The coronavirus pandemic

වයඹ පලාත් සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දීමනා නොදීමට එරෙහිව උද්ඝෝෂනය කරති

ෂේන් බන්ඩාර, 6 ජූලි 2020

මහජන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් කම්කරු පන්තියට එල්ල කරනු ලබන ප්‍රහාරයේ කොටසකි

ජනාධිපති රාජපක්ෂගේ තර්ජනවලින් පසු ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහ ව්‍යාපාරවලට සුවිශාල අරමුදලක් පොම්පකරන්නට සැරසෙයි

සමන් ගුනදාස, 4 ජූලි 2020

බැංකුවලට හා මහ ව්‍යාපාරවලට සුවිශාල මුල්ය සහන සම්පාදනය කරන ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත පටවන බර ඉහල දමමින් සිටී.

ගිලීඩ් සයන්ස් සමාගම වසංගතයෙන් මුදල් කොල්ල කයි

බ්‍රයන් ඩයින්, 3 ජූලි 2020

රෙම්ඩිසිවර් ඖෂධ ප්‍රතිකාර සඳහා එක් රෝගියෙකුගෙන් ඩොලර් 3,000 කට අධික මුදලක් අය කරන බවට ගිලියද් සමාගම කල ප්‍රකාශය, කොවිඩ් -19 අර්බුදය දඩමීමා කරගෙන ඖෂධ සමාගම් ඩොලර් බිලියන ගනන් උපයා ගැනීමට සැලසුම් කර ඇති බවට පැහැදිලි පනිවිඩයකි.

මැතිවරන කොමිසම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන රෙගුලාසි ක්‍රියාවට දමයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 ජූනි 2020

මැතිවරන කොමිසමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි පාර්ලිමේන්තු මැතිවරනය තුල වැඩකරන ජනතාවගේ දේශපාලනික අයිතීන් දඬු ගැසීමකි.

කොවිඩ්-19 වසංගතයට එරෙහි ජාත්‍යන්තර කම්කරු-පන්තික ක්‍රියා සඳහා!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය, 27 ජූනි 2020

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇති වන මහා පරිමාන මරන අවසානයකට ගෙන ආ හැක්කේ, ධනේශ්වර පද්ධතියට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තිය කරන ස්වාධීන දේශපාලනික මැදිහත් වීමකින් පමනි

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව පුලුල්ව ක්‍රියාවට දැමෙයි

ඩබ්ලිව්. ඒ. සුනිල්, 20 ජූනි 2020

ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය

ධවල මන්දිරය සතියකට ඩොලර් 600ක් වන හදිසි විරැකියා දීමනාව නතර කරන ලෙස ඉල්ලයි

ඇන්ඩ්‍රෙ ඩේමන්, 20 ජූනි 2020

ජූලි මාසයේ විරැකියා ආධාරය කපා හැරීමේ ට්‍රම්ප් පරිපාලනයේ සැලසුම, කොවිඩ්-19 තෝතැනි වන කම්හල් කරා කම්කරුවන් ව ආපසු දැක්කීමේ නග්න ප්‍රයෝගයකි.

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

කම්කරු පන්තියේ සෙසු කොටස්වල මෙන් ම, රෝහල් කම්කරුවන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ වෘත්තීය සමිති වලින් ස්වාධීනව සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත සටන් කිරීමෙන් පමනි.

රට "සාමාන්‍ය තත්වයට" පැමින ඇතැයි ආන්ඩුව කරන මවාපෑමට විපරීතව වසංගතයේ අවදානම තවදුරටත් වැඩෙයි

සකුන ජයවර්ධන, 19 ජූනි 2020

ජාත්‍යන්තරව සිදුවන වර්ධනයන්ගෙන් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයේ අවදානම පහලගොස් නැතිබව පමනක් නොව, එය හිටිවනම දැවැන්ත පරිමානයකින් ඉහල යා හැකි බවයි.

දකුනු ආසියාවේ ආන්ඩු අගුලු දැමීම් නතර කිරීමෙන් පසු කොවිඩ්-19 ආසාදන සිද්ධි පිම්මේ ඉහල යයි

අපේ වාර්තාකරුවන්, 18 ජූනි 2020

පසුගිය සතිය පුරා ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය යන සියලු රටවල් කොවිඩ්-19 ආසාදනයන් හා මරන නාටකාකාර ලෙස ඉහල යාම් වාර්තා කර ඇත.

වසංගතය උත්සන්න වෙද්දී ධවල මන්දිරය වැඩට යාමේ උද්ඝෝෂනය ඔස්සේ පෙරටම යයි

කේට් රැන්ඩල් සහ ඇන්ඩ්‍රේ ඩේමන්, 17 ජූනි 2020

නිසිකලට පෙර ව්‍යාපාර නැවත විවෘත කිරීම සඳහා වූ ට්‍රම්ප් ආන්ඩුවේ උද්ඝෝෂනය එක්සත් ජනපදය පුරා කෝවිඩ්-19 ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව දැන් අවිවාදිත ය.

බලපිටිය රෝහල් කම්කරුවන් ඇරඹූ අඛන්ඩ වැඩ වර්ජනය ඇල්පිටිය සහ තිස්සමහාරාම රෝහල් වලටද ව්යාප්ත වෙයි

එල්. පී.උදය සහ නන්දන නන්නෙත්ති, 15 ජූනි 2020

මෙම ප්‍රහාර පරාජය කල හැක්කේ ධනවාදය අහෝසි කිරීම එල්ල කරගත් දේශපාලනික අරගලයකිනි.

කොරෝනා වෛරස් වසංගතයේ පැතිරීමෙහි සත්‍ය තත්ත්වය පිරික්සා බැලීමක්

බ්‍රයන් ඩයින්, 15 ජූනි 2020

කොවිඩ්-19 හේතුවෙන් 400,000ට අධික මිනිසුන්, ගැහැනුන් හා ලමුන්ට ජීවිත අහිමි වී ඇති අතර, ආසාදන සංඛ්‍යාව එක දිගට ම ඉහල යමින් පැවතීම නිසා තවත් මිලියන ගනනකගේ ජීවිත අන්තරායට ලක් ව පවතී.

ආන්ඩුව විගමනික කම්කරුවන් ගෙන්වීම පමා කරමින් ඔවුන් වසංගතයට ගොදුරුවීමට ඉඩහරියි

නන්දන නන්නෙත්ති, 13 ජූනි 2020

ආන්ඩුව විගමනික කම්කරුවන්ට සලකන නරුම ආකාරය සමස්ත කම්කරු පන්තිය කෙරහි එහි ආකල්පය පෙන්නුම් කරයි.

දීමනා සහ රැකියා කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක්

අපේ වාර්තා කරුවන්, 13 ජූනි 2020

තැපැල් සේවකයන්ගේ දීමනා සහ රැකියා කප්පාදුව කම්කරු පන්තියේ අයිතීන්ට එරෙහි පලල් ප්‍රහාරයක කොටසකි.

සමාජවාදී සමානතා පක්ෂය, ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සහ ධනපති ඒකාධිපතිත්වයට එරෙහිව අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

11 ජූනි 2020

ඒකාධිපතිත්වයට එරෙහිව සටන්කිරීමේදී අත්‍යවශ්‍ය වන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇත

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කලමනාකරනය, සාත්තු නිවාසවලදී වැඩිහිටියන්ට මිය යාමට සිදුවනු ඇතැයි පවසයි

රොබට් ස්ටීවන්ස් සහ ජෝන් ස්ට්‍රයිඩර්, 10 ජූනි 2020

එක්සත් ජනපදයේ වැඩිහිටි සාත්තු නිවාසවල දී පුද්ගලයන් 10,000 ක් පමන මියගොස් ඇති බව නිල සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා ඇති නමුත්, නියම සංඛ්‍යාව අවම වශයෙන් එමෙන් දෙගුනයක් පමන වේ.

යුරෝපය පුරා ලක්ෂ ගනනක් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එක් වෙති

අපගේ වාර්තාකරුවන්, 10 ජූනි 2020

ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව පැන නැඟී ඇති විරෝධතා, ප්‍රමානයෙන් සහ භූගෝලීයව විහිදීම තුලින්, වර්ගවාදයට සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව ලොව පුරා පුලුල්ව පැතිරුනු විරුද්ධත්වය පිලිබිඹු කරයි.

වසංගතය මැද යලි පාසැල් විවෘත කිරීමේ විනාශකාරීබව පැහැදිලි කෙරෙන විශේෂඥ වාර්තාවක්

ප්‍රදීප් රාමනායක, 9 ජූනි 2020

යලි පාසල් ආරම්භ කිරීමේදී අත්‍යවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත විධික්‍රමයන් වෙනුවෙන් පුලුල් ලෙස මුදල් වියදම් කිරීම ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.

කම්කරුවන් 400 කට රැකියා අහිමි කරමින් මිරිජ්ජවිල කේන් ඇපරල් කම්හල වසා දමයි

නන්දන නන්නෙත්ති, 8 ජූනි 2020

ආන්ඩුව වෘත්තීය සමිති වල පූර්න සහයෝගය ඇතිව, උත්සන්න වී ඇති අර්බුදයේ බර මුලුමනින් ම කම්කරුවන් මත පටවා හාම්පුතුන් රැක ගැනීමට පියවර ගනිමින් සිටී.

පුද්ගලීකරන සැලසුම් වලට සහ දීමනා කැපීමට එරෙහිව වරාය කම්කරුවන් අතර විරෝධය වැඩෙයි

ජෝතිපාල දැදිගම සහ විලානි පීරිස්, 8 ජූනි 2020

ආන්ඩුව යත්න දරන්නේ කොරෝනා වසංගතය පාවිච්චියට ගනිමින් වරාය පුද්ගලීකරන සැලසුම් වහා ක්‍රියාවට දැමීමට ය.

සංක්‍රමනික කම්කරුවන්ගේ දුක්ඛිත තත්වය නො තකා හල ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරනය, දැන් දිගහැරෙන සමාජීය ඛේදවාචකය පිලිගනී

වසන්ත රූපසිංහ, 8 ජූනි 2020

අධිකරනයේ මැදිහත්වීම පිලිබිඹු කරන්නේ, නැගෙන මහජන කෝපය සමස්ත ධනපති ප්‍රභූවට හා එහි රාජ්‍යයට එරෙහි ව පුපුරා යතැයි ඉන්දියාවේ නීති බලධාරීන්ට පවතින උත්සුකය යි

එක්සත් ජනපද පොලිසිය විසින් කඳුලු ගෑස් යොදාගැනීම නිසා කොවිඩ්-19 වසංගතය උග්‍ර වනු ඇත

මීනාක්ෂි ජගදීසන්, 7 ජූනි 2020

කඳලු ගෑස් සෘජුවම පෙනහලු වලට බලපායි. එහි විනිවිද යන විනාශකාරී බලපෑම නිසා මිනිසුන් කොවිඩ්-19 වැනි රෝග වලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි කරයි

කොරෝනා වෛරසය පැතිර යෑමෙන් සෞදි අරාබිය තුල සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන ගැටලු උත්සන්න කෙරේ

අපේ වාර්තාකරුවෙක්, 5 ජූනි 2020

අන් සියලු රටවල මෙන් ම සෞදි අරාබිය තුල ද වසංගතයේ පැතිරීම නොතකා කම්කරුවන් බලහත්කාරයෙන් සේවයේ යොදවමින් සූරාකෑම තීව්‍ර කර ඇත.

පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මාධ්‍ය හමුව: ධනපති හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාර සඳහා දිගටම සහාය දෙන බවට සහතිකයක්

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ නවීන් දේවගේ, 5 ජූනි 2020

කොරෝනා වසංගතයෙන් ගැඹුරු වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා දිගටම ක්‍රියාත්මක වන බව හාම්පුතුන් සහ රාජපක්ෂ ආන්ඩුව යලි යලිත් අවධාරනය කර ඇත.

මාලිගාවත්ත මූල්‍යාධාර වැඩසටහනක දී කාන්තාවෝ තිදෙනෙක් මියයති: ධනවාදයේ තවත් අපරාධයක්

නවීන් දේවගේ සහ ප්‍රදීප් රාමනායක, 4 ජූනි 2020

මාලිගාවත්ත ඛේදවාචකය ධනපති ක්‍රමය විසින් නිර්මානය කල දරිද්‍රතාව සහ සමාජ අසමානතාවයේ පරිමාව පෙන්නුම් කරයි.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 2 ජූනි 2020

තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමෙහි ලා කම්කරුවන්ට මහා ව්‍යාපාරිකයේ උපාංග බවට පත්ව ඇති වෘත්තීය සමිති මත විශ්වාසය තැබිය නොහැකිය.

ශ්‍රී ලංකාව: වතු කම්කරුවන් සිය ගනනක් ගංවතුරේ හා නාය යාමේ බලපෑමට ලක්වෙති

එම්.දේවරාජා සහ කේ.කාන්දීපන්, 1 ජූනි 2020

කම්කරුවන් මෙම ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා ආන්ඩුව හෝ වතු සමාගම් ලබා දී ඇත්තේ එක්කෝ අල්ප උපකාරයකි; නැතහොත් කිසිදු උපකාරයක් සපයා නැත.

විදෙස්ගත ශ්‍රී ලාංකික කම්කරුවන් අත්හැර දැමීම මගින් රාජපක්ෂ ආන්ඩුව ඉහල යන කොවිඩ්-19 ආසාදනයන්ට ප්‍රතිචාර දක්වයි

සමන් ගුනදාස, 1 ජූනි 2020

අතරමං ව සිටින සංක්‍රමනික කම්කරුවන් කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ අනුකම්පා විරහිත ආකල්පය, ශ්‍රී ලංකාව තුල සිටින සාමාන්‍ය ජනයා කෙරෙහි එහි හතුරුකම සමග මනාව ගැලපේ.

වැටුප් සහ පහසුකම් කැපීමට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 30 මැයි 2020

වැටුප් සහ පහසුකම් කප්පාදුවට එරෙහිව සෞඛ්‍ය සේවකයන් අතර වැඩෙන විරෝධය ආන්ඩුවේ සහ ධනපති සමාගම් වල ප්‍රහාරවලට එරෙහිව සමස්ත වැඩකරන ජනතාව තුල පෘථුලව වර්ධනය වෙමින් පවතින සමාජ පිපිරීමක ප්‍රකාශනයකි.

රාජපක්ෂ ආන්ඩුව ශ්‍රී ලංකන් එයාලයින් ඇතුලු රාජ්‍ය ආයතන කීපයක රැකියා සහ වැටුප් කප්පාදු කරයි

විමල් පෙරේරා, 29 මැයි 2020

ආන්ඩුව තමා මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර එහි සේවකයන් මත පටවමින් සිටී.

ලක්ෂ පහක රැකියාවන් ට බලපාමින් කොවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අර්බුදයට ඇදහෙලයි

අපේ වාර්තාකරුවන්, 28 මැයි 2020

කම්කරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොව, ලාභ ඉහල දමාගැනීම පිනිස තම ව්‍යාපාර යලි ඇරඹීම සඳහා මහා සංචාරක සමාගම් වැඩිදුර අරමුදල් ඉල්ලයි.

ජනාධිපති රාජපක්ෂ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනියි

ප්‍රදීප් රාමනායක, 28 මැයි 2020

ජනාධිපති රාජපක්ෂ සිවිල් පරිපාලනය තුලට මිලිටරිය කා වද්දමින් කම්කරු පන්තියට එරෙහිව පුලුල් ප්‍රහාරයක් සූදානම් කරයි

වසංගත මරන සංඛ්‍යාව 100,000ට ආසන්න වෙද්දී ඩව් ජෝන්ස් ඒකක 25,000 ඉක්මවයි

ඩේවිඩ් නෝර්ත්, 28 මැයි 2020

වෝල් වීදියේ නැගීම අපේක්ෂා කරන්නේ සංගත මෙහෙයුම් හා ධනපතීන්ගේ ලාභ ඉපැයීම් මත පැනවී ඇති සියලු සීමාවන් අහෝසි කිරීමයි.

මෝදි සහ රාජපක්ෂ අතර දුරකථන සංවාදය: රාජ්‍ය නායකයන් දෙදෙනකු අතර කුහක ප්‍රශංසා කර ගැනීමක්

නවීන් දේවගේ, 28 මැයි 2020

මහජනතාවගේ ජීවිත බිලි දී හෝ, ධනපති ආර්ථිකය බේරා ගැනීම දෙ දෙනාගේම පිලිවෙතයි.

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු!

සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය, 27 මැයි 2020

වසංගතයක් මධ්‍යයේ ආපසු වැඩට යන ලෙස රජය හා සංගත ඉදිරිපත් කරමින් සිටින ඉල්ලීම් විසින් සෑම සතියක් පාසා ජීවිත දහස් ගනනින් බිලි ගැනෙමින් පවතී. ලාභ සඳහා දැරෙන ඔවුන්ගේ පරිශ්‍රමයට, කම්කරුවන්ගේ හා එම දරු පවුල්වල සෞඛ්‍යයට හා සුරක්ෂාවට වඩා ප්‍රමුඛස්ථානයක් හිමි වී ඇත.

දුම්මලසූරිය හේලිස් කම්හලේ කම්කරුවෝ වැටුප් කප්පාදුවට එරෙහිව අඛන්ඩ වර්ජනයේ

අපේ වාර්තාකරුවන්, 26 මැයි 2020

නව කොන්දේසි යටතේ කම්කරුවන්ගේ දෛනික වැටුප සියයට 30 කට වඩා කප්පාදු වනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ උතුරු නැගෙනහිර ගොවීහු දැඩි අර්බුදයකට මුහුන දෙති

පී.ටී සම්බන්ධන්, 26 මැයි 2020

කොරෝනා වෛරසය නිසා උතුරු නැගෙනහිර පලාත් වල ගොවීහු අස්වනු විකුනා ගත නොහැකිව විශාල දුෂ්කරතා වලට මුහුන දෙති.

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ බංග්ලාදේශ ඇඟලුම් කම්කරුවන්ගේ සංඛ්‍යා ව වැඩිවෙමින් පවතී

විමල් පෙරේරා, 26 මැයි 2020

දස දහස් ගනනකගේ මරනයට හේතු විය හැකි “පොකුරු ප්‍රතිශක්තිය” ප්‍රතිපත්ති රජය ක්‍රියාත්මක කරමින් සිටියි.

කොරෝනා වෛරසය භූගෝලය පුරා පැතිර යද්දී එක්සත් ජනපද-චීන ගැටුම ලෝක සෞඛ්‍ය සමුලුව මත ආධිපත්‍යය දරයි

බිල් වෑක් ඕකන්, 25 මැයි 2020

සඳුදා පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සම්මේලනය, චීනය දඩමීමා කරගැනීමේ අනවරත උද්ඝෝෂනයක් සඳහා වන මන්ඩපයක් බවට පත් කරගැනීමට වොෂින්ටනය උත්සාහ දැරී ය

චීනයට එරෙහි උද්ඝෝෂන එපා! වසංගතයට සහ ධනවාදයට එරෙහිව ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා!

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර්, 25 මැයි 2020

කොරෝනා වසංගතය හේතුවෙන් සිදු ව ඇති විශාල ජීවිත හානිවල වගකීම ඇමරිකානු පාලක පන්තියෙන් ඉවතට හැරවීම අරමුනු කරගත්, ට්‍රම්ප් පරිපාලනය සහ ඩිමොක්‍රටිකයින් එක්ව සිදු කරන ඇමරිකානු ස්වෝත්තමවාදී ප්‍රහාරයන් සසප (සමාජවාදී සමානතා පක්ෂය) ප්‍රතික්ෂේප කරයි.

මහේස්ත්‍රාත් අධිකරනයක් මගින් කොරෝනා “ඇඳිරිනීතිය” වලංගු බව තීන්දු කරයි

සංජය ජයසේකර, 25 මැයි 2020

ආඥාදායක පාලනයක් තහවුරු කරමින් සිටින ජනාධිපති රාජපක්ෂ, අධිකරනයේ සහ රාජ්‍ය පරිපාලනයේ සහාය ගොනුකර ගනිමින් සිටී.

විද්‍යාවට එරෙහි ධනවාදය : පැය 36 ක් පැවති මොඩෙර්නා එන්නත් උමතුවේ පාඩම

බෙන්ජමින් මතෙව්ස්, 24 මැයි 2020

කොරෝනා වෛරසයට “විසඳුම්” ප්‍රතිකාරයක් පිලිබඳ මාධ්‍යයේ උමතු ප්‍රචාරය එහිම බරෙන් ඇද වැටීමට ගත වූයේ පැය 36 ක් පමනි.

යක්කල එස්ක්වෙල් එවර්බෙස්ට් කම්හලේ කම්කරුවන් විරෝධතා මධ්‍යයේ ඉවත් කෙරේ

අපේ වාර්තාකරුවන්, 23 මැයි 2020

එස්ක්වෙල් සමගමේ කම්කරුවන් පාවාදීමට නිවෙකපොසේසේස ඉටුකරන ක්‍රියාකලාපය හාම්පුතුන් හා ආන්ඩුව සමග ඇතිකරගත් සම්මුතිවල දුෂ්ට කම්කරු-විරෝධී ස්වභාවය පෙන්නුම් කරයි.

බලපිටිය මූලික රෝහලේ කම්කරුවෝ අප්‍රේල් අතිකාල වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කරති

නන්දන නන්නෙත්ති සහ එල්.පී. උදය, 23 මැයි 2020

කම්කරුවන් ඉල්ලා සිටියේ අතිකාල ඇතුලු අනෙකුත් දීමනා තමන් අතට ලැබෙන තෙක් නොනවත්වන සටනකි.

ලොව පුරා ආන්ඩු ජීවිත නොව ලාභයම රකිමින් කොවිඩ්-19 වෛරසයට ප්‍රතිචාර දක්වති

එක්සත් ජනපදයේ සසප ජනාධිපති අපේක්ෂක ජෝසෆ් කිෂෝර්, 22 මැයි 2020

නැවත වැඩට යාම බලාත්මක කිරීමට සහ වෝල් වීදීයේ ඇපදීම් වෙනුවෙන් ගෙවීම් කිරීමට පන්ති සබඳතාවන්ගේ දැවැන්ත ප්‍රතිව්‍යූහගත කිරීමක් ක්‍රියාවට දැමීම සඳහා පාලක ප්‍රභූවේ උත්සුකයන් කම්කරු පන්තියේ මහා විරෝධයකට මුහුනදෙනු ඇත.

“කොරෝනා සමග වාසේ” දිවයින කතුවැකිය: මානවයාගේ ඓතිහාසික භාවිතාවට එරෙහි ප්‍රතිගාමී තර්කයක්

නවීන් දේවගේ සහ පානි විජේසිරිවර්ධන, 22 මැයි 2020

කම්කරු-පීඩිත මහජනතාවට “මරනය දෝතින් දරා” ජීවත් වීමට සිදුව ඇත්තේ, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ධනපති ක්‍රමය හේතුවෙනි.

කොවිඩ්-19 පැතිරවීම ගැන චීනයට දොස් පැටවීමේ ට්‍රම්ප්ගේ මහා මුසාවාදය චීනයට එරෙහි යුද්ධයට පොට පාදා ගැනීමකි

පීටර් සිමන්ඩ්ස්, 22 මැයි 2020

ඕස්ට්‍රේලියාව වැනි මිත්‍ර පාක්ෂිකයින්ගේ පිටුබලය ඇතිව චීනය මත වරද පැටවීමට එක්සත් ජනපදය දරන උත්සාහය කම්කරු පන්තියේ විරෝධය මධ්‍යෙය් තමන්ගේම සාපරාධී නොසැලකිල්ලෙන් අවධානය වෙනතකට යොමු කිරීමේ කුරිරු උත්සාහයකි.

ආපසු වැඩට යාමේ තල්ලුව ගිනිය නො හැකි දහස් ගනනක් අවදානමට ඇද දමයි

පැට්‍රික් මාටින්, 22 මැයි 2020

ප්‍රධාන ඇමරිකානු කර්මාන්තශාලා අද නැවත විවෘත කරමින් තිබෙන අතර, ඒ සෑම එකක්ම කොරෝනා වෛරසයේ විශාල නව පිපිරීමක් සඳහා විභව මධ්‍යස්ථානයක් වනු ඇත.

“පොකුරු ප්‍රතිශක්තිය” පිලිබඳ මිනීමරු ව්‍යාජ විද්‍යාව

ඇන්ඩ්‍රේ ඩේමන්, 21 මැයි 2020

“පොකුරු ප්‍රතිශක්තිය” වෙනුවෙන් පෙනී සිටින අය තර්ක කරන්නේ රෝගයෙන් බිලියන ගනනක් ආසාදනය වීමට සහ මිලියන ගනනක් මරා දැමීමට ඉඩ සලසමින්, කොවිඩ්-19 පාලනය කිරීමේ ක්‍රියාමාර්ග අත්හැරිය යුතු බවයි.

සටන් නොකිරීම අගය කරන සමිති නායකයෙක්: සමන් රත්නප්‍රියගේ ප්‍රකාශයකට හෙදියකගේ ප්‍රතිචාරයක්

මහනුවර රෝහලේ හෙදියක්, 20 මැයි 2020

ආන්ඩුවේ නොතැකීමට එරෙහිව හෙද සේවකයන් අතරින් මෙතෙක් සටනක් පැන නොනැගුනේ ඔවුන් ට ඒ සඳහා නායකත්වයක් හා සංවිධානයක් නොමැති වීම නිසා පමනි.

මරන සංඛ්‍යාව වැඩි වෙත්ම ධවල මන්දිරය, වසංගතය සඳහා චීනය බිල්ලට ගැනීමේ උත්සාහය වේගවත් කරයි

පීටර් සිමන්ඩ්ස්, 20 මැයි 2020

චීනයට දොස් පැවරීම, එක්සත් ජනපදයේ බිහිසුනු මරන සංඛ්‍යාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරය දරන වගකීම කෙරෙන් අවධානය වෙනතකට යොමු කරනවා පමනක් නොව, එහි චීන විරෝධී වෙලඳ යුද්ධ වැඩසටහන කෙරෙහි අවධානය ද දැඩි කරයි

විද්‍යාවට එරෙහිව ට්‍රම්ප් ආන්ඩුව

පැට්‍රික් මාටින්, 20 මැයි 2020

තම ප්‍රධාන කොරෝනා වෛරස් උපදේශක ඇන්තනි ෆෝසිට එරෙහි ජනාධිපතිවරයාගේ ප්‍රහාරය, එක්සත් ජනපද ආර්ථිකය “නැවත විවෘත කිරීමේ” මාරාන්තික ප්‍රතිපත්තියට සහාය දෙන ලෙස වඩාත්ම පසුගාමී හා ප්‍රතිගාමී බලවේගයන්ට කරන ආයාචනයේ කොටසකි.

පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුවට වෘත්තීය සමිති එකඟ වෙති

ඩබ්ලිව්.ඒ. සුනිල්, 19 මැයි 2020

වෘත්තීය සමිති පෙලගැසී ඇත්තේ, ආර්ථිකය යලි විවෘත කිරීමේ රාජපක්ෂ ආන්ඩුවේ සැලසුම් යටතේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීම තුලින්, ලාබ පොදි ගසා ගැනීමේ හාම්පුතුන්ගේ උත්සුකතාවයන් සමගය.

ශ්‍රී ලංකාවේ හයිඩ්‍රාමනි ඇඟලුම් කම්හල් තුල නරක අතට හැරෙන කොන්දේසි

අපේ වාර්තාකරුවන්, 17 මැයි 2020

වැටුප් හා රැකියා කප්පාදුව සහ වැඩ වේලාවන් සහ නිෂ්පාදන ඵලදායිතා ඉලක්ක දීර්ඝ කිරීම මගින් කොවිඩ් 19 අර්බුදයට ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින් ප්‍රතිචාර දක්වා ඇත.

කොව්ඩ්-19 වසංගතය හා ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය

බිල් වෑන් ඕකන්, 16 මැයි 2020

සියල්ලෝම මෙයට එකට මුහුනපා සිටිති යන කථා තිබුනේවී නමුත් එක්සත් ජනපද පාලක පන්තිය වසංගතය යුද්ධය සඳහා මෙවලමක් ලෙස සලකයි.

ලතින් ඇමරිකාව කෝවිඩ්-19 වසංගතයේ නව කේන්ද්‍රය බවට පෙරලයි

බිල් වැන් ඕකන්, 16 මැයි 2020

ආන්ඩු සහ ධනවාදී හාම්පුතුන් විසින් තම රටවල කම්කරුවන් ආපසු වැඩට යැවීමේ උද්ඝෝෂන තීව්‍ර කරන අතරතුරම, ඇමරිකානු මහද්වීප දෙක ආසාදන ගනනින් යුරෝපය අභිබවා ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපති වසංගතය තිබියදී “ආර්ථිකය යලි විවෘත කරයි”

ඩබ්ලිව්. ඒ. සුනිල්, 15 මැයි 2020

රාජපක්ෂ තන්ත්‍රය ආර්ථික අර්බුදය ජයගැනීමට උත්සාහ දරන්නේ වැඩකරන ජනයාගේ සෞඛ්‍යයෙහි හා ජීවිතවල වියදමිනි.

කොවිඩ් 19 වසංගතය ඉන්දියාව පුරා පැතිර යද්දී මෝඩී අගුලු දැමීමේ සීමා ලිහිල් කරයි.

වසන්ත රූපසිංහ, 15 මැයි 2020

ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂය කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යද්දී පවා ආන්ඩුව ආර්ථිකය “නැවත විවෘත කිරීමට” බල කරමින් සිටින අතර එමඟින් කම්කරු පන්තියේ සූරාකෑම පූර්න ලෙස ආරම්භ කිරීමට ඉඩ සලසා ඇත.

අසාන්ජ් සඳහා නිදහස, යුද්ධයට එරෙහි හා සමාජවාදය සඳහා සටනෙන් වෙන් කල නොහැකිය

තෝමස් ස්ක්‍රිප්ස්, 15 මැයි 2020

අසාන්ජ් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කල සහ ඔහුට එරෙහි අපහාස ව්‍යාපාරයට සම්බන්ධ වූ සියලු දේශපාලන ප්‍රවනතා සහ පුද්ගලයින්ගේ අත්වල ලේ තවරී ඇත.

ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා බංග්ලාදේශ කාර්මික කලාප සොලවාලයි

විමල් පෙරේරා, 15 මැයි 2020

කෝවිඩ්-19 රෝගය පැතිරීමත් සමග එහි තර්ජනයට කම්කරුවන්ගේ ජීවිත බිලි දෙමින් බංග්ලාදේශ ඇඟලුම් කර්මාන්තයේ හාම්පුත්තු එක්සත් ජනපද හා යුරෝපීය මහ වෙලඳුන්ගේ ඉල්ලීම්වලට අනුකූලව කම්හල් නැවත විවෘත කරමින් සිටී.

සෞඛ්‍ය ආරක්ෂක උපකරන හා සහනාධාර නොලැබීම පිලිබඳව මහනුවර කම්කරුවෝ විරෝධය පල කරති

ගාමිනී කරුනාතිලක, 15 මැයි 2020

කොරෝනා වෛරස් වසංගතය සමග තමන් විශාල දුෂ්කරතාවකට ඇද වැටී ඇති බවත් ආන්ඩුව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් දුගීහු පවසති.

ශ්‍රී ලංකාව: පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි.

සුභාශ් සෝමචන්ද්‍රන්, 15 මැයි 2020

කෝරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් අත් ශක්තිමත් කෙරුනු පොලීසිය සහ මිලිටරිය උතුරේ අහිංසක දෙමල ජනතාව මත ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

හිටපු මන්ත්‍රීන් සමග අගමැතිගේ රැස්වීම: නැගෙන මහජන විරෝධයට එරෙහි පෙරමුනක් තරකර ගැනීමේ තැතක්

සකුන ජයවර්ධන, 14 මැයි 2020

ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන විරෝධය හමුවේ ආන්ඩුවෙන් යම් දුරස්ථභාවයක් පෙන්වා එම විරෝධය ගසාකෑමේ අභිලාෂයෙන් එජාප, සජබ සහ ජවිපෙ සාකච්ඡාවට සහභාගි නොවූහ.

මූල්‍ය කතිපයාධිකාරය එක්සත් රාජධානිය ඝාතන භූමියක් බවට හරවයි

ක්‍රිස් මාස්ඩන්, 14 මැයි 2020

ආන්ඩුව සෑබෑ මරන අනුපාතය ගැන බොරු කියමින් හා ආසාදනය පැතිරීම වැලැක්වීමට කිසිවක් නො කරමින් සිටියදී, අගමැති බෝරිස් ජොන්සන්ගේ “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත එක්සත් රාජධානියේ දසදහස් ගනනකගේ ජීවිත බිලිගැනීමට තුඩු දී ඇත.

ධනපති ආර්ථික විද්‍යාව සහ මරනයේ දේශපාලනය

ඬේවිඞ් නෝර්ත්, 13 මැයි 2020

මරනය හා මිනිසුන් විඳින දුක් වේදනා පිලිබඳ වාර්තා වඩාත් භයානක වන තරමට වෝල් වීදියේ ප්‍රතිචාරය ප්‍රමෝදමත්ය. වසංගතයට එරෙහි සටන ධනවාදයට එරෙහි ව හා සමාජවාදය සඳහා සටනයි.

ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී පක්ෂය කොවිඩ්-19 වසංගතය කෙරෙහි රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නො තැකීම ආවරනය කරයි

සුජීව අමරනාත්, 12 මැයි 2020

ස්ටැලින්වාදියා ඊනියා වාම සහ රැඩිකල් බලවේගයන්ගේ ප්‍රබල මැදිහත්වීමකට කැඳවුම් කරන්නේ ලංකාව තුල ඉදිරි ප්‍රතිවිප්ලවවාදී ක්‍රියාවන්ට සූදානම් වෙමිනි.

ජනාධිපති ලේකම් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් උදුරා ගැනීමේ යෝජනාවක් ඉදිරපත් කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 12 මැයි 2020

ධනපති ආන්ඩුවේ නය බරට කම්කරු පන්තිය කර ගැසිය යුතු නැත.

කෝවිඩ්-19 මුල්කරගෙන දෙමල ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ රාජපක්ෂ තන්ත්‍රයට සහාය දෙයි

අදියන් සිල්වා, 11 මැයි 2020

“අපේ රටේ පමනක් නොව ලොව පුරා දේශපාලන මතයන්ට හෝ වෙනස්කම් වලට (අප මත අනුහස පවත්වන්නට) ඉඩ නොදෙන“ බව ටීඑන්ඒ නායකයෙකු වන එම්. ඒ. සුමන්තිරන් පැවසීය.

වසංගතයෙන් අනාථ වූ ලංකාවේ කම්කරු පිරිසක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වටලා පිහිට ඉල්ලති

නන්දන නන්නෙත්ති, 11 මැයි 2020

වසංගතයෙන් අනාථව සිටින විදෙස්ගත කම්කරුවන්ගේ ජීවිත ගැන ලංකාවේ ආන්ඩුව මුලුමනින්ම නොතකා හැර ඇත.

සෞඛ්‍ය ආරක්ෂන උපකරන සහ දීමනා ඉල්ලා සංවර්ධන නිලධාරීහු ආපදා සේවාවන්ගෙන් ඉවත්වෙති

සුරංග සිරිවර්ධන, 10 මැයි 2020

ආපදා සේවාවන්හි යෙදී සිටින කම්කරුවන්ට අත්‍යවශ්‍ය ආරක්ෂන උපකරන සඳහා මුදල් වෙන් නොකරන ආන්ඩුව මහා සමාගමි බේරා ගැනීමට බිලියන සංඛ්‍යාත මුදල් වෙන් කරයි.

කොවිඩ්-19 වසංගතය සහ යුරෝපයේ පන්ති යුද්ධය

ඇලෙක්ස් ලැන්ටියර්, 10 මැයි 2020

කම්කරු පන්තිය දැන් පෙරමුනු දෙකක අරගලයකට මුහුන දී සිටී: කොවිඩ්-19 ට එරෙහි යුද්ධය සහ පන්ති යුද්ධය.

කොරෝනා වෛරසය සහ ඕස්ට්‍රේලියාව තුල සමාජවාදය සඳහා සටන

චෙරිල් ක්‍රිස්ප්, 10 මැයි 2020

පසුගිය මාසවල අත්දැකීම් මගින් මානව වර්ගයාට ඇති ලොකුම තර්ජනය වන ධනවාදයේ සැබෑ මුහුනුවර හෙලිදරව්වී තිබේ .

අන්තර්ජාල ජාත්‍යන්තර මැයි දින රැලියේ ආරම්භක වාර්තාව

කොවිඩ්-19 වසංගතය: ලෝක ඉතිහාසයේ ප්‍රේරක සිදුවීමක්

ඩේවිඩ් නෝර්ත්, 10 මැයි 2020

2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට ඩේවිඩ් නෝර්ත් විසින් ඉදිරිපත් කරන ලද ආරම්භක වාර්තාවේ සිංහල පරිවර්තනය අපි මේ සමග පල කරමු.

කොවිඩ්-19 සඳහා චීනයට දොස් පවරමින් යුරෝපීය මාධ්‍ය බොරු ප්‍රචාර ගෙනයයි

ඇලෙක්ස් ලැන්ටියර්, 9 මැයි 2020

යුරෝපීය ආන්ඩු වසංගතයට මුහුනදෙන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ඔවුන්ට, යුරේසියාව තුල චීනයට එරෙහි තම මූලෝපායික අරමුනු, සිය රටවල ජනතාවන්ගේ ජීවිතවලට වඩා වටිනා බවයි.

වසංගතයේ අන්තරාය තිබියදී යලි වැඩ ඇරඹීමට තැපැල් කම්කරුවෝ විරෝධය පල කරති

අපේ වාර්තාකරුවන්, 9 මැයි 2020

ආන්ඩුව ජනාධිපතිවරනයේ දී දුන් පොරොන්දු සියල්ල බොරු බවත් දැන් කම්කරුවන්ගේ වැටුප් කපා පශ්න විසඳීමට උත්සාහ කරන බවත් තැපැල් සේවකයෝ පැවසූහ.

මිලිටරියේ දැඩි සෝදිසිය මධ්‍යයේ ආන්ඩුව රටපුරා කම්කරුවන් වැඩට කැඳවයි

සංජය ජයසේකර, 9 මැයි 2020

මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියාව හා මරනය නැත්නම් ජීවිතය හා කුසගින්න තෝරාගැනීමට බලකර ඇත්තේ කම්කරු පන්තියේ ජීවිත මතින් ධනපති ලාභ ආරක්ෂා කිරීම සඳහාය.

සමාජයට එරෙහි ට්‍රම්ප් පරිපාලනයේ යුද්ධය

ජෝශප් කිෂෝර් - එක්සත් ජනපද ජනාධිපතිවරනයේ සසප අපේක්ෂක, 9 මැයි 2020

පැතිරෙමින් ඇති කොරෝනා වසංගතය මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය ලක්ෂ සංඛ්‍යාත මරනවලට හේතු වන සමාජීය වශයෙන් සාපරාධී “ආර්ථිකය විවෘත කිරීමේ” ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.

ඇමරිකානු කතිපයාධිකාරය මරනය සඳහා තීන්දු ගනියි

නයිල්ස් නීමුත්, 8 මැයි 2020

වසංගතය සම්බධයෙන්, එලඹෙන සති හා මාස කිහිපය තුල පුද්ගලයන් දසදහස් ගනනකගේ මරනවලට හේතු වනු ඇති හා එසේ වන තමන්ද දන්නා ප්‍රවිෂ්ටයක් ට්‍රම්ප් ආන්ඩුව විසින් වැලඳගෙන ඇත.

ආන්ඩුවේ “රූපවාහිනී සහ ඔන්ලයින් අධ්‍යාපනය” දුගී ලමුන්ට අකැප බව ගුරුවරු පවසති

එම්. රත්නායක සහ කපිල ප්‍රනාන්දු, 8 මැයි 2020

දුගී නිවෙස්වල පවතින දුෂ්කර කොන්දේසි යටතේ නිශ්චිත කාලසටහනකට අනුව දරුවන් “ඔන්ලයින් සහ රූපවාහිනී” පාඩම් සඳහා යොමු කිරීම කල නොහැක්කකි.

ලෝසවෙඅ 2020 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලිය සඳහා ගෝලීය ප්‍රේක්ෂකත්වයක්

කෙවින් රීඩ්, 7 මැයි 2020

කොරෝනා වෛරස් වසංගතයට ප්‍රතිචාර වශයෙන් රටවල් 11 ක කථිකයෝ සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කලහ.

එක්සත් ජනපද ආන්ඩුවේ නොහැකියාව වෙනුවෙන් චීනයට වරද පැටවීම

ට්‍රම්ප් හා පොම්පියෝගේ “ගජබින්නය”

ඇන්ඩ්‍රෙ ඩේමන්, 7 මැයි 2020

තම ප්‍රතිපත්තිය ජීවිත හානි වේගයෙන් වර්ධනය වීම හේතු වන බව දැන දැනම, කුමක් සිදු වුවද එය චීනයේ වරදක් යැයි තර්ක කිරීමට ධවල මන්දිරය ආඛ්‍යානයක් සකස් කරමින් සිටියි

එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලය රැකියා කප්පාදුවකට සැරසෙයි

අපේ වාර්තාකරුවන්, 7 මැයි 2020

ලොවපුරා ධනපති ආන්ඩු සහ සමාගම් තම කප්පාදු වැඩපිලිවෙලවල් වේගවත් කිරීම සඳහා වසංගතය පිනුම් පිත්තක් කරගෙන ඇත.

වසංගත අගුලුදැමීම් තවදුරටත් පවත්වාගෙන යාමේ විද්‍යාත්මක උපදෙස් නොතකන නවසීලන්ත අගමැති, මාධ්‍ය විසින් උත්කර්ෂයට නංවනු ලබයි

ටොම් පීටර්ස්, 7 මැයි 2020

ආසාදිතයින් හා මරන සංඛ්‍යාව අතින් නවසීලන්තයේ කොවිඩ්-19 බලපෑම අනෙක් රටවලට සාපේක්ෂව අඩු වුවත්, අගමැති ජසින්ඩා ආර්ඩර්න්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දහස් ගනනකගේ විරෝධයට මුහුනපා ඇත.

කුරුනෑගල රෝහල් කාර්ය මන්ඩලය විරෝධතා උද්ඝෝෂනයක යෙදෙයි

ඩබ්ලිව්.ඒ. සුනිල්, 7 මැයි 2020

කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිතිකාර කිරීමේ දී අවශ්‍ය ආරක්ෂිත පහසුකම් නොසැපයීම විරෝධතාවයට හේතුවයි.

“නැවත වැඩ පටන් ගන්න කිව්වට නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් නැහැ”: දුම්රිය කම්කරුවෙක්

අපේ වාර්තාකරුවන්, 6 මැයි 2020

කම්කරුවන් යලි වැඩට කැඳවීමේ දී ආන්ඩුව උත්සුක වන්නේ කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව නොව ධනපති සමාගම් වල ලාභ පිපාසිත අවශ්‍යතාවයන් රැකදීම කෙරෙහිය

නැවත වැඩට යාමේ තල්ලුව සහ ප්‍රාන්ත නැවත විවෘත කිරීම් මධ්‍යයේ එක්සත් ජනපද ආන්ඩුවකෝවිඩ්-19 මරන සිය දහස් ගනනක් සඳහා සූදානම් වේ

පැට්‍රික් මාටින්, 6 මැයි 2020

එක්සත් ජනපද ආන්ඩුව එරට වර්තමාන මරන සංඛ්‍යාව මෙන් පස් ගුනයකටවත් ප්‍රමානවත් තරම් මෘත ශරීර බහාලුම් ඇනවුම් කරන බව මාධ්‍ය විමර්ශන වලින් හෙලි වී තිබේ.

කහටගහ පතලේ කම්කරුවෝ රැකියා හා වැටුප් කැපීමේ සැලසුමට විරෝධය දක්වති

නවීන් දේවගේ, 5 මැයි 2020

ආන්ඩුව කොවිඩ්-19 වසංගතයෙන් ඇතිවූ අර්බුදයට මුවාවී කහටගහ කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කරයි.

”ආන්ඩුවෙන් කිසිම සහනයක් අපට ලැබුනේ නැහැ” යි එලවලු ගොවීන් කියයි

ආර්.එම්. ගුනතිලක සහ ජී. කරුනාතිලක, 5 මැයි 2020

දරිද්‍රතාවයෙන් සහ නය බරින් මිරිකී සිටින ගම්බද දුගී ගොවීන් කොරෝනා වසංගතයෙන් තවත් අසීරුවට පත් වී ඇත.

රෙම්ඩෙසිවිය’ “ප්‍රාතිහාර්ය ඖෂධයක්” ලෙස: විද්‍යාවට එරෙහිව වැඩට යාමේ ප්‍රචාරනය

බ්‍රයන් ඩයින්, 5 මැයි 2020

මෙම “වැදගත් සොයා ගැනීම” පිලිබඳ මාධ්‍යවල වංචනික ප්‍රශංසාව සිදුවන්නේ වෛරසය “පාලනය යටතේ” පවතින බවත්, අර්බුදය මුලුමනින් ම අවසන් වී ඇති බවටත් හැඟීම ඇති කිරීමට වැඩි වෙන උමතු උත්සාහයක් මධ්‍යයේ ය.

තම ජීවිත අවදානම පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෝසවෙඅ ට කතා කරති

නවීන් දේවගේ, 4 මැයි 2020

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මුහුන දී ඇති අවදානම් කොන්දේසි මගින්, වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලොවටම ආදර්ශයක් සපයා ඇතැයි ආන්ඩුව ගසන පම්පෝරිවල ව්‍යාජ බව හෙලිදරවු කෙරෙයි.

කම්කරු අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිලිවෙල ගැන ජනාධිපති සමග සාකච්චා කිරීමට වෘත්තීය සමිති සැරසෙයි

ප්‍රදීප් රාමනායක, 4 මැයි 2020

කම්කරුවන්ගේ අයිතීන්ට එල්ල වන මේසා බරපතල ප්‍රහාර ආන්ඩුව සමග කතා කර විසඳාගත හැකියයි සමිති නිලධරය කරන මවා පෑම ඔවුන් බරපතල කොන්දේසිවලට ගොදුරු කිරීමේ අන්තරාය මතුකර ඇත.

එක්සත් ජනපදයේ “නැවත වැඩට” යෑමේ උද්ඝෝෂනය කොරෝනා වෛරස් මරන වැඩිවීමට මග පාදනු ඇත

ජෝශප් කිෂෝර්, 4 මැයි 2020

ඇමරිකානු පාලක පන්තිය උත්සාහ කරන්නේ වේගයෙන් නිෂ්පාදනය නැවත ආරම්භ කර කම්කරුවන් නැවත සේවයට යැවීමට ය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කල හොත් තවත් ගිනිය නොහැකි දහස් ගනනක් ජනයා බරපතල ලෙස රෝගාතුර වනු හෝ මිය යනු ඇත.

කොවිඩ්-19 යොදාගෙන ට්‍රම්ප් චීනයට එරෙහි ප්‍රහාර උත්සන්න කරයි

පීටර් සිමන්ඩ්ස්, 3 මැයි 2020

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් 30 දා පැවති සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චීනයට එරෙහි ප්‍රචාරක යුද්ධය වේගවත් කලේය. ලෝකය පුරා 230,000 කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් මාරාන්තික කොවිඩ්-19 වසංගතය එයට නිමිත්ත කරගෙන ඇත.

පොලීසිය සහ හමුදාව ඇඳිරි නීතියට මුවාවී උතුරේ ජනයාට අඩන්තේට්ටම් කරයි

විමල් රාසේන්තිරන්, 3 මැයි 2020

මෙම අඩන්තේට්ටම් වනාහි, ගෝඨාභය රාජපක්ෂ විසින් වේගවත්කොට ඇති මිලිටරීකරනයේ ඍජු ප්‍රතිඵලයකි.

ශ්‍රී ලංකාව: ජනාධිපතිවරයා ආඥාදායක පාලනය ස්ථාපනය කිරීමට පවුරු බඳී

කේ. රත්නායක, 2 මැයි 2020

පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලමින් හා ඔවුන්ගේ සහයෝගය පුදකරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ ජනාධිපතිවරයාට කරුනු 10ක් සහිත ජුගුප්සාජනක ආයාචනයක් ඉදිරිපත් කර ඇත.

ආපසු වැඩට දැක්කීමේ ව්‍යාපාරය කෙරෙහි විරුද්ධත්වය නැඟී එද්දී ට්‍රම්ප්, මස් ඇසුරුම් කම්කරුවන්ට ආපසු වැඩට ඒමට නියෝග කරයි

නයිල්ස් නිමුත්, 1 මැයි 2020

මස් ඇසුරුම් කම්හල්වල කම්කරුවන්ට නැවත වැඩට යාමට බල කිරීම සඳහා, ආරක්ෂක නිෂ්පාදන පනතට මුවාවී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් පැනවීම, ආන්ඩුව හා කම්කරු පන්තිය අතර ගැටුමේ නව අවධියක් සනිටුහන් කරයි.

වසංගතය පැතිරීම ගැන මහජනතාවට දොස් පැවරීම අසමර්ථභාවය පිලිගැනීමක් බව වෛද්‍ය විශේෂඥයා පවසයි

නවීන් දේවගේ, 1 මැයි 2020

වසංගත ව්‍යාප්තියේ ක්ෂනික නැග්ම පිලිබඳව මහජනතාවට වරද පටවමින්, එම වගකීමෙන් අතසෝදා ගැනීමේ උද්ඝෝෂනයක් ආන්ඩුව දියත්කර ඇත.

ව්‍යාපාරවලට දිගටම වාසි සලසන බවට ෆෙඩරල් මහ බැංකුව පොරොන්දු වෙද්දී කොටස් වෙලඳපොලවල් ඉහල නඟී

නික් බීම්ස්, 30 අප්‍රේල් 2020

2008 මූල්‍ය අර්බුදයෙන් පසු ගැඹුරුම ආර්ථික හැකිලීම පෙන්නුම් කරන සංඛ්‍යාලේඛන තිබියේවී නමුත්, ඩව් ජොන්ස් දර්ශකය ඒකක 500 ට වඩා ඉහල ගියේය.

නව ජනාධිපති කාර්ය සාධක බලකාය: ගම්බද සූරාකෑම නව ඉහලකින් සංවිධානය කර ගැනීමේ රෙජිමේන්තුවක්

නවීන් දේවගේ, 30 අප්‍රේල් 2020

මෙම බලකාය සහ “දරිද්‍රතාව තුරන් කිරීම” අතර කවර හෝ සම්බන්ධයක් නොමැත.