විප්ලවවාදී සමාජවාදියෝ ඊජිප්තු ධනපති පන්තියට සේවය පිරිනැමීමට ඉදිරිපත් වෙති

Revolutionary Socialists offer their services to the Egyptian bourgeoisie

By Chris Marsden , 31 January 2013

වංචනිකයෙකු සදාචාරමය උච්ච ස්ථානයක් ගැනීමට තැත් දැරීම තරම් පිලිකුල් සහගත දේවල් ඇත්තේ නම් ඒ කිහිපයකි. නමුත් දේශපාලනමය අපරාධ සහ කම්කරු පන්තියට විනාශය කැඳවන තම ප්‍රතිපත්තිය සැඟවීමට තැත් කිරීම හේතුවෙන් ඊජිප්තුවේ විප්ලවීය සමාජවාදීන් (ආර්එස්) සම්බන්ධයෙන් මෙම තත්වය වඩාත් ම පිලිකුල් සහගත වේ.

ජනවාරි 26 දින ආර්එස්, "වෙස් මුහුනු ගැලවුනු වර්ෂය:සහෝදරත්වයේ, මිලිටරියේ සහ ප්‍රාග්ධනයේ සන්ධානයට එරෙහි ඊජිප්තුයානුවෝ" යන හිසින් ප්‍රකාශයක් නිකුත් කලේ ය.

ජනපති මොහොමඩ් මුර්සි හා ඔහුගේ මිලිටරි සහායකයින්ගේ මුස්ලිම් සහෝදරත්වයේ ආන්ඩුවට එරෙහි මහජන විරෝධතා මධ්‍යයේ ආර්එස් තම ප්‍රකාශය කොටස් දෙකකට බෙදයි. පලමු කොටස වෙන් කරන්නේ, තමන් මුර්සිගේ විරුද්ධවාදීන් ලෙස හුවා දැක්වීමට ය. දෙවැන්න, ජාතිය ගලවා ගැනීමේ පෙරමුන (ජාගපෙ) තුල සංවිධානය වී සිටින මුර්සිගේ ධනපති විරුද්ධවාදීන්ට ආර්එස්හි සේවාවන් පිරිනැමීමකි.

මුර්සි සහ සහෝදරත්වය මැයි මස මැතිවරනය ජය ගත්තේ, ඔවුන්ගේ විරුද්ධවාදීන් "අහ්මඩ් ෂාෆික් සහ පැරනි තන්ත්‍රයේ ශේෂයින් වූ බැවින් " ද ''විප්ලවයේ අරමුනු වෙනුවෙන් සහය දැක්වීම පිලිබඳව ඔවුන්ගේ වංචනික ප්‍රකාශ හේතුවෙන්" ද යැයි ආර්එස් ප්‍රකාශ කරයි.

"මිලිටරියට එහි වගකීම් විරහිත ආර්ථික ආධිපත්‍යය ස්ථාවර කර ගැනීමට අවකාශ සලසමින් ඒ වෙනුවට සහෝදරත්වය තම බල තනතුරුවල ආරක්ෂාව තර කර ගැනීමට මිලිටරිය සමග සන්ධාන වී සිටිනවා. එලෙස ම ඔවුන් රට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) දෝතට පත් කර තිබේ'' යැයිආර්එස් සඳහන් කරයි.

එම්බීයට වෙස් මුහුනු පැලඳවීමට ප්‍රමුඛ ස්ථානයෙහිලා දරදිය ඇද්දේ තමන් බව සඳහන් නොකරමින් ආර්එස්, එම්බීයේ වෙස්මුහුනු ගැලවී වැටීමත් එහි නිරුවත්වීමත් පිලිබඳව කතා කරයි. ආර්එස්, මුර්සිගේ තේරී පත්වීමට සහාය දැක්වූ අතර එසේ කලේ සහෝදරත්වයේ ප්‍රධාන දේශපාලන ක්ෂමාලාපකයින් ලෙස අවුරුදු කීපයක් සේවය කිරීමෙන් පසුව ය.

2011 දී හොස්නි මුබාරක්ට එරෙහි මහජන ව්‍යාපාර පැන නැගීමත් සමග, සමාජ විප්ලවයට වැට බැඳීමට ඉස්ලාම්වාදීන් හා ලිබරල් ධනපති පක්ෂවල එක්සත් ව්‍යාපාරයක ප්‍රධාන අද්වකාත්වරයා ලෙස ආර්ස් පෙරට ආවේ ය. නිදසුනක් ලෙස, එම අවුරුද්දේ පෙබරවාරියේ දී ඔවුහු "සියලු දේශපාලන හා ජාතික බලවේග" මුබාරක් පාලනය සමග ''සංවාදයට කැඳවාගෙන එන ලෙසත්" දේශපාලන වර්නාවලිය තුල ඔවුන්ගේ වර්නය නොතකා, විශ්වාසවන්ත මිනිසුන් ඇතුලත් ''ඉහල මන්ඩලයක්" නිර්මානය කිරීම සඳහාත් කැඳවුම් කලහ.

මුබාරක් බලයෙන් ඇද වැටී‍මෙන් පසුව ඊජිප්තු මිලිටරිය රට ඍජුව පාලනය කරන අවදියේ ආර්එස් හා ඔවුන්ගේ ඊනියා-වාම සගයින්, මුස්ලිම් සහෝදරත්වය හා සලාෆිවාදීන් ද ඇතුලත් ඊජිප්තුවේ සියලු ම ප්‍රධාන දේශපාලන කන්ඩායම් සමග පොදු අරගලයක් දියත් කිරීම පිනිස සියලු "මතභේදාත්මක කාරනාවල්" පසෙක දැමීමට එකඟත්වයකට එමින් ජූලි මාසයේ දී ප්‍රකාශයක් අත්සන් කලෝ ය.

ඊලඟ වසරේ මැතිවරනය පවත්වන විට ආර්එස්, මුස්ලිම් සහෝදරත්වය පසුපස ගාල් විය. 2012 ජූනි 2 දින එය, "ප්‍රතිපත්තියක් ලෙස මිලිටරි කවුන්සිලයේ අපේක්ෂකයාට, විසිරුවා හල ජාතික ප්‍රජාතාන්ත්‍රික පක්ෂයට සහ ප්‍රතිවිප්ලවවාදී බලවේගවලට, අහ්මඩ් ෂාෆික්ට" විරුද්ධ බවත් ජනාධිපතිවරනයේ දෙවන වටයේදී මුර්සිගේ තේරීපත්වීමට සහයෝගය දෙන බවත් සඳහන් කරමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය. ෂාෆික්ට දෙවන වටය තුලින් යා හැකි වූයේ, "විප්ලවය හා සම්බන්ධ අපේක්ෂකයන්ට, විප්ලවයේ වැඩපිලිවෙල පැහැදිලිව නියෝජනය කරන එක් අපේක්ෂකයෙක් පිටුපස එක්සත් වීමට නොහැකි වීම හේතුවෙනැ"යි එය චෝදනා කලේ ය.

."[නසර්වාදියෙක් හා දැන් ජාගපෙහි සම නායකයෙක් වන] හම්ඩීන් සභාහි හා [සහෝදරත්වයේ හිටපු නායක] අබ්ද්-අල්-මොනෙයිම් අබුඅල්- ෆොටෞ උප ජනාධිපතිවරු ලෙස සිටින ජනපති සන්ධානයක්" සහ සමස්ත දේශපාලන පද්ධතිය ම ආවරනය කරගත් ආන්ඩුවක් පිහිටුවීමට" සිය කැපවීම ප්‍රකාශයට පත් කරන්නයැයි එය සහෝදරත්වයට කැඳවුම් කලේ ය.

ආර්එස්, ප්‍රකාශය පලකල සෝෂලිස්ට් වර්කර් (එක්සත් රාජධානියේ) කලාපය ම, "මුර්සිට දෙන ඡන්දයක් මුබාරක්ගේ උරුමයට එරෙහිව ලබා දෙන හා වෙනස ඉදිරියට ගෙන යාම සඳහා ලබා දෙන ඡන්දයක්" වනු ඇතැයි ප්‍රකාශ කලේ ය.

ආර්එස් මාස ගනනක් පුරා මුර්සිට අඛන්ඩව සහය දුන්නේ ය. ජුනි 26 දින විප්ලවීය සමාජවාදී හිෂාම් ෆුවාඩ් "මුර්සිගේ ජයග්‍රහනය ප්‍රතිවිප්ලවයට 'බරපතල ප්‍රහාරයක්' එල්ල කර ඇතයි" ජූනි 26 වෙනිදින සෝෂලිස්ට් වර්කර් වෙත සඳහන් කල අතර, "මුර්සිගේ ජනාධිපතිත්වය විප්ලවය ගැඹුරු කිරීමේ ශක්‍යතාවක් විවෘත කරන්නේ" යැයි ජූඩිත් ඔර් පැවසී ය.

සෝෂලිස්ට් වර්කර් ජූලි 10 දා ප්‍රකාශ කලේ, "මුර්සි සාමාන්‍ය මහජනයා සඳහා පිරිනමනු ඇති බලාපොරොත්තු දිරිමත් කර තිබෙනවා. මෙය, ඔහුට ස්කාෆ් [සන්නද්ධ හමුදාවන්ගේ මහා මන්ඩලයට] මුහුන දීමට සහයෝගය ‍ගොනුකර ගැනීමට හැකි වීමේ ප්‍රමානය මත රඳා තිබෙනු" ඇත.

මුර්සි ආන්ඩුවට එරෙහි විරෝධතාවය වර්ධනය වීමත් සමග තවමත් "අනාගමික හා ඉස්ලාම්වාදී බලවේග අතර කිසිදු බෙදීමකට" විරෝධය පාන අතරතුර ම ආර්එස්, ධනපති ලිබරලුන් හා නසර්වාදීන් සමග සන්ධාන ගොඩනැගීම පිලිබඳව දැන් අවධානය යොමු කරනු ඇතැයි ආර්එස් නායක සමේන් නගුයිබ් නොවැම්බර් 24 දින ප්‍රකාශ කලේ ය.

"ඕනෑ ම පෙරමුනකට හෝ සන්ධානයකට අපගේ ඇතුලු වීම මෙහෙයවන්නේ එක්සත් පෙරමුනු මූලෝපායෙනි," නගියුබ් පැවසීය.

මුබාරක් සමග දසක ගනනක් සහයෝගීව කටයුතු කල වෆ්ඩ් හා ටගම්මු වැනි පක්ෂ ඇතුලත් වූ ද මොහොමඩ් අල්බරාදි හා සභාහි වැනි ප්‍රධාන ධනපති චරිත නායකත්වය දෙන්නා වූ ද ජාගපෙ නිර්මානය කිරීමෙන් අවසානයට පත්වූ සන්ධානයන්ට සහයෝගය දුන් ආර්එස් එය, හිටපු විදේශ ඇමති අමර් මවුසා ආදී පැරනි තන්ත්‍රයේ පුද්ගලයින්(‍‍''ෆිලෝල්'') අන්තර්ගත කර ගැනීම පිලිබඳ අනතුරු ඇඟවීම සමඟ එකට ගැලතූහ.

2012 නොවැම්බර් 27 දින නිකුත් කල ප්‍රකාශයක් "මොහොමඩ් මුර්සි හා ඔහුගේ මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ වෙස් මුහුනු ගැලවී වැටී ඇත"යි පලමු වරට ප්‍රකාශ කලේ, "සමාජයේ සියලු පාර්ශව නියෝජනය වන නව ව්‍යවස්ථාදායක සමුලුවක් නිර්මානය කිරීම සඳහා" කැඳවුම් කිරීමට පමනි [අවධාරනය ඈඳිනි].

ඊජිප්තු පවුම් 1,500ක (පවුම් 150ක) අවම මාසික වැටුපක්, "ප්‍රගතිශීලී ආදයම් බදු" හා සමහර සමාගම් නැවත ජනසතු කිරීම වැනි සුලු ප්‍රතිසංස්කරන කීපයක් ඉල්ලා සිටීම අර්ථ දක්වන ලද්දේ, ''සියලු බලය හා ධනය මහ ජනයාට!"යනුවෙනි.

ආර්එස්හි නවත ම ප්‍රකාශය, ෆිලෝල් සමග එහි සහයෝගී වීම නිසා ජාගපෙයේ පල්ලයාම පිලිඳව ඉමහත් ම බරක් තබන නමුත් අත්‍යවශ්‍යයෙන් ම එය ඉහත ඉදිරිදර්ශනය ම විස්තීර්න කිරීමකි. "ජාගපෙ නායකත්වය පැරනි තන්ත්‍රයයේ ශේෂයන් එහි තනතුරුවලට ඇතුලත් කිරීම මඟින් වරදක් කලේ ය. විප්ලවයට එරෙහිව සමාජ හා දේශපාලනික පාක්ෂපාතීත්වය සම්බන්ධව ඔවුන් ප්‍රසිද්ධ අතර ඔවුන්ගේ භයානකත්වය සහෝදරත්වයේ තත්වයට වඩා අඩු නො වේ" යයි ආර්එස් ලියයි.

මේ නම් සිදුකිරීමට කදිම වැරැද්දකි! යථාර්තයෙන් ගත් කල, ඔවුන් විසින් පැරැනි තන්ත්‍රයේ කොටස් ඇතුලත් කර ගැනීම මඟින් සනාථ කරන්නේ, විප්ලවයට විරුද්ධව හා රජයේ හා වානිජ අංශවල තමන්ට යහපත් ස්ථානයක් සොයන ධනපති පක්ෂවල සංධානයක් වසයෙන් ජාතික ගලවාගැනීමේ පෙරමුනේ කාර්යභාරය යි.

ආර්එස් කම්කරු පන්තිය උදෙසා ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැංවීමට විරුද්ධ වන අතර ඒ වෙනුවට ජාගපෙ "පාරිශුද්ධ කිරීමට" "විප්ලවවාදී තාරුන්‍යයට" සහාය දෙයි- මෙයින් ඔවුන් හුදෙක් ම අදහස් කරන්නේ අවුල්කාරී සගයන් කිහිප දෙනෙකු ඉවත හෙලීම යි. එලෙස පාරිශුද්ධ වූ ජාගපෙට "ආහාර, නිදහස, සමාජ සාධාරනත්වය හා මානුෂීය උදාරත්වය නමැති විප්ලවයේ ඉලක්ක කරා ලඟාවීමට" සහ " දුප්පතුන්, පහල- ආදායම්ලාභී සාමාන්‍ය හා කාර්යාල කම්කරුවන්, ගොවීන් හා වැටුපක් සඳහා වැඩකරන සියලු පුද්ගලයින්ගේ සමාජීය අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීමට" හැකි වනු ඇති බව ආර්එස් අවධාරනය කරයි.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල වඩාත් ම දක්ෂිනාංශික පක්ෂයට ද මෙම ඉදිරිදර්ශනය ඉදිරිපත් කල හැකි වෙනු ඇත. සැබැවින්ම "සමාජ සාධාරනත්වය" පිලිබඳ මැතිරීම් ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දෛනික සලාකය යි.

මහජනයා සමග විශ්වාසයේ බැම්ම තර කර ගැනීමට මාන බලනමින් ද සිටින ජාගපෙ තුල අනෙකුත් අය නො කියන කිසිවක් ආර්එස් පවසන්නේ නැත. "ඊජිප්තුවේ විපක්ෂ ජාගපෙ, මුබාරක් පාලනයට ඇති සම්බන්ධතා පිලිබඳ කසුකුසු ගෑම් මගින් තවමත් අරක් ගෙන ඇත" යන හිසින් යුතු ලිපියක් ජනවාරි 21 දින අහ්රාම් පුවත්පත පල කලේය. මුස්ලිම් සහෝදරත්වයේ හිටපු සාමාජික අබ්දෙල්-මොනෙයිම් අබ්දුල්-ෆො‍ටෞගේ ශක්තිමත් ඊජිප්තුව නම් පක්ෂය විශේෂයෙන් උපුටමින්, මෙය "ජාගපෙ වෙත අනුග්‍රහය දැක්වීමෙන් ශක්‍ය ආධාරකරුවන් සංඛ්‍යාවක් අධෛර්යයට පත්කොට ඇති‍ චෝදනාවක්"යැයි එය වාර්තා කරයි.

එල්බරාදිගේ ව්‍යවස්ථාදායක පක්ෂය ඇතුලු ජාගපෙහි ආරම්භක පක්ෂ තුනේ ශිෂ්‍ය සාමාජිකයන් "අපගේ පක්ෂ නායකයින් ජාගපෙහි පසුගිය රජයේ ශේෂයන් සමග එකට සිට ගැනීම" ප්‍රතික්ෂෙප කරමින් පසුගිය නොවැම්බරයේ දී ප්‍රකාශයක් නිකුත් කල බව". ද ඔවුහු සඳහන් කරති.

"ශේෂ වූ පුද්ගලයන්" කිහිප දෙනෙකු ඇතුලත් කර ගැනීම පිලිබඳව ආර්එස් ලතවෙමින් සිටින අතරේදී, සංවාදයක් ඇරඹීමට ඔහුගේ ආරාධනාව සම්බන්ධව හෙට්ටු කරන අතරේ, මුර්සි විරෝධතාකරුවන් වෙත සූදානම් කරන කඩා පැනීමට ලහිලහියේ සහය ලබා දීමට ජාගපෙ කටයුතු කලේ ය. ජාතියේ ආරක්ෂාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට මුර්සි ගත් පියවර - මාෂල් නීතිය ප්‍රකාශයට පත් කිරීම -සිදුවෙමින් පවත්නා "මැරවැඩ හා අපරාධ ක්‍රියාවන් සම්බන්ධයෙන් සැලකූ කල නිවැරදි ඉදිරි පියවරක්" ලෙස ජනවාරි 27 දින ජාගපෙ ප්ර්කාශක කලෙඩ් ඩාවුඩ් විසින් සාදරයෙන් පිලිගනු ලැබින.

"විප්ලවයේ ඉල්ලීම් ක්‍රියාවට නැංවීමට" අවශ්‍ය "කාර්යක්ෂමබව සහ විශ්වාසී බව" ඇති ජාතික ගැලවීමේ පාලනයක් ස්ථාපිත කරන ලෙස එයට පෙර දින ජාගපෙ මුර්සිට බල කර තිබුනි.

"සියලු සැලකිය යුතු පක්ෂ දන්නා න්‍යාය පත්‍රයක් සහිත, සාකච්ඡා ප්‍රසිද්ධියේ පැවැත්වෙන හා එකඟ වුන දේ සම්බන්ධ වගකීම සහතික කෙරෙන" කොන්දේසි මත ජාතික සංවාදයකට ඇරයුම් කරන මෙම ස්ථාවරය ම ඊජිප්තු ජනප්‍රිය ධාරාවේ හම්ඩීන් සභාහි විසින් ද ගනු ලැබිනි.

අබ් -අල්- ‍ෆොටෞගේ ශක්තිමත් ඊජිප්තුව පක්ෂය, එල්බරාදි, හම්ඩීන් සභාහි හා සහෝදරත්වයේ නායකයින්ගෙන් සැදුම්ලත් පොදු සංහිඳියා අර්බුද පාලන කමිටුවක් නිර්මානය කිරීමට කැඳවුම් කල අතර ආර්එස්ගේ ඉල්ලීම වන්නේ ද එය යි.

ජාගපෙ වෙස් මුහුනු දමා ගැනීම පිලිබඳව ආර්එස්හි උත්සුකතාවන්, ජනවාරි 26 දින "නිදහස, උදාරත්වය හා සමාජ සාධාරනත්වය" කැඳවුම් කරමින් සභාහිගේ ඊජිප්තු ජනප්‍රිය ධාරාව, එල්බරාදිගේ ව්‍යවස්ථාදායක පක්ෂය හා අනෙකුත් අය සමග ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කිරීමෙන් එය වලක්වාලූයේ නැත.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මොහොමඩ් අබ්දුල්ගාර් මෑතක දී ජාගපෙ සම්බන්ධයෙන් "අප සියල්ල ම තවමත් එකට හිඳගෙන සිටීම අතිශය පුදුමයකි" යයි කීවේ ය. ඊජිප්තු කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන ක්‍රියාවකට විරුද්ධ වෙමින්, කම්කරුවන් හා තරුනයින් ධනපති පන්තියට කුදලා දීමට තැත් දැරීමේ ප්‍රධාන චරිතයට පන පෙවීම සම්බන්ධයෙන් ඔහු ආර්එස්ට සුදුසු පරිදි ස්තූතිවන්ත විය යුතු ය.

Share this article: