ජාන විද්‍යාව පිලිබඳ දැනුම ලබා දීමෙන් සිසුන් අතර ජාතිවාදී සංකල්ප අඩු කල හැකි බව පර්යේෂන පෙන්නුම් කරයි

[ ෙමය Research demonstrates that enhanced instruction in genetics can reduce racist conceptions among students මැයෙන් 2026 අප්‍රේල් 16 වැන දා පල වූ ලිපියේ පරිවර්තනයයි.]

STAT සඟරාවේ මෑත කාලීන ලිපියක් (Molteni, 2026 අප්‍රේල් 7, “ජනප්‍රිය විද්‍යාඥයෙක් වඩා හොඳ ජාන විද්‍යා පාඩම් මගින් ජාතිවාදය අඩු කල හැකි බව පෙන්වා දීම ඔහුගේ වෘත්තීය ජීවිතයට මල බෙරය අඬවයි”) ට්‍රම්ප් පරිපාලනයේ වර්ගවාදය සහ එය විද්‍යාවට සහ අධ්‍යාපනයට එල්ල කරන ප්‍රහාරයේ එක් අංගයක් හෙලිදරව් කරයි.

ජාතිය පිලිබඳ සංකල්පය ජීව විද්‍යාත්මක යථාර්ථයක් නොව සමාජ නිර්මානයක් බව හොඳින් තහවුරු කර ඇති විද්‍යාත්මක කරුනකි. “වාර්ගික” කන්ඩායම් තුල ජානමය විචලනය විවිධ වාර්ගික කන්ඩායම් අතර ජානමය විචලනයට වඩා විශාල වේ. එබැවින් මූලික වාර්ගික වෙනස්කම් ඇති බවට ප්‍රකාශ සඳහා කිසියම් විද්‍යාත්මක පදනමක් ඇති බවට කෙරෙන ප්‍රකාශ ප්‍රතික්ෂේප කෙරෙයි. එහෙත්, විවිධ ආකාරවලින්, ධනවාදය යටතේ නූතන යුගයේ, කම්කරු පන්තිය බෙදීමට සහ පීඩාවට පත් කිරීමට පාලක පන්තිය විසින් භාවිතා කරන ආයුධයක් ලෙස, විවිධ ආකාරවලින් ජාතිවාදය පවතී. විද්‍යාත්මක දැනුමට පටහැනි ව, වාර්ගික වෙනස සහ එක් “ජාතියක” උසස් බව යන සංකල්පය අඛන්ඩ ව පවත්වා ගෙන යාමට ජාන විද්‍යාව පිලිබඳ අප්‍රමානවත් අධ්‍යාපනයක් ඉටු කරන කාර්යභාරය කුමක් ද?

ඩීඑන්ඒ අනුවක සරල කල රූප සටහනක්

විද්‍යාඥයෙකු සහ අධ්‍යාපනඥයෙකු වන බ්‍රයන් ඩොනොවන් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් ජාන විද්‍යාව ඉගැන්වීමේ වැඩිදියුනු කිරීම් මගින් “ජාතීන්” අතර සැලකිය යුතු ජීව විද්‍යාත්මක වෙනස්කම් පිලිබඳ වැරදි සංකල්ප අඩු කල හැකි ද යන්න අධ්‍යයනය කිරීමට කටයුතු කරන ලදී (ඩොනොවන්, 2024 පෙබරවාරි 22, විද්‍යාව, “මානව ජාන විද්‍යා අධ්‍යාපනය ජාතිවාදය අඩු කල හැකි ය.”)

ඩොනොවන් ආවේනික යැයි කියනු ලබන වාර්ගික වෙනස්කම් “ජානමය අත්‍යවශ්‍යවාදය” ( ජානමය අත්‍යවශ්‍යවාදය යනු (ජාතීන් වැනි) කන්ඩායම්වල ජානවල ස්ථාවර, ගැඹුරු, නොවෙනස්ව පවතින “සාරයක්” ඇති බව සිතීමයි, එය ඔවුන් කෙසේ දැයි සම්පූර්නයෙන්ම තීරනය කරයි.) ලෙස විස්තර කරයි, එය ඔහු “මානුෂීය ජාන විද්‍යා අධ්‍යාපනය” සමඟ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ව දැක්වීමට යෝජනා කරයි. ජාන විද්‍යාව යනු ජීවීන් තුල ඇති සමස්ත DNA කට්ටලය (ජෙනෝමය) අධ්‍යයනය කිරීම, ජාන තනි තනි ව අධ්‍යයනය කිරීම වෙනුවට සාමූහික ව ජානවල ව්‍යුහය, ක්‍රියාකාරිත්වය, සිතියම්ගත කිරීම (අනුරූපනය) සහ සංස්කරනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ජෛව තාක්‍ෂනයේ ශාඛාවයි. ඩොනොවන්ට අනුව:

ජාතිය පිලිබඳ සංකල්පය පවතින තාක් කල්, වාර්ගික අගතීන් පාරම්පරික හේතූන් (ලේ උරුමය) මත යුක්ති සහගත කර ඇත. වාර්ගික අගතිය සාධාරනීකරනය කිරීමට බොහෝ විට මෙන්ඩෙල්ගේ අදහස් අවභාවිතා කරනු ලබන අතර, ඔහු මුලින් ම ධාන්‍ය ඇට බෝ කිරීමෙන් ප්‍රවේනිගත උරුමය පිලිබඳ විද්‍යාත්මක ආකෘතියක් පැහැදිලි කලේ ය. අද වන විට, උරුමය පිලිබඳ අපගේ අවබෝධය මෙන්ඩෙල් පසුකර බොහෝ දුර ගමන් කර ඇති අතර ජාන විද්‍යාවෙන් ලැබෙන ගැඹුරු අවබෝධයෙන් වාර්ගික අසමානතාවය ජාන මගින් තීරනය වේ යන අගතිගාමී අදහස ප්‍රතික්ෂේප කරයි. එසේ වුවද, බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ වාර්ගික අසමානතාවය ජානමය බවයි, මන්ද ඔවුන් “ජානමය අත්‍යවශ්‍යවාදය” ලෙස හඳුන්වන ජාතිය පිලිබඳ සාවද්‍ය සංකල්ප වලට පක්ෂග්‍රාහී වන නිසා ය. අපි අහඹු ලෙස සිදු කල අත්හදා බැලීමක දත්ත ඉදිරිපත් කරමින් තර්ක කරන්නේ ගුරුවරුන් මෙන්ඩෙල්ගෙන් ඔබ්බට ජාන විද්‍යා අධ්‍යාපනය වඩාත් සංකීර්න ප්‍රවේනි විද්‍යාත්මක සංකල්ප දෙසට එනම් අපි “මානව ප්‍රවේනි විද්‍යා අධ්‍යාපනය” ලෙස හඳුන්වන ලබන සංකල්පය දෙසට යොමු කරන්නේ නම් ගුරුවරුන්ට ජානමය අත්‍යවශ්‍යවාදය වැනි අවිද්‍යාත්මක සංකල්පවලින් සිසුන් ආරක්ෂා කල හැකි අතර ජාතිය සමාජ විද්‍යාත්මක සංකල්පයක් ලෙස විද්‍යාත්මක ව නිවැරදි අවබෝධයක් ඔවුන්ට ලබා දීමට සහාය විය හැකි ය.

ඩොනොවන්ගේ අත්‍යවශ්‍යවාදය සූත්‍රගත කිරීම, පුලුල් සමාජ සන්දර්භය ගැන සඳහන් නොකර පන්ති කාමරය තුල කරනු ලබන ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමු කරවයි.

ජානමය අත්‍යවශ්‍යවාදය යනු මනෝවිද්‍යාත්මක අත්‍යවශ්‍යවාදයේ ආකාරයකි, එය මිනිසුන් තුල මුල සිට වර්ධනය වන අගතියකි. මනෝවිද්‍යාත්මක අත්‍යවශ්‍යවාදය යනු මානව සංස්කෘතීන් පුරා නිරීක්ෂනය කල හැකි සමාජ කාන්ඩයක සාමාජිකයින්ගේ ගති ලක්ෂන තීරනය කරනු ලබන ඔවුන් තුල ඇතිමුත් නිරීක්ෂනය කල නොහැකි අභ්‍යන්තර සාරයක් බවට විශ්වාස කරයි. ජානමය අත්‍යවශ්‍යවාදය අනුමත කරන පුද්ගලයින් එවැනි සාරය ජානමය බව විශ්වාස කරන අතර, එමඟින් එක ම වාර්ගික පුද්ගලයින් ජානමය වශයෙන් සමජාතීය බවත්, ජාතීන් යනු අතිච්ඡාදනය නොවන ජානමය කන්ඩායම් බවත්, එබැවින් බොහෝ වාර්ගික වෙනස්කම් ජාන මගින් තීරනය වන බවත් විශ්වාස කිරීමට ඔවුන් යොමු කරවනු ලබයි. අත්‍යවශ්‍යවාදී විශ්වාසයන් සමාජීය වශයෙන් භයානක වන අතර ජීව විද්‍යාත්මක ව වැරදි සංකල්පයකි. නිදසුනක් වශයෙන්, ජාතිය පිලිබඳ ජානමය අත්‍යවශ්‍යතාවාදි විශ්වාසයන් අන්තර් කන්ඩායම් සතුරුකම, යුජනික්* ප්‍රතිපත්ති සඳහා සහාය, වෙනස් කොට සැලකීම සහ අන්තර්වාර්ගික මිත්‍රත්වයන් කෙරෙහි උනන්දුවක් නොමැතිකම සඳහා අවකාශ සපයයි.

“අවිධිමත් (උදා: මාධ්‍ය) හෝ විධිමත් (උදා: පාසල්) ඉගෙනීම මගින් ජානමය අදහස්වලට නිරාවරනය වීම ජානමය අත්‍යවශ්‍යවාදයේ වර්ධනයට බලපාන බවට උපකල්පනය කරනු ලබන ඇතයි” යනුවෙන් ඔහු යෝජනා කරයි. ඔහුගේ මතයට අනුව, ජාන විද්‍යාව පිලිබඳ අධ්‍යාපනය මූලික මෙන්ඩලියානු ප්‍රවේනි නීති කෙරෙහි ඉතා පටු අවධානයක් යොමු කරයි (ග්‍රෙගර් මෙන්ඩෙල් 19 වන සියවසේ ඔස්ට්‍රියානු පූජකයෙකු සහ විද්‍යාඥයෙකු වූ අතර ඔහු නූතන ජාන විද්‍යාවේ පියා” ලෙස හැඳින්වේ), එය තනිජාන සහ නිශ්චිත ෆීනෝටයිපික් (එනම්, භෞතික ව ප්‍රකාශිත) ලක්ෂන අතර සරල සහසම්බන්ධයක් අවධාරනය කරයි. මෙය නිරීක්ෂනය කල හැකි ජීව විද්‍යාත්මක ලක්ෂන ජනනය කිරීමේ දී විවිධ ජාන අතර සංකීර්න අන්තර්ක්‍රියා වල යථාර්ථය සඟවයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ජනගහන කන්ඩායම් අතර වෙනස්කම් අවධාරනය කිරීමට නැඹුරු වේ.

ග්‍රෙගර් මැන්ඩල්

“ගැටලුව වන්නේ එක්සත් ජනපද මහජනතාවට ලැබෙන මූලික ජාන විද්‍යාත්මක අධ්‍යාපනය නව යොවුන් වියේදී ජානමය අත්‍යවශ්‍යවාදය වර්ධනය කිරීම සඳහා අවදානම් සාධකයක් (risk factor) වීමයි,” යනුවෙන් ඔහු ලියයි. “මූලික ජාන විද්‍යා අධ්‍යාපනය මානව ජෙනෝමයේ වාර්ගික සමානතාවයේ රටා සාකච්ඡා නොකරන නිසාත්, සංකීර්න මානව ගතිලක්ෂනවලට අදාල බහු සාධක පදනම සාකච්ඡා නොකරන නිසාත්, සිසුන් කිසි විටෙකත් ජාතිය පිලිබඳ ජානමය අත්‍යවශ්‍යවාදීන්ගේ අදහස්වලට ඍජු ව ම විරුද්ධ වන තොරතුරුවලට නිරාවරනය නොවේ.”

ඩොනොවන් සහ තවත් අය ජාන විද්‍යා සංකල්ප තුනක් මත පදනම් වූ විකල්ප අධ්‍යාපනික වැඩසටහනක් වන “මානුෂීය ජාන විද්‍යා අධ්‍යාපනය” යෝජනා කරති:

1) “මිනිස් ජෙනෝමයෙන් ආසන්න වශයෙන් 0.1% ක් පුද්ගලයන් අතර වෙනස් වන අතර, ජනගහන ජාන විද්‍යාඥයින් මෙම විචල්‍ය DNA කොටස් කරන විට, බොහෝ විචලනයන් එකම භූගෝලීය ජනගහනයක් තුල සිදුවන බව (~95%) සහ විවිධ ජනගහනයන් හරහා සිදුවන ජානමය විචලනයෙන් වැඩි ප්‍රමානයක් (~5%) සංඛ්‍යාතයෙන් පමනක් වෙනස් වන පොදු ඇලීල් (එකම ජානයේ පිටපත්‍) වලින් සමන්විත වේ.”

2) “... විවිධ ජාතීන් අතර සමාජ අසමානතාවන් ඇතිකිරිමට සංකීර්න ගති ලක්ෂනවල වෙනස්කම් ද බලපායි. සංකීර්න ගති ලක්ෂන බහු සාධකීය වන අතර ඒවා ජාන සහ පරිසරයන් අතර අන්තර්ක්‍රියාවල බලපෑම් මගින් ඇති කරන බැවින්, වාර්ගික අසමානතාවය තීරනය වන්නේ ජානමය විචලනය මගින් පමනක් බව ප්‍රකාශ කිරීම විද්‍යාත්මකව නිවැරදි නොවේ.”

3) “... මිනිසුන් තම ජෙනෝම තම පරිසරයන් සමඟ උරුම කර ගන්නා අතර, ජාන-පරිසර සහසම්බන්ධතාවය විසුරුවා හැරීමට විද්‍යාඥයින් තවමත් ඒත්තු ගැන්විය හැකි හෝ සදාචාරාත්මක ක්‍රම සංවර්ධනය කර නොමැත. මක්නිසාදයත් එකම ගති ලක්ෂනය විවිධ වාර්ගික කන්ඩායම් අතර ඇති පාරිසරික වෙනස්කම් නිසා තීරනය වන අතර එක ම ජනවර්ගය තුල එම ගති ලක්ෂනය ම ජානමය වශයෙන්ද තීරනය කල හැකි බැවින්, වාර්ගික විෂමතා ජානමය බවට කරන ප්‍රකාශය පිලිබඳව සැක කිරීමට හොඳ හේතුවක් තිබේ: ඓ්‍යතිහාසික හා වර්තමාන ජාතිවාදය වෙනස් කොට සැලකූ වාර්ගික ජාතීන් ජීවත් වන පරිසරයන් වෙනස් කර ඇත.”

ජාන විද්‍යාව සහ උරුමය පිලිබඳ වඩාත් සංකීර්න දෘෂ්ටියක් ඉගැන්වීම මගින් ජානමය අත්‍යවශ්‍යතාවාදයේ අඩුවීමක් ඇති කල හැකි බවට සහ එහි ප්‍රතිඵලයක් ලෙස ජාතිවාදයේ අඩු වීමක් ඇති කල හැකි බවට කරන උපකල්පනය පරීක්ෂා කිරීම සඳහා, ඩොනොවන් සහ ඔහුගේ අනුගාමිකයින් එක්සත් ජනපද ප්‍රාන්ත හයක මධ්‍යම හා උසස් පාසල් සිසුන් සහ ගුරුවරුන් සමඟ විද්‍යාත්මක ව පාලනය කරන ලද අත්හදා බැලීම් මාලාවක් නිර්මානය කර ක්‍රියාත්මක කලහ. “සහභාගී වූ ගුරුවරුන්ට පැය 40 ක මානුෂීය ප්‍රවේනි විද්‍යාත්මක මැදිහත්වීම කෙසේ ක්‍රියාත්මක කරන්නේ ද සහ ඔවුන්ගේ මෙන්ඩලියානු සහ අනුක ජාන විද්‍යා විෂයමාලා මූලික ජාන විද්‍යාව සමඟ පෙලගස්වන්නේ කෙසේ ද යන්න ඉගෙන ගැනීම සදහා වෘත්තීමය සංවර්ධන අවසතාවක් ලැබුනි.”

මූලික ජාන විද්‍යාව සහ මානුෂීය ජාන විද්‍යාව ඉගැන්වීමේ බලපෑම් අහඹු ලෙස සකස් කිරීම සඳහා, එක පන්තියකින් අඩකට මොඩියුල දෙක එම අනුපිලිවෙලින් (පලමු ව මූලික ජාන විද්‍යාව පසුව ප්‍රවේනි විද්‍යාව) සහ අනෙක් භාගයට ප්‍රතිලෝම අනුපිලිවෙලින් ඉගැන්වූහ. පර්යේෂකයෝ ජානමය අත්‍යවශ්‍යතාවාදි විශ්වාසයන් සමාජීය වශයෙන් පිලිගත නොහැකියි වැනි ඇඟවීම් වැනි මනාප ප්‍රතිඵලයක් ලද හැකි ඕනෑ ම පක්ෂග්‍රාහී සාධකයන් වලක්වා ගැනීමට සැලකිලිමත් වූහ.

වැඩසටහනේ සෑම අදියරක දී ම - උපදෙස් ආරම්භ කිරීමට පෙර, පලමු මොඩියුලයෙන් පසුව සහ අවසානයේ - විෂය පිලිබඳ සිසුන්ගේ අවබෝධය මැන බැලීම සඳහා පරීක්ෂා කරන ලදී. ඒවා පරාමිතීන් ගනනාවක් සම්බන්ධයෙන් මනිනු ලැබීය:

“... (අ) මූලික ජාන විද්‍යාත්මක දැනුම, (ආ) ප්‍රවේනි විද්‍යාත්මක දැනුම, (ඇ) වාර්ගික කන්ඩායම්වල ජානමය ප්‍රභින්නභාව පිලිබඳ විශ්වාසය, (ඈ) සංකීර්න මානව ලක්ෂන සඳහා ජානමය ගුනාංගවල බලපැම, (ඉ) සංකීර්න මානව ලක්ෂන සඳහා පාරිසරික ගුනාංගවල බලපෑම, (ඊ) වාර්ගික ජානමය අත්‍යවශ්‍යවාදය පිලිබඳ විශ්වාසය, (එ) සමාජීය නිර්මාන වාදය පිලිබඳ විශ්වාසය, (ඒ) වර්ගවාදයට එරෙහි වාර්ගික වර්න අන්ධතා විශ්වාස සහ (ඔ) උපදෙස් සඳහා භාවාත්මක ප්‍රතිචාරය.”

ප්‍රතිඵල පැහැදිලි විය:

පලමු ආකෘතියේ ප්‍රතිඵල මානුෂීය ජෙනොමික කල්පිතයේ සෑම අංගයකට ම සම්පූර්නයෙන් ම සහාය විය. මූලික ජාන විද්‍යාවට සාපේක්ෂ ව, මානුෂීය ජෙනොමික උපදෙස් ලබා ගත් පන්ති කාමරවලට ජාන විද්‍යාව පිලිබඳ වැඩි දැනුමක් සහ ජානමය අත්‍යවශ්‍යවාදය පිලිබඳ අඩු විශ්වාසයක් තිබුනි. මානුෂීය ජෙනොමික පන්ති කාමරවලට වාර්ගික විවික්තභාවය සහ සංකීර්න මානව ලක්ෂන සඳහා අඩු ජානමය ගුනාංග කෙරෙහි අඩු විශ්වාසයක් ද තිබුනි. තවද, මානුෂීය ජෙනොමික පන්ති කාමරවලට වැඩි පාරිසරික ගුනාංග තිබුනි. සියලුම බලපෑම් හරස් මාර්ග අත්හදා බැලීමේ දෙවන භාගයේ දී ප්‍රතිනිෂ්පාදනය කරන ලදී.

පසු විශ්ලේෂනයේ දී, ප්‍රතිඵලයක් ලෙස ලැබුනු දත්ත “සිසුන් වාර්ගික වර්න අන්ධභාවයට හෝ සමාජ ඉදිකිරීම්වාදයට ආකර්ෂනය වී ඇත් ද යන්න [සම්බන්ධයෙන්] ගවේෂනය කරන ලදී.” මේවා ජාතිය පිලිබඳ විකල්ප සංකල්ප දෙකකි. “පෙර [වාර්ගික වර්න අන්ධභාවය] විශ්වාස කරන පුද්ගලයින් තර්ක කරන්නේ වාර්ගික වෙනස්කම් කිරීම තවදුරටත් ගැටලුවක් නොවන බවත් ජාතිය සමාජීය වශයෙන් වැදගත් නොවන හෝ සැබෑ නොවන නිසා එය නොසලකා හැරිය හැකි බවත් ය. ඊට වෙනස්ව, ඉදිකිරීම්වාදය තර්ක කරන්නේ ජාතිය සමාජීය වශයෙන් වැදගත් නොවන බවත් වාර්ගික විෂමතා ඇති වන්නේ අගතිය, වෙනස්කම් කිරීම සහ ආයතනික වර්ගවාදය නිසා බවත්‍ ය.” කතුවරුන්ට අනුව, වාර්ගික වර්න අන්ධභාවය ජානමය අත්‍යවශ්‍යවාදය සමඟ සම්බන්ධ වීමට නැඹුරු වේ.

“මෙහිදී වාර්ගික වර්න අන්ධභාවයට ජාන විද්‍යාත්මක උපදෙස්වල බලපෑමක් නොතිබූ බැවින්, පලමු සහ සහ දෙවන වටයේ උපදෙස් වලින් පසුව සමාජීය නිර්මානවාදය පිලිබඳ විශ්වාසය මත මානුෂීය ප්‍රවේනික උපදෙස්වල ධනාත්මක බලපෑමක් ඇති වූ” බව අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී.

මෙම ප්‍රතිඵලය මත පදනම් ව, පර්යේෂකයන් “... ජානමය අත්‍යවශ්‍යවාදය අඩු කිරීම සඳහා කදිම උපදේශන අනුපිලිවෙල වන්නේ මෙන්ඩලියානු ජාන විද්‍යාවේ ආකෘති සිසුන්ට හඳුන්වා දීම සහ පසුව මෙම ආකෘතිවලින් ඔබ්බට ගොස් මානුෂීය ප්‍රවේනි විද්‍යා විෂය මාලාවක් භාවිතයෙන් ඔවුන්ගේ සීමාවන් ඉස්මතු කිරීමයි යනුවෙන් තර්ක කරති. තව ද, ඔවුන් නිර්දේශ කරන්නේ “නැවත නැවතත් ක්‍රියාත්මක කරන ලද එකිනෙකට සම්බන්ධිත ඉගෙනුම් අත්දැකීම් මිනිසුන් ලෝකය දකින ආකාරයෙහි කල් පවතින වෙනස්කම් ඇති කල හැකි ය. ජානමය අත්‍යවශ්‍යවාදී විශ්වාසයන්ගේ ව්‍යාප්තිය අඩු කිරීම සඳහා මානුෂීය ප්‍රවේනි විද්‍යා ඉගෙනුම් අත්දැකීම් අඩංගු ජීව විද්‍යා අධ්‍යාපනයක් වසර ගනනාවක් තිස්සේ ලබා දීමට අවශ්‍ය වනු ඇත.”

මෙම අධ්‍යයනය ජාන විද්‍යාවේ ප්‍රමානවත් අධ්‍යයන පාඨමාලාවක් මගින් අහම්බෙන් වුව ද, ජාතිවාදී සංකල්ප ශක්තිමත් වන්නේ කෙසේ ද යන්න පිලිබඳ නිවැරදි, විද්‍යාත්මක දැක්මක් වර්ධනය කිරීමේ දී අධ්‍යාපන සැලසුමේ කාර්යභාරය පිලිබඳ අපගේ අවබෝධයට වටිනා දායකත්වයක් සපයයි. තව ද, එය ජාතිවාදී ආකල්ප ඉගෙන ගෙන ඇති බවත් කිසිදු ආකාරයකින් සහජයෙන් ම නොඑන බවත් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, එය ධනවාදය යටතේ කම්කරු පන්තිය බෙදීමට සහ යටත් කිරීමට භාවිතා කරන පන්ති පීඩනයේ මෙවලමක් වන ජාතිවාදය ප්‍රවර්ධනය කරන අර්ථයෙන් පවත්නා සමාජ, ආර්ථික සහ දේශපාලන සාධකවලට ආමන්ත්‍රනය නොකරන අතර ඒවාට ආමන්ත්‍රනය කිරීමට උත්සාහ කලේ ද නැත.

ජාතිවාදය, ආගම හෝ ලිංගිකත්වය මත පදනම් වූ නොයෙකුත් ආකාරවල වෙනස් ලෙස සැලකීම් ධනවාදයෙන් ආරම්භ නොවීය. ඒවා පන්ති සමාජය තුල ආවේනික වන්නේ පීඩිත පන්ති බෙදීමට සහ යටත් කර ගැනීමට ප්‍රභූ පැලැන්තිය විසින් භාවිතා කරන මෙවලම් ලෙස ය. පාලක පන්තියේ සමාජ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා එහි වෛෂයික ආර්ථික අවශ්‍යතාවල නිෂ්පාදන වන අහිතකර බලපෑම් අධ්‍යාපනයට පමනක් ජය ගත නොහැක. ට්‍රම්ප් පරිපාලනය විද්‍යාවට සහ ඓතිහාසික සත්‍යයට පහර දීමට යොමු කරන්නේ එම අවශ්‍යතා ය. සියලු ආකාරයේ වෙනස් ලෙස සැලකීම් නිශ්චිත ව ම තුරන් කල හැක්කේ පන්ති සමාජය තුරන් කිරීමෙන් පමනි.

ඇත්ත වශයෙන්ම මෙම අධ්‍යයනයේ ඇති වටිනාකම නිසා මෙහි ප්‍රධාන කතුවරයා වන බ්‍රයන් ඩොනොවන්ගේ විද්‍යාත්මක ජීවිතය විනාශ කරනු ලැබිනි. ඩොනොවන්, ට්‍රම්ප් පරිපාලනය විසින් ඉලක්ක කරගත් බොහෝ විද්‍යාඥයින්ගෙන් කෙනෙකි. මෙම අධ්‍යයනයට මුලින් සහාය වූයේ එක්සත් ජනපද ජාතික විද්‍යා පදනමෙන් (NSF) ඩොනොවන්ට මුදල් ප්‍රදානයක් ලබා දීමෙනි. මෙම අධ්‍යයනය මත පදනම් ව, ඩොනොවන්ට මෙම වසරේ ඇමරිකානු ජාන විද්‍යා සංගමය විසින් අධ්‍යාපනික විශිෂ්ටත්වය සඳහා එලිසබෙත් ඩබ්ලිව්. ජෝන්ස් සම්මානය පිරිනමන ලද අතර, DNA විද්‍යාව මහජනතාවට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර කල අයෙකු ලෙසද ඔහු හඳුනා ගන්නා ලදී. ඉහත සඳහන් කල STAT ලිපිය, ඩොනොවන් තම පර්යේෂන කන්ඩායම ගොඩනැගීමට සහ විමර්ශනය සිදු කිරීමට ගත් දිගු අරගලය විස්තර කරයි.

අධ්‍යයනයට ලැබුනු ඉහල ප්‍රශංසාවද නොතකා, පසුගිය අප්‍රේල් මාසයේ දී, ඩොනොවන් හට ලබා දෙන ලද ජාතික විද්‍යා පදනමේ අරමුදල් දෙක ම අවසන් කරන ලද අතර, එය විද්‍යා අධ්‍යාපන සම්මාන විශාල වශයෙන් අවලංගු කිරීමේ කොටසක් ලෙස පවති. එය NSF විසින් සාධාරනීකරනය කලේ අරමුදල් “තවදුරටත් පරිපාලන ප්‍රමුඛතා ක්‍රියාත්මක නොකරන” බවයි. කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ඩොනොවන් සහ ඔහුගේ කන්ඩායම රැකියා නොමැති ව සිටියහ. රැකියා නොමැති ව ගියේ ඔවුන්ට පමනක් නොවේ. ට්‍රම්ප් පරිපාලනය විසින් විද්‍යා අධ්‍යාපනය සඳහා වූ මුදල් ආධාර දැවැන්ත ලෙස කප්පාදු කල අතර, ආයතනයේ සේවයෙන් පහකිරීම් වලින් සියයට 40 ක් සහ අරමුදල් කප්පාදුවලින් සියයට 65 ක් ට හේතුව එම මුදල් ආධාර කප්පාදුව විය. ඔහුගේ පුරොගාමි පර්යේෂන සහ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු විසින් ඔහු කෙරෙහි දක්වාන ඉහල ගෞරවය තිබියදීත්, ඔහු අධ්‍යයන තනතුරක් සඳහා කල ගවේෂනය ද නිෂ්ඵල වී ඇත. ඔහු දැන් හෙදියක් වීමට ඉගෙන ගනිමින් සිටී.

සුපිරි ධනවත් කතිපයාධිකාරීන් තම ධනය වැඩි කර ගැනීමට සහ ලෝක යුද්ධයට සූදානම් වීමේ කොටසක් ලෙස ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන ප්‍රධාන පක්ශ දෙකම අධ්‍යාපනයට සහ විද්‍යාවට විශාල ප්‍රහාර එල්ල කරමින් සිටිති.

Loading