කම්කරු අරගල - යුරෝපය

පෘතුගීසි දුම්රිය කම්කරුවෝ වැටුප්, සේවා කොන්දේසි සහ ආරක්ෂාව ඉහල දමන ලෙස ඉල්ලා නව වර්ජන  මාලාවක් අරඹති 

පෘතුගාලයේ දුම්රිය කම්කරුවන් සෙනසුරාදා ආරම්භ කරන ලද ජාතික මට්ටමේ නව වැඩවර්ජන මාලාව අප්‍රේල් මාසය පුරා වර්ධනය වීමට නියමිතය. රාජ්‍ය දුම්රිය සමාගම වන “කොම්බොයුෂ් ඩි පූර්ටුගල්” (සීපී) හි සේවය කරන රියදුරන් සහ කොන්දොස්තරවරුන්, අර්ධ වැඩ වර්ජනයන් හි (වරුවක වර්ජන, අකුරට වැඩ කිරීම, මන්දගාමීව වැඩෙහි යෙදීම ආදී පියවර-පරිවර්තක) ‌යෙදෙනු ඇත.

මෙම වර්ජන රැල්ල දැනටමත් දුම්රිය සේවාවන් සියගනනක් අවලංගු කිරීමට තුඩු දී ඇති බව පෘතුගාලයේ ජාතික පුවත් ඒජන්සිය වන ලූසා වාර්තා කලේය.

සීපී කම්කරුවෝ ඵලදායි පඩි වැඩිකිරීම්, සේවා කොන්දේසිවල වර්ධනයන් සහ නිසි අයුරින් නඩත්තු කටයුතු පවත්වගෙන යෑම ඉල්ලා සිටිති. අප්‍රේල් 6 වනදා, රජය සතු දුම්රිය යටිතලපහසුකම් සපයන සමාගම වන “ඉන්ෆාඉස්ත්‍රැතූරා ඩි පෘතුගාල්”හි කම්කරුවෝ ද තම වැටුප් වැඩි කරගැනීම සඳහා පැය 24ක වර්ජනයක නිරතවූහ.

ග්‍රීසියේ ගුරුවරු ගයීමේ ක්‍රියාවලියට එරෙහි ව අර්ධ-වර්ජනඅරඹති

නව ක්‍රමවේදයකටය අනුව පාසැල් සහ ගුරුවරුන් වර්ගීකරනය කිරීමට එරෙහිව ග්‍රීසියේ ගුරුවරුන් අප්‍රේල් 3 දා සිට දෛනිකව පැය තුනක කාලයක් තම සේවා වලින් ඉවත් වීම ආරම්භ කර ඇති බව ලිෆෝ මාධ්‍ය වාර්තා නලේය. මෙම අර්ධ- වැඩ වර්ජන කැඳවා ඇත්තේ ගුරු වෘත්තීය සමිති සම්මෙලනය විසිනි.

ක්‍රමිකව සිදු කරන ලද කප්පාදුවල සිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ගැටළු සම්බන්ධයෙන් වන දෝෂාරෝපනය තමා මතපැටවීම නව ක්‍රමවේදයෙන් අපේක්ෂිත බව පවසමින් ගුරුවරු එය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ වෙති.

වසරකට අධික කාලයක් තිස්සේ, මෙම ඇගයීම් වර්ජනය කිරිම් සහ ප්‍රතික්ෂේප කිරීම් ගනනාවක ගුරුවරුන් නිරතවූ නමුත් වෘත්තීය සමිති නායකයෝ ඒවා කෙටි හා අර්ධ වැඩවර්ජනවලට පමනක් සීමා කලහ. අප්‍රේල් 3 වනදා සිට 28 දක්වා පැය තුනේ වැඩවර්ජන මාලාවක් ගුරු වෘත්තීය සමිති සම්මේලනය විසින් කැඳවා ඇති නමුත් මෙයින් බොහෝ දින ගනනක් පාස්කු නිවාඩු දිනයන්ය.

ග්‍රීක ගුරුවරුන් තම නව ක්‍රමවේදය සංසන්දනය කර ඇත්තේ පුලුල් ලෙස අවඥාවට ලක්වීඇති බ්‍රිතාන්‍යය ඔිෆ්ස්ටඩ් පරීක්ෂනය සමගය. ඔිෆ්ස්ටඩ් පරීක්ෂකවරුන්ගේ ගේ අප්‍රමානවත් ඇගයීම් වාර්තාවකට අනුව පාසැලේ දරුවන්ට යෝග්‍යවූ ආරක්ෂාවක් නොමැති බවට චෝදනා ලැබූ පාසැලේ ප්‍රධානාචාර්යවරියක වන රූත් පෙරී සියදිවි හානිකර ගැනීම හේතුකොට ගෙන බ්‍රිතාන්‍යය ගුරුවරු ඔිෆ්ස්ටඩ් ආයතනයට එරෙහිව විරෝධතා පවත්වති. එය ඉතා “සීමිත.” සහ “සංවේදිවාදී” (මහජනතාවගේ හැඟීම් ප්‍රකුපිත කරන -පරිවර්තක) වාර්තාවක් බව පෙරීගේ සොහොයුරිය කියා සිටී.

Loading