කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වන්න!

මෙම වාර්තාව අප්‍රේල් 30 දා පැවති 2023 ජාත්‍යන්තර ඔන්ලයින් මැයි දින රැලියට විල් ලෙහ්මන් විසින් ඉදිරිපත් කරන ලදි. ලෙහ්මන් එක්සත් ජනපදයේ එක්සත් මෝටර්රථ කම්කරු සමිති (යූඒඩබ්ලිව්) සභාපති ධුරයට තරඟ කල පෙන්සිල්වේනියාවේ මැකුන්ගිහි පිහිටි මැක් ට්‍රක් කර්මාන්තශාලාවේ සමාජවාදී කම්කරුවෙකි. ඔන්ලයින් මැයි දින රැලියේ සියලුම කථා නැරඹීමට, wsws.org/mayday වෙත පිවිසෙන්න.

මගේ නම විල් ලෙහ්මන්. මම පෙන්සිල්වේනියාවේ මැකුන්ගී පලාතේ පිහිටි මැක්ට්‍රක් කර්මාන්තශාලාවේ මෝටර් රථ සේවකයෙක්. පසුගිය වසරේ, යූඒඩබ්ලිව් හි සභාපතිධුරය සඳහා කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ අපේක්ෂකයා වුනේ මම.

මෝටර් රථ කම්කරුවන් මුහුන දෙන තත්වයේ ගොරතරබව නිසා මම සභාපතිධුරයට තරගකලෙමි. මෑත දශකවලදී රැකියා දසලක්ෂ ගනනක් කපා හැර තිබෙනවා. ඒ වගේම, ඔවුන්ගේ තත්‍ය වැටුප්, කලින් තිබු වැටුපෙන් කොටසක්. රුසියාවට එරෙහිව එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද යුද්ධයෙන් නරක අතට හැරුනු ඉහලනගින ජීවන වියදම, ලැබෙන වැටුපෙන් ජීවත්වීමට නොහැකි තරම් දුෂ්කර කොන්දේසි සකසා තිබෙනවා. මේ අතර, සංගත, සැපයුම් දාමය පුරාවටම දැවැන්ත ලාභ වාර්තා කරමින් තිබෙනවා.

මම යූඒඩබ්ලිව් නිලවරනයට තරග කලේ එහි නිලධරය ඇතුලෙන් නිවැරැදි කිරීමට නෙවෙයි. මැතිවරනය විසින් යලි සනාථ කලේ එය කල නොහැක්කක් බවයි. දැවැන්ත යූඒඩබ්ලිව් යාන්ත්‍රනය සරලවම මෝටර් රථ සංගතවල අන්ඩකි. ඇත්ත වශයෙන්ම, යූඒඩබ්ලිව් මැතිවරනය පැවැත්වුනේ, බොහෝ වෘත්තීය සමිති විධායක නිලධාරීන් සංගතවලින් පගා ගැසීම සහ අපගේ සාමාජික මුදල් සොරකම්කරන බවට හසුකරගත්, වසර ගණනාවක් පුරා පැවති දූෂන සෝලි හේතුව නිසාම පමනයි.

මම උද්ඝෝෂනය කලේ, වෘත්තීය සමිති යන්ත්‍රය අහෝසි කිරීමටත් සහ සියලු බලය සහ තීරණ ගැනීම කම්මල් භූමියේ සහ අනෙකුත් වැඩපලවල කම්කරුවන්ගේ අතට පත් කිරීමට යි. කම්කරුවන්ගේ සාමූහික ශක්තිය මුදා හැරීම සඳහා, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර ජාත්‍යන්තර කම්කරු සන්ධානය (අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී) නායකත්වය යටතේ මෝටර් රථ කර්මාන්තය පුරා ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමට මම ඉල්ලා සිටියෙමි. ඒ සදහා සාඩම්බර සමාජවාදියෙකු ලෙස මම මෙම වේදිකාව පුරා උද්ඝෝෂනය කර ඡන්ද 5000කට ආසන්න ප්‍රමානයක්, එනම් මුළු ඡන්ද ප්‍රමානයෙන් සියයට 5කි ලබා ගත්තෙමි.

යූඒඩබ්ලිව් නිලධරය ක්‍රියාකාරි කමිටු කම්කරුවන්ට හඬක් දීමට කෙතරම් සතුරු වීද යත්, ඔවුන් සංගමයේ මිලියන 1.1ක පුද්ගල සාමාජිකත්වයෙන් අති බහුතරයකට මැතිවරනයක් පැවැත්වෙන බව පවා දැනුම් දීම ප්‍රතික්ෂේප කළහ! නිල ඡන්ද පත්‍රිකා පවා සාමාන්‍ය කම්කරුවන්ගේ සැබෑ ලිපිනවලට යැවීමට ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ ද නැත.

ෆ්ලින්ට්හි ජෙනරල් මෝටර්ස් එකලස් කම්හලේ කම්කරුවකු සමග කතා කරන විල් ලේමන්. 2022 අගෝස්තු.

යූඒඩබ්ලිව් ප්‍රාදේශීය ශාඛාවන්ගේ අතිබහුතරයක් කිසිවිටෙකත් මැතිවරනය ගැන තම වෙබ් අඩවිවල හෝ ෆේස්බුක්පිටුවල පල නොකලේ ය. තවද, ඒවා මැතිවරනයක් පැවැත්වෙන බව පවසමින් කම්කරුවන්ට කෙටි පනිවිඩ පවා නොයැවූ අතර, ඡන්දය දීමට අපට මතක් කිරීමට කර්මාන්තශාලාවලට පැමිනියේද නැත. ඔවුන් එසේ කලේ අපට අපගේ ජන්දය ප්‍රකාශ කිරිමේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත ය යන බලාපොරොත්තුවෙනි. රැකියා ස්ථානයේදී හෝ ප්‍රාදේශීය සංගම් ශාලාවලදී ඡන්ද පත්‍රිකා ලබාගැනීමේ හැකියාව පවා ඔවුන් අපට ලබාදී තිබුනේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රකාශයට පත්වූයේ ඡන්ද 104,000ක් පමනක් වන අතර, එය සියයට 9ක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක්-එනම් එක්සත් ජනපද ඉතිහාසයේ ඕනෑම ජාතික වෘත්තීය සමිති මැතිවරනයක අඩුම අගයයි.

කම්කරුවන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා මැතිවරනය පැවැත්වීමටත් පෙර මගේ උද්ඝෝෂනයදී යූඒඩබ්ලිව් සමිතියට එරෙහිව ෆෙඩරල් උසාවියේ නඩු පැවැරිනි. යූඒඩබ්ලිව් සහ බයිඩන් පරිපාලනය මට විරුද්ධව උසාවියේදී තර්ක කළ අතර, මට ඡන්ද පත්‍රිකාවක් ලැබී ඇති බැවින්, මගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය කඩ නොවු බවට ව්‍යාජ හේතු මත ෆෙඩරල් විනිසුරුවරයා මගේ නඩුව නිෂ්ප්‍රභ කළේය. එනමුදු විනිසුරුවරයාම පිලිගත් පරිදි, යූඒඩබ්ලිව් සමිතිය සමස්ථ සාමාජිකත්වයට මැතිවරනය දැනුම් දීමේදී 'සාමාජිකත්වය නොසලකා හැර තිබේ”.

පසුව මට දැනගැනීමට ලැබුනේ, අධිකරණය විසින් මැතිවරනයේ සාධාරණත්වය අධීක්ෂනය කිරීමට පත් කරන ලද ක්‍රෝවෙල් සහ මෝරිං සහ නීතිඥ සමාගම්, ජෙනරල් මෝටර්ස් සහ අනෙකුත් වාහන සමාගම්වල දිගුකාලීන නියෝජිතයන් බවයි.

සමාගම්,උසාවි, ආන්ඩුව සහ වෘත්තීය සමිති නිලධරයන් විසින් කම්කරු පන්තියේ මූලික අයිතීන් මුලුමනින්ම අවඥාවෙන් සලකන ඇමරිකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදයේ' තත්වය එවැන්නකි. මෙම මැතිවරණයෙන් මතු වූ වෘත්තීය සමිති නායකත්වය නීත්‍යානුකූල නොවන අතර එය වැඩකරන කම්කරුවන්ගේ කැමැත්ත පිළිබිඹු නොකරයි. නව යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන්, සුදුසුකම් ලත් සාමාජිකයින්ගෙන් සියයට 3කගෙන් පමණක් ඡන්දයෙන් තේරී පත් වූ බැවින් හැඳින්වෙන්නේ “ සියයට 3 සභාපති” ලෙසයි.

එහෙත් මගේ උද්ඝෝෂනයට එවන් පුලුල් පරාසයක කම්කරුවන්ගේ සහයෝගය ලැබිමම, ඇමරිකාවේ කම්කරුවන් දැඩිලෙසම සමාජවාදයට විරුද්ධ ය යන මිත්‍යාව පුපුරුවා හැරියේය. යූඒඩබ්ලිව් සභාපතිත්වය සඳහා සමාජවාදියෙකු ලෙස මගේ ව්‍යාපාරයට ලැබෙන ඡන්දය හෙලි කරන්නේ සංගතවල ආඥාදායකත්වය අවසන් කිරීමට සහ මගේ ව්‍යාපාරයේ සටන් පාඨයවූ“බලය කම්කරුවන්ට!' යන්න ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා එක්සත් ජනපදයේ කම්කරු පන්තියේ පුළුල් කන්ඩායමක් ඇති බවයිග

මගේ උද්ඝෝෂනය අතරතුර, බොහෝ කම්කරුවන් මගෙන් ඇසුවේ, ' කම්කරු ක්‍රියාකාරි කමිටුවක් යනු කුමක්ද?' සහ ' ජාත්‍යන්තර ක්‍රියාකාරි කමිටු යනු කුමක්ද?” යන්නයි.

පිලිතුර වන්නේ, කම්කරු ක්‍රියාකාරි කමිටු යනු කම්කරුවන් විසින් වැඩබිමෙහි පවත්වාගෙන යනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානය යන්න යි. සටන ඉදිරියට ගෙන යාමට ඒවා අවශ්‍ය වේ. මෙම කමිටු හරහා, කම්කරුවන් තොරතුරු බෙදාහදා ගැනීම, පොදු ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සහ එක් එක් වැඩ මුරය සහ නිෂ්පාදන පෙළවල් හරහා සම්බන්ධ වීම නිසා සියලු දෙනාම පොදු එකගත්වයක සිටී. විවේචනාත්මකව, කම්කරු ක්‍රියාකාරි කමිටු යනු වෘත්තීය සමිති නිලධරයන් විසින් පනවා ඇති හුදකලාව බිඳ දමන සහ සමස්ත කම්කරු පන්තියේ සම්පූර්ණ ශක්තිය මුදාහරින ජාලයකට එකට සම්බන්ධ වීමට හැකි වන පරිදි කම්කරුවන්ට සියලු කම්හල් හා සංගත හරහා එක්සත් විය හැකි ආකාරයයි.

සෑම කම්කරු ක්‍රියාකාරි කමිටුවක්ම ජාතික දේශසීමා හරහා අපව එක්සත් කරන සහ අන්තර්ජාතික සංගතවලට ජාත්‍යන්තර ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීමට බලය ලබා දෙන, ලෝක ව්‍යාප්ත කමිටු ජාලයක් වන ජාත්‍යන්තර කම්කරු ක්‍රියාකාරි කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසකි.

ජාත්‍යන්තර එකමුතුවේ අවශ්‍යතාවය පරම අවශ්‍යතාවයකි. දශක ගනනාවක් තිස්සේ, සෑම තැනකම වෘත්තීය සමිතිවල ජාතිකවාදී ප්‍රවේශය කම්කරුවන් එකිනෙකාට එරෙහිව තරඟයක පතුලටම තල්ලු කර ඇත. මෙය අවසානයකට පැමිනිය යුතුය. වැටුප් සම්බන්ධයෙන් එකිනෙකාට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති සේම, යුද්ධවලදී එකිනෙකා සමඟ සටන් කිරීමට ද අපට උනන්දුවක් නැත.

ප්‍රංශයේ මහජන විරෝධතා

වසර ආරම්භයේ සිට, උද්ධමනය සහ ඉහල වැටුප් සඳහා ඉල්ලීම්, ජර්මනිය, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය සහ කැනඩාව යන රටවල දස දහස් ගනනක් කම්කරුවන් එක සමාන අයුරින් වීථිවලට කැඳවා ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තියේ සාමාජිකයන් වශයෙන් අපගේ පොදු අවශ්‍යතා වඩ වඩාත් පැහැදිලි කරන්නේ,ඔබ ජර්මනියේ දුම්රිය රියදුරෙක් වුවත්, එක්සත් රාජධානියේ තැපැල් සේවකයෙක් වුවත්, නයිජීරියාවේ ගුවන් සේවකයෙක්, බ්‍රසීලයේ ගුරුවරයෙක්, ඩිට්‍රොයිට් හි මෝටර් රථ සේවකයෙක්, නැත්නම් ලංකාවේ තේ වතු කම්කරුවෙක් වුවත් සෑම තැනකම කම්කරුවන් එකම මූලික ප්‍රශ්නවලට මුහුන දෙන බවයි:

සෑම තන්හිම කම්කරුවන් මුහුනදී සිටින්නේ, එකම විධියේ මූලික ප්‍රශ්නවලට ය:

  • ආහාර, නිවාස සහ අනෙකුත් මූලික අවශ්‍යතා දැරිය නොහැකි වන පරිදි ජීවන වියදම් අර්බුදයක් පවතී. එය යුක්රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය විසින් ත්‍රීව්‍ර කල නරක අතට හැරෙමින් පවතින අර්බුදයකි.
  • පාලක පන්තිය සූරාකෑම උග්‍රකරමින් ඉහල වැටුප් සඳහා වන ව්‍යාපාරය මර්දනය කිරීමට සහ යටපත් කිරීමට වෑයම් කරමින් සිටින තත්වයක් යටතේ මහපරිමාන රැකියාවලින් දොට්ට දැමීම් ඇතුලු රැකියා කප්පාදුවක් සිදුකරමින් ඇත.
  • අනාරක්ෂිත සහ සාමාන්‍යකරනයට ලක්ව තිබෙන මාරාන්තික සේවා කොන්දේසි, කම්කරුවන්ගේ සෞඛ්‍ය හා ජීවිතවලට වඩා සංගත ලාභවලට ප්‍රපුඛත්වය දීමේ ප්‍රතිඵලයකි.
  • අවමන් වසයෙන්, ලොව පුරා මිලියන ගනනක් කම්කරුවන් කෝවිඩ්-19 නිසා අනවශ්‍ය ආකාරයෙන් මරනයට පත්වන අතරේ, සංගත සහ සුපිරි ධනවතුන්, වසංගතය කාලය පුරා ලාභය පොදිගසා ගැනීමත් සමග, සමාජ අසමානතාවය අශික්කිත මෙන්ම අහස උඩට වර්ධනයවී ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධය වේවා, කෝවිඩ්-19 වසංගතය වේවා, ආර්ථික අර්බුදය හෝ දේශගුණික විපර්යාස යන මේ අප මුහුන දී සිටින සියලු ප්‍රශ්න ගෝලීය ප්‍රශ්නය යන කාරනය, පෙරනූ ආකාරයේ දැවැන්ත සංඛ්‍යාත කම්කරුවන් සංඛ්‍යාවකට පැහැදිලි වෙමින් පවතී. මෙම ගැටළු කම්කරු පන්තියේ අවශ්‍යතා අනුව විසඳාගන්නා බවට සහතික කරගැනීමට, අපට ගෝලීය මූලෝපායක් සහ එම මූලෝපාය ක්‍රියාත්මක කල හැකි සංවිධානයක් අවශ්‍ය වේ. අයිඩබ්ලියුඒ-ආර්එෆ්සී, එවැනි මූලෝපායක්, සංවිධානයක් සහ නායකත්වයක් සපයයි. තම සගයන් සමග එක්වී මෙම සටන පෙරට ගන්නා ලෙස මම අද අපගේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටිමි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සම්බන්ධ වන්න! කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට එක් වන්න!

ස්තූතියි.

Loading