ි භාෂනයේ නිදහසට එල්ල කෙරෙන බලගතු ප්‍රහාරයක් තුල ශ්‍රී ලංකාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන (එජනිස) ආන්ඩුව අක්ෂරය තිරගත කිරීම තහනම් කරමින් චිත්‍රපටයේ නිෂ්පාදකයින්ට එරෙහි නීතිමය පියවර ගන්නා බවට තර්ජනය කොට ඇත.
අශෝක හඳගම විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂනය කොට ඇති චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවේ ඉහල මධ්‍යම පන්තික පවුලක් තුල - මහේස්ත්‍රාත්වරියක් (පියුමි සමරවීර), හිටපු මහාධිකරන විනිසුරුවරයකු වන ඇගේ වියපත් ස්වාමි පුරුෂයා (රවීන්ද්‍ර රන්දෙනිය) සහ ඔවුන්ගේ දොලොස් හැවිරිදි පිරිමි දරුවා (ඉෂාම් සම්සුඩීන්) - ඇතිවන මනෝ-ලිංගික ක්ෂතිමයන් මාලාවක් පිලිබඳව විස්තර කෙරේ. එය ව්‍යාභිචරය, ලිංගික දූෂනය හා මිනිස් ඝාතනය සහ පවුල තුල වෙනත් අඳුරු රහස් පිලිබඳ ගැටලු ද, තුරුනු දරුවා කෙරෙහි ඒවායේ බලපෑම් ද අනාවරනය කරයි.
චිත්‍රපටයේ සංකීර්න වස්තු විෂය අනාවරනය නොකර, දරුවා සමග මහේස්ත්‍රාත් මව නිරුවත්ව ස්නානය කරන දර්ශනයක් අන්තර්ගත කෙරේ. පසුව, දරුවා විසින් අහම්බයකින් ගනිකාවක් ඝාතනය කෙරුනු කල්හි, ඔහුගේ මව අපරාධය වසන් කිරීමට උත්සාහ දරන අතර එහි දී ඛේදජනක ප්‍රතිඵලයන්ට මුහුන දීමට සිදුවේ. චිත්‍රපටය දිග හැරෙද්දී තම වියපත් ස්වාමි පුරුෂයා තමාගේ ම පියා බැව් මව දැන ගනී.
නිෂ්පාදනයේදී, ප්‍රන්සයේ ෆොන් සුඩ් සිනමා ආයතනයේ ආධාර මත ආංශිකව යැපුනු අක්ෂරය පසු ගිය වසරේ දී ජපාන සහ ස්පාඤ්ඤ චිත්‍රපට උලෙලවල දී ප්‍රදර්ශනය කෙරින. “වැඩිහිටියන්ට පමනයි” යන ශ්‍රේනිගත කිරීම යටතේ අප්‍රේල් මුල සිට දේශීය වසයෙන් ප්‍රදර්ශනය කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ වාරනය පිලිබඳ ආයතනය වූ ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය මගින් අක්ෂරය මුදා හැරින. කෙසේ නමුදු, සැනෙකින් ක්‍රියාත්මක වූ සංස්කෘතික ඇමැති මහින්ද යාපා අබේවර්ධන චිත්‍රපටය නිර්මානයේ දී ලමා අපහරනයක් සිදුව ඇතැයි චෝදනා කරමින් ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයේ අනුමැතිය ආපසු හරවන ලෙස අන කලේ ය.
අබේවර්ධනගේ මැදිහත් වීම මගින් ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය කරුනු දෙකක් යටතේ උල්ලංඝනය කෙරේ. ප්‍රථමයෙන්, අධ්‍යක්ෂගේ බුද්ධිමය දේපොල අයිතිය උල්ලංඝනය කරමින්, හඳගමගේ අනුමැතියක් නොමැතිව චිත්‍රපටයේ වීඩියෝ පිටපතක් ඔහුට ලබා දෙන ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය මෙහෙයවා ඇත. දෙවනුව, චිත්‍රපට ඇතුලු අනෙකුත් කලාකෘතීන්හි ප්‍රසිද්ධ රඟදැක්වීම් සම්බන්ධයෙන් එකම බේරුම්කරුවා වන ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයේ ස්වාධීනත්වයට, අබේවර්ධනගේ මෙම තහනම අභියෝග කරයි.
ඔහුගේ නීතිමය බලය පිලිබඳ රාවය පුවත්පතෙන් විමසූවිට අබේවර්ධන සරලව මෙසේ පැවසී ය: “මම ඔය නීති ගැන තකන්නෙ නෑ. ඇමැතිවරයා හැටියට මගේ වගකීම වෙන්නෙ චිත්‍රපටය රටේ සංස්කෘතිය රකිනවද කියල බලන එක සහ එය රටේ සදාචාරාත්මක වටිනාකම්වලට කෙතරම් දුරට වැදගත් වෙනවද කියල බලන එක.... ඒක වැරැදි නම් ඔවුන්ට කියන්න උසාවි යන්න කියල. කොහොම වුනත් මේ චිත්‍රපටය මෙහේ පෙන්නන්න දෙන්නේ නෑ.” චිත්‍රපටයේ නාන කාමර දර්ශනය හරහා ලමා අපහරනයක් සිදුව ඇතැයි අබේවර්ධන චෝදනා නැගී ය. මේ සමග ම චිත්‍රපට නිෂ්පාදකයින් විසින් ශ්‍රී ලංකාවේ ලමා ආරක්ෂක නීති උල්ලංඝනය කොට ඇත්දැයි සෙවීමට පොලීසිය මගින් පරීක්ෂනයක් දියත් කලේ ය. නමුත් අක්ෂරයේ නිෂ්පාදකයින් ඉතා පැහැදිලිව කියා සිටියේ, නාන කාමර දර්ශනයට සහභාගිවන නලු- නිලියන්ගේ දර්ශන වෙන වෙනම චිත්‍රපටයට ගෙන සංස්කරනයේ දී ඒවා එක් කල බවයි. මෙය නොතකා, 14 වියැති නලුවා, ඔහුගේ සැබෑ මව සහ චිත්‍රපටයේ ඡායාරූප ශිල්පියා පොලීසිය විසින් ප්‍රශ්න කරනු ලැබී ය.කෙසේ නමුදු, ඇමැතිවරයාගේ ක්‍රියාවන් දරුවන් අපහරනයෙන් ආරක්ෂා කිරීම සමග කවර හෝ සම්බන්ධයක් නොමැති අතර ඒවා මහජන සංවාදය වාර්ගික රේඛා හරහා ධ්‍රැවීකරනය කිරීම සඳහා හිතා මතා සැලසුම් කරන ලද ක්‍රියාවන් වේ.
අක්ෂරය කෙරෙහි ආන්ඩුවේ සංවේදීතාවට තවත් හේතුවක් වන්නේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ කොටස්වල, මෙහිදී නම් අධිකරනයේ, සදාචාරමය පරිහානිය හා දූෂිතභාවය සම්බන්ධයෙන් කෙරෙන අනාවරනයයි.
හඳගමට අනුව, ලමා අපහරනය සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ චෝදනා ඉදිරියට ගෙන යාමට නොහැකි වුව හොත්, අධිකරනය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයාට එරෙහිව උසාවියට අපහාස කිරීම යටතේ පියවර ගැනීම සඳහා ආන්ඩුව සැලසුම් කරයි.
සදාචාරයේ මුර දේවතාවෝ ශ්‍රී ලාංකික සදාචාරමය වටිනාකම්වලට එල්ල කෙරුනු, “විදේශිය අවශ්‍යතාවන්ගෙන් පෙලැඹුම ලත්”, ප්‍රහාරයක් ලෙස සිනමා කෘතිය හෙලා දුටු සිංහල- බෞද්ධ ස්වෝත්තමවාදීහු, එයට ආරම්භයේ දී අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයට එරෙහිව තදබල පියවර ගන්නා ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටියහ.
ජාතික හෙල උරුමයේ ජාතික සංවිධායක, චම්පික රනවක, මැයි 14 වැනි දා සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලිපියක් ලියමින් චෝදනා කලේ හඳගම සහ අනෙකුත් දේශීය සිනමාකරුවන් “සිංහල හා බෞද්ධ සංස්කෘතියට එරෙහි ප්‍රහාරයක්” දියත් කොට ඇති බැව් සහ ඔවුන් ප්‍රන්ස තානාපති කාර්යාලයේ “සුංගන්” ලෙස ක්‍රියාත්මක වන බවයි.
තවත් දක්ෂිනාංශික විවේචිකාවක් වූ රමනි ඩී.වික්‍රමරත්න ලංකා වෙබ් නම් වූ වෙබ් අඩවිය තුල මෙයම ප්‍රතිරාවය කලාය: “ඔහු (හඳගම) විිසින් මව් පදවිය, අධිකරනය සහ මේ රටේ දරුවන් අපහාස කිරීම සඳහා තෝරා ගත්තේ මන්ද? ඔහුගේ සියලු ම නිර්මානයන් මගින් ශ්‍රී ලංකාව පිලිබඳ අශෝභන දසුනක් පෙන්වන්නේ මන්ද? මෙය තවකෙකුගේ මාතෘභූමිය සම්බන්ධයෙන් වූ පරපීඩක කාමුකත්වය නොවේ ද?....
වානිජ උවමනාවන්ගෙන් පෙලැඹුනු සුලුතරයකට මේ අයුරින් අපේ රටට අවමන් කිරීමට ඉඩ නොදිය යුතු ය.
භූගෝලීයකරනයේ නාමයෙන් කෙරීගෙන යන “බාල වානිජවාදය”ට එරෙහිව සෑම විටම අපේ ජාතික අනන්‍යතාව හා සංස්කෘතික උරුමය ඔසවා තැබිය යුතුයි.” අක්ෂරය හඳගමගේ සිව්වන වෘත්තාන්ත චිත්‍රපටයයි.
- පූර්ව කෘතීන් චන්න කින්නරී (1998), මේ මගේ සඳයි (2000) සහ තනි තටුවෙන් පියාඹන්න (2002) යන කෘතීන්ගෙන් සමන්විත වේ. මේ සියලු කෘතීන්, පූර්ව ශ්‍රී ලාංකික සිනමාකරුවන් පොරබැදීමට මැලිකමක් දැක්වූ, සමාජ හා ලිංගික ප්‍රශ්න අනාවරනය කිරීමට උත්සාහ දරයි. මේ හේතුවෙන් ඔහු සිංහල-බෞද්ධ ආධිපත්‍යධාරීන්ගේ ප්‍රියතම ඉලක්කයක් බවට පත් විය.
උදාහරනයක් ලෙස ඔහුගේ ප්‍රථම රූපවාහිනී කලා නාටකයවන දුන්හිද අද්දරට, ප්‍රහාර එල්ල කෙරුනේ එමගින් අධ්‍යක්ෂවරයා, “ගැමි සංස්කෘතිය” විකෘත කොට ඇති බවට චෝදනා කරමිනි. ගැමි ස්ත්‍රියක් විවාහයට පිටස්තර වූ පෙම් සබඳතාවක් පවත්වන අයුරු නිර්භීතව චිත්‍රනය කිරීම මේ චෝදනාවට හේතු විය.
හඳගමගේ දෙවැනි සිනමා කෘතිය, මේ මගේ සඳයි, දෙමල තරුනියක හා ලිංගිකව හැසිරී තම නිලය අත්හැර නැවත ගම බලා යන ශ්‍රී ලාංකික සොල්දාදුවකු පිලිබඳව වූවකි. එය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ප්‍රහාරයට ලක් වූයේ දරිද්‍රතාවයෙන් පෙලෙන සිංහල ගම්මානයක් මත යුද්ධයේ බලපෑම එලිදරව් කිරීම සහ බෞද්ධ භික්ෂුව බේබදු සල්ලාලයකු ලෙස චිත්‍රනය කිරීම හේතුවෙනි.
හඳගමගේ අවසන් නිර්මානද්වය සෘජු යුද-විරෝධී පනිවුඩ දරා නොසිටිය ද, අක්ෂරය තහනම් කිරීම දෙමල විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව ගෙන යන ගැඹුරින්ම මහජන අප්‍රසාදයට පත් සිවිල් යුද්ධය යලි ආරම්භ කිරීම සඳහා ආන්ඩුව මගින් ගනු ලබමින් සිටින පියවරයන් සමග සමීපව සම්බන්ධිත ය.
තම හුදකලා භාවය පිලිබඳ දැනුවත් එජනිස ආන්ඩුව යුද්ධය කරා යන ගමනේ දී ඊට ආවශ්‍යකවන පරිදි වාර්ගික ආතතීන් උත්සන්න කිරීම සඳහා ගෙනයනු ලබන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, සිංහල-බෞද්ධ සදාචාරමය වටිනාකම් වෙනුවෙන් ප්‍රමුඛව සටන් වදින්නා ලෙස තමාම පෙනී සිටීමට උත්සාහ දරයි.
මේ සමග ම සිනමාකරුවන්, කලාකරුවන් හා ලේඛකයන්ට එරෙහිව වත්මන් ව්‍යවස්ථානුකූල ආයතනය පිටතින් ආන්ඩුවේ ඇමතිවරුන් විසින් සෘජුවම මෙහෙයවනු ලබන, වඩාත් බලගතු වාරන පියවරයන් ගැනීම සඳහා මෙම තහනම පූර්වාදර්ශයක් ලෙස ක්‍රියාත්මක වේ.
පසු ගිය සැප්තැම්බරයේ දී රියර් අද්මිරාල් සරත් වීරසේකර හඳගම සහ අනෙකුත් දේශීය සිනමාකරුවන් වන විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ, සහ සුදත් මහදිවුල්වැව නම් කරමින් සහ ඔවුන්ගේ යුද-විරෝධී චිත්‍රපට හෙලා දකිමින් සන්ඩේ ටයිම්ස්හි දීර්ඝ ලිපියක් පල කරන විට, එමගින් මෙම උද්ඝෝෂනයේ පලමුවෙඩි මුරය මිලිටරිය විසින් නිකුත් කෙරින. ඔවුන්ගේ චිත්‍රපට ත්‍රස්තවාදයට ආධාර කරන බවට චෝදනා කල වීරසේකර එම චිත්‍රපට රාජ ද්‍රෝහී ක්‍රියාවන්ට සමාන කරමින් අධ්‍යක්ෂවරුන් විසින් දේශප්‍රේමී සිනමා කෘතීන් නිර්මානය කල යුතු බව ප්‍රකාශ කලේ ය.
හමුදාවේ නිල ප්‍රකාශක බ්‍රිගේඩියර් දයා රත්නායක හා ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරියකු සමග එක්වූ වීරසේකර ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානියා හමුවී කියා සිටියේ මෙම චිත්‍රපටවලට ලැබෙන ජාත්‍යන්තර පිලිගැනීම සහ ආධාර මගින් ඒවායේ අධ්‍යක්ෂවරුන් විදේශ හාම්පුතුන්ගේ මුදල්වලින් නැටැවෙන බැව් පැහැදිලි වන බවයි. එක් පුවත්පත් වාර්තාවකට අනුව, මෙම යුද විරෝධී චිත්‍රපට “නව ආකාරයේ ත්‍රස්තවාදයක්” සහ ඒවායේ නිර්මානකරුවන් “ත්‍රස්තවාදී උද්ඝෝෂනයේ වාහකයන්” බවත් එහිදී රත්නායක පවසා ඇත.
අනතුරුව හඳගම සහ මහදිවුල්වැව හමුවූ හමුදා ප්‍රධානීන් කෙලින්ම කියා සිටියේ ඔවුන් “හමුදා හිතවාදී චිත්‍රපට” නිර්මානයේ යෙදිය යුතු බවයි. ඒ සමග ම “ නැවත යුද්ධය ආරම්භ වුව හොත් එහි ප්‍රතිඵලවලට මුහුන දීමට” ඔවුන්ට සිදු වනු ඇතැයි අනතුරු ඇඟවූහ.
ප්‍රමුඛපෙලේ දේශීය චිත්‍රපට නිර්මානකරුවන්, සිනමාවේදීන්, කලාකරුවන් හා බුද්ධිමතුන් විසින් චිත්‍රපට තහනම සහ කලාත්මක ප්‍රකාශනයේ නිදහස ආන්ඩුව විසින් සෘජුව ම උල්ලංඝනය කිරීම හෙලා දකින ලදී.
කෘතහස්ත සිනමාකරුවකු සහ ශ්‍රී ලංකාවේ යථාර්ථවාදී සිනමාවේ පුරෝගාමියා වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් ද අයිලන්ඩ් පුවත්පතට මෙසේ අදහස් දැක්වී ය: “හඳගමගේ චිත්‍රපටය බලගතු හද සසල කරන, බැරෑරුම් කෘතියක්. එය අපේ “පූජනීය වස්තූන්ට” එරෙහි කර්කශ ප්‍රහාරයක්. වෛවාහක, සමාජමය හා සංස්කෘතිමය සංස්ථාවන්ට සදය උපහාසාත්මක ප්‍රහාරයක් ලෙසින් වෘත්තාන්තය තුල එන උප-පෙල සමන්ත වසයෙන් කියවීම විචාරකයන්ට දුෂ්කර විය හැක.
“යමෙකු චිත්‍රපටයට කැමති හෝ අකැමති විය හැකිය.
එය වෙනත් දෙයක්. ප්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලයෙන් වරෙක අනුමත කරන ලද චිත්‍රපටය නැරඹීම සඳහා සත්තකින්ම සියලු වැඩිහිටියන්ට අයිතියක් නොමැති ද? ඔබ එයට අකැමති නම් සිනමා ශාලාවෙන් පිටව යාමේ සුඛෝපභෝගය ඔබට හිමියි.” අක්ෂරයට එරෙහි තහනම මගින් ප්‍රකාශනයේ නිදහසට එරෙහි පැහැදිලි ප්‍රහාරයක් ස්ථාපිත කෙරෙන අතර එමගින් චින්තාපූර්න සහ සමාජ-විචාරාත්මක කලාකරුවන් හා සිනමාකරුවන් විනයගත කිරීම හෝ නිහඬ කිරීම අරමුනු කෙරේ. නිර්මානය තුල ගනුදෙනු කෙරෙන්නේ බලය දරා සිටින්නන්ගේ සදාචාරමය පරිහානිය සමග වේවා, වර්ගය මත පදනම් වූ යුද්ධයක් සමග වේවා, පවත්නා සමාජ සම්බන්ධතා පිලිබඳව ප්‍රශ්න කිරීමට ප්‍රේක්ෂකයන් ප්‍රකුපිත කෙරෙන කවර හෝ කලාකෘතියක් එජනිසට, මිලිටරියට සහ ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූවේ අනෙක් කොටස්වලට දරා ගත නොහැකිය.
3
[මෙය 2006 මැය 30 වැනි දින Sri Lankan government bans local film Aksharaya (Letter of Fire) යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]
