මැදගොඩ අභයතිස්ස ඇතුලු නඩය "හතේ අපේ පොත" ට විරුද්ධ වන්නේ ඇයි?

හත වසරේ ඉගෙනුම ලබන සිසුන්ට අධ්යාපන අමාත්යංශය විසින් පසුගිය වසරේ දී නිකුත් කල “හතේ අපේ පොත”ලබාදිය යුතුද නැද්ද යන්න පිලිබඳව පසු ගිය දින වල විශාල හාහෝවක් පැවතුනි. මෙම හාහෝව ඇරඹුනේ මැදගොඩ අභයතිස්ස භික්ෂුව මාධ්ය සාකච්ඡාවකදී මෙම පොත තහනම් කල යුතු යැයි පැවසීමත් සමගය.

“හතේ අපේ පොත”යනු සිසුන්ට ලිංගික අධ්යාපනය ලබාදීම සඳහා නිකුත් කල කෘතියකි. සෞඛ්ය අමාත්යංශය සහ අධ්යාපන අමාත්යංශය එකතුව නිකුත් කර ඇති මෙම කෘතිය මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන් ප්රවීනයන් කන්ඩායමක් 2016 වසරේ සිට දැරූ සාමූහික ප්රයත්නයක ප්රතිඵලයකි.

මෙම පොත මගින්, නව යොවුන් ලමයින්ට දෙවන වර පහලවන ලිංගික ශාරීරික මානසික වෙනස්කම් සරලව අවබෝධ කර දීමටත්, ලිංගික ක්රියාකාරකම් වල පවතින සැක සංකා සහ මිත්යා මත දුරලීමටත්, සරල රෝගී තත්වයන් පැහැදිලි කර දීමටත් විරුද්ධ ලිංගිකයන් දෙසට ආකර්ෂනය වීම අසාමාන්ය හෝ වැරදි දෙයක් නොවන බව විද්යාත්මකව පැහැදිලි කිරීමටත් උත්සාහයක් ගෙන තිබුනි. එම පොත ඒ වනවිටත් පාසල් සහ පෙලපොත් බෙදාහැරීමේ මධ්යස්ථාන වෙත නිකුත් කර තිබුනි.

මැදගොඩ අභයතිස්ස පසුගිය දෙසැම්බර් 24 වනදා මාධ්ය සාකච්ඡාවක් පවත්වමින් ප්රකාශ කලේ මෙම පොත එම වයසේ දරුවන්ට “නොගැලපෙන”, “ගුනධර්ම වලට බරපතල ලෙස බලපාන”, “අනවශ්ය කුතුහලයක්”ජනිත කරවන ලෙස සකස් කර ඇති බවයි. “ලඟින් ඇසුරු කරන පුද්ගලයින්ගෙන් ප්රවේසම් වන ලෙසට”වූ කොටසක් පොතෙන් උපුටා දක්වමින් ඔහු පැවසුවේ එමගින් සමාජ සම්බන්ධතා ”නරක පැත්තකට” ගෙන යන බවයි.

මෙම කරුනු මත, පොත තහනම් කරන ලෙස අභයතිස්ස අධ්යාපන අමාත්යවරයාගෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීමට ප්රතිචාර දක්වමින් අධ්යාපන අමාත්යංශය පොත බෙදා හැරීම නවතනු ලැබීය.

මෙම ප්රකාශයත් සමගම පොත සම්බන්ධයෙන් පුලුල් සාකච්ඡාවක් මතුවිය. අභයතිස්සගේ ප්රකාශය ආරක්ෂා කිරීමට තවත් භික්ෂූන් ඉදිරිපත්වූ අතර, එම ප්රකාශයට එරෙහිව වෛද්යවරු ඇතුලුක්ෂේත්රය සම්බන්ධ ප්රවීනයන් රැසකගේ විරෝධය පල විය.

මේ සම්බන්ධයෙන් ජනවාරි 22 දා පැවති අධ්යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිලිබඳ ආංශික කාරක සභාව සහ කාන්තා සහ ස්ත්රී පුරුෂ සමාජ භාවය පිලිබඳ ආංශික කාරක සභාව පැවැත්වූ සාකච්ඡාවකදී මසක් ඇතුලත පොත සම්බන්ධයෙන් පූර්න වාර්තාවක් ලබාදෙන ලෙස නිර්දේශ කෙරුනි.

පාසල් ලමුන්ට ලිංගික අධ්යාපනය ලබාදීම සාධනීය පියවරකි. දියුනු ධනපති රටවල මෙය දිගු කාලයක් පුරා සිදු වන්නකි. කෙසේ වෙතත් මීට එරෙහිව විරෝධය ගලාගෙන එන්නේ ලංකාව හා ඉන්දියාව වැනි ධනේශ්වර සංවර්ධනය කල්පමාවූ රටවල පවතින වැඩවසම් කුනුකන්දල් සමග මිශ්රිත ධනවාදී ජීවන රටාවෙනි. මෙම රටවල ධනපති පන්තියට එම වැඩවසම් ප්රතිගාමීත්වය අතුගා දැමීමට ඓතිහාසිකවම නොහැකි වන අතර ඔවුහු එම ලක්ෂන සමග අත්වැල් බැඳගෙන කටයුතු කරති.

ලිංගික අධ්යාපනය ලබාදීම වැනි ප්රගතිශීලි කටයුතු වලට එරෙහිව පිහිටා ඇති ප්රමුඛ වැඩවසම් ලක්ෂනයක් ලෙස පවතින්නේ පුරුෂාධිපත්යයයි. එනම් පුරුෂයා, ස්ත්රිය සහ ලමුන් මත ආධිපත්යය දැරීමයි. මේ යටතේ ලමුන්ට සහ ස්ත්රීන්ට ලිංගික කටයුතු සහ අනෙකුත් දෑ සම්බන්ධයෙන් තීරන ගැනීමේ අයිතිය පාගා දමනු ලබයි. ඒ නිසාමත් ලමුන්ට ලිංගික කටයුතු සම්බන්ධයෙන් ජීව විද්යාත්මක සහ සමාජ විද්යාත්මක අවබෝධයක් ලබාදීම අවශ්ය වෙයි.

ජාතික ලමාරක්ෂක අධිකාරියේ වාර්තා වලට අනුව වසරක් තුල ශ්රී ලංකාවේ ලමාහිංසන හා අපයෝජන දස දහසක් පමන වාර්තා වන අතර එයින් සියයට අනූවක් පමන, ලමුන් දන්නා හඳුනන, පියා, ඥාතීන්, සහෝදරයන් සහ අසල්වැසියන්ගෙන් සිදුවන බව වාර්තා වේ. වාර්තා නොවන ලමා අපචාර ගනන මීටත් වඩා ඉහලය. පවුල් සෞඛ්ය කාර්යාංශය පවසන පරිදි සෑම වසරකම අවුරුදු 20 ට අඩු ගැබ් ගැනීම් 20,000 ක් වාර්තා වන අතර එයින් සැලකිය යුතු ප්රමානයක් වයස අවුරුදු 16 ට අඩු බවත් වාර්තා කරයි. මෙම ලමා ගැබ් ගැනීම් ප්රමානය සමස්ත ගැබ් ගැනීම් වලින් සියයට 5.2 ක් තරම් ඉහල අගයක් ගනී.

ලෝක පරිමානව ද, ගැහැනු ලමයි පස් දෙනකුගෙන් එක් කෙනෙකු ද, පිරිමි ලමයි දහ දෙනෙකුගෙන් එක් අයෙකු ද අපයෝජනයට ලක්වී ඇති බව වාර්තා වන අතර එයින් සියයට 80 ක් ලඟම ඥාතීන්ගෙන් සිදුවන බව ජාත්යන්තර වාර්තා සඳහන් කරයි.

2012/2013 ජාතික යොවුන් සෞඛ්ය අධ්යාපන වාර්තාවකට අනුව තරුනයන්ගෙන් සියයට පනහකට ආසන්න ප්රමානයකට ලිංගික සෞඛ්ය පිලිබඳව නිවැරදි දැනුමක් නැති බව සොයාගෙන ඇත. විශේෂඥ වෛද්ය පබාසිරි ගිනිගේ ඇතුලු කන්ඩායමක් විසින් කරන ලද පර්යේෂනයකදී මේ පිලිබඳ ඉතා වැදගත් කරුනු අනාවරනය වී ඇත.

එම පර්යේෂනය සඳහා, 1984 සිට 2016 වනතුරු සායනික වාර්තා පදනම් කරගනිමින් වසර 32 ක් තුල දත්ත රැස්කර ගනිමින් ලංකාවේ ලිංගික අතවරයට පත් ලමුන්ගේ ලක්ෂන හා අතවරය කරන ලද්දේ කවුරුන්ද යනුවෙන් කරන ලද පර්යේෂන වාර්තාවකට අනුව, එම පර්යේෂනයට ගත් නියැදියෙන් සියයට 81 ක් ගැහැනු ලමුන් බවද, සියයට 19 ක් පිරිමි ලමුන් බවද සොයාගෙන ඇත.

මෙම ලමුන්ගෙන් සියයට 94 ක්ම අතවරයට පත් වී ඇත්තේ ලමයා හොඳින් දන්නා හඳුනන අයවලුන්ගෙන් බවත් ඊට තමන්ගේ තාත්තා, අයියා, මාමා, අසල්වැසියන් සහ මිත්රයන් ද ඇතුලත් වී ඇත. සියයට තිහක් එක් වාරයකට වඩා අතවරයට පත් වී ඇත.

ලමා අපරාධ වලට ප්රධාන හේතුවක් වනුයේ නිසි ලිංගික අධ්යාපනයක් නොමැති වීම හා ලිංගික අධ්යාපනයේ හිඟකම යන්න සමීක්ෂන වලින් යලියලිත් සනාථ කරද්දීත් මෙම බෞද්ධ භික්ෂූන් ලිංගික අධ්යාපනය ලබා දීමට එරෙහි වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ බෞද්ධ සංස්ථාපිතයේ ආන්තික ප්රතිගාමිත්වයයි.

“හතේ අපේ පොත”ට එල්ල කෙරෙන ප්රහාරය පිටුපස මූලික වශයෙන් පවතින්නේ, අනෙක් සෑම ක්ෂේත්රයක මෙන්ම, අධ්යාපන ක්ෂේත්රය තුල ද සිය ආධිපත්යය තහවුරු කරගැනීමට බෞද්ධ සංස්ථාපිතය දරන උත්සාහය යි.

ලංකාවේ ධනපති පන්තිය, කම්කරු පන්තිය බෙදා වෙන් කිරීමට උපතේ පටන් යොදාගත් අවිය සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය යි. 1956 දී සිංහල පමනක් රාජ්ය භාෂාව ලෙස ද, 1972 දී බුද්ධාගම රාජ්ය ආගම ලෙස ද ස්ථාපිත කරමින් ධනපති ආන්ඩු ක්රමානුකූලව ගත් පියවර හේතුවෙන් බෞද්ධ සංස්ථාපිතය වරප්රසාදිත ස්ථරයක් ලෙස තහවුරු වුනි.

කොලඹ පාලක පන්තිය ගෙනගිය මෙම වර්ගෝත්තමවාදී දේශපාලනයේ කුලුගැන්වීම ලෙස 1983 දී දෙමල ජාතියට එරෙහිව වාර්ගික යුද්ධය අවුලුවා ගැනුනි. යුද්ධයේ දෘෂ්ටිවාදාත්මක පදනම වූ සිංහල-බෞද්ධ වර්ගවාදයෙන් ගැම්ම ගත් සිංහල-බෞද්ධ සංස්ථාපිතය, එම වර්ගවාදී යුද්ධය මධ්යයේ සමාජයේ සෑම ක්ෂේත්රයක් තුලම තම ආධිපත්යය තහවුරු කර ගත්තේය.

කලාකරුවන් දඬු ගැසීම සඳහා බෞද්ධ භික්ෂූන් කරන මැදිහත්වීම් වලින් මෙය කලා ක්ෂේත්රය තුලද ප්රකාශයට පත් වෙයි. ශක්තික සත්කුමාර කලාකරුවා විසින් ලියන ලද කෙටිකතාවක් මගින් “බුද්ධාගමට අපහාස ”වෙතැයි චෝදනා කොට ඔහු සිරගත කිරීමට බෞද්ධ භික්ෂු නඩයක් කල ප්රතිගාමී මෙහෙයුම මෙහි මෑතම උදාහරනය යි.

මැදගොඩ අභයතිස්ස සිංහල-බෞද්ධ වර්ගවාදියෙකු ලෙස කුප්රකට වන අතර ”රාවනා බලය”වැනි සිංහල-බෞද්ධ ෆැසිස්ට්වාදී නඩ සමග සමීපව ක්රියාකල ඉතිහාසයක් ඔහුට ඇත. පසුගිය ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී ඔහු ගෝඨාභය රාජපක්ෂ ජයග්රහනය කරවීමට කටයුතු කලේය.

අන්ත දක්ෂිනාංශික, සිංහල-බෞද්ධ වර්ගවාදී උද්ඝෝෂනයක් හරහා ජනාධිපතිවරනය ජයගත් රාජපක්ෂ කියා සිටියේ තමා ජයග්රහනය කලේ හුදෙක් සිංහල-බෞද්ධ ඡන්ද පදනමෙන් බවයි. ඔහු බලයට පැමිනීමෙන් වඩාත් ගැම්ම ගෙන සිටින අභයතිස්ස වැන්නවුන් කරන මෙම ප්රතිගාමී මැදිහත්වීම් වල බලගතු ඇඟවීම් පවතී.

ඔවුන් සකසමින් සිටින්නේ, ධනපති ආන්ඩුවේ ප්රහාරයන්ට එරෙහිව වර්ධනය වෙමින් පවත්නා පන්ති අරගල වලට එරෙහිව යොදාගත හැකි ෆැසිස්ට් ව්යාපාරයකට අවශ්ය දෘෂ්ටිවාදාත්මක පදනමයි.

Loading