වසර 75 කට පෙර: නාසි ජර්මනියේ පරාජය සමරා මොස්කව් නුවර පැවැත්වූ ජයග්‍රාහී පෙලපාලිය

මෙම ලිපිය ජූනි 23 වනදා ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

රතු හමුදා සොල්දාදුවන් ජර්මානු යුද බැනර් සමග

රතු හමුදා සොල්දාදුවන් 40,000 කට වැඩි පිරිසක් 1945 ජුනි 24 වන දින මොස්කව් නගරය පුරා පෙලපාලි දැක්වූහ. එය සෝවියට් සංගමය තුල එතෙක් පැවති විශාලතම හමුදා පෙලපාලි වලින් එකකි. මෙම උලෙල සනිටුහන් කලේ, නාසින් විසින් ග්‍රහනය පවත්වාගෙන ගිය නැගෙනහිර යුරෝපය ඔස්සේ ජර්මනිය තෙක් ගමන් කල ජයග්‍රාහී දැවැන්ත මෙහෙයුමත්, ඒ සියල්ලටම ඉහලින්, පසුගිය මාසයේ ජර්මානු තෙවන රයිකය (German Third Reich) පරාජය කිරීමත් ය.

බර්ලිනය අල්ලා ගැනීම සඳහා මැයි මස මුල සිට ඇති වූ දරුනු වීදි සටන් වලදී රතු හමුදාව තීරනාත්මක කාර්යභාරය ඉටු කල අතර, හිට්ලර්ගේ සියදිවි නසා ගැනීමටත් මැයි මස මුලදී ඉතිරි නාසි හමුදා යටත් වීමටත් එය හේතු විය. බටහිරින් ජර්මානු භූමියට ඇතුලු වී ඒ වන විට සාර්ථක ලෙස ප්‍රන්සයට ගොඩබට එක්සත් ජනපද සහ බ්‍රිතාන්‍ය මිත්‍ර හමුදා සමග සෝවියට් හමුදාව එක් විය.  

අයහපත් කාලගුනය ද නොතකා දහස් ගනනක් මොස්කව් පුරවැසියන් රතු හමුදාව අගය කරමින් ෆැසිස්ට් බලවේගයන් පරාජය කිරීම සැමරූ බව ජනමාධ්‍යවේදියෝ වාර්තා කලහ. සෝවියට් ආඥාදායක ජොසප් ස්ටාලින් මොස්කව් රැලියට පෞද්ගලිකව සහභාගී නොවූ අතර ඒ මන්දැයි තවමත් සම්පූර්නයෙන් පැහැදිලි කර නැත. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට  ආසන්න කාලය තුල දී  ස්ටාලින්ගේ පාලන තන්ත්‍රය,  1917 ඔක්තෝබර් විප්ලවයට සම්බන්ධව වූ සියලු හමුදා නායකයන් ඝාතනය කලහ. එ සමයේ ජාත්‍යන්තරව හටගත් ෆැසිස්ට් විරෝධී නැගිටීම් මාලාව සෝවියට් සංගමය පාලනය කල වරප්‍රසාදිත නිලධරයට එරෙහිව ද නව අරගලයක් බිහි කරනු කරනු ඇතැයි ස්ටැලින්වාදීහු බියෙන් පසුවූහ.

සැමරුම්වලට සමගාමීව ස්ටැලින්වාදී තන්ත්‍රය, බ්‍රිතන්‍යය හා එක්සත් ජනපදය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ෆැසිස්ට්වාදීන්ගෙන් බේරාගත් ප්‍රදේශ පුරා ධනවාදය පුනරුත්ථාපනය කිරීමට කටයුතු කලේ කම්කරු පන්තිය කුරිරු මර්දනයකට ලක් කරමිනි. ජයග්‍රාහී මිත්‍රපක්ෂ යුද්ධය අවසන් වීමට පෙරාතුවම ඇති කර ගත් යුරෝපය නැවත ගොඩනැගීමේ ගිවිසුම් මාලාවක් බලාත්මක කිරීමට පටන් ගත්තේ, යුරෝපය පුරා සහ ජාත්‍යන්තරව සමාජවාදී විප්ලව වැලැක්වීමේ එල්ලය ඇතිව ය.

වසර හයක යුද්ධයේදී සෝවියට් පුරවැසියන් මිලියන 27 ක් පමන මිය ගියේය. මිලිටරි මරන මිලියන 10 කට වැඩි ප්‍රමානයක් සහ සිවිල් වැසියන් මිලියන 15 කට වැඩි සංඛ්‍යාවක් නාසි ප්‍රහාර, සාගතය සහ යුද්ධයෙන් පැනනැඟුනු වෙනත් දරුනු තත්වයන් හේතුවෙන් මිය ගියේය.

Loading