කීර්තිධර චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ජාත්‍යන්තර මැයිදින රැලියට සහභාගිවන ලෙස කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම් කරයි

මෙහි පහත පල වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය, සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2023 මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකාවේ වේලාවෙන් මැයි 1 වැනි දා සඳුදා අලුයම 12.30ට පැවැත්වීමට නියමිත ගෝලීය අන්තර් ජාල රැලියට සහභාගිවන ලෙස, කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම් කරමින් කීර්තිධර චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට එවන ලද සටහනයි.

*****

ප්‍රසන්න විතානගේ (විකිමීඩියා වෙතිනි)

ඩේවිඩ් නෝර්ත් සහෝදරයා විසින් සම්පාදිත, 'යුද්ධයට එරෙහිව, සමාජවාදය සඳහා කම්කරුවන්ගේ හා තරුනයන්ගේ මහජන ව්‍යාපාරයක් ගොඩනගනු!' ලියවිල්ල සිතන මතන ලෝකවාසීන්ගේ අවධානයට ලක්විය යුතු අතිශය වැදගත් ලියවිල්ලක් බව මගේ අදහසයි.

ගෝලීය ව්‍යසනයක් කරා මෙහෙයවෙන යුක්රේන යුද ගැටුමත් තීව්‍ර වෙමින් පවතින පංති අරගලයත් අත්‍යන්තයෙන්ම එකිනෙකට බැඳී පවතින සාධක දෙකක් ලෙස මම පිලිගනිමි. ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සඳහා කරන කැඳවුමට මගේ පූර්න සහයෝගය පල කරන අතර යුද්ධයට එරෙහිවත් ජාත්‍යන්තර කම්කරු පන්තික සහෝදරත්වයක් පදනම්ව ඉදිරි දර්ශනයක් වෙනවෙන් පෙනී සිටින ජාත්‍යන්තර මැදි දින අන්තර්ජාල රැස්වීමට සහභාගී වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

ප්‍රසන්න විතානගේ