සැන්ඩර්ස්, නිව් හැම්ප්ෂයර් ප්‍රාථමිකයේ තුන් කොන් තරඟය ජය ගනී

වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස්, 11දා නිව් හැම්ප්ෂයර් හි පැවති ඩිමොක්‍රටික් ජනාධිපති ප්‍රාථමිකය දිනා ගත්තේය. ඡන්දයෙන්, මුදුනේම සිටි අපේක්ෂකයින් තිදෙනා අතර සමීප තරඟයක් පෙන්නුම් කල අතර, සැන්ඩර්ස් සියයට 26 ක් ද හිටපු සවුත් බෙන්ඩ් ඉන්දියානා නගරාධිපති පීට් බුටිගිග් සියයට 24 ක් සහ මිනසෝටා හි සෙනෙට් සභික ඇමී ක්ලෝබුකාර් සියයට 20 ක් ඡන්ද ලබාගත්තේය. සැන්ඩර්ස් බුට්ටිගිග්ට වඩාඡන්ද 4,000ක් ගත් අතර බුටිගිග් ක්ලෝබුචාර්ට වඩා ඡන්ද 12,000 ක් ඉදිරියෙන් සිටියේය.

හිලරි ක්ලින්ටන්ට එරෙහිව සැන්ඩර්ස් 2-1 ලෙස ජය ගත් 2016 ට සාපේක්ෂව, ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ. 2016 දී 250,000 කට අඩු ජනතාවක් ඡන්දය ප්‍රකාශ කල අතර නිව් හැම්ප්ෂයර් ප්‍රාන්ත නිලධාරීන් පැවසුවේ, 2020 දී 300,000 කට ආසන්න ජනතාවක් ඡන්දය දුන් බවයි. එය සියයට 20 ක වැඩි වීමකි. හිලරි ක්ලින්ටන්, බරක් ඔබාමා සහ ජෝන් එඩ්වර්ඩ්ස් පරාජය කල 2008 දී මුලු එකතුව 265,000 ක් විය.

දැන් රිපබ්ලිකන් පරිපාලනය යටතේ පවතින නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය, විශාල ශිෂ්‍ය ජනගහනයකට ඡන්දය ප්‍රකාශ කිරීම දුෂ්කර වන පරිදි සිය නීති වෙනස් කලේය. එම කාන්ඩයේ ඡන්ද වලින් සියයට 50 කට වඩා ලබාගත් සැන්ඩර්ස්ගේ ප්‍රතිශතය පහත දමමින්, වයස අවුරුදු 30 ට අඩු තරුනයින්ගේ ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ලෙස පහල ගියේය.

ඉවත්කිරීමේ ඡන්ද විමසීම් මගින් ප්‍රමුඛ අපේක්ෂකයින් තිදෙනා සඳහා පලවූ ජන විකාශන සංයුතියේ සැලකිය යුතු වෙනස්කම් පෙන්නුම් කලේය. සැන්ඩර්ස්ගේ මැතිවරන ව්‍යාපාරය ඉලක්ක කර ගත්, කම්කරු පන්තියේ කොටසක් වන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොමැති පිරිමින් අතර විශාල බහුතරයක් ඔහුට ඡන්දය දුන්හ. එහි ප්‍රතිපලයක් ලෙස සැන්ඩර්ස්, නිව් හැම්ප්ෂයර් හි විශාලතම සහ කුඩා නගර හත දිනාගත්තේය. එයට විශාලතම නගරය වන මැන්චෙස්ටර්, දෙවන විශාලතම නෂුවා, ප්‍රාන්ත අගනුවර වන කොන්කෝඩ් සහ වරාය නගරය වන පෝර්ට්ස්මූත් ද ඇතුලත්ය.

බුටිගෙග් සඳහා සහයෝගය නගරවලට වඩා තදාසන්න ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සංකේන්ද්‍රනය විය. බොස්ටන් නාඟරික ප්‍රදේශයේ වැඩ කිරීමට පැමිනෙන දහස් ගනනකගේ නිවහන වන මැසචුසෙට්ස් හි මායිම ඔස්සේ නගර බොහොමයක් ඔහු දිනාගත්තේය. ක්ලෝබුචාර්ගේ උද්ඝෝෂනයට වැඩිම ඡන්ද ලැබුනේ, විශේෂයෙන්ම ඉහල මධ්‍යම පන්තික ප්‍රදේශවල, විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ඇති කාන්තාවන් අතරින්ය. ඩිමොක්‍රටික් පක්ෂය 2018 දී එහි නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ පාලනය දිනා ගැනීමට සමත් විය.

ප්‍රාන්තයේ විශාලතම විද්‍යාලය වන නිව් හැම්ප්ෂයර් විශ්ව විද්‍යාලය පිහිටි ඩර්හැම් සැන්ඩර්ස්ට හිමිවූ අතර, බුට්ටිගෙග් හැනෝවර් ජයගත්තේය. එය වඩා මිල අධික අයිවි ලීග්හි ඩාර්ට්මූත් විශ්ව විද්‍යාලය පිහිටි ප්‍රදේශයයි.

2019 විවිධ කාලවලදී නාමයෝජනා සඳහා පෙරමුන ගත් අය ලෙස සැලකූ ඩිමොක්‍රටිකයින් දෙදෙනාගේ, හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන් සහ අසල්වැසි මැසචුසෙට්ස්හි සෙනෙට් සභික එලිසබෙත් වොරන් යන දෙදෙනාගේ මූලික ඡන්ද ප්‍රතිපල විනාශකාරී විය. වොරන් සහ බිඩෙන් පිලිවෙලින් සියයට 9 ක සහ සියයට 8 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් හිමිකර ගත්හ. අයෝවා හි සිව්වන ස්ථානයට පත්වූ බිඩෙන් නිව් හැම්ප්ෂයර් හිදී පස්වන ස්ථානය හිමිකර ගත්තේය. ඔහු දහවල් කාලයේම ප්‍රාන්තයෙන් ඉවත්ව ගොස් දකුනු කැරොලිනාහි පැවති රැලියකදී ප්‍රාථමික ප්‍රතිපල පිලිබඳව කෙටි ප්‍රකාශයක් කලේය. ඔහුගේ අවසන් මැතිවරන ව්‍යාපාරය එහි පැවැත්වෙන්නේ, පෙබරවාරි 29ය.

නිව් හැම්ප්ෂයර් හි ඩිමොක්‍රටික් ජාතික සමුලු නියෝජිතයින් 24 දෙනාගෙන් සැන්ඩර්ස් වෙනුවෙන් 9 ක්, බුටිගිග් සඳහා නවයක් සහ ක්ලෝබුචාර් සඳහා හය දෙනෙකු බැගින් බෙදනු ඇත. වොරන්, බිඩෙන් සහ ඡන්ද පත්‍රිකාවේ සිටි අනෙක් අපේක්ෂකයින් සියයට 15 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා කිසිදු නියෝජිතයෙකු දිනා ගැනීමට අසමත් විය. ව්‍යාපාරික ඇන්ඩෘ යැං, සෙනෙට් සභික මයිකල් බෙනට් සහ මැසචුසෙට්ස් හි හිටපු ආන්ඩුකාර ඩෙවාල් පැට්‍රික් යන අනෙක් තරඟකරුවන් තිදෙනා, තරඟයට අවතීර්න වුනේ නොවැම්බර් මාසයේදී පමනි. ඔවුන් මැතිවරන තරඟයෙන් ඉවත්වන බව ඇඟවුම් කර තිබේ.

මෙම මැතිවරන ව්‍යාපාරය පෙබරවාරි 22 දා නෙවාඩා නියෝජිත තේරීම්, සතියකට පසුව දකුනු කැරොලිනා ප්‍රාථමික ඡන්දය, මාර්තු 3 වන දින “සුපිරි අඟහරුවාදා” වෙත ද යොමුවේ. ප්‍රාන්ත 14 ක ඡන්ද දායකයින් නාමයෝජනා සම්මේලනය සඳහා සියයට 40 කට ආසන්න නියෝජිත සංඛ්‍යාවක් තෝරා ගනු ඇත. ඩිමොක්‍රටික් පක්ෂයේ “මධ්‍යස්ථ” අංශයේ පිලිගත් අපේක්ෂකයා වන බිඩෙන්ගේ දේශපාලන මල සිරුරට ආදේශයක් ලෙස තමාගේම අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රකෝටිපති මයිකල් බ්ලූම්බර්ග් දැනටමත් ඩොලර් මිලියන 250 ක දැන්වීම් ප්‍රචාරය කර තිබේ.

සැන්ඩර්ස් නාම යෝජනා තරඟයේ පෙරමුනට ඒම පිලිබඳව ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්දැයි ඇඟවුම් කරමින්, නෙවාඩා හි සූපශාස්ත්‍ර සේවක සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. සැන්ඩර්ස් සිය “සියල්ලන්ටම සොඛ්‍ය සහන” සැලැස්ම තුලින්, වෘත්තීය සමිතියට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ “අවසන්” කරනු ඇති බවට ඉන් අනතුරු ඇඟවින. එම්එස්එන්බීසී සමඟ අදහස් දක්වමින් නෙවාඩා ඉන්ඩිපෙන්ඩන්ට් හි කර්තෘ ජෝන් රැල්ස්ටන් පැවසුවේ, මෙය ප්‍රාන්තයේ “බර්නිට තිත තබනු” ව්‍යාපාරයක ආරම්භය නියෝජනය කරන බවයි.

ප්‍රාථමික ඡන්දය පැවති රාත්‍රියේදී ආධාරකරුවන්ට පැවැත්වූ දේශනවලදී ප්‍රමුඛ අපේක්ෂකයින් තිදෙනා ගෙන් දෙදෙනෙකු වන ක්ලෝබුචාර් සහ බුට්ටිගෙග්, සැන්ඩර්ස් විරෝධී ව්‍යාපාරයේ මුහුනත බවට පත්වෙන අභාවයට යමින් සිටින බිඩෙන් සහ ප්‍රකෝටිපති බ්ලූම්බර්ග් සමඟ එක්වන බව ඇඟවුම් කලහ.

පසුගිය සිකුරාදා පැවති විවාදයේදී ක්ලෝබුචාර්ගේ ව්‍යාපාරය මාධ්‍ය විසින් අතිශයින් ප්‍රචලිත කරන ලද අතර, ඡන්ද විමසීම් වලදී ඇය ලබාගත් ප්‍රතිශතය, අඩු තනි ඉලක්කම්වල සිට සතියකින් සියයට 20 දක්වා ඉහල නැංවීමට එය දායක විය. 11දා රාත්‍රියේ සිය කතාවේදී, තේමාවන් කිහිපයක් නැවත ඉදිරිපත් කිරීමට ඇය උත්සාහ කලාය. “ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නරකම බියකරු සිහිනය වන්නේ, නොවැම්බරයේ ඡන්දය දීමට මැද සිටින මිනිසුන්ට... යමෙකු සිටී ද” යන්න බව පවසමින් “පසෙකට දමන ලද ඩිමොක්‍රටිකයින්, ස්වාධීන සහ මධ්‍යස්ථ රිපබ්ලිකානුවන්ගේ” ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා කැඳවුම් කලාය.

“ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” ලෙස තෙමේම හඳුන්වාගන්නා සැන්ඩර්ස් වෙත ප්‍රහාර එල්ල කිරීමෙන් වැලකී ඇය, ඒ වෙනුවට ඇගේ කම්කරු පන්ති මූලාරම්භය අවධාරනය කරමින්, මුඛයේ වම් පැත්තෙන් කතා කලාය. මිනසෝටා හි යකඩ රේන්ජ්හි පතල් කම්කරුවෙකු වූ ඇගේ සීයා සහ රජයේ පාසල් ගුරුවරියක වූ ඇගේ මව ගැන ඇය සඳහන් කලාය. විවාදයේ දී පෙන්නුම් කලාක් මෙන් ඇයගේ “ජයග්‍රාහී” කථාව ද බලවේගයක් ලෙස නිරූපනය කල මාධ්‍ය පන්ඩිතයෝ, සැන්ඩර්ස්ට දක්ෂිනාංශික විකල්පයක් ලෙස ඇගේ උද්ඝෝෂනය උත්කර්ෂයට නැංවීමට උත්සාහ කලහ.

බුට්ටිගෙග් බරක් ඔබාමාගේ ශෛලිය අනුගමනය කරමින්, පරම්පරාගත වෙනසක් පිලිබඳ යෝජනා සමඟ නොපැහැදිලි අදහස් වලින් පිරි කථාවක් කලේය. වයස අවුරුදු 38 ක් වන තමා බිඩෙන් හෝ සැන්ඩර්ස්ගේ වයසෙන් අඩක් වන පුද්ගලයෙක් බව ඔහු පැවසීය. පාලක පන්තිය ඉදිරියේ ඔහුගේ සැබෑ අක්තපත්‍ර වලට ඇතුලත් වන සාධක දෙක ගැන ඔහු කිසිදු සඳහනක් නොකලේය: ඇෆ්ගනිස්ථානයේ නාවික බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස ඔහුගේ භූමිකාව සහ ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට අනුකූලව ඔහුගේ දක්ෂිනාංශික වැඩපිලිවෙල. ඒ වෙනුවට ඔහු, සැන්ඩර්ස් ප්‍රතිරාවය කරමින්, ඩිමොක්‍රටික් ජනාධිපතිවරයකු “ව්‍යාපාරික කෑදරකමට ඉඩදීම නතර කර වැටුප් වැඩිකිරීමට හා කම්කරුවන් සවිබල ගැන්වීමට පටන් ගන්නා බවත්, ඔවුන්ට එක් රැකියාවක් ප්‍රමානවත් විය යුතුයි ” යන වාම වාචාල කතා වලින් අවසන් කලේය.. ”

මෙය ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයට දුන් පොරොන්දුවකි. සැන්ඩර්ස් විසින් අවසාන වශයෙන් නම් කරන ලද තැනැත්තාට පූර්න සහයෝගය ලබා දෙන බවටත්, හිලරි ක්ලින්ටන්ගේ ප්‍රහාර මාලාවකට පිලිතුරක් ලෙස ඔහු 2016 දී ඇගේ මැතිවරන ව්‍යාපාරය කඩාකප්පල් කල බවත් කියා සිටියේය.

සෞඛ්‍ය සේවය මානව අයිතිවාසිකමක් බවත්, ධනවතුන් වැඩි බදු ගෙවිය යුතු බවත්, විද්‍යාල උපකාරක පන්ති රහිතව පැවැත්විය යුතු බවත්, දේශගුනික විපර්යාස, අපරාධ යුක්ති ප්‍රතිසංස්කරන, සංක්‍රමන ප්‍රතිසංස්කරන, තුවක්කු පාලනය සහ ගබ්සාව සඳහා කාන්තාවට ඇති අයිතිය වැනි වෙනත් ලිබරල් සටන් පාඨ මාලාවක් ද සැන්ඩර්ස් නැවත නැවතත් ප්‍රකාශ කලේය. ට්‍රම්ප් ධවල මන්දිරයේ ඩිමොක්‍රටිකයෙකු පැලපදියම් කිරීමෙන් මෙම සියලු‍ ගැටලු‍ විසඳිය හැකි යැයි සිතනවාක් මෙන්.

කෑදර සංගත හා කර්මාන්ත පිලිබඳ දිග ලැයිස්තුවක් ලබා ගැනීමට ඔහු පොරොන්දු වූ අතර, සැන්ඩර්ස් සුපුරුදු පරිදි, ඒවා ප්‍රධාන අංග වන ධනේශ්වර ක්‍රමය ගැන මුලුමනින්ම නිහඬ විය. ට්‍රම්ප් පරිපාලනය විසින් 10දා ප්‍රසිද්ධ කරන ලද ප්‍රතිගාමී අයවැය සැලැස්ම ගැන හෝ එම රාත්‍රියේ එම නගරයේම මැන්චෙස්ටර් හි පැවති ට්‍රම්ප්ගේ ෆැසිස්ට් රැලිය ගැන ඔහු කිසිදු සඳහනක් නොකලේය.

සැන්ඩර්ස් සඳහා වූ ඡන්දය වැඩකරන ජනතාව සහ තරුනයින් අතර වමට මාරුවීමේ ප්‍රකාශනයක් බවට කිසිදු සැකයක් නැත. බිඩෙන්, ක්ලෝබුකාර් සහ අනෙකුත් අපේක්ෂකයින් ද ප්‍රාන්තයේ පුලුල් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ද සහභාගී වූ සිකුරාදා රාත්‍රියේ ඩිමොක්‍රටික් විවාදයෙහි පලමු පැය භාගය, නොවැම්බර් මැතිවරනය පිලිබඳව සෑම ඩිමොක්‍රටික් අපේක්ෂකයෙකුටම ඇති මැතිවරන බලාපොරොත්තු විනාශ කර දමමින් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු” නාමයෝජනා දිනා ගනු ඇතැයි යන අපේක්ෂාවෙන් දුක් විය .

සැන්ඩර්ස් වෙනුවෙන් ඡන්දය දුන් අය පැහැදිලිවම මේ ආකාරයේ තුනී ලෙස වෙස්වලාගත් ඇමක් ප්‍රතික්ෂේප කලහ. ඩාර්ට්මූත් හි සේවයේ නියුතු එක් තරුන ඡන්දදායකයෙකු උපුටා දක්වමින් “මගේ ලෝකයේ නම්, බිලියනපතියෙකුට වඩා සමාජවාදී යන වචනයට වැඩි සහයෝගයක් තිබේ” යයි පැවසූ බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේය.

වෝල් වීදියේ බයිබලය හා සමාන ෆෝබ්ස් සඟරාව මෙම සති අන්තයේ “තරුන ඡන්දදායකයින් බර්නි සැන්ඩර්ස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය වැලඳ ගන්නේ ඇයි” යන මාතෘකාව යටතේ අපූරු විවරනයක් පලකලේය. එය පැහැදිලිවම සත්‍ය කරුනක් මතුකලේය. තරුනයින් බිය ගන්නා යථාර්තයකට මුහුනපා සිටී. එනම් ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා අඩු ජීවන තත්වයක් ඇති පලමු පරම්පරාව ඔවුන් විය හැකිය“ යන්න යි.

“ශිෂ්‍ය නය විනාශ කිරීම, අඩු වැටුප් සහිත රැකියා සහ නිවාස බදු හා කුලී ඉහල යාම” ඇතුලු තරුන පරම්පරාවට මුහුන දිය නොහැකි ආර්ථික තත්වයන් මෙම තීරුවෙන් පෙන්වා දී ඇත. එය නිගමනය කලේ, “ඔවුන්ගේ තත්වය දෙස බලන කල, බර්නි සැන්ඩර්ස් මැතිවරන තරඟයේ පෙරමුනට ඒම හා යෟවනයන් අතර සමාජවාදය පිලිබඳ අදහස කරා යොමුවක් ඇතිවීම පුදුමයට කාරනයක් නොවන” බවයි.