සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ එක්සත් රාජධානියේ යුද විරෝධී රැස්වීම් පවත්වයි

[මෙය International Youth and Students for Social Equality holds anti-war meetings in the UKයන මැයෙන් 2023 ‌අප්‍රේල් 09 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සිය “යුක්‍රේනය තුල යුද්ධය සහ එය නතර කරන්නේ කෙසේද: රුසියාවට එරෙහිව එක්සත් ජනපද නැටෝ යුද්ධයේ ඓතිහාසික සහ දේශපාලන මූලයෝ” ජාත්‍යන්තර යුද විරෝධී උද්ඝෝශනයේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ මාර්තු 18 සිට 28 අතර කාලයේදී ප්‍රසිද්ධ රැස්වීම් පහක් පැවැත්වීය.

මෙම රැස්වීම් ස්කොට්ලන්තයේ උද්ඝෝශනයක් හරහා පැවත්වුනු ඔන්ලයින් රැස්වීමක්ද ඇතුලුව ලීඩ්ස්, මැන්චෙස්ටර්, ලන්ඩන් සහ ශෙශීල්ඩ් නගර වල පැවැත්වුනි. රැස්වීම් වලදී සමාජවාදී සමානතා පක්ෂයේ(සසප) ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් සහ සහකාර ලේකම් තොම් ස්ක්‍රිප්ස් කතා පැවැත්වූහ.

මැන්චෙස්ටර් රැස්වීම ආමන්ත්‍රනය කරන ක්‍රිස් මාස්ඩන්

“මෙම යුද්ධයට එරෙහිව බ්‍රිතාන්‍යයේ යුරෝපයේ සහ ලෝකය පුරා සිටින සෑම කම්කරුවෙක්ම, සෑම තරුනයෙක්ම බලමුලු ගැන්වීමට වඩා හදිසි සහ බලගතු” කිසිදු ප්‍රශ්නයක් නොමැති බව මාස්ඩන් සහ ස්ක්‍රිප්ස් පැහැදිලි කලහ.

වර්තමානයේ දී “යුරෝපියානු භූමිය තුල න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙක් ඒකාග්‍ර කරගනිමින් දෙපාර්ශවයෙන්ම අවම වශයෙන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කරමින් ගෙනයන යුද්ධයට” එරෙහි කිසිදු ව්‍යාපාරයක් නැත. “මෙය සිය රට විනාශ කිරීම මගින් යුක්‍රේනියානු වැසියන් මිලියන ගනනින් සරනාගතයින් බවට පත් කොට ඇති අතර අප කිසිවෙකු මෙතෙක් දැක නැති දරුනුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ බිලියන සිය ගනනක් වියදම් කර ඇත.”

මෙම අන්තරායකාරී තත්වය වෙනස් කිරීම යන්නෙ හි අර්ථය වනුයේ, යුද කාමී මාධ්‍ය විසින් පතුරුවන බොරු හෙලිදරව් කිරීම මගින් පැතිරී තිබෙන ව්‍යාකූලත්වයන් කපා හැරීම පමනක් නොව, “අතීත යුද විරෝධී ව්‍යාපාර අසමත් වූයේ මන්ද සහ කුමන ආකාරයේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුද යන්න පැහැදිලි කරමින් යුද කාමී ධනපති පක්ෂ සහ ඒවායේ ශාස්ත්‍රාලීය සහ ව්‍යාජ වාම උපදේශකයන් සහ ක්ෂමාලාපකයන්ට” අභියෝග කිරීමකි. “මන්ද කිවහොත් අවසානයේදී සියල්ල රඳා පවතින්නේ දේශපාලන නායකත්වය මත නිසාය.”

රැස්වීමට ඉදිරිපත් කෙරුනු වාර්තාවෙන් “මෙම යුද්ධය දියත් කිරීම සඳහා අධිරාජ්‍යවාදීන් විසින් ගොතනු ලබන සියලු සාධාරනීකරනයන් ව්‍යාජයන්” බව පැහැදිලි කෙරිනි. එක්සත් ජනපදය නේටෝ සහකරුවන්ගේ සහය සහිතව දියත් කල මෙම අධිරාජ්‍යවාදී යුද්ධයේ එල්ලය වන්නේ “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දීර්ඝ කාලීන ආර්ථික පරිහානිය ආපසු හැරවීම සහ වැඩෙන අභ්‍යන්තර ආතතීන් මර්දනය කිරීම, ගෝලීය අධිකාරය ආරක්ෂා කරගැනීම සඳහා ලෝක වෙලඳපොල සහ මූලෝපායික සම්පත් නව ආකාරයකින් බෙදා ගැනීමයි”

සෝවියට් සංගමය 1991 දී බිඳ විසුරුවා හැරීම ඇමරිකාව දැකගත්තේ ඒක ධ්‍රැවීය ලෝක පර්යාය - සිය අනභියෝගී ගෝලීය අධිකාරය ස්ථාපිත කිරීමට ලැබුනු අවස්ථාවක් ලෙසය. “1991 පටන්, එක්සත් ජනපදය විසින් සියලුම නැගෙනහිර යුරෝපීය රටවල්වලට පාහේ සහ සහ රුසියාව මායිමේ පවතින සියලු රාජ්‍යයන්ට නැටෝ මිලිටරි සන්ධානය මැදිහත් කොට ඇත. යුක්‍රේනය නැටෝ සංවිධානයේ බලපෑම් ක්ශේත්‍රයට ගෙන ඒම, රුසියාව අඩපන කිරීම හරහා එහි දැවැන්ත ස්වභාවික සම්පත් වල සෘජු අධිකාරිය තහවුරු කර ගැනීමට මග පාදන සුපිරි ත්‍යාගය සහ චෙස්පුවරුවේ අවසාන ඇදීමයි”

'සම්පූර්න යුරේසියානු භූමියෙහි තථ්‍ය පාලනය සුරක්ෂිත කිරීමමෙන් පසු චීනය සමග යුද්ධයට සහ ඇමරිකාවේ විශාලතම ආර්ථික අභියෝගකරුවා ඉවත් කිරීමට සූදානම් වේ.'

මෙය කිසිම ආකාරයකින් “රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීම සාධාරනීකරනය කිරීමක් හෝ යුක්ති සහගත කිරීමක් නොකරයි”.

පුටින් නියෝජනය කරන්නේ ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව බිහිවුනු, “සෝවියට් සංගමයේ සියලු දේපල අත්පත් කරගෙන සිටින සහ ඒවායේ කම්කරු පන්තියේ වියදම මත විශාල වශයෙන් ධනවත් වුනු” “මාෆියාව වැනි කතිප්‍යාධිකාරීන්ගෙන් යුතු රෙජිමයයි”.

“මේ අපරාධකරුවන් සහ ඔවුන්ට සේවය කරන රාජ්‍ය උපකරනයේ නියෝජිතයින් මුග්ධ ආකාරයෙන් විශ්වාස කරන්නේ ඇමරිකාව සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් ඔවුන්ට එම බලවතුන් අතර තැනක්, ලෝක වෙලඳපොල ගෞරවනීය ස්ථානයක් සහ එහි අවස්ථාවකදී නෙටෝ සංවිධානයේ සාමාජිකත්වයම දෙනු ඇති බවයි! ඔවුන් සිතන්නේ, ධනය ගොඩගසාගැනීම හරහා ඇතිකරගත් සිය නව ස්ථානය මගින් එය ලබා ගනු ඇති බවයි.”

'මෙය රුසියානු හා යුක්‍රේන කම්කරු පන්තිය කටුක වන්දියක් ගෙවීමට සිදුව ඇති මිරිඟුවක් පසුපස ලුහුබැඳීමක් බව ඔප්පු වී ඇත.'

තුන්වැනි යුද ටැංකි බලකායේ යුක්‍රේන සොල්දාදුවෝ, යුද්ධය ආරම්භ වී වසරක් ගතවීමට පෙර දින, එනම් 2023 පෙබරවාරි 23 බ්‍රහස්පතින්දා යුක්‍රේනයෙහි කාර්කිවු ප්‍රදේශයේ අභ්‍යාසවලට සහභාගි වෙති. (ඒපී ඡායාරූප/ වඩිම් ගිර්දා)

“එක්සත් ජනපදය සහ නැටෝ සංවිධානයෙන් එන පැවැත්ම සඳහා තර්ජන වලට” පුටින්ගේ පිලිතුර වී ඇත්තේ “සාර්වාදයේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් පුනර්ජනනය කරමින් සහ ස්ටැලින්වාදී නිලධරයේ ජාතිකවාදී ප්‍රති කොමියුනිස්ට්වාදය ඇතුලුව යුක්‍රේනයට එරෙහි මහා රුසියානු ස්වෝත්තමවාදයට ආයාචනා කරමින් ජාතික පරිමාන යුද්ධයක් බලමුලු ගැන්වීමයි”

සසප සහ සසජාතශි, “විප්ලවවාදී මාක්ස්වාදයේ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ සම්ප්‍රදායන් මත පාදක වෙමින්, පුටින්ගෙන් හෝ සෙලෙසන්සිකිගෙන් යුද්ධය සඳහා ඉදිරිපත් කෙරෙන“ජාතික ආරක්ශාව” යන යල්පැන ගිය සංකල්පය මත පදනම් වන මෙම සියලු යුක්ති සහගත කිරීම් ප්‍රතික්ශේප කරයි. අපි පෙනී සිටින්නේ දෙපාර්ශවයේම යුද පිලිවෙත් වලට එරෙහිව යුක්‍රේනියානු සහ රුසියානු කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය වෙනුවෙනි.”

“මෙය සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ සසජාතශි සමග සහයෝගීව රුසියාවේ තරුන බොල්ෂෙවික්-ලෙනින්වාදී නියාමකයෝ කන්ඩායම රුසියාව සහ යුක්‍රේනය තුල සක්‍රියව සටන් වදිමින් සිටී. මෙය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සියලු කම්කරුවන් බලමුලු ගැන්වීම සඳහා සටනේ නවතම වර්ධනයයි.”

යුද්ධයට එරෙහි කිසිදු සටනක් “යුද්ධය නැවැත්වීම සඳහා සභාගය විසින් දිගු කලක් යෝජනා කරන පරිදි කම්කරු පක්සයේ හෝ වෘත්තීය සමිතිවල “වාම” ලෙස හැඳින්වන කන්ඩායම් මත පදනම් ව” ගෙනයා නොහැකි බව කථිකයෝ පැහැදිලි කලහ.

“ටෝරී ආන්ඩුවට යුද්ධය කරගෙන යාමට හැකියාව සහ ලේබර් පක්ෂයේ ස්ටාමර්ගේ යුද ගැති නායකත්වය යන දෙකම ජෙරමි කෝබින් විසින් සහති කලේය. ඔහු පක්ෂයට නායකත්වය දුන් අවස්ථාවේ දක්ශිනාංශික බ්ලෙයාර් කන්ඩායම පක්ෂයෙන් නෙරපා හැරීම ප්‍රතික්ෂේප කල අතර කෝබින් ටෝරීන්ට විරුද්ධව සටනට නායකත්වය දෙනු ඇතැයි බලා සිටි මිලියන සංඛ්‍යාත ජනයා පාවා දුන්නේය.

“අද ඔහුව ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු කන්ඩායමෙන් පිටමන් කර ඇති අතර නැවත ඒ තැන ලබාදෙන මෙන් ආයාචනා කරයි. ඔහුගේ ප්‍රධාන සහායකයන් එක්කෝ නේටෝවේ යුද්ධයේ විවෘත ආධාරකරුවන් ය, නැතහොත් කිසිවක් කීමට සූදානම් නැති බියගුල්ලන් ය.'

ජෝර්ජ් ගැලෝවේ විසින් නායකත්වය දෙන මෑතදී පිහිටුවන ලද නැටෝව එපා (නෝටුනැටෝ) ව්‍යාපාරය දේශපාලනික වශයෙන් බංකොලොත් වන අතර, එය චීනය විසින් නායකත්වය දෙන “රුසියාව සහ ඉන්දියාව ඇතුලු ධනවාදයේ 'නැඟී එන බලවතුන්' පිටුපසින්, විශේෂයෙන්ම ට්‍රම්ප් ගේ කන්ඩායමේ සිට සිට දක්ෂිනාංශික ප්‍රවනතා සහ පුද්ගලයන් සමග ගෝලීය සන්ධානයක් වෙනුවෙන් පෙනී සිටී. එය බහු ධ්‍රැවීය ලෝකයක් විවෘත කර ලෝක සාමය ඇති කරන බව කියයි.

මෙය “යුද්ධ තර්ජනයෙන් බියට පත් නමුත් කම්කරු පන්තියේ එම තර්ජනයට එරෙහිව අරගලයකට සතුරු වන සහ ධනේශ්වර පද්ධතියේ දිගුකාලීන ශක්‍යතාව පිලිබඳ සැබෑ අසීමිත විශ්වාසයක් ඇති ඉහල මධ්‍යම පන්තියේ ස්ථරයක ආස්ථානය ප්‍රකාශ කරයි. ”

නව යුද විරෝධී ව්‍යාපාරය සඳහා සසජාතශිහි ඉදිරි දර්ශනයෙහි කේන්ද්‍රීය මූලධර්මය වනුයේ “ධනපති පංතිය යුද්ධය සඳහා ධාවනය කරන ප්‍රතිවිරෝධයන්ම -සිය ගෝලීය අධිකාරය සුරක්ශිත කර ගැනීම හරහා ලාභ පද්ධතියේ අර්බුදය විසඳීම සඳහා අවශ්‍යතාවය- කම්කරු පන්තියේ අරගලයන්ට තල්ලුව සපයමින් සමාජවාදය සඳහා සටනේ පදනම ඇතිකරන බවයි”

ධනවාදයේ අර්බුදය මගින් ඉල්ලා සිටින කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය සහ ආර්ථිකය මිලිටරීකරනයේ අවශ්‍යතාවය දැනටමත් “ලෝක පරිමානවම මහා වැඩ වර්ජන සහ විරෝධතා වල වර්ධනයට ඉන්ධන සපයා ඇත”- එක්සත් රාජධානියේ වර්ජන රැල්ලද ඇතුලත්ව: ආන්ඩුවල ප්‍රහාර වලට එරෙහි ප්‍රතිප්‍රහාරයේදී “ප්‍රංශයේ සහ ලංකාවේ කම්කරු පන්තිය දැනටමත් දියත් කර ඇති සටන් වලදී, අප දකින්නේ ධනපති රාජ්‍යය සමග විවෘත විප්ලවවාදී ගැටුමක ආරම්භකත්වයන්‍ ය. එය වර්ධනය වනු ඇත්තේ සහ තීන්දු කරනවා ඇත්තේ මනුෂ්‍ය වර්ගයාගේ ඉරනම කුමක්වනු ඇත් ද යන්නයි: සමාජවාදයද නැතිනම් ම්ලේච්ඡත්වයද”

2023 පෙබරවාරි 7 වනදා පැවැත්වුනු ප්‍රංශය තුල විශ්‍රාම යෑමේ වයස වෙනස් කිරීමේ වැඩ කටයුතු වලට එරෙහිව සටන් වලදී විරෝධතාකරුවන්ගේ පාගමනක්. [AP Photo/Michel Euler]

සැබෑ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් විය යුතුය: “සැබෑ යුද විරෝධී ව්‍යාපාරය කම්කරු පන්තියේ සෑම අරගලයක් තුලම මැදිහත් වෙමින්, ධනපති පන්තියට එහි සෑම ආන්ඩුවකටම, පක්ෂ සහ රාජ්‍යයේ උපකරන වලට එරෙහිව, සියලු රටවල කම්කරු පන්තිය සහ තරුනයින් සමාජවාදය සඳහා අරගලය තුල ඒකාබද්ධ කරයි”

රැස්වීම් තුල දී පුලුල් පරාසයක සාකච්ඡා පැන නැගුනි.

ලීඩ්ස් හීදි, තරුන යුක්‍රේනියානු ශාස්ත්‍රාලිකයෙක් මෙම යුද්ධයේ අවසානය පවතින්නේ රුසියාව පරදා ජයග්‍රහනය කිරීම මතද යනුවෙන් විමසා සිටියේය. මාස්ඩන් පිලිතුරු දුන්නේ යුක්‍රේනියානු “ජයග්‍රහනයක්” කෙබඳු වනු ඇතිද යනුවෙන් විමසමිනි.

යුක්‍රේනියානු කම්කරුවන් එක්සත් ජනපදය සහ නැටෝ විසින් කාලතුවක්කු වලට දමන උන්ඩ ලෙස භාවිතා කරනු ලැබ, දෙපිලේම විශාල සංඛ්‍යාවක මරන සිදුවන යුද්ධයකදී වැනසි යනු ඇත. එකම පිලිතුර කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය සඳහා සටන් වැදීමයි. තරුන ශාස්ත්‍රාලිකයා ඊට දුන් පිලිතුරේදී ඔහු මෑතකදී යුක්‍රේනයට ගිය අවස්ථාවේ දී මරන රේට්ටුව නිල සංඛ්‍යා ලේඛන වලට වඩා ඉහල බවට දැනගන්නට ලැබුනු බව පැහැදිලි කලේය.

මැන්චෙස්ටර් හිදී, කොලොම්බියාවේ ශ්‍රාවකයෙක් යුක්‍රේනියානු ජනතාව රුසියානු සහ චීන ආඥාදායකත්වයට වඩා ඇමරිකා සහ එක්සත් ජනපද ආධිපත්‍යය “අඩු නපුර” ලෙස තෝරා නොගත්තේද? යනුවෙන් විමසා සිටියේය.

මාස්ඩන් ඊට පිලිතුරු දුන්නේ ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ ඓතිහාසික සහ දැන් සිදු කරන අපරාධයන් ඔවුන් “අඩු නපුර” වීය යන ඕනෑම සැඳහුමක් ප්‍රතික්ශේප කරන බව සහ එම ස්ථාවරය නව ලෝක යුද්ධයක තර්ජනයට එරෙහිව කම්කරු පන්තිය නිරායුධ කිරීම සඳහාම පමනක් හේතුවන බව සඳහන් කරමිනි. ඕනෑම පාර්ශවයක ජයග්‍රහනය යුක්‍රේන කම්කරු පන්තියේ බිහිසුනු වියදමින් දිනාගනු ඇති අතර එය මීටත් වඩා රුදුරු ත්‍රීව්‍රතාවයකින් යුතුව නව ගැටුමක පුපුරා යෑමට හිතකර වේදිකාවක් වනු ඇත.

යුක්‍රේනියානු කම්කරු පන්තියට සසජාතශි ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය පිලිබඳ පැනයක් මතුවුනි. මාස්ඩන් පිලිතුරු දුන්නේ ප්‍රධාන කර්තව්‍ය වන්නේ සමාජවාදී ව්‍යාපාරය අතීතයේ සෝවියට් සංගමය පැතිරුනු ප්‍රදේශ තුල යලි ගොඩනැගීම හරහා රුසියානු සහ යුක්‍රේන කම්කරු පන්තිය අතර තිබුනු සම්බන්ධය, ස්ටැලින්වාදය විසින් සුනු විසුනු කල ඔවුන් කලක් දරා සිටි දේශපාලනික සම්ප්‍රදායන්ද සමග යලි ස්ථාපිත කිරීම බව කියමිනි.

ශ්‍රාවකයන් අතර සිටි වියට්නාමයේ සිට පැමිනි අයෙක් ඇමරිකා එක්සත් ජනපදය , සිය රට තුල කරන ලද අපරාධයන් පිලිබඳ සඳහන් කරමින් එය “අඩු නපුර” බවට කල ප්‍රකාශය හෙලා දැක්කේය.

ග්ලාස්ගොව් හීදි, සාකච්ඡාව කේන්ද්‍රගත වූයේ කම්කරු පන්තිය තුල යුද්ධයේ සහ එහි දේශපාලනික සහ ඓතිහාසික මූලයන් පිලිබඳව අවබෝධය වැඩිකිරීමට සමාජවාදීන් කෙසේ මැදිහත් විය යුතුද යන්න මතය.

මෙම අදියරේදී යුද්ධයට සීමිත විරුද්ධත්වයකට සීමා කෙරෙන ඕනෑම අධෛර්යසම්පන්න ප්‍රතිචාරයකට එරෙහිව සටන් කල යුතු බව ස්ක්‍රිප්ස් තර්ක කලේය. පවතින දේශපාලන සහ ඓතිහාසික විඥානයේ මට්ටම, -කම්කරු පන්තිය සහ අව්‍යාජ මාක්ස්වාදය දීර්ඝකාලීනව යටපත් කිරීමෙ- කොන්දේසි වල නිශ්පාදිතයක් බව ඔහු පැහැදිලි කලේය. එම කොන්දේසි ගෝලීය පංති අරගලයේ ඉහල නැග්මෙන් සීඝ්‍රයෙන් වෙනස් කර ඇති අතර එය ආරම්භකත්වයක් පමනකි, එය මිලියන ගනන් මහජනතාව අධ්‍යාපනගත කිරීම සඳහා දේශපාලන අරගලයක් දියත් කිරීමට වෛෂයික කොන්දේසි සම්පාදනය කර ඇත.

තෝමස් ස්ක්‍රිප්ස් ලන්ඩන් හි පැවැත්වුනු රැස්වීම අමතමින්

සසප සහ සසජාතශි මෙම අරගල වලදී කම්කරු පන්තියේ දේශපාලන වපසරිය පලල් කිරීමට සහ සංගත හා මූල්‍ය ඇපදීම් වලට, වැඩි වැඩියෙන් සූරාකෑම සහ යුද්ධය සඳහා වන තල්ලුව තුල ඔවුන් මුහුන දී සිටින ප්‍රහාර වල මූලයන් පැහැදිලි කරමි මැදිහත් වූ බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම කටයුතු නැටෝ යුද්ධයට සෘජුවම සහය දෙන සහ/හෝ කම්කරු පන්තිය ඔවුන් සහය දෙන වෘත්තිය සමිති සහ ලේබර් පක්ෂ නිලධරයන්ට ගැට ගැසීමට විවෘතවම සහය දෙන ව්‍යාජවාම එරෙහි දේශපාලනික අරගලයකින් කල යුතු බව පවසමින් ස්ක්‍රිප්ස් පිලිතුර අවසන් කලේය.

ලන්ඩන් හිදී, ඇමරිකානු ඩොලරයට එල්ල වී ඇති තර්ජනයන්, රුසියාව, චීනය සහ ඉරානය වැනි රටවල් අතර නැටෝ විරෝධී කන්ඩායම් සහ එකමුතුවන් සහ ඒවායේ ප්‍රතිවිපාක මොනවාද යන ඒවා ගැන ප්‍රශ්න මතු විය.

ස්ක්‍රිප්ස් පිලිතුරු දුන්නේ ඔවුන්ගේ ආන්ඩු අතර සියලු ආකාරයේ උපක්‍රමශීලී උපාමාරු නිසැකවම පවතිනු ඇති නමුත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ එහි සහචරයින්ට ප්‍රති විභවයක් ලෙස ලෙස මෙම රාජ්‍යයන් පෙන්වීමේ ඕනෑම දිශානතියක ප්‍රතිගාමී ස්වභාවය අවධාරනය කරමිනි. ඔවුන්ගේ ආන්ඩු, ලෝකය පුරා අධිරාජ්‍යවාදය විසින් පීඩාවට පත් වූ සියල්ලන්ට වඩා අඩුවෙන්වත්, ඔවුන්ගේම ජනතාව නියෝජනය නොකරන බව ඔහු පැවසීය.

අනෙකුත් ආර්ථිකයන්හි ප්‍රතික්ෂේප කල නොහැකි වර්ධනය සහ ඇමරිකාවේ සාපේක්ෂ තත්වය පහත වැටීම, තුන්වන ලෝක යුද්ධයක තර්ජනය මතු කරන ඇමරිකා අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට සහ සිය සතුරන් මත අධිකාරය පවත්වාගැනීමට සිය දැවැන්ත මිලිටරි ශක්තිය භාවිතා කිරීම අඩු නොකරන අතර එය උත්සන්න කරයි.

පුටින්ගේ ක්‍රියාවන්, එම ප්‍රතිවාදී රටවල පාලක පන්තීන්ට මෙම තර්ජනයට ප්‍රගතිශීලී පිලිතුරක් නොමැති බව තහවුරු කරයි. ඒවා වඩාත් බෙදුම්වාදී, පසුගාමී, ජාතිකවාදී දේශපාලනය මත පදනම් වූ මිලිටරි ක්‍රියාමාර්ගයන් මගින් ප්‍රතිචාර දක්වයි:එය අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහිව අවශ්‍ය සමාජවාදී ජාත්‍යන්තරවාදී අරගලයේ ප්‍රතිවිරුද්ධ ධ්‍රැවයයි.

ෂෙෆීල්ඩ් හි උසස් පෙල ශිෂ්‍යයෙක් සඳහන් කලේ වසර පහකින් ඔහු සහ ඔහුගේ මිතුරන් ඔවුන්ගේ සියලු අධ්‍යාපනය අවසන් කර ශ්‍රම බලකායට බැඳීමට සූදානම් වනු ඇති බවයි. තීව්‍ර වන යුද සැලසුම් සන්දර්භය තුල, තරුනයින්ගේ අනාගතය කෙබඳු වනු ඇත්දැයි ඔහු විමසීය. මාර්ස්ඩන් පිලිතුරු දුන්නේ මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් බව කියමිනි. මේ පරම්පරාවේ අනාගතය තීරනය වන්නේ ඔවුන් එක් දෙයක් වෙනුවෙන් සටන් කිරීමට ගන්නා තීන්දුව මතය. අධිරාජ්‍යවාදය මනුෂ්‍යත්වය ව්‍යසනයක් කරා ඇදගෙන යමින් සිටී. තරුන පරම්පරාව සමාජවාදය සඳහා අරගලය භාර ගනිමින් ප්‍රතිචාර දැක්විය යුතුය. ප්‍රධාන කර්තව්‍ය වූයේ තරුනයින් මෙම ව්‍යාපාරයට සම්බන්ධ වී යුද විරෝධී විපාර්ශවය ගොඩනැගීමයි.

Loading