ඉදිරිදර්ශන

ඇමරිකානු ධනවාදයේ යථාර්ථය හෙලිදරව්වේ: වසංගත පැතිරීමත් සමඟ මිලියන ගනනක් ආහාර ආධාර සඳහා පෙල ගැසෙති

මෙම ලිපිය 2020 අප්‍රේල් 13 දින ඉංග්‍රීසි බසින් පල වින.

“… කුසගින්නෙන් පෙලෙන්නන්ගේ දෑස්වල වෛරයක් දලුලා වැඩෙමින් පවතියි. ජනතාවගේ ආත්මයන් තුල වෛරයේ මිදි පිරී ඉතිරී පල බරව ඇත්තේ අස්වනු නෙලන කාලය වෙනුවෙනි”- The Grapes of Wrath (වෛරයේ මිදි ඵල  ),1939 අප්‍රේල්, ජෝන් ස්ටයින්බෙක්.

***

එක්සත් ජනපදයේ කොරෝනා වෛරසයේ වේගවත් ව්‍යාප්ත වීම හෙලිදරව් කරමින් තිබෙන්නේ, පාලක පන්තියේ දශක ගනනාවක ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක වශයෙන් ලෝක ධනවාදයේ කේන්ද්‍රයේමත්, බරපතල සෙඛ්‍ය හදිසි තත්වයක් සඳහා කිසිඳු  සූදානමක් නොමැති බවයි. ඒ අතරම, වසංගතය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය පුලුල් දරිද්‍රතාව  හා අනාරක්‍ෂිතභාවේ යථාර්ථය හෙලි කරමින් තිබේ.

1930 ගනන්වල මහා අවපාතය අතරතුර දී, පාන් පෝලිම් සමාජ පීඩාවේ සංකේතයක් විය. සෑම ප්‍රාන්තයකම මෙන්ම ප්‍රජාවකම එවැනි දර්ශන යලිත් මතුවෙමින් තිබෙන්නේ, හදිසි ආහාර ආධාර සඳහා දැවැන්ත පෝලිම් වල රුපාකාරයෙනි.

බ්‍රහස්පතින්දා ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ හි සහන ආහාර ගබඩා වලින් කල ආහාර බෙදාහැරීමක දී  මෝටර් රථ 6,000ක් සැතපුම් පහක් ඔස්සේ පෙල ගැසී තිබුනි. තමන්ට යම් ආහාර ප්‍රමානයක් ලැබීම සහතික කර ගැනීමට සමහර පවුල් පැය 12කට කලින් පැමිනී සිටියහ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයට දකුනින් ඉන්ගල්වුඩ් හි සිකුරාදා ආහාර ලබා ගැනීම සඳහා කාර් 5,000 ක් පෙලගැසී තිබේ. මෑත දිනවල පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි ආහාර බැංකු භාවිතය සියයට 543 කින් ඉහල ගොස් තිබේ.

ග්‍රේටර් පිට්ස්බර්ග් ප්‍රජා සහන ආහාර ගබඩාව 2020 අප්‍රියෙල් 10 වන දින පිට්ස්බර්ග් නගරයේ වීදියක ආහාර පෙට්ටි බෙදා හරිනු ලැබේ. [ස්තුතිය: ඒපී ඡායාරූපය / ජීන් ජේ. පුස්කර්]

පෝලිම්වල සිටින අය සාමාන්‍යයෙන් දුෂ්කර කාලවල දී ආහාර බැංකු මත යැපෙන දුප්පත් කම්කරුවන් පමනක් නොව, ඔවුන්ගේ ජීවිතය තුල කිසි විටෙකත් එවැනි ආධාර මත යැපීමට සිදු නො වූ කම්කරු පන්තියේ හා මධ්‍යම පන්තික පවුල්වල පුලුල් කොටස් ද වූහ.

“මට මගේ ජීවිතයේ කිසි දිනෙක සහන ආහාර සැලකට යෑමට සිදු වුනේ නෑ,” මෑතක දී සේවයෙන් ඉවත් කල හෝටල් සේවකයෙකු වන ෂැනෙල් ග්‍රේ, මේ සති අන්තයේ ඔහියෝ අගනුවර ආහාර බෙදාහැරීමක දී කොලොම්බියා ඩිස්පැච් පුවත්පතට පැවසී ය. “මේක නිකම්ම වේගෙන් සිදුවුනා. මට මේ  මාසේ මගේ කුලිය ගෙවන්න පුලුවන් වුනා. මැයි කියන්නේ සටනක් ”

පසුගිය සති තුන තුල කම්කරුවන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් විරැකියා ප්‍රතිලාභ  ඉල්ලා ඇත. එය මෙතෙක් වාර්තා වූ ඉහලම සංඛ්‍යාව යි. කෙසේ වෙතත්, මෙම අගය පවා දොට්ට දැමීම් පරිමානය අවතක්සේරු කරයි. තවත් මිලියන ගනනකට එක්කෝ ප්‍රතිලාභ සඳහා නිල සුදුසුකම් නැත, නැත්නම් අධික ලෙස තදබද වී ඇති වෙබ් අඩවි සහ ඇමතුම් මධ්‍යස්ථාන හේතුවෙන් අයදුම් කිරීමට නො හැකි වී ඇත.

ජනගහනයෙන් අතිමහත් බහුතරයකට තවමත් කිසිදු මූල්‍ය ආධාරයක් ලැබී නොමැත. සිකුරාදා වන විට බැංකු ගිනුමට ඍජු තැන්පතුවක් ලැබී ඇත්තේ පුද්ගලයන් 10,000ට පමනක් වන අතර, බොහෝ ප්‍රාන්තවල තවමත් මාස හතරක විරකියා ප්‍රතිලාභ වශයෙන්  සතිපතා ලබාදියයුතු ඩොලර් 600 ය ලබා දීමේ ක්‍රමයක් තවමත් ස්ථාපිත කතර නැත.

පෝලිම්වල සිටීමේ අවශ්‍යතාවක් නැති වම, බැංකු හා දැවැන්ත සමාගම් වලට ඩොලර් ට්‍රිලියන ගනනක් පුද කර  ඇති අතර, කම්කරුවන්ට කිසිවක් ලැබීමෙන් වැලක්වීමට හා හැකි ඉක්මනින් ආධාර කපා හැරීමට සෑම බාධකයක්ම ක්‍රියාත්මක කෙරෙමින් තිබේ

අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨාධිකරන  විනිසුරු ඇන්ටෝනින් ස්කාලියාගේ පුත්, කම්කරු ලේකම් ඉයුජින් ස්කාලියා, ගෙවීම් සීමා කිරීමට සිය බලය උපරිමයෙන් යොදා ගෙන ඇත්තේ,  රැකියා සොයා ගැනීමට තම දුරකථන යෙදුම් භාවිතා කරන අනියම්(ගිග්) කම්කරුවන් බැහැර කරමින් හා අසනීප නිවාඩු හා පවුල් කටයුතු සඳහා නිවාඩුවලට ගෙවීම් මග හැරීමට සමාගම්වලට පහසුකම් සපයමිනි.

“අපට අවශ්‍ය වන්නේ කම්කරුවන්ට රැකියා තිබීම මිස විරැකියා ප්‍රතිලාභ මත යැපීම නො වේ” යැයි ස්කාලියා පසුගිය සතියේ ෆොක්ස් බිස්නස් නිවුස් හි පල කල ලිපියක සඳහන් කලේ ය. මෙම අදහස් පිලිබිඹු කරන්නේ “අපි රැකියාවට නොයන අයට ගෙවනවා” යයි කියන ට්‍රම්ප්ගේ කෝපාවිෂ්ඨ ප්‍රතිචාරය යි.

ප්‍රතිවිපාක විනාශකාරී වනු ඇත. එක් සමීක්ෂනයකට අනුව, සියලුම කම්කරුවන්ගෙන් හතරෙන් තුනකට ආසන්න සංඛ්‍යාවක් පඩිපතින් පඩිපතට ජීවත් වෙති. ආසන්න වශයෙන් ඇමරිකානු වැඩිහිටියන් 10 දෙනෙකුගෙන් තිදෙනෙකුට පාහේ ඉතිරි කිරීම් නොමැත. වසංගතයට පෙරමත් යන්තම එදාවේල ගැටගසාගෙන ජීවත් අතිවිශාල ප්‍රමානයක් ජීවත් වූ තතු තුල, තනි තනි පුද්ගලනයන්ට නිරතුරුව මුහුණ දීමට සිදුවන පඩිපත අහිමිවීමේ  අත්දැකීම, පුද්ගලික ව්‍යසනයක සිට මහා සමාජ සංසිද්ධියක් බවට පත්වනු ඇත.

මේ වන විටත්, ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් අප්‍රේල් පලමු සතියේ දී කුලී ගෙවීම මග හැර ඇති අතර, එම සංඛ්‍යාව මැයි මාසයේ දී ඉහල යනු ඇතැයි විශ්වාස කරන අතර, වැටුප් චෙක්පතක් නැති හෙයින් මිලියන ගනනකට අවම වශයෙන් ජීවත් විමටත් තම ඉතිරිකිරීමේ ගිනුම් හිස් කිරීමට සිදුවනු ඇත. ප්‍රාදේශීය හා ප්‍රාන්ත මට්ටමේ තාවකාලික මැදිහත් වීම් හේතුවෙන්, ඔවුන් නිවාස වලින් ඉවත් කිරීම කෙටිකලකට අත්හිටවුවත්,  රැකියා ස්ථාන නැවත විවෘත කරන විට ඔවුන් ගෙවිය යුතු කුලිය ආපසු ගෙවීමට නො හැකි නිසා මිලියන ගනනක් අවසානයේ වීදිවලට ඇද දැමෙනු ඇත.

පොරොන්දු වූ උත්තේජක මුදල් මධ්‍යම රාජයෙන් ලැබෙන්නේ නම්, එය සෑහෙන්නේ සුලු දේකට පමනි. එක් වරක ඩොලර් 1,200 ක් ගෙවීම කුලී ගෙවීමට වත් නො සෑහෙනු ඇති අතර ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දෑ ගැන කියනුම කවරේ ද. පසුගිය මාසයේ රිපබ්ලිකානුවන් හා ඩෙමොක්‍රටිකයින් විසින් සම්මත කරන ලද කොරෝනා වෛරස් ආධාර, සහන සහ ආර්ථික ආරක්ෂන පනතේ ඇතුලත් කර ඇති තතාවකාලික පියවරයන්  සමාජ අවශ්‍යතා සපුරාලීමට දුක්කිත ලෙස අප්‍රමානවත්ය.

ආහාර නොමතිව බොහෝ දෙනෙකු කුසගින්නෙන් පෙලෙන අතර, ඇනවුම් හා මිල පහත වැටීම නිසා ගොවීන් මූලික ආහාර බෝග විනාශ කරමින් සිටීම  ධනේශ්වර වෙලඳපොලේ අරාජිකත්වය හෙලි කෙරී තිබේ. කිරි මෙන් ම බිත්තර වැනි මූලික ආහාර ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුමට සරිලන ලෙස සැපයුම් පවත්වා ගැනීමට නොහැකිව වෙලඳසැල් අර්බුදයට යමින් සිටියදී පවා පරිභෝජනය සඳහා ආහාර නැවත බෙදාහැරීමට හා සැකසීමට කිසිදු පියවරක් ගෙන නොමැත.

ඒ වෙනුවට බිත්තර දස දහස් ගනනින් කුඩු කර දමනු ලැබේ, බෝංචි ටොන් ගනන් කෙත්වල විසුරුවා සීසාන අතර, ලූනු කිලෝ දස දහස් ගනන් අගල්වල කුනුවීමට වලලනු ලැබේ. රටේ කිරි සැපයුමෙන් සියයට පහක් ඉවත දමා ඇති අතර පාසල්, ආපනශාලා සහ හෝටල් අඛන්ඩව වසා දැමීමත් සමඟ එය සියයට දහයක් දක්වා ඉහල යා හැකි ය.

දිග හැරෙමින් පවතින මෙම දැවැන්ත ආර්ථික විනාශය ට්‍රම්ප් පරිපාලනය විසින් නැවත වැඩට යාම සඳහා පෙලඹවීමට යොදා ගනු ඇත්තේ, රැකියාවක් සොයා ගැනීමට හෝ ජීවිත අනතුරේ හෙලීමට අකමැති අය රැකියාවෙන් හා වෙනත් ආධාරවලින් කපා හැරෙන  තතු නිර්මානය කරමිනි.

කෙසේවෙතත්, කම්කරු පන්තිය කටයුතු තමන් අතට ගනු ඇත. පසුගිය දින කිහිපය තුල, සමාජ නොසන්සුන්තාවයක හැකියාව පිලිබඳව කනස්සලු සහගත අදහස් දැක්වීම් ඇරඹි තිබේ.

වසංගතය “සමාජ විප්ලව” වලට තුඩු දෙන බවට බ්ලූම්බර්ග් කර්තෘ මන්ඩල සාමාජික ඇන්ඩ්‍රියාස් ක්ලූත් සෙනසුරාදා අනතුරු ඇඟවී ය. පාලක ප්‍රභූන් එයට මුහුන දීමට සූදානම් විය යුතු ය.

ක්ලූත් පැහැදිලි කරන්නේ අප්‍රමාන ඇමරිකානුවන්ට කොරෝනා වෛරසය වලක්වා ගැනීමට හුදෙක් නිවසේ රැඳී සිටීම විකල්පයක් නො වන බවත්, ඔවුන් අසනීප වීම හෝ ඔවුන්ගේ පවුල්වලට ආසාදනය වීමේ අවදානමක් ඇති බවත් ය. “සමාජ දුරස්ථභාවය” රැකීම ප්‍රායෝගික විකල්පයක් නො වන,  අත් සේදීමට නල ජලය නොමති, මුහුනු ආවරන සැපයුමක් නොමැති දකුනු අප්‍රිකාව, ඉන්දියාව වැනි රටවල මුඩුක්කු නිවාසවල වෙසෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ තත්වය ඊටත් වඩා දරුනු බව ඔහු සඳහන් කරයි.

“මෙම සන්දර්භය තුල, මෙම හදිසි අවස්ථාව අවසන් වූ පසු, එක් එක් රටවලට හෝ ලෝකයට පෙර මෙන් ඉදිරියට යා හැකි යැයි සිතීම බොලඳ ය. කෝපය හා මහත් දොම්නස නව පිටවීමේ මාර්ග සොයා ගනු ඇත… කාලයාගේ ඇවෑමෙන්, ඔවුන් තමන්ගේ හතුරා යැයි නම්කරන පැරනි තන්ත්‍ර කුමක් වුවත් අතුගා දැමීමේ අපේක්ෂාවෙන්, මෙම අභිලාෂයන් නව ජනතාවාදී හෝ රැඩිකල් ව්‍යාපාරයක් බවට පත්විය හැක.

නූතන ඉතිහාසයේ වෙනත් උදාහරනයක් නොමැති තරමටම ධනවාදය හෙලිදරව් වී තබේ. කම්කරුවන් පාඩම් උකහා ගත යුතු ය. මිලියන ගනනක් දරිද්‍රතාවයට හා මරනයට ඇද දමමින් මූල්‍ය පරපෝෂිතයන් අතලොස්සක් වෙත ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කරන පද්ධතිය පසෙකට අතු ගා දැමිය යුතු ය.

Loading