මෙය 2023 මාර්තු 03 වනදා The global significance of the earthquake in Turkey and Syria ශීර්ෂය යටතේ ඉංග්‍රීසි භාෂාවෙන් පලවූ ලිපියකි.
පහත පල වෙන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් තුර්කියේ ඉස්තාන්බුල් නගරයේ සිට සිදු කල වීඩියෝ ප්‍රකාශයක පෙලයි. එම වීඩියෝව ද මේ ලිපිය තුල අන්තර්ගත කෙරී ඇති අතර එය සිංහල උපසිරැසි ගන්වා ඇත.
පසුගිය මාසයේ, පෙබරවාරි 6 වැනි දා, සිරියානු දේශසීමාවට ආසන්න ව දකුනුදිග තුර්කියේ මරාශ් නගරයේ රික්ටර් මාපකයේ 7.6ක සහ 7.7ක විශාලත්වයන් සටහන් කල ව්‍යසනකාරී භූමිකම්පාවන් දෙකක් සිදු විය. පැය නවයක කාලයක් තුල මේ භූමිකම්පාවන් හේතුවෙන් 100 000 සිට 150 000 දක්වා ජීවිත අහිමි විය.සැබෑ සංඛ්‍යාව මීට වඩා ඉහල අගයක් විය හැකියි.
මේ ව්‍යසනය ස්වභාවික විපතක් වශයෙන් පමනක් හැඳින්වීමෙන් එය ප්‍රමානවත් පරිදි පැහැදිලි කල නොහැකියි. පැහැදිලි ව ම භූ තැටිවල චලනය බලගතු භූ විද්‍යාත්මක සංසිද්ධියකි. කෙසේ නමුත්, එහි බලපෑමත් එයට දැක්වෙන ප්‍රතිචාරයත් සමාජීය ව නිර්නය වන්නකි.
ජීවිත හානියට සැබෑ වගකීම පැටවෙන ප්‍රමානවත් සූදානමක් නොපැවතීම වනාහි අනතර්සම්බන්ධික සාධක දෙකක ප්‍රථිඵලයකි. පලමුවැන්න හුදු ජාතිකවාදී ගනන් බැලීම් මත නිර්නිත දේශපාලනයේ බලපෑම සහ ධනය කඳු ගැසීම, ලාභය අරමුනු කර ගෙන ප්‍රතිපත්ති නිර්නය කිරීම දෙවැන්නයි.
විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් තිබිය දී ම ගත යුතු ව තිබූ අවශ්‍ය පියවර ගෙන තිබුනේ නැත.
මම දැන් රැඳී සිටින්නේ ඉස්තාන්බුල් නගරයේයි. මට පිටුපසින් දැක ගත හැකි ඓතිහාසික වරායේ කොටස. භූ කම්පන විද්‍යාඥයන් පුලුල් වසයෙන් අනුමාන කර ඇති ආකාරයට භූමිකම්පාවකට මුහුන දුන්නහොත්, ඇතැම් විට මෙහි සහ නගරය පුරා ම මිලියන ගනන් ඉක්මවා යන ආකාරයක ජීවිත හානි සහිත දැවැන්ත විනාශයකට ගොදුරු විය හැකියි.
මෙය ගෝලීය ඇඟවුම් සහිත තත්ත්වයකි. අපි ජීවත් වන්නේ දෛනික පදනමකින් නොවේ නම් සතිපතා පාහේ එක් ආකාරයකින් නැතිනම් අන් ආකාරයකින් ව්‍යසනයන් ගැන අසන්නට ලැබෙන ලෝකයකයි.
දින කීපයකට මත්තෙන් ග්‍රීසියේ දුම්රිය පීලිපැනීමක් වාර්තා විය. ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ නැගෙනහිර පලස්තීන ප්‍රදේශයෙන් තවත් ව්‍යසනයක් වාර්තා විය. මෙම සිද්ධීන් තුල සැම විට ම දැකිය හැකි පොදු සාධකය වන්නේ ජීවිත ලාභයට යට කිරීමයි. තව ද, මේ සිදුවීම් ගැන අසන්නට ලැබෙන්නේ ලෝකය පුරා මිලියන ගනනින් ජීවිත බිලිගත් ගෝලීය වසංගතයක තතු යටතේයි.
එපමනක් නොවයි, මම දැන් සිටින තැනින් කලු මුහුදට එහා පසින් යුක්රේනයේ යුද්ධය න්‍යෂ්ටික ව්‍යසනයක් කරා ලුහුටා යාමේ අන්තරාය රැගත්තකි.
අප එලඹී ගත යුතු නිගමන මොනවා ද? අප ජීවත් වන්නේ යල්පිනූ සමාජ ආර්ථික ක්‍රමයකයි. ධනේශ්වර පද්ධතිය, ජාතික රාජ්‍ය පද්ධතිය, ධනේශ්වර පන්ති පාලනය අද්‍යතන සමාජ අවශ්‍යතාවන් සමග මුලුමනින් ම පෑහෙන්නේ නැත.
තුර්කියට සහ සිරියාවට මෙතරම් බලපෑමක් සිදු කල භූමිකම්පාව ගෝලීය සහ ඓතිහාසික සිදුවීමකි. මෙය දේශපාලනික ප්‍රතිවිපාක උත්පාදනය කරනු ඇත. මෙය සිහිගන්වන්නේ මේ හා සමාන ලක්ෂනවලින් යුතු වූ තවත් ඓතිහාසික සිද්ධියකි; එනම් 1755 දී පෘතුගාලයේ ලිස්බන් නගරයට බල පෑ දැවැන්ත භූමිකම්පාවයි.
එකල පැවති වැඩවසම් සමාජ ව්‍යූහයේ ක්ෂමාලාපිහු දස දහස් ගනනින් ජීවිත බිලිගත් ව්‍යසනය නිසා පවතින සමාජ ක්‍රමය ගැන විශ්වාසය බිඳ නො ගත යුතු බවටත් සිදු වූ දෙය දිව්‍යමය සැලැස්මක කොටසක් පමනක් බවත් ප්‍රකාශ කර සිටියහ. ජීවිත හානිය කොපමන විශාල වුවත් එය ප්‍රශ්න නොකල යුතු විය. සිදු වූ දෙය සිදු වූයේ හොඳටයි. ඔවුන්ට අනුව මිනිසුන් ජීවත් වූයේ “තිබිය හැකි හොඳ ම ලෝකයේ යි.”
මෙම සංකල්පය වොල්ටෙයාර්ගේ බලගතු ප්‍රහාරයට ලක් විය. මෙම ප්‍රතිගාමී ශුභවාදයේ හිස් න්‍යායට පිලිතුරු දෙමින් ඔහු කැන්ඩිඩ් නම් තම ප්‍රකට ග්‍රන්ථය රචනා කලේ ය. නෑ, අප ජීවත් වූයේ ලැබිය හැකි හොඳ ම ලෝකයේ නෙවෙයි; අප ජීවත් වූයේ වෙනස් කල යුතු ලෝකයකයි. ඒ සඳහා ජීවිතය, සමාජය මානුෂ ක්‍රියාවට යටත් කල හැකියි.
මෙය තර්කයේ සහ විද්‍යාත්මක චින්තනයේ සන්තතියක් පන ගන්වා වේගවත් කලේ ය. එම සන්තතිය ලෝකය වෙනස් කිරීම, මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවන්ට කොන්දේසි සැකසුනු සමාජයක් මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයෙන් ගොඩනැගීම ඉලක්ක කර ගත් 1776 ඇමරිකානු විප්ලවය, 1789 සිට 1794 දක්වා මහ ප්‍රංශ විප්ලවය සහ 19 සහ 20 වැනි සියවස්වල සියලු ම දැවැන්ත සමාජ අරගල පැන නැංවී ය.
මෙහි සිදු වූ දෙය සහ මානව ජීවිතයේ කොන්දේසි කෙරෙහි එ පමන ව්‍යසනකාරී බලපෑමක් ඇති කරන සෙසු සියලු සිදු වීම් විප්ලවවාදී චින්තනයේ නව සහ බලගතු පුනර්ජීවනයකට මග පාදනු ඇත යන කරුන වටහා ගැනීමට යමෙක් ප්‍රයත්න දැරිය යුතු ව ඇත.
ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය මෙයයි. මේ අරගලයේ කොටස්කරුවෙකු වන්න. සමාජවාදය සඳහා අරගලයට උර දෙන්න. සමස්ත මනුෂ්‍යත්වයේ අවශ්‍යතාවන් උදෙසා සමාජය අලුත් කල හැකි පරිනාමනය කල හැකි කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය ගොඩනගන්න.
