ඉදිරිදර්ශන

බයිඩන් ගේ නය ගනුදෙනුව: යුද්ධය සහ කප්පාදු සඳහා ද්විපාර්ශ්වික සැලැස්මක්

(මෙය Bidens debt deal: A bipartisan blueprint for war and austerity මැයෙන් 2023 ජුනි 2 වන දා පල කල ඉදිරි දර්ශනයේ පරිවර්තනය යි.)

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා දෙමින් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් සභා කථානායක කෙවින් මැකාති අතර ක්‍රියාත්මක වූ නය සීමාවන් පිලිබඳ පනත කොන්ග්‍රසයේ සභා දෙකෙහිම වේගවත් හා අස්ථාවර ලෙස සම්මත කිරීම, සමස්ත දේශපාලන සංස්ථාපිතය සහ කම්කරු පන්තිය අතර ඇති පෑහිය නොහැකි පන්ති පරතරය හෙලිදරව් කරයි.

ඔවුන්ගේ අන්‍යෝන්‍ය දෝෂාරෝපන නොතකා, ඇමරිකානු ධනවාදයේ පක්ෂ දෙක, වැඩකරන ජනතාව හා තරුනයින් මත යුද්ධයේ සම්පූර්න පිරිවැය පැටවීමේ දී එක්සත් විය. ඔවුහු නය සීමාව සහ එක්සත් ජනපද නය බැඳීම් පැහැර හැරීමේ 'ව්‍යසනකාරී' අවතාරය භාවිතා කලේ ම්ලේච්ඡ කප්පාදු පැකේජයක් පැනවීමේ ආවරනය ලෙස විස්තීර්න 'අර්බුද' කේවල් කිරීම් යොදා ගැනීම සඳහාය.

රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් පනත “චීනයට තෑග්ගක්” ලෙස හැඳින්වූ අතර මිලිටරි වියදම්වල ඊටත් වඩා විශාල වැඩිවීමක් ඉල්ලා සිටි අතර බ්‍රහස්පතින්දා සෙනෙට් ඡන්දය අතරතුර නාට්‍යයේ අවසාන ජවනිකාව පැමිනියේය. සෙනෙට් බහුතර නායක චාල්ස් ෂුමර් (ඩිමොක්‍රටික්) සහ සුලුතර නායක මිච් මැක්කොනෙල් (රිපබ්ලිකන්) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් යටහත් පහත් ලෙස පිලිතුරු දුන් අතර, “නය සීමා ගිවිසුම චීනය, රුසියාව සහ අපගේ අනෙකුත් විරුද්ධවාදීන් වැලක්වීමට මිලිටරි හැකියාවන් සහතික කිරීම සඳහා සුදුසු හදිසි අතිරේක අරමුදල් සඳහා සෙනෙට් සභාවට ඇති හැකියාව සීමා කිරීමට කිසිවක් නොකරයි.”

වෙනත් වචන වලින් කිවහොත්, සමාජ වැඩසටහන්වල කප්පාදුව සහ සීමා කිරීම් ස්ථීර වන අතර, එක්සත් ජනපද යුද යාන්ත්‍රනයේ අසීමිත මූල්‍යකරනය බාධාවකින් තොරව ඉදිරියට යනු ඇත.

ගිවිසුමට ප්‍රශංසා කරමින් සිකුරාදා සන්ධ්‍යාවේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන අවස්ථාවේ බයිඩන් විසින් පවත්වන ලද කතාවේදී, 'කිසිවෙකුට අවශ්‍ය සියල්ල ලැබුනේ නැත, නමුත් ඇමරිකානු ජනතාවට අවශ්‍ය දේ ලැබුනි' යනුවෙන් ප්‍රකාශ කලේය. ඇත්ත වශයෙන්ම, වෝල් වීදිය සහ මිලිටරිය ඔවුන්ට අවශ්‍ය දේ හරියටම ලබා ගත්හ, පනත් කෙටුම්පත සැලසුම් කර ඇති දේ සඳහා මූලික ගෙවීමක් පමනක් වුවද, කම්කරු පන්තියට බිල්පත් දැරීමට බල කෙරෙනු ඇත.

මෙම ක්‍රියාවලිය පුරාම, මූල්‍ය පරපෝෂිතයන් තමන්ට සම්පූර්නයෙන්ම හිතකර යෝජනාවක් සහතික කර ඇති බව දැන, නොසැලී සිටියහ. එලඹෙන 'අර්බුදයක්' පිලිබඳ කතාවට වෙලඳපොලවල් ප්‍රතිචාර නොදැක්වූ අතර තියුනු ඉහල යාමක් සමග ඊනියා 'මූල්‍ය වගකීම් පනත' සම්මත කිරීම සිකුරාදා සමරන ලදී.

සංගත හා ධනවතුන් සඳහා ඩොලර් ට්‍රිලියන ගනනක බදු කප්පාදුව, බැංකු හා සමපේක්‍ෂකයින්ට ඇපදීම සහ මිලිටරිය සඳහා වාර්තාගත වියදම් ආදී ට්‍රිලියන ගනන් ජාතික නය වේගයෙන් වර්ධනය වීම පිටුපස ඇති කරුනු වසන් කරමින් සංගත මාධ්‍ය නිල වශයෙන් ගන්නා මග ඒකාකාරව ප්‍රවර්ධනය කලේය. 2011 දී ඔබාමා-බයිඩන් පාලනය යටතේ සිදුවූ පසුගිය නය සීමා කිරීමේ ගනුදෙනුවෙන් පසු සමාජ වියදම් තියුනු ලෙස පහත වැටෙන අතරතුර, ආයතනික බදු සියයට 60 කින් පහත වැටී ලාභය යලි යලිත් නව වාර්තා තැබූ බව මෙම මාධ්‍ය සඳහනක් කලේ නැත.

“අර්බුද” පෙන්නුම් කලේ නිවාස, පාසල්, සෞඛ්‍ය සේවා, පරිසරය, පොදු ප්‍රවාහනය සහ පෝෂනය වැනි දේ සඳහා “නොහොබිනා” වියදම් අවසන් කිරීමට කාලය එලඹ ඇති බවයි! වෝල් ස්ට්‍රීට් ජර්නලය ගනුදෙනුවට සහය පල කිරීමට කතුවැකි යොදාගෙන තිබේ. විශේෂයෙන් පැරනි ආහාර මුද්දරලාභීන්ට (පරිපූරක පෝෂන ආධාර වැඩසටහන-SNAP) ඒ්වා ලබා ගැනීම සඳහා එහි නව වැඩ අවශ්‍යතා ඒනම් “වැඩ සංස්කෘතිය” ප්‍රතිස්ථාපනය කිරීමේ ඉදිරි පියවර සලකුනු කර ඇත.

මෙම ගිවිසුමට 2024 සහ 2025 මූල්‍ය වර්ෂ සඳහා මිලිටරි නොවන අභිමත වියදම් සඳහා සීමාවන්, වියදම් නොකල කොවිඩ් සහන අරමුදල් ඩොලර් බිලියන 30 ක් අවලංගු කිරීම, අභ්‍යන්තර ආදායම් සේවා බදු බලාත්මක කිරීමේ ඩොලර් බිලියන 20 ක කප්පාදුවක් සහ සිසුන්ගේ නය ආපසු ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අගෝස්තු 30 අවසන් කිරීම ඇතුලත් වේ.

අනෙකුත් විධිවිධාන අතරට 1970 ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත අහෝසි කරමින් ග්‍රීන් ලයිට් ෆොසිල ඉන්ධන කැනීම් සහ අනෙකුත් බලශක්ති ව්‍යාපෘති ඉවත් කිරීම ඇතුලත් වේ. 2024 ජනවාරි 1 වන විට කොන්ග්‍රසය විසර්ජන පනත් 12ම බලාත්මක කිරීමට අපොහොසත් වුවහොත් මේ වසර සඳහා දේශීය වියදම්වලින් සියයට 1 ක කප්පාදුවක් කෙරෙනු ඇත. මෙය 1997 සිට සිදු නොවූ දෙයකි. මෙම දඩය අනෙකුත් නීති සම්පාදනයන්හි දක්වා ඇති සියලුම කප්පාදු අබිබවා වියදම් කපා හරිනු ඇත. එය මැතිවරන වර්ෂයක අයවැය අර්බුදයකට සහ ආන්ඩුව වසා දැමීමේ තර්ජනයට වේදිකාව සකසයි.

මැකාති යලි යලිත් ප්‍රකාශ කල පරිදි, නය සීමාවේ ගනුදෙනුවට ඇතුලත් කප්පාදුව, සමාජ ආරක්ෂන දැලක ඉතිරිව ඇති සියල්ල කපා හැරීමේ මූලික ගෙවීම් පමනි.

ඩිමොක්‍රටික් පක්ෂය සමග පෙලගැසී ඇති වොෂින්ටන් පෝස්ට්, ජූනි 1දා කතුවැකියක, මීලඟ දශකය තුල ෆෙඩරල් වියදම් ඩොලර් ට්‍රිලියන 1.5කින් අඩු කිරීමට කොන්ග්‍රස් අයවැය කාර්යාලය විසින් ඇස්තමේන්තු කර ඇති ද්විපාර්ශ්වික පනතේ කප්පාදු පියවරයන් ප්‍රශංසාවට ලක් කල අතර, ප්‍රධාන හිමිකම් සමාජ ආරක්ෂනය සහ වෛද්‍ය ප්‍රතිකාර ද කප්පාදු කිරීමේ එහි ඉල්ලීම යලි අවධාරනය කලේය. එය 'නය හා හිඟයේ සැබෑ ධාවකයින් ඒනම් සෞඛ්‍ය ආරක්ෂන සහ විශ්‍රාම වැඩසටහන් සම්බන්ධ ව්‍යුහාත්මක වෙනසක්: ' ඉල්ලා සිටියේය.

එතැනට යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් කුමන උපායික වෙනස්කම් තිබුනත් ඇත්ත වශයෙන්ම මහා ව්‍යාපාරික පක්ෂ දෙකෙහිම ඉලක්කය වන්නේ ඒයයි.

නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඇමරිකාවේ ව්‍යාජ වාම ඩිමොක්‍රටික් සමාජවාදීන් ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ ඊනියා “ප්‍රගතිශීලී” අංශයේ ප්‍රයත්නයන්, බයිඩන් සහ ඩිමොක්‍රටිකයින්ගේ භූමිකාව අවතක්සේරු කිරීමට සහ කප්පාදු පියවර සඳහා මුලුමනින්ම දොස් පැවරීමට නියෝජිත මන්ත්‍රී මන්ඩලය සහ සෙනෙට් සභාව යන දෙකෙහිම ඡන්දය ප්‍රකාශ කිරීමේ සැබෑ ප්‍රතිඵලයෙන් රිපබ්ලිකානුවන් සුනුවිසුනු වී ඇත.

අනෙකුත් විධිවිධාන අතරට 1970 ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත හරිත ආලෝකය සහිත පොසිල ඉන්ධන කැනීම් සහ අනෙකුත් බලශක්ති ව්‍යාපෘති ඉවත් කිරීම ඇතුලත් වේ. 2024 ජනවාරි 1 වන විට කොන්ග්‍රසය විසර්ජන පනත් 12ම බලාත්මක කිරීමට අපොහොසත් වුවහොත් මේ වසර සඳහා දේශීය වියදම්වලින් සියයට 1 ක කප්පාදුවක් සිදුවේ. මෙය 1997 සිට සිදු නොවූ දෙයකි. මෙම දඩය අනෙකුත් නීති සම්පාදනයන්හි දක්වා ඇති සියලුම කප්පාදුවලට වඩා වියදම් කපා හරිනු ඇත. එය මැතිවරන වර්ෂයක අයවැය අර්බුදයකට සහ ආන්ඩුව වසා දැමීමේ තර්ජනයට වේදිකාව සකසයි.

බදාදා පනත සම්මත කරන ලද නියෝජිත මන්ත්‍රී මන්ඩලෙය්දී, ඡන්ද 314-117 ක් වූ අතර, ඩිමොක්‍රටිකයින් පනත් කෙටුම්පතට (සියයට 80) 165-46 ක් ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් 149-71 (සියයට 67) කින් එයට ඡන්දය ප්‍රකාශ කලහ. එපමනක් නොව,, රිපබ්ලිකන් හවුස්හි නිදහස් කන්ඩායමේ ( Freedom Caucus) සාමාජිකයින් 29 දෙනෙකුගේ විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා එවැනි කාරනා සම්බන්ධයෙන්වන සම්මුතිය බිඳ දමා, ඩිමොක්‍රටික් පක්ෂය ඡන්ද 50 කට වඩා ලබා දෙමින්, කලින් ක්‍රියා පටිපාටියේදී සිදුවූ ඡන්ද විමසීමකින් පනත් කෙටුම්පත අවහිර කිරීම මේවර ගලවා ගත්හ.

සෙනෙට් සභාවේදී, පනත් කෙටුම්පත 63 ට 36 කින් සම්මත වූ අතර, ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හතර දෙනෙකු සහ නාමිකව ස්වාධීන බර්නි සැන්ඩර්ස් 'නැත' ලෙස ඡන්දය ප්‍රකාශ කලහ. ඩොලර් ට්‍රිලියන 1කට ආසන්න වාර්තාගත ඉහලම අගයක් දක්වා මෙම වසරේ මිලිටරි වියදම් සියයට 3 කින් මෙම පනත යටතේ වැඩි වන අතර ලබන වසරේ ඊට සමාන මුදලකින් ඉහල යයි. මිලිටරි වියදම්වල කප්පාදුවක් ඉල්ලා සිටීමට කිසිදු සභා ගර්භයක එකදු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකුවත් නැගී සිටියේ නැත.

2021 ජනවාරි 6දා ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනයට බයිඩන්ගේ ප්‍රතිචාරය වූයේ, රිපබ්ලිකන් පක්ෂය ගලවා ගැනීම සහ රුසියාව කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආක්‍රමනශීලී ප්‍රතිපත්තිය දියත් කිරීමට, එය සමග ඒක්ව ක්‍රියා පටිපාටියක් සකස් කිරීමයි. එබැවින් 'එකමුතුව' සහ 'ද්විපාර්ශ්විකත්වය' සඳහා ඔහුගේ ආයාචයිනයයි. දැන් විදේශ සමඟ යුද්ධයේ වැඩපිලිවෙල දේශීය කම්කරු පන්තියට එරෙහි යුද්ධය සමග එකතු වී ඇති අතර එයද ද්විපාර්ශ්වික පිලිවෙතකි.

මෙය ඩීඑස්ඒ නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝර්ටෙස් ට්වීට් කිරීමෙන් වැලැක්වූයේ නැත: “රිපබ්ලිකන්වරුන්ට මෙම ඡන්දයේ අයිතිය හිමිවිය යුතුය. මෙය ඔවුන්ගේ එකඟතාවය විය. මෙය ඔවුන්ගේ කේවලය විය. ඔවුන් පැමින පරිපූරක පෝෂන ආධාර වැඩසටහන කපා හැරීමට, පාරිසරික ආරක්ෂාව කපා හැරීමට, තෙල් නල මාර්ගයක් අවශ්‍ය නොවන ප්‍රජාවක් හරහා ඒය ගෙන යාමට උත්සාහ කරන්නේ ඔවුන් ය.

ඩීඑස්ඒ ඩිමොක්‍රටික් පක්ෂයේ කන්ඩායමක් ලෙස ක්‍රියා කරයි. 2020 දී එය ඩිමොක්‍රටික් ප්‍රාථමික වලදී සැන්ඩර්ස්ට සහාය දුන් අතර, සැන්ඩර්ස් ඉවත් කල විට එය ට්‍රම්ප්ට වඩා “අඩු නපුරක්” ලෙස බයිඩන්ට සහාය දුන්නේය. 2020 නොවැම්බරයේ ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු “අද සමරන්න, හෙට සටන් කරන්න” යන සිරස්තලය සමඟ ලිපියක් ප්‍රකාශයට පත් කරමින් ඩීඑස්ඒ සමඟ පෙලගැසුනු ජාකොබින් බයිඩන් කෙරෙහි මිත්‍යාවන් ප්‍රවර්ධනය කලේය.

නය සීමාවේ “අර්බුද” පිලිබඳ සිය සියලු වාර්තා තුල, ජාකොබින් යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ යුද්ධය පිලිබඳ ප්‍රශ්නය කිසිවිටෙක මතු කර නැත. ඒ එය සහ ඩීඑස්ඒ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ ගෝලීය ආධිපත්‍යය සඳහා වන එහි යුද්ධවලට සහාය දෙන බැවිනි.

සමාජ ප්‍රතිලාභ විනාශ කරමින් කම්කරු පන්තිය යුද්ධයට වන්දි ගෙවීමට සැලැස්වීමට පාලක පන්තීන්ගේ උත්සාහය, ප්‍රංශය, ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍යය වැනි ලොව පුරා රටවලද එක්සත් ජනපදයේ ද කම්කරු පන්තියේ දැවැන්ත නැගිටීමක් අවුලුවයි. මෙම ව්‍යාපාරයට පාලක පන්තියේ සියලු පක්ෂ හා සංවිධාන වලින් දේශපාලනිකව ස්වාධීන, දැනුවත් ජාත්‍යන්තර හා විප්ලවවාදී සමාජවාදී ඉදිරිදර්ශනයක් ලබා දීම තීරනාත්මක ය.

Normal;heading 1;heading 2;heading 3;heading 4;heading 5;heading 6;heading 7;heading 8;heading 9;caption;Title;Subtitle;Strong;Emphasis;Placeholder Text;No Spacing;Light Shading;Light List;Light Grid;Medium Shading 1;Medium Shading 2;Medium List 1;Medium List 2;Medium Grid 1;Medium Grid 2;Medium Grid 3;Dark List;Colorful Shading;Colorful List;Colorful Grid;Light Shading Accent 1;Light List Accent 1;Light Grid Accent 1;Medium Shading 1 Accent 1;Medium Shading 2 Accent 1;Medium List 1 Accent 1;Revision;List Paragraph;Quote;Intense Quote;Medium List 2 Accent 1;Medium Grid 1 Accent 1;Medium Grid 2 Accent 1;Medium Grid 3 Accent 1;Dark List Accent 1;Colorful Shading Accent 1;Colorful List Accent 1;Colorful Grid Accent 1;Light Shading Accent 2;Light List Accent 2;Light Grid Accent 2;Medium Shading 1 Accent 2;Medium Shading 2 Accent 2;Medium List 1 Accent 2;Medium List 2 Accent 2;Medium Grid 1 Accent 2;Medium Grid 2 Accent 2;Medium Grid 3 Accent 2;Dark List Accent 2;Colorful Shading Accent 2;Colorful List Accent 2;Colorful Grid Accent 2;Light Shading Accent 3;Light List Accent 3;Light Grid Accent 3;Medium Shading 1 Accent 3;Medium Shading 2 Accent 3;Medium List 1 Accent 3;Medium List 2 Accent 3;Medium Grid 1 Accent 3;Medium Grid 2 Accent 3;Medium Grid 3 Accent 3;Dark List Accent 3;Colorful Shading Accent 3;Colorful List Accent 3;Colorful Grid Accent 3;Light Shading Accent 4;Light List Accent 4;Light Grid Accent 4;Medium Shading 1 Accent 4;Medium Shading 2 Accent 4;Medium List 1 Accent 4;Medium List 2 Accent 4;Medium Grid 1 Accent 4;Medium Grid 2 Accent 4;Medium Grid 3 Accent 4;Dark List Accent 4;Colorful Shading Accent 4;Colorful List Accent 4;Colorful Grid Accent 4;Light Shading Accent 5;Light List Accent 5;Light Grid Accent 5;Medium Shading 1 Accent 5;Medium Shading 2 Accent 5;Medium List 1 Accent 5;Medium List 2 Accent 5;Medium Grid 1 Accent 5;Medium Grid 2 Accent 5;Medium Grid 3 Accent 5;Dark List Accent 5;Colorful Shading Accent 5;Colorful List Accent 5;Colorful Grid Accent 5;Light Shading Accent 6;Light List Accent 6;Light Grid Accent 6;Medium Shading 1 Accent 6;Medium Shading 2 Accent 6;Medium List 1 Accent 6;Medium List 2 Accent 6;Medium Grid 1 Accent 6;Medium Grid 2 Accent 6;Medium Grid 3 Accent 6;Dark List Accent 6;Colorful Shading Accent 6;Colorful List Accent 6;Colorful Grid Accent 6;Subtle Emphasis;Intense Emphasis;Subtle Reference;Intense Reference;Book Title;Bibliography;TOC Heading;

Loading