[මෙය Expert report shatters fraudulent case against Bogdan Syrotiuk: Deepen the international campaign for his freedom! යන මැයෙන් 2025 දෙසැම්බර් 10 වැනි දින පල වූ ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]
යුක්‍රේන සමාජවාදියකු වන බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය, ඔහුට විරුද්ධ හොර නඩුව සුනුවිසුනු කර දමන වෝහාරික වෛද්‍ය සහ වාග් විද්‍යාත්මක විෂ්ලේෂනයක් ප්‍රසිද්ධියට පත් කිරීමත් සමග වැදගත් හැරවුම් ලක්ෂයක් කරා ලඟා වී තිබේ.
බොග්ඩාන් සයිරොටියුක් ගේ නීතිඥවරුන්ගේ ඉල්ලීම මත යුක්‍රේනයේ ප්‍රධානතම අපරාධ විද්‍යාඥයෙකු වන මහාචාර්ය යූරි බොරිසොවිච් ඉර්කින් විසින් සකස් කල පිටු 65 කින් සමන්විත එම විශ්ලේෂනය මගින් බොග්ඩාන් සයිරොටියුක් “රාජ්‍ය විරෝධී අපරාධයක්” කල බවට වන චෝදනාව, රුසියාවට විරුද්ධ නේටෝ-යුක්‍රේන යුද්ධයට එරෙහි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විරුද්ධවාදීන් තහනම් කිරීම සඳහා අටවන ලද දේශපාලන හොර නඩුවක් බව සැකයකින් තොරව ඔප්පු කර ඇත.
26 හැවිරිදි බොග්ඩාන් සයිරොටියුක් හජාජාකමිටුවට අනුබද්ධ යුක්‍රේනයේ ට්‍රොට්ස්කිවාදී තරුන ව්‍යාපාරය වන බොල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (වයිජීබීඑල්) සංවිධානයේ නායකයෙකි. 2024 අප්‍රේල් මාසයේදී අත් අඩංගුවට ගනු ලැබූ ඔහුට විරුද්ධව, යුද ව්‍යවස්ථා යටතේ අවුරුදු 15 ක සිර දඬුවම් නියම කල හැකි චෝදනාවක් වන “රාජ්‍ය විරෝධී අපරාධ” චෝදනාව නගා ඇත. ඊට “සාක්ෂි” වශයෙන් ඉදිරිපත් කර ඇති දෑ සියල්ල ම පාහේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ වයිජීබීඑල් විසින් ප්‍රකාශයට පත්කර ඇති දේශපාලන විශ්ලේෂනයන් ය. ඒවා සියල්ල ම, නේටෝව විසින් සහාය දෙනු ලබන යුද්ධයටත් කියෙව් හා මොස්කව් හි ධනපති ආන්ඩු වලටත් විරුද්ධ බැවින්, යුක්‍රේනයේ ආන්ඩුව විසින් “රුසියානු ප්‍රචාර” ලෙස හංවඩු ගසා ඇත.
කලක් තිස්සේ ම යුක්‍රේනයේ අධිකරනය විසින් විරුද්ධවාදීන් අපරාධකරුවන් වශයෙන් හංවඩු ගැසීමට ඊනියා “වාග් විද්‍යාත්මක විශේෂඥතාව” ආයුධයක් ලෙස පාවිච්චි කර ඇත. රජය විසින් පත් කරන ඊනියා “විශේෂඥයෝ” සැකකරුට චෝදනා කිරීමට අවශ්‍ය අපරාධයට සාක්ෂි වශයෙන් අඹරවා ගත හැකි වාක්‍යාංශයක් සොයා දේශපාලන ලියවිලි අවුස්සති. බොග්ඩන්ගේ නඩුවේ දී ආන්ඩුව විසින් පත් කල විශේෂඥයා යුක්‍රේනයේ රහස් පොලිසිය වන එස්බීයූවේ හස්තය ලෙස ක්‍රියා කරමින් බොග්ඩන්ගේ ලියවිලි රුසියානු ආක්‍රමනයට සහයෝගය දෙන ඒවා බව ප්‍රකාශ කලේ ය.
නමුත් මහාචාර්ය ඉර්කින්ගේ ස්වාධීන පරීක්ෂනය එම වංචනික නිගමනය සුනුවිසුනු කර දමයි. එම දෘෂ්ටි කෝනයෙන් බලන විට එය, මේ වසර මුල දී බොග්ඩාන්ට විරුද්ධ නඩුව භාරගත් යුරෝපීය මානව හිමිකම් අධිකරනයේ දී පාවිච්චි කල හැකි වැදගත් අවියක් වනු ඇත. දුසිමකට වැඩි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ වයිජීබීඑල්හි පල වූ ලිපි - 2023 ජාත්‍යන්තර මැයි දින රැලියේදී සහ ගාසා ජන ඝාතනය පිලිබඳව බොග්ඩාන් විසින් පැවැත්වූ කථා ද ඇතුලුව - පරීක්ෂා කිරීමෙන් පසුව ඉර්කින් මෙසේ නිගමනය කලේ ය:
යුක්‍රේනයේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම අරමුනු කරගත් මහජන කැඳවීමක් කරන ප්‍රකාශ, වාක්‍යාංශ, වාක්‍ය, වචන සංයෝග හෝ රුසියානු ෆෙඩරේෂනයේ සන්නද්ධ යුක්‍රේන ආක්‍රමනයට සහයෝගය ඉල්ලීම ඉලක්ක කරගත් ප්‍රචාරක ප්‍රකාශවල සලකුනක් අඩංගු ප්‍රකාශ මේ ලියවිලි අතර නැත. (අවධාරනය මුල් ලියවිල්ලේ)
වාර්තාවේ පරිපූර්නත්වය සහ ඉර්කින්ගේ කීර්තිය නිසා - ඔහු යුක්‍රේනයේ පුලුල් ලෙස උපුටා දක්වනු ලබන අපරාධ විද්‍යාඥයා ය, ස්වදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශයේ මනෝ වෛද්‍ය සේවයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානියා ය - පර්වෝමයිස්ක් හි සතුරු ආකල්ප සහිත අධිකරනයකට පවා තුන්වන විශේෂඥ පරීක්ෂනයක් පවත්වන ලෙස නියෝග කිරීමට බල කෙරිනි. මෙය කෙසේවත්ම බොග්ඩාන්ට යුක්තිය ඉෂ්ටවීමක් නොවෙතත් එස්බීයූවට වැදුන සැලකිය යුතු නීතිමය ප්‍රහාරයක් සහ ඔහු නිදහස් කර ගැනීම සඳහා ගෙන යන ජාත්‍යන්තර අරගලයේ ප්‍රධාන ඉදිරි පියවරක් වේ.
මෙම සිද්ධියේ ඇඟවීම් බොග්ඩාන් ආරක්ෂා කිරීමට වඩා බොහෝ දුර යයි. ආරම්භයේ සිට ම බොග්ඩාන් උසාවි ඇදගෙන යාම, යුද විරෝධය තහනම් කිරීමේ අරමුනින් වේදිකා ගතකල හොර නඩුවක් විය. එස්බීයූවේ ස්ථාවරය, නේටෝව පිලිබඳ ඕනෑ ම විවේචනයක්, පූටින් තන්ත්‍රය ගැන වමෙන් කෙරෙන විවේචනයක් සහ රුසියානු - යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා කරන ඉල්ලීමක් යන සියල්ල රාජද්‍රෝහීය යන ප්‍රතිගාමී පදනම මත පිහිටි එකකි.
ජාත්‍යන්තරවාදය අපරාධයක් යයි හංවඩු ගැසීමේ ඔවුන්ගේ උත්සාහයේ දී බලධාරීන් ඇත්ත වශයෙන්ම කර ඇත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියම විත්ති කූඩුවට ගෙන යාම ය. එම උත්සාහය දැන් අතේ පත්තු වී ඇත. ඉර්කින්ගේ වාර්තාව සෑම අවංක පාඨකයෙක් ම දැනට ම දන්නා දේ ස්ථිර කර ඇත. බොග්ඩාන් සහ තවත් වයිජීබීඑල් නායකයකු වූ අන්ද්‍රෙ රිට්ස්කි 1923 මැයි දින රැලියේදී කල ප්‍රකාශයන් විශ්ලේෂනය කරමින් ඉර්කින් මෙසේ නිගමනය කලේ ය:
(එම) කථා වලින් ප්‍රකාශිත වන්නේ, ධනවාදයේ ලෝක අර්බුදයේ හා අධිරාජ්‍යවාදීන් අතර තරගයේ ප්‍රතිඵලයක් ලෙස යුද්ධය දකිමින් ඇමරිකානු සහ නේටෝ ප්‍රතිපත්තිද පූටින් තන්ත්‍රයේ ක්‍රියාවන්ද යන දෙකම දෝෂ දර්ශනයට ලක් කරන ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ස්ථාවරයන් ය. ඓතිහාසික යුක්‍රේන ජාතිකවාදය හා OUN-OPA කල්ලිවල ඇදහිලි පිලිබඳ විවේචන සේම ස්ටැලින්වාදයේ උරුමක්කාරයන් හැටියට පූටින් සහ රුසියානු කතිපයාධිකාරිය දෝෂ දර්ශනයට ලක් කිරීම් එම කථා වල පෙලෙහි අන්තර්ගත වෙයි. යුද විරෝධයේ හා විප්ලවීය ජාත්‍යන්තරවාදයේ පදනම මත ලෝක කම්කරු පන්තියට එක්සත් වන ලෙස කරන කැඳවීම කථා දෙකේ ම අන්තර්ගත වේ.
පැමිනිලිකරුවන් විසින් ම උපුටා දක්වන ලද එක් වයිජීබීඑල් ප්‍රකාශනයක් “පූටින්ගේ අති-ධාවනකාරී සන්නද්ධ යුක්‍රේන ආක්‍රමනය” හෙලා දකිමින් යුද්ධයට විරුද්ධව ජාත්‍යන්තර තරුන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි.
පරික්ෂාවට ලක් කරන ලද සෑම ප්‍රකාශනයක්ම එලඹෙන්නේ එක ම නිගමනයකටය. මෙහි “රාජාපරාධයක්” නොමැත. ඇත්තේ නොවෙනස්, ප්‍රතිපත්තිමය යුද විරෝධය හා යුද්ධය ඇති කරන ධනපති ක්‍රමයට විරෝධයයි. යුක්‍රේන තන්ත්‍රය සහ ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අනුග්‍රාහකයන් රාජාපරාධ ලෙස හුවා දක්වන්නට අපේක්ෂා කරන්නේ හරියට ම එයයි.
බොග්ඩාන්ට විරුද්ධ පැමිනිලිකාරයන්ට වැදුනු මෙම පහර සිදු වූ වෙලාව දේශපාලනික ව වැදගත් ය. නේටෝ යුක්‍රේන යුද්ධය ගැඹුරු අර්බුදයක ගිලී සිටී. යුක්‍රේනයේ ජීවිත සිය දහස් ගනනක්ද ඩොලර් බිලියන ගනනක්ද බිලිදීමෙන් පසු නේටෝව විසින් මහත් උජාරුවෙන් පම්පෝරි ගැසූ රුසියාවට විරුද්ධ ප්‍රහාරය ව්‍යසනකාරී ලෙස අසාර්ථක වී තිබේ. යුද්ධ නීතිය මත රට පාලනය කරන සෙලෙන්ස්කිගේ ආන්ඩුව මූල්‍ය දූෂන චෝදනාවල පීඩනය යටතේ බිඳී යමින් පවතින අතර ඔහු තමන්ගේ ලඟම විශ්වාසවන්තයා වූ අන්ද්‍රි යාමික් අස්කර දැම්මේය. සිය රටවල් තුල මහජන විරෝධයට මුහුන දෙමින් සිටින යුරෝපීය ආන්ඩු, වොෂින්ටනය විසින් මූලෝපායික පාවාදීමක් සිදු කර ඇති බවට එලිපිට ම චෝදනා කරයි.
මෙම අභ්‍යන්තර ඛන්ඩනයන්, සෙලෙන්ස්කි තන්ත්‍රය හා නේටෝව, කල හැකි වෙනත් දෙයක් නැති විට ගන්නා අපරීක්ෂාකාරී පියවර දෙසට, වඩ වඩාත් තල්ලු කරයි. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවේග - විශේෂයෙන් ජර්මනිය හා ප්‍රංශය - යුක්‍රේනයට හමුදා යැවීම ගැන, දිගු දුර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව යුක්‍රේනයට ලබා දීම ගැන සහ යුද ආර්ථිකයකට හැරීම ආදිය ගැන සාකච්ඡා තීව්‍ර කර ඇත.
යුක්‍රේන ආන්ඩුව ගෙන යන බොග්ඩාන් සයිරොටියුක් දඩයම එකී පුලුල් යුද ප්‍රතිපත්තියේම කොටසකි. අධිරාජ්‍යවාදී බලවතුන් සියල්ලටමත් වඩා බිය වන්නේ යුද්ධයට විරුද්ධව දැනුවත්, ජාත්‍යන්තරවාදී කම්කරු සහ තරුන ව්‍යාපාරයක් පැන නැගීමටයි.
බොග්ඩාන්ට විරුද්ධ ප්‍රහාරය, වඩා පුලුල් සහ වඩා විනාශකාරී ගැටුමකට සැරසෙමින් සිටින පාලක පන්තිය, සමාජවාදී සහ යුද විරෝධී ව්‍යාපාරවලට එරෙහිව එල්ල කරන ලෝක පරිමාන ප්‍රහාරයේ කොටසකි.
● ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (එස්ජීපී) ඔවුන්ගේ මාක්ස්වාදී වැඩපිලිවෙල සහ මිලිටරිවාදයට එරෙහි ප්‍රතිපත්ති නිසා රහස් බුද්ධි ඒජන්සිවල ඉලක්කයක් වී ඇත.
● ඇමෙරිකා එක්සත් ජනපදය තුල ෆැසිස්ට්වාදී ට්‍රම්ප් ව්‍යාපාරය සංක්‍රමනිකයන්, දේශපාලන විරුද්ධවාදීන් සහ වාමාංශික ක්‍රියාකාරීන් ප්‍රහාර සඳහා ඉලක්කගත කරන අතර ම “ධනවාදයට විරුද්ධ වීම හා ක්‍රිස්තියානියට විරුද්ධවීම” ත්‍රස්තවාදයේ එක් ස්වරූපයක් වශයෙන් වර්ගීකරනය කරන බවට ද තර්ජනය කරයි.
● යුරෝපය පුරා ම ආන්ඩු, යුද්ධ කාලයේ පාවිච්චි කල, පත්තරවලට මුකවාඩම් බැඳීමේ නීති යලි පන ගන්වමින්, පලස්තීන ජන සංහාරයට විරුද්ධවීම අපරාධයක් ලෙස හංවඩු ගසමින් සිටී.
ඉර්කින්ගේ වාර්තාවෙන් හොරනඩුව ප්‍රතික්ෂේපවීම මගින් කම්කරු පන්තිය ඉදිරියේ බරපතල වගකීමක් තබයි. බොග්ඩාන්ගේ නිදහස සඳහා කරන අරගලය, ලෝක යුද්ධය සඳහා වන සූදානම් වීමට එරෙහිව දැනුවත් සංවිධානගත ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අරගලයෙන් වෙන් කල නොහැක.
බොග්ඩාන් මුලින්ම අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය සටහන් කල පරිදි :
බොග්ඩාන්ගේ නිදහස සඳහා සටන, ලෝකයේ කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කැප වූ සියලු දෙනා සහ (නතර නොකලොත් න්‍යෂ්ටික විනාශයකින් කෙලවර වන) අධිරාජ්‍යවාදී යුද්ධවලට එරෙහි සියලු දෙනා විසින් තම කරට ගත යුතු ය.
මේ අනතුරු ඇඟවීම අද වඩාත් හදිසි වී තිබේ. ලොව පුරා සිටින කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන්, කලාකරුවන් සහ බුද්ධිමතුන් සියලු දෙනාගෙන් අපි මෙසේ ඉල්ලා සිටිමු :
● මෙම ලිපිය share කරමින් එයට පුලුල් සංසරනයක් ලබා දී චෝදනා වල වංචා සහගත භාවය හෙලිදරව් කල යුතුය.
● බොග්ඩාන් වහා නිදහස් කරනු යන ඉල්ලීම රැගත් පෙත්සම අස්සන් කොට බෙදා හරින්න.
● පාසල් විශ්ව විද්‍යාල සහ වැඩපොලවල් වල මේ පිලිබඳව සාකච්ඡා සංවිධානය කරන්න.
● බොග්ඩාන් නිදහස් කර ගැනීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයට ඔබේ මුදල් ආධාර ලබා දෙන්න.
● සියල්ලටමත් වඩා හජාජා කමිටුවට, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයට බැඳෙන්න.
බොග්ඩාන් සයිරොටියුක් නිදහස් කර ගැනීමේ සටන එහි හරයෙන් ම, ලෝක යුද්ධයට එරෙහි ව, යුක්‍රේනයේ, රුසියාවේ සහ ලෝකය පුරාමත් කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට කරන අරගලයයි. ඔහු ආරක්ෂා කිරීමේ අරගලය, මනුෂ්‍ය වර්ගයා විනාශය කරා ගෙනයන දේපල ක්‍රමය අවසාන කිරීමට හැකියාව සහිත කම්කරු පන්තියේ ලෝක පරිමාන ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කරන අරගලයෙන් වෙන් කල නොහැකිය.
