‍ය රක්ෂනය පිලිබඳ සාමූහික ගිවිසුමක්” ඇති කර ගැනීම අශිස ඉල්ලීම් අතර වේ.

කෙසේ වෙතත්, ජර්මනියේ පමනක් මේ වන විටත් දෛනිකව පුද්ගලයින් 100 කට අධික සංඛ්‍යාවක් මිය යන කොරෝනා වෛරසයේ නිදහස් ව්‍යාප්තිය අශිස විසින් සඳහන් කර නැත. සමිතිය එය යට ගසන්නේ, විවිධ නිවාස තුලින් පැමිනෙන ලමුන්, වාතාශ්‍රය නොමැති පාසල් ගොඩනැගිලිවල අනාරක්ෂිතව රැස්කිරීම වසංගතය පැතිරීමේ ප්‍රධාන සාධකයක් බව සනාථ වී තිබිය දී ය.

ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජිකයන් වැඩ වර්ජන පාගමනට සහභාගී වූ අතර, අශිස හි සාකච්ඡා කිරීමේ සම්මුතිවාදී නියෝගය ප්‍රතික්ෂේප කරමින්, වැඩවර්ජනයේ යෙදෙන අනෙකුත් රටවල ගුරුවරුන් සමග එකතු විය හැකි වන සේ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරාපත් කර ගන්නා ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට යෝජනා කලේ ය. යුක්‍රේනයේ යුද්ධයට විරුද්ධ එකම පක්ෂය සසප පමනයි. අනෙකුත් කරුනු අතර, එය ජර්මානු හමුදාවේ විශේෂ යූරෝ බිලියන 100 ක අරමුදල අධ්‍යාපන හා සෞඛ්‍යය පිරිවැය සඳහා යොදවන ලෙස කැඳවුම් කල අතර, දැනට බර්ලිනයේ ගුරුවරුන්, තැපැල් සේවකයින්, හෙදියන් සහ පවිත්‍රතා කම්කරුවන් විසින් කරගෙන යන වැඩවර්ජන ඒකාබද්ධ කිරීමට සහ ජාත්‍යන්තරව පුලුල් කිරීමට සටන් කරයි.

සමාජවාදී සමානතා පක්ෂය සමග සංවාදයේ දී, වර්ජකයින් තම ඉල්ලීම් තවදුරටත් විස්තාරනය කරමින් අශිස හි පිටුපසට ඇඳීමේ භූමිකාව විවේචනය කල අතර, අශිස සමග ආසන්න සබඳතා පවත්වන ඊනියා රතු-කොල-රතු සෙනෙට් සභාව වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී/හරිත/වාම පක්ෂ ප්‍රාන්ත ආන්ඩුවේ කප්පාදු ප්‍රතිපත්ති හෙලා දුටුවේය.

2014 සිට බර්ලින්හි භාෂා ද්වීතියික පාසලක ලතින් සහ ඉංග්‍රීසි උගන්වන ගුරුවරයෙකු ලෙස සේවය කරන පීටර් පැවසුවේ “ගුරුවරුන් ලබන පුහුනුව කිසිදු ආකාරයකින් ඔවුන්ව එදිනෙදා වෘත්තිය සඳහා සූදානම් නොකරයි” යනුවෙනි. “ප්‍රායෝගික අධ්‍යයන වාරය සමඟ, මෙම තත්ත්වය තරමක් යහපත් වී ඇති නමුත්, ආරම්භයේ සිටම ඔබ වඩාත් ක්‍රියාශීලීව මෙම වෘත්තියට ගෙන ඒමට හැකිවනු ඇත්නම්, එවිට අනාගත ගුරුවරුන්ට එම තත්ත්වය කලමනාකරනය කිරීමට තමාට ශක්තියක් තිබේදැයි දැක ගත හැකි ය. වැඩි පිරිසකට වෘත්තිය සම්බන්ධ ඇල්මක් දැනුනේ නම්, බොහෝ දෙනෙක් පාසල් හැර ගිය ද, සමස්තයක් ලෙස නියමිත අධ්‍යාපනය කාලය සම්පූර්න කරන පිරිසේ අනුපාතය වැඩි වනු ඇත. නමුත් දිගුකාලීනවන මුදල් නොගෙවන විට පූර්න කාලීන අධ්‍යාපනයට බොහෝ දෙනා බිය ගන්වයි. ඔබට පොහොසත් දෙමාපියන් නොමැති නම්, ඔබ ඉගෙනුම ලබමින්මින් ම වැඩ කිරීම ද කල නො හැකි නිසා, අධ්‍යාපනයේ යෙදීමට ඇති ඉඩකඩ අඩුය“.

අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරුන්ගේ සමුලුව විසින් ගුරුවරුන්ගේ වැඩ ප්‍රමානය වැඩි කිරීම මගින් ගුරු හිඟයට “පිලියම් යෙදීමට” ගත් ප්‍රකෝපකාරී උත්සාහයට පීටර් ප්‍රතිචාර දැක්වීය: “වෙනත් මගක් නොමැති නිසා බොහෝ ගුරුවරුන් අර්ධකාලීන ලෙස සේවය කරති. එවිට ඔබට සිසුන්ට සාධාරනයක් ඉටු කල නොහැකි වීමෙන් ගුරුවරු අසරන වෙනවා. එය ඉගැන්වීම තවත් නරක අතට හරවනු ඇත. අපට පන්ති කුඩා වීමට අවශ්‍ය වන අතර පෞද්ගලිකව සිසුන් සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්වීමට අපට අවශ්‍යයි. කාලසටහන් අඩු කල නම්, අපට පූර්න කාලීනව වැඩ කල හැකිය. නමුත් සෑම ගුරුවරු දෙදෙනෙක් ගෙන එක් අයෙක්ම අදහස, ‘පැය ගනන අඩු නොකලහොත් මට රැකියාව කල නො හැකියි“ යන්නයි.

“වසංගතය අතරතුර, බොහෝ සිසුන්ට සැබවින්ම සමීප අධීක්ෂනයක් අවශ්‍ය බව මම අත්දැක්කා,” පීටර් තවදුරටත් පැවසීය. “ඉතා හොඳ සිසුන් පවා ගැටලු වලට මුහුන දෙනවා, වැඩපැටවීම සහ ඉලක්ක හඹා යෑමට බල කිරීම ප්‍රමානවත් වෙන්නේ නෑ”.

යුක්‍රේන හමුදාවට ජර්මානු ටැංකි ලබා දීම සහ ජර්මන් මිලිටරිය තවදුරටත් සන්නද්ධ කිරීම ගැන පීටර් මෙසේ පැවසීය: “මෙහි ඇති හොඳේ මොකක් ද? කාටවත් යුද්ධය අවශ්‍ය නැහැ. අවි සම්පාදනය යුද්ධය තවත් තීව්‍ර කරන බව මට විශ්වාසයි.”

59 හැවිරිදි මරියානා යුරෝපයේ පාසලක සේවය කරන අතර වයස නිසා සේවය ස්ථීර නොකල ගුරුවරුන් සඳහා වන්දි ඉල්ලා සිටියා ය. “මට 2030 දක්වා වැඩ කිරීමට සිදු වුවද, මගේ වයස අවුරුදු 50 ට වැඩි බැවින් මට සිවිල් සේවකයෙකු ලෙස සේවා කාලය ලබා ගත නොහැක. ඔබට යූරෝ 3,00 ක වන්දි මුදලක් ලබා ගත හැක්කේ පූර්න කාලීනව වැඩ කලහොත් පමනි, එය කිසිවෙකුට කරන්න බෑ. යුරෝපා සම්මතය අනුව පාසලක පාඩම් විනාඩි 40 කට කෙටි වෙනවා, නමුත් පූර්න කාලීන තනතුරකට සතියකට පාඩම් 32 ක් ඇතුලත් වෙනවා. කිසිවෙක් එය කරන්නේ නෑ. තත්ත්වය වෙනස් නොවන්නේ නම්, ස්ථීර සිවිල් සේවකයන් සඳහා ලැබෙන සියයට 70 ක විශ්‍රාම වැටුපක් වෙනුවට තමන්ට ලැබෙන්නේ තමන්ගේ අවසන් ශුද්ධ වැටුපෙන් සියයට 40 ක විශ්‍රාම වැටුපක් පමනක් බව මරියානා අවධාරනය කලා ය. “මගේ බොහෝ සගයන් යුරෝපයේ අය නොවේ, දකුනු ඇමරිකාවේ චිලී, පැරගුවේ, උරුගුවේ සහ ආර්ජන්ටිනාවෙ අය වන අතර ඔවුන්ට කොපමන වයසක සිටියත් රැකියාව ස්ථීර කර ගත නොහැකියි,” ඇය තවදුරටත් කියා සිටියා ය.

නම සඳහන් නො කල ගුරුවරියක්, අසමාන ලෙස සැලකීම සහ කාර්ය මන්ඩලය රැස්වන කාමරයේ පවතින “පංති දෙකේ සමාජය” යන බෙදීම නැති කොට සිවිල් සේවකයන් ලෙස ස්ථීර ගුරුවරුන් සහ අනෙකුත් ගුරුවරුන් අතර “ජාලය” ඇති කිරීමට ගත් උත්සාහය ගැන වාර්තා කලා ය. ඇය සහ අනෙකුත් සගයන් සමග මෙම අභිප්‍රාය ඇතිව වගකිවයුතු අශිස නියෝජිතයා වෙත පැමිනි විට, ඔහු එය ප්‍රතික්පේප කරන ආකාරයෙන් ප්‍රතිචාර දැකු වූ අතර “නිදහසට කරුනු ඉදිරිපත් කරමින් අපව මග හැරීමට උත්සහ කලා“ යයි ඇය පැවසුවා ය.

ඈන් විවිධ පසුබිම්වලින් පැමිනෙන ලමුන් සමඟ ගොනු කිරීමේ පංති කිහිපයක් පවත්වයි. “ඔබ දරුවන්ට තමන් වෙනුවෙන් දේවල් අත්විඳීමට අවශ්‍ය අවකාශය ලබා දිය යුතු” යැයි ඇය පැවසුවාය. “මේ සඳහා පාඩම් සංඛ්‍යාව සහ පන්තිවල ශිෂ්‍ය ප්‍රමානය අඩු කල යුතුයි. බොහෝ පන්තිවලට ගුරුවරුන් දෙදෙනෙකු අවශ්‍ය වෙනවා. ඉගෙන ගත් දේ ක්‍රියාත්මක කිරීමට පාසල්වල ප්‍රායෝගික පුහුනුවීම් කාමර ද අඩුයි. එපමනක් නොව, දශක ගනනාවක් තිස්සේ විෂයමාලාව ද වෙනස් කර නැත. ඈන් මීට පෙර ද්විතීක අංශයේ ඉගැන්වීම් සිදු කල අතර යුක්‍රේනයේ, සිරියාවේ, ඝානාවේ සිට පැමැනි බොහෝ දරුවන්ගේ පවුල් යුද්ධයෙන් සහ දරිද්‍රතාවය හේතුවෙන් මෙහෙ පැමින ඇති බව පැහැදිලි කලා ය.

ඇයගේ “නිදහස් අසාන්ජ්” ලාංඡනය ගැන විමසූ විට ඈන් නේටෝ රටවල යුද පිලිවෙත විවේචනය කරමින් මෙසේ පැවසුවාය: “මම ජූලියන් අසාන්ජ් නිදහස් කිරීමට පක්ෂයි. දූෂන හා යුද අපරාධ පිලිබඳ රහස් ලේඛන ප්‍රසිද්ධ කිරීම නිසා ඔහුව සිරගත කරලා. දේශපාලකයින් උනන්දු විය යුත්තේ සියල්ලන්ගේම යහපත උදෙසා වූවත් ඔවුන් ක්‍රියාත්මක වන්නේ සුලු පිරිසකගේ බල උවමනා වෙනුවෙනුයි. ඒක වෙනස් වෙන්න ඕන. යුක්‍රේනයේ සහ ලොව පුරා, සාකච්ඡාව පලමු තෝරා ගැනීම විය යුතුය. ජර්මන් මිලිටරිය තර කරන්න වැය කරන මුදල් තවත් බොහෝ දේ සඳහා යෙදවිය හැකිය. ආයුධ නිපදවන ඕනෑම අයෙකු අවසානයේ ඒවා භාවිතා කරනු ඇත. එතකොට තවත් මරනත් කාලකන්නිකමත් වැඩි වෙනවා.”

බර්ලින් සෙනෙට් සභාවේ ප්‍රතිපත්තියට ගුරුවරු කිහිප දෙනෙක් කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ. “මෙම වැරදි ප්‍රතිපත්තිය වසර ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙනවා” එක් ගුරුවරියක් පැවසුවාය. 'අපිට අධ්‍යාපනයේ මේ බරපතල ප්‍රශ්න තියෙන්නේ ඒකයි.' පාලක පක්ෂ තමන් “සම්පූර්නයෙන් රවටා” ඇති බවත් ඔවුන් කෙරෙහි කලකිරී සිටින බව තවත් අයෙක් පැවසීය. වසර 11ක් සිවිල් සේවයේ යෙදුනු මේ වන විට නියුකොල්න්හි ප්‍රාථමික පාසලක සේවය කරන මාර්ටිනා “අපිට යුද ටැංකි රටින් පිට යැවීම ගැන නැවත සාකච්ඡා කරන්න වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ” යනුවෙන් යුද්ධයට සිය විරුද්ධත්වය පල කලා ය.

මයිකල් රංග ශාලාවක සේවය කල නමුත් දැන් ගුරුවරියක් වීමට කටයුතු සූදානම් කරමින් සිටී. ඇගේ ගුරු පුහුනුවට අමතරව, ඇය දැනටමත් ප්‍රාථමික පාසලක සේවය කරයි. “එය විවිධ වයස්වල දරුවන් එකිනෙකාට උපකාර කිරීම ගැන උගන්වනවා. “නමුත් සියලුම දරුවන්ට ප්‍රතිචාර දැක්විය හැකි කුඩා පන්ති කාමර තිබුනොත් පමනයි එය ක්‍රියාත්මක කල හැක්කේ. ගුරුවරුන්ට, එය අභියෝගයක්. වර්තමාන ස්වරූපයෙන් එය බොහෝ දරුවන් අතරමං කරනවා” යයි ඇය පැවසුවාය.

“ලමයින් 28 ක් වෙනුවට 22කට වඩා වැඩි නොවිය යුතුය. අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් තමා හොඳ ඒ උඩ සෑම ස්ථානයක් ම විශිෂ්ට වනු ඇත. කොවිඩ් වසංගතය තුල සිදුකල පන්ති කාමර කොටස් කිරීම අදටත් ගොඩක් හොඳයි. ගුරුවරුන් බොහෝ විට සවස් වන තුරු වැඩ කරන නමුත් බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නෑ. එය යථාර්ථවාදී නොවන අතර වෘත්තීය පරිවර්තනයක කොටසක් ලෙස පුහුනුව ලබා ගැනීමට විශාල උත්සාහයක් දරනවා. දැනටමත් මම අධ්‍යාපන කටයුතු අමාරුවෙන් සිදු කරනවා, මානසික පීඩනය පෙන්වන අයත් සිටිනවා. ගෙදර කුඩා දරුවන් සිටින අයට මෙම පීඩනය දරා ගන්න බෑ. .

“පසුගිය දශක කිහිපය තුල හමුදාවට කොතරම් නම් මුදල් වෙන් කොට ඇත් ද, මම හිතන්නේ අධ්‍යාපනයට වැඩි සහයෝගයක් සහ තවත් විශාල මුදලක් අවශ්‍යයි. අධ්‍යාපනික සහායකයින්, සවස් කාලයේ පුහුනු කිරීම් යනාදියට තවදුරටත් අවකාශයන් පුලුන් කරමින් වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගත යුතුයි. යුරෝ බිලියන 100 සමඟින්, තරුනයින්ට නිවාස සහ අවස්ථා නිර්මානය කල යුතු යි.

මම ඇත්තටම අශිස හි මිතුරෙක් නොවේ. මම එහි සිටියේ මාස කිහිපයක් පමනක් වන අතර ඔවුන් ස්ථිරව නොසිටින නිසා මම ඉන් ඉවත් වුනා. අපි සාමුහිකව සාකච්ඡා කර ඒකාබද්ධව සටන් කල යුතුයි. සෑම වෘත්තියකටම තනිවම ගමන් කල නොහැක. අශිස කථිකයෙක් මෑතකදී පැවසුවේ: “අපි ලොකුම කොටස දිනාගත යුතුයි. නමුත් මම පෞද්ගලිකව වැඩි මුදලක් ගැන උනන්දු වෙන් නෑ. විවිධ අංශවල වෙනස්කම් කිරීම අවශ්‍යයි. වත්මන් වැඩවර්ජන ගත්තම ඒවා ගොඩක් විසිරුනු වැඩ වර්ජන, ඒවා මට නුපුරුදුයි” යනුවෙනි.

Loading