වෙබිනාර් සාකච්ඡාව: ඇමරිකානු විප්ලවය සහ ඉතිහාසය තුල එයට හිමි තැන

කොන්ටිනන්ටල් කොංග්‍රසය ස්වාධීනතා ප්‍රකාශය ප්‍රකාශයට පත් කිරීමෙන් වසර දෙසිය පනහකට පසු ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය සිවිල් යුද්ධයෙන් පසු මුහුන දුන් දරුනුත ම අර්බුදයට මුහුන දී සිටියි. 1776 ජූලියේ දී, ෆිලඩෙල්ෆියාවේ දී, ප්‍රකාශයට පත් සියලු දෙනා සමාන ය, පාලිතයන්ගේ අනුමැතියෙන් පාලකයන් බලය ලබා ගනියි, මේවාට අනර්ථකාරී වන ඕනෑ ම ආන්ඩුවක් අහෝසි කිරීමේ බලය ජනතාව සතු ය යන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මූල්‍ය-සංගත කතිපයාධිකාරියක් විසින් පාලනය කෙරෙන ආන්ඩුවක් විසින් යටපත් කෙරෙමින් පවතියි. ඒ සමග ම, ඇමරිකානු විප්ලවයේ ඓතිහාසික උරුමයේ ආරක්ෂා කිරීමට තරම් දෙයක් නැතැයි කියමින් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයට එරෙහි දේශපාලන සමාජ ප්‍රතිරෝධය දුර්වල කෙරෙමින් පවතියි.

සරල ජාතිකවාදී මිථ්‍යාකරනයන් ප්‍රතික්ෂේප කරමින්, වෙබිනාර් සාකච්ඡාව ඇමරිකානු විප්ලවය සලකන්නේ ලෝක ඓතිහාසික සිදුවීමක් වශයෙනි. ඇමරිකානු විප්ලවයට ඓතිහාසික ව පැනවුනු සීමාකම්, ප්‍රතිවිරෝධතා සහ සම්මුතිගත වීම් පැවතියේ වුව ද, එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයන්ගේ ගෝලීය රැල්ලකට ගාමකය විය. එය නොවැලැක්විය හැකි ලෙස ඇමරිකාවේ වහල් ක්‍රමය විනාශ වීමට දක්වා ගිය අතර කම්කරු පන්තියේ විමුක්තිය සඳහා වන අරගලයේ නව යුගයක් උදා කලේ ය.

ඇමරිකානු විප්ලවයේ සංකීර්න උරුමය ගැන පුලුල් වශයෙන් අධ්‍යයනය කර ඇති ජේම්ස් ඕක්ස්, රිචඩ් කවාඩීන්, ෂෝන් විලෙන්ට්ස්, ඇඩම් හොෂ්චයිල්ඩ් සහ තෝමස් මැකමන් යන ඉතිහාසඥයන්ගෙන් සමන්විත මඬුල්ලක් මෙම වෙබිනාර් සාකච්ඡාවට සහභාගී වෙයි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ ඩේවිඩ් නෝර්ත් මෙම සාකච්ඡාව මෙහෙවනු ඇත. මේ සාකච්ඡාව නැරඹීමට ලියාපදිංචි වීමට මෙතැනින් පිවිසෙන්න.

Loading