ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සහ හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අනුග්‍රහයෙන්
ලියාපදිංචිය
මෙම වසරේ මැයි දිනය එලඹෙන්නේ වේගයෙන් පැතිරෙන ජාත්‍යන්තර අර්බුදයක තතු යටතේ ය.
යුක්‍රේනය අරබයා ඇමරිකා-නේටෝ බලයන් විසින් රුසියාවට එරෙහි ව ගෙන යනු ලබන යුද්ධය ලෝක යුද්ධයක් බවට වැඩි වර්ධනය වීමේ තර්ජනය මතු කරයි. මෙම යුද්ධයේ සැබෑ අන්තරාය වන්නේ මානව සංහතියේ ම අනාගතය අතු ගා දැමිය හැකි න්‍යෂ්ටික අවි ආයුධවලින් ප්‍රහාර එල්ල කර ගැනීමක් දක්වා වන තැනකට එය දිග්ගැස්සී යාම වන බව දැන් පුලුල් ලෙස පිලිගැනී ඇත.
දැන් තෙ වැනි වසරට එලැඹී ඇති කෝවිඩ්-19 ගෝලීය වසංගතය මහජන සෞඛ්‍යය පෞද්ගලික ලාභයට සාපරාධී ලෙස යටත් කිරීමේ විපාකයක් වශයෙන් මිලියන 20කට ආසන්න මහජනයා මරා දමා ඇත. සෑම ආන්ඩුවක් ම පාහේ වසංගතය පාලනය කර තබා ගැනීමේ ප්‍රාථමික පියවරයන් පවා අත හැර දමනු ලැබ ඇති නමුත් වෛරසය අඛන්ඩ ව ම නව ප්‍රභේදයන් කරා විකෘත වෙමින් ආසාදනයන් සහ මරනයන් ජනිත කරමින් සිටියි.
මූලික පාරිබෝගික ද්‍රව්‍යයන්ගේ මිල ගනන්වල ක්ෂනික දැවැන්ත ඉහල යාම් ලෝකය පුරා විරෝධතා සහ වැඩවර්ජන අවුලුවා තිබේ. සමූහ මරන සහ සමාජ අසමානතාවයේ ඓතිහාසික ව පෙර නුවූ විරූ පුලුල් වීමක් නිෂ්පන්න කල පාලක පන්තිය වසංගතයට දැක්වූ ප්‍රතිචාරය ලොව පුරා විප්ලවවාදී පිපිරීම්වලට කොන්දේසි සකසා ඇත.
අධිරාජ්‍යවාදී යුද්ධයට කාරක වන අතිමූලික ප්‍රතිවිරෝධතාවන් ම සමාජවාදී විප්ලවය සඳහා ද වෛෂයික කොන්දේසි නිර්මානය කරයි. අද දින ජාත්‍යන්තර කම්කරු පන්තිය සියවසකට පෙර සිටියාට වඩා බලගතු දැවැන්ත සමාජ බලවේගයකි. මෙම සමාජ බලවේගය දේශපාලන නායකත්වයක් සම්පාදනය කරමින් සංවිධානය කොට බලමුලු ගැන්විය යුතු ය.
ඔන්ලයින් මැයි දින රැලිය ක්‍රියාකාරී කමිටුවල කම්කරුවන්ගේ ජාත්‍යන්තර සන්ධානයේ නියෝජිතයන් සමගින් සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නායක සාමාජිකයන් විසින් අමතනු ලැබෙනු ඇත.
මැයි පලමු වැනි දා රැලියට එකතු වන්න! අධිරාජ්‍යවාදී යුද්ධයට, ගෝලීය වසංගතයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ සටන හා එක් වන්න! අද ම ලියාපදිංචි වන්න!
Register
Enter your email address to receive a reminder for this and future WSWS events.