[මෙය Sri Lankan SEP to hold local government election campaign meetings යන මැයෙන් 2025 අප්‍රේල් 04 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
මැයි 6 වන දින ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පලාත් පාලන (පපා) මැතිවරනය සඳහා උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) කොලඹ, යාපනය සහ මාතර යන නගරවල ප්‍රසිද්ධ රැස්වීම් පවත්වනු ඇත.
සමාප්ති රැස්වීම: කොලොන්නාව ලංකා බැංකුව අසල දී මැයි 3 වැනි දා සෙනසුරාදා සවස 3ට
සසප, යුද්ධයෙන් විනාශ වූ යාපනය දිස්ත්‍රික්කයේ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවටත්, කොලඹට තදාසන්නව පිහිටි කොලොන්නාව නගර සභාවටත් අපේක්ෂකයින් 34 දෙනෙකු ඉදිරිපත් කරයි.
කම්කරු පන්තිය සඳහා සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් ගෙනහැර දක්වන පක්ෂයේ මැතිවරන ප්‍රකාශය දැනටමත් නිකුත් කර ඇති අතර අපගේ අපේක්ෂකයින්, කම්කරුවන් හා තරුනයින් සමඟ ඒ පිලිබඳ සාකච්ඡා කරනු ලැබේ.
සසප සහ සසජාතශි පමනක් ම වැඩ කරන ජනතාවට සත්‍යය පවසයි.
ජනාධිපති දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ), විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සහ ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දෙන මහජන අරගල සන්ධානය ඇතුලු අනෙකුත් පක්ෂවල ජාතිකවාදී වාචාල කතාවලට සසප විරුද්ධ වේ. සසප පැහැදිලි කරන්නේ, වැඩ කරන ජනතාව මුහුන දෙන දැවෙන ගැටලු, ජාතික පදනමක් මත හෝ ධනේශ්වර ක්‍රමය යටතේ විසඳිය නොහැකි බව ය.
පසුගිය වසරේ මැතිවරනවලදී ජවිපෙ/ජාජබ හි දක්ෂිනාංශික, අධිරාජ්‍යවාදී ගැති ස්වභාවය ගැන කම්කරු පන්තියට අනතුරු ඇඟවූ එකම පක්ෂය සසප පමනි. ආරම්භයේ සිටම දිසානායකගේ ආන්ඩුව, සියලු විරුද්ධ පක්ෂවල සෘජු හා වක්‍ර සහයෝගය ඇතිව, අවධානය යොමු කලේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කුරිරු කප්පාදු පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි ය.
කම්කරු පන්තිය මුහුන දෙන්නේ, ජවිපෙ/ජාජබ තන්ත්රයට හෝ ශ්‍රී ලංකාවේ ධනපති පන්තියට පමනක් නොව; ඔවුන්, ගෝලීය මූල්‍ය ප්රාග්ධනයට සහ සියලු අධිරාජ්‍යවාදී ආයතනවලට ද මුහුන දෙයි.
ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරනය පැවැත්වෙන්නේ ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදයක් මධ්‍යයේ ය; එහි කේන්ද්‍රයේ පවතින්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය යි. එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ෆැසිස්ට් විධික්රම භාවිතා කරමින්, සංක්රමනිකයන් පලවා හරිමින්, සමාජ සේවා ඉවත් කරමින්, සියලු රටවලට එරෙහිව වෙලඳ යුද්ධයක් දියත් කරමින් සහ යුද සූදානම, විශේෂයෙන් චීනයට එරෙහි යුද සූදානම උත්සන්න කරමින් ද, පෘථිවිය විනාශකාරී තුන්වන ලෝක යුද්ධයකට තල්ලු කරමින් ද සිටී.
ධනේශ්වර ම්ලේච්ඡත්වයට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු පන්තියට, අද දින මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය මත පදනම් වූ වැඩපිලිවෙලක් අවශ්‍ය වේ. සසප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ අනුබල දෙන්නන්ගෙන් වෙන් වී, ස්වාධීනව ඔවුන්ගේ දේශපාලන හා කාර්මික ශක්තිය බලමුලු ගන්වා ගනිමින්, සමාජවාදී වැඩපිලිවෙලක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ එක්සත් වන ලෙසයි. ඔවුන් ග්‍රාමීය ජනතාවට සහාය දක්වමින් පෙල ගැසිය යුතු අතර දිසානායක ආන්ඩුවේ කප්පාදු පියවර සහ ප්රජාතන්ත්රවාදී හි සමාජ අයිතිවාසිකම්වලට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව පුලුල් ජාතික පරිමාන අරගලයක් වර්ධනය කල යුතුය.
සසප/සසජාතශි මැතිවරන ව්‍යාපාරය, සියලුම සේවා ස්ථානවල තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමේ අවශ්‍යතාවය පිලිබඳව කම්කරුවන් දැනුවත් කිරීමටත්, කුඩා ගොවීන්ට, ඔවුන්ගේ සමාජීය හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා එක්සත් ක්‍රියාමාර්ගයක් ලෙස ඒ හා සමාන කමිටු සංවිධානය කිරීමටත් සටන් කරයි.
මෙම ඉදිරිදර්ශනය වනාහි, ඉහත දැක්වූ ක්‍රියාකාරී කමිටුවලින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කරගත් නියෝජිතයින් මත පදනම්ව, කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් පිහිටුවීම සඳහා සසප කරන ඉල්ලීමේ කොටසකි. අපගේ ඉදිරිදර්ශනය වන්නේ, බහුතර ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස, සමාජය යලි හැඩගස්වා ගැනීමට කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලය ඉදිරියට ගෙන යාමයි.
මෙම වැදගත් ප්‍රසිද්ධ රැස්වීම්වලට සහභාගී වන ලෙසත්, පක්ෂයේ දේශපාලන ක්‍රියාමාර්ගය පිලිබඳ පුලුල්තම සාකච්ඡාවට සහභාගී වන ලෙසත් අපි කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් සහ ලෝසවෙඅ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
සසප සහ සසජාතශි සමග සම්බන්ධ වෙමින්, අපගේ උද්ඝෝෂනයට හැකි උපරිම සහයෝගය ලබා දෙන ලෙස ද අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
යාපනය
රැස්වීම පැවැත්වෙන ස්ථානය: යාපනයේ වයිඑම්සීඒ ශ්‍රවනාගාරය (රජයේ නියෝජිත කාර්යාලය අසල).
දිනය සහ වේලාව: අප්‍රේල් 7 වන දින ප.ව. 3.30 ට.
කොලඹ
රැස්වීම පැවැත්වෙන ස්ථානය: කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දිනය සහ වේලාව: අප්‍රේල් 9 වන දින ප.ව. 4.30 ට.
මාතර
රැස්වීම පැවැත්වෙන ස්ථානය: මාතර තැපැල් කාර්යාල ශ්‍රවනාගාරය
දිනය සහ වේලාව: අප්‍රේල් 26 වන දින ප.ව. 3.00 ට.
අපගේ දුරකතන අංකය සහ ඊමේල් ලිපිනය:
වට්ස්ඇප් අංකය: 0773562327
ඊමේල්: wswscmb@sltnet.lk
