ඉරානයට එරෙහිව දිගටම යුද තර්ජන කරන අතරතුර එක්සත් ජනපදය “භාවිත කල හැකි” න්‍යෂ්ටික අවියක් ස්ථාන ගත කරයි

This article in originally published on February 01, 2020 in English.

ඉරානය සමග වේගයෙන් වර්ධනය වන අර්බුදය මධ්‍යයේ අත්ලාන්තික් සාගරය වෙත යාත්‍රා කරන යූඑස්එස් ටෙනසි (USS Tennessee ) බැලිස්ටික් මිසයිල සබ්මැරීනය නව වඩා කුඩා න්‍යෂ්ටික යුද අවියකින් සන්නද්ධ කිරීමට පෙන්ටගනය කටයුතු කලේය. W76-2 නමින් හඳුන්වන මෙම අවියට, 1945 හිරෝෂිමා වැසියන් 140,000 ක ගේ ජීවිත බිලිගත් ලිට්ල් බෝයි (little boy) නම් බෝම්බයේ විනාශකාරී බලයෙන් දල වශයෙන් තුනෙන් එකක පමන වන කිලෝටොන් පහක ස්ඵෝටන (පිපිරුම්) බලයක් ඇත.

නම් නොකල සිවිල් හා මිලිටරි පුද්ගලයන් උපුටා දක්වමින් ඇමෙරිකානු විද්‍යාඥයන් ගේ ෆෙඩරේෂනය (එෆ්ඒඑස්) මෙම අවිය ස්ථානගත කිරීම සම්බන්ධව මෙම සතියේ එලිදරව් කලේ ය. ටෙනසි සහ අනෙකුත් සබ්මැරීන සතු ට්‍රයිඩන්ට් සබ්මැරීන-දියත් බැලිස්ටික් මිසයිල 20 න් දෙකක් W6-2 අවි වලින් සන්නද්ධ කරන බව එය ප්‍රකාශ කලේය. මෙම සෑම මිසයිලයකට ම ඉලක්ක ගනනාවකට පහර දීමේ හැකියාව සහිත යුද අවි 8ක් ගෙනයා හැකිය.

මෙම නව ආයුධය නිපදවාලූයේ දැක්වූයේ උපදවන සුලු වේගයකිනි. පසමිතුරු ආරක්ෂක විධිවිධාන විනිවිදිය හැකි ඉක්මන් ප්‍රතිචාරයක් සහතික කරන විකල්පයක් සහ සතුරු ආරක්ෂක ක්‍රමෝපායන් විනිවිදිය හැකි විකල්පයක් ලෙස හා එක්සත් ජනපදයේ ප්‍රදේශ තුල ප්‍රතිප්‍රහාර වැලැක්වීමේ හැකියාවේ පවතින හිඩැසක් වැසීම පිනිස අඩු පිපිරීම් බලයක් (සබ්මැරීන් මගින් විදින බැලස්ටික් මිසයලයක්) වර්ධනය කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය 2018 න්‍යෂ්ටික ඉරියව් සමාලෝචනය විසින් කැඳවුම් කර තිබින.

නව අවිය ස්ථානගත කිරීම පිනිස යොදා ගත්තේ තහවුරු නොකල නොහැකි ව්‍යාජ හේතුවකි. එනම් පූර්න තාප-න්‍යෂ්ටික යුද්ධයක් ඇවිල යාමේ බිය නිසා වොෂින්ටනය මූලෝපායික යුද අවි යොදා ගනිමින් ප්‍රතිප්‍රහාර නොදේවිය යන අපේක්ෂාවෙන් රුසියාව, එවන් ආයුධ සංවර්ධනය කරමින් සිටින බව සහ එය (රුසියාව) අඩු බල න්‍යෂ්ටික ආයුධ යොදා ගැනීම මගින් “තීව්‍රතාව ඌනනය කිරීම” හෝ “ජයග්‍රහනය සඳහා තීව්‍රතාව උත්සන්න කිරීම” යන මත වාදය වැලඳගෙන ඇති බවත්ය. පෙන්ටගනයේ තර්කනය වී ඇත්තේ ”වැලැක්වීමේ හැ කියාව යතා තත්වයට පත් කිරීම” පිනිස අඩු බල සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ මිසයිලයක් අවශ්‍ය බවය.

මෙසේ කියාපාන රුසියානු මතවාදය ව්‍යාජ හේතු දැක්වීමක් බවත්, වඩාත්ම වැඩි හැකියාව ඇත්තේ මෙම අඩු බල ආයුද උතුරු කොරියාව හා ඉරානයට එරෙහිව න්‍යෂ්ටික ආයුධ ප්‍රථම වතාවට භාවිතා කිරීම පහසු කිරීම උදෙසා බවත් එෆ්ඒඑස් වාර්තාව දැඩිව අඟවා ඇත.

එය ඉස්මතු කර දක්වන්නේ, එක්සත් ජනපද ජාතික ආරක්ෂක මූලෝපාය සහ න්‍යෂ්ටික ඉරියව් සමාලෝචනය (එන්පීආර්) යන දෙකම, “න්‍යෂ්ටික නොවන පහරදීම් හා මහා පරිමාන සම්ප්‍රදායික ආක්‍රමන” සඳහා ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට අපේක්ෂා කරන බවත්, එමෙන්ම W 76-2 යුද අවි සැලසුම් කර ඇත්තේ න්‍යෂ්ටික වූ හෝ න්‍යෂ්ටික නොවන මූලෝපායික පහරදීමක් සඳහා වන එක්සත් ජනපද විකල්පයන්ගේ පරාසය පුලුල් කිරීම උදෙසා වන බවත් එන්පීආර් වාර්තාව ඉපැහැදිලි ලෙස ප්‍රකාශ කර ඇති බව ය. ඉරානය වැනි න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ නැති රටවල් ද ඇතුලුව න්‍යෂ්ටික පහර දීමක් වොෂින්ටනය බැහැර නොකරයි.

‘භාවිතා කල හැකි’ නව න්‍යෂ්ටික යුද අවි සමග යුඑස් එස් ටෙනසී සබ්මැරීනය ස්ථානගත කිරීම ආසන්න වශයෙන් සිදුවූයේ, ඉරානයේ මුල්පෙලේ නිලධාරියෙකු වන ජනරාල් කාසිම් සුලෙයිමානි හට එල්ල කල සාපරාධී ඩ්‍රෝන මිසයිල ඝාතනයට අන දෙමින් දෙසැම්බර් 29 වනදා ට්‍රම්ප් මා- අ-ලාගෝ නිවාඩු නිකේතනයේ තම ඉහල පෙලේ සහායකයින් සමග රහස් මන්ත්‍රනයක සිටිය දී ය. ඊට දින පහකට පසු බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දී ඩ්‍රෝන ඝාතනය සිදු කෙරුනි.

ෆ්ලොරිඩා වේ පැවති එම සාකච්ඡාවේ දී ම, “ඉරාන නැව් වලට, මිසයිල විදිනයන්ට සහ ගුවන් ආරක්ෂක පද්ධති වලට බෝම්බ දැමීමද ට්‍රම්ප් අනුමත කලා. භාවිතයේදී එවනි දෑ ක්‍රියාවට දැමීමට පෙර ධවල මන්දිරයෙන් විමසීමක් සිදුකරන නමුදු, දැන් මිලිටරියට, රීතියානුකූලව, තවදුර ජනාධිපති අනුමැතියකින් තොරව එම ඉලක්ක වෙත පහර දිය හැකි” බව නම් සඳහන් නොකල එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උපුටා දක්වමින්, බ්‍රහස්පතින්දා එන්බීසි ප්‍රවෘත්ති වාර්තාවකින් තහවුරු කලේ ය.

ඉතා සුලු සාවද්‍ය ගනන් බැලීමකින් විනාශයක් කරා යොමු විය හැකි භයානක බොක්සිං ක්‍රීඩාවක දෙපාර්ශවයම සිරවී ඇති බව සමහර නිලධාරීන් විශ්වාස කරන බව ට වාර්තාව අනතුරු ඇඟවී ය.

සුලෙයිමානි ඝාතනය මගින් වොෂින්ටනය සිදුකල යුද ක්‍රියාවෙන් හා යුද අපරාධයෙන් පසු යුද්ධය වැලකී ගියේ යයි කියාපාන සියලුම කතා තිබියදී, යථාර්තය නම් ශතවර්ෂ තුන් කාලකට පසු ප්‍රථම වතාවට න්‍යෂ්ටික අවි යොදා ගැනීම කරා ඉක්මනින් වැඩි දියුනු විය හැකි විනාශකාරී මිලිටරි ගැටුමක පිහි තුඩ මත ලෝකය රැදී ඇති බවයි.

ඉරානයට එරෙහි තර්ජනය වනාහි ගෝලීය ආර්ථිකයේ කලින් තිබූ හෙජමොනික ආධිපත්‍යය ඛාදනය වීම හිලව් කිරීම උදෙසා, තම ඉමහත් මිලිටරි බලය සාපරාධී ලෙස භාවිතා කරමින් ගෝලීය යුද්ධය සඳහා එක්ස්ත් ජනපද අධිරාජ්‍යවාදයේ වඩාත් පෘතුල සූදානම් වීමේ කොටසකි.

එක්සත් ජනපද කොංග්‍රසයේ අතිවිශාල බහුතරයක එනම් ඩිමොක්‍රටික සහ රිපබ්ලිකානු දෙපාර්ශවයේ ම එකසේ සහාය ලැබ ඩොලර් බිලියන 738 ක මිලිටරි අයවැයක් අනුමත කර ගැනීමෙන් පසුව, ට්‍රම්ප් පරිපාලනය දැන් සූදානම් වන්නේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව තර කිරීම සුපරීක්ෂනය භාරව සිටින ඒජන්සිය වන ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනයේ (එන්එන්එස්ඒ) අයවැය සඳහා සියයට 20 ක වැඩිකිරීමක් සම්මත කරවා ගැනීමටයි. මෙම සතියේ ප්‍රසිද්ධ කල මෙම ඩොලර් බිලියන 20 ක අයවැය යෝජනාව, ට්‍රම්ප් බලයට ඒමට පෙර බැරක් ඔබාමා ගේ ඩිමොක්‍රටික් පාලන තන්ත්‍රය විසින් ක්‍රියාවට දැමීම ආරම්භ කෙරුන හා ඉදිරි දශක තුන තුල අපේක්ෂා කරන ඩොලර් ට්‍රිලියනයකට වඩා වැය කිරීමට අදහස් කරන අවි ගබඩාව නවීකරනය කිරීමේ වැඩ පිලිවෙලේ ඉතාම කොටසක් නිරූපනය කරයි.

ට්‍රම්ප් යුද අපරාධකාරයෙකි. ඉරානය “මකා දැමීමට” සහ “ගින්දර සහ කෝපාග්නි වර්ෂාවක්” උතුරු කොරියාව මත හෙලීමට ඔහු කරන තර්ජන හුදෙක්ම අතිශයෝක්තීන් නොවේ. එවන් ඝෝර අපරාධ සිදු කිරීම සඳහා භාවිතා කල හැකි න්‍යෂ්ටික අවි දැනටමත් ඔහු අතට පත් වී තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ගේ සෙනෙට් සභා දෝෂාභියෝග විභාගය නොන්ඩි ගසමින් නීච අවසානයක් කරා ඇදී යද්දී කැපී පෙනෙන කාරනාව නම් ට්‍රම්ප්ගේ දැවැන්තම අපරාධ, එනම් යුදමය ක්‍රියාවන් හා ලෝකය න්‍යෂ්ටික යුද්ධයක් කරා ඇදගෙන යාමට ඔහු කරන තර්ජනය, කිසි ලෙසකින්වත් ඔහු ට එරෙහි චෝදනා වල කොටසක් නොවීමය. ඊට විපරීතව දෝෂාභියෝග චෝදනා කේන්ද්‍ර කොට ගෙන ඇත්තේ ඔහු යුක්‍රේනයට මිලිටරි ආධාර දීම අත් හිටුවීම සහ රුසියාව අභිමුඛ කිරීම සදහා ඇති තරමින් ආක්‍රමනශීලී නොවීමයි.

මෙම චෝදනාව එල්ල කරන්නේ, මේ සතියේ නිව්ස්වීක් සඟරාව පෙන්නුම් කල පරිදි, ඒ සෑම එකක් ම රුසියාවට විරුද්ධ යුද්ධය සූදානම් කිරීමේ හෝ සමාන ආකෘති තැනීමේ, විවිධ මිලිටරි අභ්‍යාස 93, පසුගිය වසරේ මැයි මස සිට සැප්තැම්බර් මස අග දක්වා, සිදුකිරීමට පෙන්ටගනය විසින් පියවර ගැනීමෙන් පසුවය. රුසියානු දේශසීමාවට සැතපුම් පන්සීයකටත් වඩා අඩු සීමාවේ සිට බෝම්බ හෙලීම පුහුනු වීමේ ගුවන් සවාරි සහ බෝල්ටික් රටවල සහ පෝලන්තය තුල පා බල සේනාවන් අනවරත ලෙස වර්ධනය කිරීම සමග “බෝම්බ හෙලන යානා සුරක්ෂන” හා “(යුද) රංග භූමි ආරක්ෂක” වැඩ සටහන් යයි විස්තර කරනු ලබන එජ ගුවන් යානා මෙහෙයුම් වැඩි කිරීම මෙයට ඇතුලත් ය.

යුද්ධය කරා ධාවනයේ මුලාශ්‍රය ඇත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ ව්‍යාධිගත මනස තුල නොව, ගෝලීය ධනවාදයේ විසඳිය නොහැකි අර්බුදය තුලය. ඩිමොක්‍රටික නියෝජිතයන් ද ඇතුලුව එක්සත් ජනපද පාලක පන්තියේ කිසිම පාර්ශවයක් යුද විරෝධී නොවේ. ඔවුන් අතර ඇත්තේ ගෝලීය ක්ෂේත්‍රය තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදී උත්සුකයන් හඹා යෑමේ හොඳම ක්‍රමවේදය පිලිබඳ උපායික වෙනස්කම් පමනි.

නව අධිරාජ්‍යවාදී යුද්ධයකට සහ එමගින් මානව සංහතියේ පැවැත්ම ට කෙරෙන තර්ජනයට එරෙහි අරගලය, පදනම් කල හැක්කේ ලොව පුරා වර්ජන රැල්ලක සහ සමාජ නැගිටීම් මාලාවක නියැලී සිටින කම්කරු පන්තියේ අරගල මත පමනි. මෙම මෝදු වන මහජන අරගල, යුද්ධයේ සහ සමාජ අසාධාරනත්වයේ මූලාශ්‍රය වන ධනවාදී පද්ධතිය අවසන් කර දැමීමේ පොදු අරගලය තුල, කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා, ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙලකින් සන්නද්ධ කල යුතුය.

Loading