ඔක්තෝබර් 24 ඉරිදා, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.30ට
වසංගතය තුරන් කරන්නේ කෙසේ ද?
ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ඔන්ලයින් සාකච්ඡාව
දැන් ම ලියාපදිංචිවන්න!
කොවිඩ්-19 වසංගතය මුලිනුපුටා දැමීමේ අවකාශය සාකච්ඡා කිරීම සඳහා, කීර්තිමත් විද්‍යාඥයන් හා වසංගත රෝග විශේෂඥයන් මඬුල්ලකගේ සහභාගීත්වයෙන්, ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (කජාක්‍රිකස) ඔක්තෝබර් 24 වැනි දා ඉරිදා ඔන්ලයින් සාකච්ඡාවක් පවත්වයි. වසංගත සමයේ තමන්ගේ අත්දැකීම් පිලිබඳ ව කතා කරමින් සහ විද්‍යාඥ මඬුල්ලට ප්‍රශ්න ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර ව ක්‍රියාකාරී කමිටුවල නිරත ව සිටින කම්කරුවෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වෙති.
වසංගතයේ දෙ වසරකින් ඉක්බිති ව, කොවිඩ්-19 රෝගය හේතුවෙන් සිදු වී ඇති ගෝලීය නිල මරන සංඛ්‍යාව දැන් මිලියන 5ට අධික ය. “අතිරේක මරන” මගින් ගනන්ගනු ලබන සැබෑ ගෝලීය මරන සංඛ්‍යාව මිලියන 10ට අධික ය. වර්තමානය වන විට, කොවිඩ්-19 වැලඳෙන දෛනික පුද්ගලයන් ගනන ආසන්න වසයෙන් මිලියන බාගයක් වන අතර, දෛනික ව 6,000ක් පමන මිය යති. කායික සහභාගීත්වය සහිත ව පාසල් යලි විවෘත කිරීම විසින් ජනනය කර ඇත්තේ, අනතුරුදායක සංඛ්‍යාවලින් දැන් වෛරසය ලමුන්ට ආසාදනය වීමට සලස්වා, සමස්ත පරම්පරාවක් සඳහා ම නො දන්නා දීර්ඝ කලීන විපාකවල ගොදුරු කිරීමයි.
වගකීම් විරහිත හා සාපරාධී පිලිවෙත් නිසා වෛරසය පැතිරීමට හා ප්‍රභේදයන් ඇතිවීමට ඉඩ ලැබී ඇත. එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන්ගේ, බ්‍රසීලයේ හායර් බොල්සොනාරෝගේ සහ අනෙකුත් රටවල ආන්ඩු, “රංචු ප්‍රතිශක්තිය” හෙවත් හිතාමතා ම මහා පරිමානයෙන් මහජනයාට වෛරසය ආසාදනය වීමට ඉඩ දීමේ පිලිවෙත් අනුගමනය කරති. එන්නත්කරනය කරන ඒකාබද්ධ අප්‍රමානවත් “අවම කිරීමේ” පියවරයන්වලට වසංගතය නැවැත්විය හැකි යයි එක්සත් ජනපදයේ බයිඩන් පරිපාලනය කරන කියාපෑම, ආසාදන හා මරනවල යෝධ නැගීම විසින් සාවද්‍ය බව ඔප්පු කරයි. කොවිඩ්-19 පැතිර යාම මන්දනය කිරීම ඉලක්ක කරගෙන පනවා ඇති සංචරන හා අනෙකුත් සීමාවන් ඉවත් කරන ලෙස ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ ආන්ඩු මත යෝධ පීඩනයක් පනවනු ලබමින් තිබේ.
වසංගතය නැවැත්විය හැකිය; එය නතර කල යුතු ය. වෛරසය සදහට ම තුරන් කිරීම සඳහා, ගෝලීය පරිමානයකින් සම්බන්ධීකරනය කරනු ලබන, කොවිඩ්-19 පරාජය කිරීමේ පියවරවල සෑම මෙවලමක් ම විශ්වීය ලෙස යොදාගැනීම අත්‍යවශ්‍ය වන මුලිනුපුටා දැමීම එක ම ශක්‍ය හා ඵලදායී මූලෝපාය බව ප්‍රමුඛ විද්‍යාඥයෝ අවධාරනය කරති.
මුලිනුපුටා දැමීමේ අවකාශ විස්තර කරන මෙම ඔන්ලයින් සාකච්ඡාව, වසංගතය අවසන් කර අනාගතය යලි අත්පත් කරගැනීම සඳහා පලල් ව පදනම් වන හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය තීරනාත්මක ඥානය මහජනයාට සම්පාදනය කරනු ඇත.
ඉරිදාඔක්තෝබර් 24ප.ව. 10:30ශ්‍රී ලංකා වේලාව
Register
Enter your email address to receive a reminder for this and future WSWS events.
කොවිඩ් වෛරසය මුලිනුපුටා දැමීමේ විද්‍යාව
කථිකයෝ
ආචාර්ය මැල්ගෝසාටා ගැස්පෙරොවික්ස්
කැල්ගාරි විශ්ව විද්‍යාලයේ සංවර්ධන ජීව විද්‍යාඥ හා සීරෝකොවිඩ් කැනඩාහි සම-ආරම්භක
මහාචාර්ය ජෝස්-ලුවී ජිමනෙස්
බුල්ඩර්-බුල්ඩර් කොලොරාඩෝ විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය
ආචාර්ය හොවාඩ් එර්මන්
ඉලිනොයි විශ්ව විද්‍යාලයේ චිකාගෝ මහජන සෞඛ්‍ය විද්‍යාලයේ විශ්‍රාම ලත් සහකාර මහාචාර්ය
වෛද්‍ය ජෝ වයිපොන්ඩ්
කැනඩාවේ කැල්ගාරි ෆුට්හිල්ස් වෛද්‍ය මධ්‍යස්ථානයේ හදිසි කායික රෝග වෛද්‍ය
ලීසා ඩියස්
එක්සත් රාජධානියේ මවක් සහ සියල්ලන්ට ආරක්ෂිත අධ්‍යාපනය කන්ඩායමේ (SafeEdForAll) හා එක්සත් රාජධානියේ සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකා
ඩේවිඩ් ඕ’සලිවන්
සේවා ස්ථානයේ ආරක්ෂිත ව වැඩ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට සටන් කිරීම නිසා නෙරපන ලද එක්සත් රාජධානියේ බස් රථ රියදුරු
මෙහෙයවීම: ඩේවිඩ් නෝර්ත්
ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති
මෙම රැස්වීමට ඔබත් සහභාගී විය යුත්තේ ඇයි?
මිහිමතින් සාර්ස් කොව්-2 වෛරසය මුලිනුපුටා දැමීමට සහයෝගය දෙන මම මෙම දේශනය පිලිබඳ ප්‍රවෘත්තිය හැකිතාක් පලල් ව බෙදාහරිමි.
පැට්‍රික් එස්
විද්‍යාඥ මැල්ගෝසාටා ගැස්පෙරොවික්ස්ට මම ගරු කරමි. මා ඇයගේ වීඩියෝපට අධ්‍යයනය කර තිබෙනවා, මහජනයා හා ආන්ඩුවේ නිලධාරීන් ඇයට සවන්දිය යුතුයි: ඩෙල්ටා ප්‍රභෙද්යට අවශ්‍ය වන්නේ මුලිනුපුටා දැමීම මිස රංචු ප්‍රතිශක්තිය නො වේ.
ජෝන් ජී
මම හෙදියක් වුවත් ගුරුවරුන්ට සහයෝගය දෙනවා, ගුරුවරුන් හා හෙදියන් අනෙකුත් කම්කරුවන් සමග එකමුතු විය යුතු යයි මා විශ්වාස කරනවා.
ලිස් සී
කොවිඩ් වසංගතය මුලිනුපුටා දැමීමේ විසඳුම ගෝලීය විය යුතුයි!
ගෙරැල්ඩීන් සී
කම්කරු පන්තිය නො නැසී පැවැත්ම සඳහා මුලිනුපුටා දැමීමට කරන සටනේ අවශ්‍යතාව හදිසියි.
හෙලන් එච්
කොවිඩ්-19 මුලිනුපුටා දැමීමේ අවකාශය/ප්‍රායෝගික භාවය ගැන උනන්දුයි.
ඩේවිඩ් සී
එක්සත් ජනපදය තුල සෑම දිනක ම පුද්ගලයන් 2,000ක් දැනට මිය යද්දී පාලනය කිරීමේ පිලිවෙත පැහැදිලි ව අසාර්ථක වී තිබෙනවා. අප මුලිනුපුටා දැමීමේ සැලසුමක් අනුගමනය නො කලහොත්, කොවිඩ් රෝගයේ එන්නත්වලට ප්‍රතිරෝධී ප්‍රභේද වර්ධනය වීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනයි...
ඩොන්නා කේ
වසංගතය අවසන් කිරීම සඳහා මට උදව් විය හැක්කේ කෙසේදැයි දැනගැනීමට අවශ්‍ය නිසා
මෙලනී එම්
වෛද්‍යාරක්ෂන සේවකයන් මානසික පීඩනය කරා ධාවනය කරමින්, කොවිඩ් ආසාදන අපේ රෝහල් තුලට ගලා එන හා සාමාන්‍ය පූර්වෝපායන් නො තකා හරින ප්‍රාන්තයක හා නගරයක මම ජීවත් වෙනවා.
මාක් එම්
උත්සුක දෙමාපියන් පාසල් වසාදැමීම වෙනුවෙන් පෙනී සිටිනවා. දියනිය දැනට කොවිඩ් රෝග ලක්ෂනවලින් රෝගාතුර ව සිටින අතර කොවිඩ් රෝගය තවමත් අපේ දියනියට තර්ජනයක් යයි නො සිතන තවත් පුද්ගලයෙකු සමග දෙමාපිය භාරකාරත්වය දරනවා.
කොරීන්
මට වසංගතය අවසන් කිරීමට අවශ්‍ය යි.
ඉසබෙල් ටී
ආර්ථිකයට ප්‍රකෘතිමත් වීම සඳහා මගේ දරුවන් කැපකිරීමට මම කැමති නැහැ.
කෝට්නි
වැඩිදුර කියවීම්

යුද්ධයෙන් විනාශ වූ උතුරු පලාතේ ඩෙංගු රෝගය වේගයෙන් පැතිරෙයි

අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් තිස්සේ කරන ලද කප්පාදු හේතුවෙන් මහජන සෞඛ්‍ය සේවය බිඳවැටීමේ අද්දරට පැමින ඇත.

එම්.මුරුකානන්දන් සහ පී.ටී.සම්පන්ධර්

මහජන සෞඛ්‍යයේ අඛන්ඩ කප්පාදුව හේතුවෙන් ලංකාව තුල ඩෙංගු රෝගය යලි පැතිරෙයි

මහජන සෞඛ්‍යයේ වර්ධනය ඇතුලු අනෙකුත් මහජන අවශ්‍යතා සාක්ෂාත් කිරිමටනම්, ලාභය මත පාදක වූ ධනපති ක්‍රමය සහ එය මුල්බැස ඇති ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කලයුතු වෙයි.

සකුන ජයවර්ධන

කම්කරු පන්තිය, ධනපති ම්ලේච්ඡත්වයට එරෙහි සටන සහ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැගීම (දෙවන කොටස)

පාලක ප්‍රභූන්, ජන සංහාරය සහ න්‍යෂ්ටික යුද්ධය සාමාන්‍යකරනය කරන ආකාරයටම, කෝවිඩ්-19 බාධාවකින් තොරව පැතිර යාමට ඉඩ හැරීම හරහා සිදුවෙමින් පවත්නා සමූහ මරන සහ මිනිසුන් විඳින දුක් වේදනා හිතාමතාම සාමාන්‍යකරනය කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල ප්‍රකාශය

සතියක් තුල කෝවිඩ් මරන තුනක්

වික්‍රමසිංහ ආන්ඩුව වර්ධනය වන කෝවිඩ්-19 වසංගත අවදානම යට ගසයි

දැනටමත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය කාර්ය මන්ඩල, උපකරන හා ඖෂධ හිගයෙන් දැඩි ලෙස පීඩා විඳින සෞඛ්‍ය පද්ධතියට කෝවිඩ් වසංගතයේ යලි හිස එසවීමක් කිසිසේත් දරා ගත නො හැක.

කපිල ප්‍රනාන්දු