දකුනු ආසියාවේ කම්කරුවන්ගේ හා තරුනයන්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගනු

මෙය 2023 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට ශ්‍රී ලංකාවේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සාමාජික ඩිලක්ෂන් මහාලිංගම් ඉදිරිපත් කල වාර්තාවයි. සියලුම කථා බැලීමට, wsws.org/mayday වෙත පිවිසෙන්න.

හිතවත් සහෝදරවරුනි,

මාර්තු 7දා, ශ්‍රී ලංකාවේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) රටේ ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකක් ඉදිරිපිට සාර්ථක යුද විරෝධී උද්ඝෝශන දෙකක් සංවිධානය කලේය. එක් උද්ඝෝශනයක් යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ යාපනය විශ්වවිද්‍යාලය අසල පැවැත්වූ අතර අනෙක මධ්‍යම පලාතේ පේරාදෙනිය විශ්වවිද්‍යාලය අසල පැවැත්වුනි.

මෙය තවත් අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් දක්වා පරිනාමය වීමේ තර්ජන මතු කරන, යුක්‍රේනය තුල රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයේ මූලයන් සහ ඇඟවුම් පැහැදිලි කිරීමට සහ යුද්ධය නතර කිරීමට සමත් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලෝපාය විස්තාරනය කිරීමට සසජාතශි විසින් සංවිධානය කල දේශන ඇතුලු ජාත්‍යන්තර රැස්වීම් මාලාවක කොටසකි.

යුද්ධය නැවැත්වීමට, අපගේ දිශානතිය යොමුවන්නේ වර්ධනය වෙමින් පවතින ජාත්‍යන්තර පන්ති අරගලය වෙත යි. කොවිඩ්-19 වසංගතය සහ යුක්‍රේන යුද්ධය මගින් කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රහාර විශාල වශයෙන් තීව්‍ර කර ඇත. අධිරාජ්‍යවාදී යුද්ධය සදහටම නැවැත්විය හැක්කේ මෙම මහා සමාජ බලවේගය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.

මෙම මැයි දින රැලියේදී අප විසින් අප වෙත පැවරෙන කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය වනුයේ: යුද්ධයට විරුද්ධත්වය මෙම දැවැන්ත පන්ති අරගල සමඟ ඒකාබද්ධ කිරීමයි. මෙම මූලෝපාය මත පදනම්ව, අපි කම්කරුවන්ගේ, තරුනයන්ගේ සහ ශිෂ්‍යයින්ගේ ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනගමින් සිටිමු.

පසුගිය වසරේ නොවැම්බර් 11 වැනි දින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය අමතා කල කතාවෙන් ශ්‍රී ලංකාව වර්ධනය වෙමින් පවතින අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක පැටලී සිටින ආකාරය පැහැදිලි විය. ඔහු කීවේ:

“1970 ගනන්වල මම ඇමැති ධුරයට පත්වන විට බොහෝ දෙනා අවධානය යොමු කලේ ඉන්දියන් සාගරයට නොව පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයටය. අද එය එසේ නොවේ. අද ලෝකයේ ප්‍රධානතම තරඟය ඇමෙරිකාව සහ රුසියාවෙන්, ඇමෙරිකාවට හා චීනයට මාරු වී ඇත. ඉතින් රුසියාවේ සිද්ධ වෙන්නේ පෙරහුරුවක් පමනයි. මෙම ප්‍රදේශයේ සිදු වන දේ වඩා වැදගත් ය.”

“මහා බල එදිරිවාදිකම්” තුල මධ්‍යස්ථව සිටින බව වික්‍රමසිංහ කියා සිටියේය. කෙසේ වෙතත්, යුක්‍රේන යුද්ධය සහ චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම මධ්‍යයේ, සමස්ත දකුනු ආසියානු කලාපයම මෙම වර්ධනය වෙමින් පවතින මහා බල ගැටුමට වඩ වඩාත් සමීපව ඇදගෙන යමින් තිබේ. වික්‍රමසිංහගේ සුප්‍රසිද්ධ එක්සත් ජනපද ගැති වාර්තාව සහ එක්සත් ජනපදයේ වැඩිවන පීඩනය යටතේ, ඔහු බොහෝ විට චීනයට එරෙහිව වොෂින්ටනය සමග පෙලගැසෙනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 අගෝස්තු 3 වැනි දින පාර්ලිමේන්තු සංකීර්නයට පැමිනෙමින්. (ඒපී ඡායාරූප/එරංග ජයවර්ධන) [AP Photo/Eranga Jayawardena]

ශ්‍රී ලංකාව, සෝෆා (SOFA) සහ ඇක්සා (ACSA) මිලිටරි ගිවිසුම් මගින් එක්සත් ජනපද හමුදාව සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ එක්සත් ජනපද නිලධාරීන් සමඟ නිතිපතා ද්විපාර්ශ්වික රැස්වීම් හරහා වසර ගනනාවක් පුරා චීනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම සමඟ සමීපව ඒකාබද්ධ වී ඇත. කම්කරුවන්ගේ හා තරුනයන්ගේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට දකුනු ආසියානු කලාපයේ සසජාතශි ආරම්භකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි.

මෙම යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීම සඳහා වන අපගේ උද්ඝෝශනය, ධනේශ්වර දේශපාලන රාමුව තුල සිසුන් කොටු කිරීමට කටයුතු කරන දෙමල ජාතිකවාදී යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය (යාවිශිස) සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය (අවිශිබම) ඇතුලු විවිධ ශිෂ්‍ය සංවිධානවලට එරෙහි දේශපාලනික හා දෘෂ්ථිවාදාත්මක අරගලය සමග වෙන් කල නොහැකි ලෙස බැඳී ඇත.

කොලඹ ආන්ඩුව සමග බලය බෙදාගැනීමක් හරහා දෙමල ප්‍රභූවට වරප්‍රසාද ලබා ගැනීම අරමුනු කොට ගත් අධිරාජ්‍ය ගැති දෙමල ජාතිකවාදී ධනේශ්වර පක්ෂ යාවිශිස මෙහෙයවයි.

දෙජාස ඇතුලු දෙමල ධනේශ්වර පක්ෂ, වික‍්‍රමසිංහ ආන්ඩුව විසින් ගෙන යන ජාමූඅ නියෝග කරන ලද කප්පාදු හා පොලිස් රාජ්‍ය පියවරයන්ට සහාය දක්වයි. ඔවුන් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලය තනිකරම “සිංහල කටයුත්තක්” ලෙස නම් කරමින් නරුම ලෙස සමච්චල් කරති.

මාර්තු 30 දින, ටීඑන්ඒ හි ප්‍රමුඛ සාමාජිකයෙකු වන එම්ඒ සුමන්තිරන්, “ජාමූඅ සහ ඉන් ඔබ්බට” යන මැයෙන් පැවැත්වූ විද්වත් සාකච්ඡාවක් ඇමතීය. වික්‍රමසිංහ ඇතුලු ව්‍යාපාරික ප්‍රධානීන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ. ජාමූඅ විසින් නියම කරන ලද කප්පාදු ක්‍රියාවට නැංවීමේ දී වික්‍රමසිංහ සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සුමන්තිරන් සිය උද්‍යෝගිමත් සූදානම ප්‍රකාශ කලේය:

“එම ප්‍රතිසංස්කරනත් කල් දාන්නේ නැතිව අපි ඉදිරියට යනවා. එහි විභවය ඉහල මට්ටමක පවතින නිසා උතුරු නැඟෙනහිර ආර්ථික වර්ධනයට දායක විය හැකි ආකාරය පිලිබඳවත් අපි සාකච්ඡා කලා, එය ඉෂ්ඨ කර ගැනීම සඳහා අපි ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.”

යාවිශිස පසුගිය වසරේ අප්‍රේල් 4 වනදා පෙලපාලියට සහභාගී වීමෙන් දෙමල සිසුන් අධෛර්යමත් කරන විට මෙම ප්‍රතිගාමී දේශපාලනය සම්පූර්නයෙන්ම හෙලිදරව් විය. එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි ජනතා නැගිටීමට සහය පල කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුනි.

කෙසේ වෙතත්, දෙමල සිසුන් යාවිශිස නියෝගය කඩ කලහ. ප්‍රතිගාමී වාර්ගික රේඛා ඉක්මවා යමින් එකමුතුකම සඳහා වූ ඔවුන්ගේ අභිලාෂය ප්‍රදර්ශනය කරමින්, සිංහල හා මුස්ලිම් සිසුන් සමග සියගනනින් ආන්ඩු විරෝධී විරෝධතාවලට එක්විය.

අවිශිබම දේශපාලනිකව මෙහෙයවනු ලබන්නේ ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසිනි. පෙසප 2012 දී පිහිටුවන ලද්දේ සිංහල ස්වෝත්තමවාදී ජනතා විමුක්ති පෙරමුනෙන් (ජවිපෙ) කැඩී ගිය කන්ඩායමක් විසිනි. අවිශිබම මූලික වශයෙන් කරන්නේ කුමක්ද? එය ආන්ඩුවට බලපෑම් කිරීම ඉලක්ක කරගත් විවිධ ඉල්ලීම් මත නිෂ්ඵල විරෝධතා වලට සිසුන් සීමා කර, එමගින් සිසුන් කම්කරු පන්තිය දෙසට හැරීම වලක්වා ආන්ඩුවට හා ධනේශ්වර පාලනයට එරෙහිව කම්කරුවන් විසින් මෙහෙයවන ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමකට අකුල් හෙලයි.

පසුගිය වසරේ ආන්ඩු විරෝධී මහජන නැගිටීම පාවා දීමේදී පෙසප වෘත්තීය සමිති සමග සහයෝගයෙන් කටයුතු කලේය. එය විකල්ප ධනේශ්වර ආන්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය (සජබ) සහ ජවිපෙ ඇතුලු විරුද්ධ පක්ෂවල අන්තර්වාර ආන්ඩුවක් සඳහා ගෙන ගිය පියවරයන්ට සහාය දැක්වමින් එය පීලි පැන්නවීමට ලක් කලහ.

දැන් ඔවුහු මේ දේශපාලනය තවත් ඉදිරියට ගෙන යමින් සිටිති. සීමිත ප්‍රතිසංස්කරන සඳහා ආන්ඩුවට බලපෑම් කිරීමට ඔවුහු “මහජන සභා” ප්‍රවර්ධනය කරන අතර එමඟින් කම්කරු පන්තිය යලිත් ධනේශ්වර දේශපාලන රාමුව තුල කොටු කරති.

යාවිශිස සහ අවිශිබම යන දෙකම ශ්‍රී ලංකාව පිලිබඳ පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු (එජාමාහික) සැසිවාරයට සහාය දීමෙන් ඔවුන්ගේ අධිරාජ්‍ය ගැති ස්වභාවය හෙලිදරව් විය. අවිශිබමයේ හිටපු කැඳවුම්කරුවෙකු සහ පෙසප නායකයෙකු වන නුවන් බෝපගේ, වික්‍රමසිංහ ආන්ඩුව විසින් මානව හිමිකම් කඩකිරීම් පිලිබඳව පැමිනිලි කරමින් පුද්ගලිකව සැසිවාරය ඇමතුවේය.

එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධයේදී සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර අපරාධ අධිකරනය හමුවට පමුනුවන ලෙස බලකරමින් යාවිශිස දෙමල ධනපති පක්ෂ සමඟ එජාමාහික වෙත ලිපියක් අත්සන් කලේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනා සම්මත විය. මෙම යෝජනාවන්ට ශ්‍රී ලංකාවේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ කිසිදු සම්බන්ධයක් නොමැත. එය චීනය සමග එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන්ගේ මූලෝපායික ගැටුම සමග පෙලගැසීමට ආන්ඩුවට බලපෑම් යෙදීමේ පියවරයකි.

ඉහත සංවිධාන දෙකමමෙම අධිරාජ්‍යවාදී යුධවාදීන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සටන් කරන්නන් ලෙස මවාපාමින් තරුනයන්, ශිෂ්‍යයන් සහ කම්කරුවන් අතර මිත්‍යාවන් වපුරයි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය සහ එහි සහචරයින් න්‍යෂ්ටික සමූලඝාතනයක් සූදානම් කරමින් සිටී. මේ ආන්ඩුවලට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කිසිදු උනන්දුවක් නැත. ඔවුන් තම රටවල වර්ධනය වෙමින් පවතින පන්ති අරගල යටපත් කරමින් දක්ෂිනාංශික ෆැසිස්ට් දේශපාලන ප්‍රවනතාවන් වගා කරති.

2023 මාර්තු 7 වැනි දින ශ්‍රී ලංකාවේ මහනුවර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධයට විරුද්ධ සසජාතශි සාමාජිකයින් සහ ආධාරකරුවන්. [ඡායාරූපය: ලෝසවෙඅ]

සසජාතශි සිය ප්‍රතිගාමී දේශපාලනය හෙලිදරව් කිරීම හේතුවෙන් සිසුන් අතරේ අවිශිබම/පෙසප බලපෑම ගිලිහී යන තතු තුල, සසජාතශි තුල විකල්පයක් සොයන සිසුන් අතර තම ග්‍රහනය තබා ගැනීමට ඔවුහු මැර ක්‍රියාවල යෙදෙමින් සිටිති.

අවිශිබමයට අනුබද්ධ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සසජාතශි දේශනයකට සහභාගි වූ සිසුන්ට ශාරීරිකව තර්ජනය කලේය. විශ්ව විද්‍යාලයේ පැවැත්වූ දේශනය පසුගිය වසරේ මහජන ව්‍යාපාරයෙන් පාඩම් උකහා ගත්තේය. සසජාතශිට සහය දෙන සිසුන්ට එරෙහි මෙම තර්ජනය අවිශිබමයේ ධනේශ්වර ගැති, අධිරාජ්‍ය ගැති දේශපාලනයේම ප්‍රකාශනයකි. සසජාතශි විවේචන වලට ඔවුන්ට පිලිතුරක් නැත

යාවිශිස හා අවිශිබම ප්‍රතිගාමී දේශපාලනය ප්‍රතික්ෂේප කර ධනේශ්වර සූරාකෑමෙන් හා අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වයෙන් තොර අනාගතයක් සඳහා සටන් කිරීමට සසජාතශි සමග එක්වන ලෙස අපි සිසුන්ගෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි.