# ට්‍රොට්ස්කි 2020: ලියොන් ට්‍රොට්ස්කිගේ උරුමයට එරෙහි මොරිනොවාදී මඬගැසීම්

මෙම ලිපිය සැප්තැම්බර් 1 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ලියොන් ට්‍රොට්ස්කි ඝාතනයේ 80 වන සංවත්සරය වෙනුවෙන්, හතරවන ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම ලෙස හඳුන්වාගන්නා (FT-CI) සිය වෙබ් අඩවිය වන ඉස්කුවර්ඩා ඩියාරියෝහි  # ට්‍රොට්ස්කි 2020 “ # Trotsky2020” යන මාතෘකාව යටතේ විශේෂ ලිපි මාලාවක් ප්‍රකාශයට පත්කර ඇත. 

1917 රුසියානු විප්ලවයේ සම නායකයා සහ හතර වන ජාත්‍යන්තරයේ නිර්මාතෘ  ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමය පිලිබඳ වෛෂයික තක්සේරුවක් කෙසේ වෙතත්, එෆ්ටීහි කියනු ලබන ගුන සමරුව ට්‍රොට්ස්කි ඔහුගේ මුලු දේශපාලන ජීවිතය තුලම සටන් වැදුනු විප්ලවවාදී මූලධර්ම වලට එරෙහි ප්‍රහාරයකි.

ලියොන් ට්‍රොට්ස්කි,

මෙම දේශපාලන කන්ඩායම තමන් විසින්ම තෝරාගෙන ඇති නම තිබියදීත්, එෆ්ටී යනු ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් නොවේ. එය වනාහි, හතරවන ජාත්‍යන්තරය දියකර හැරීමට උත්සාහ කල සහ ආර්ජන්ටිනාවේ ද ලතින් ඇමරිකාව පුරා ද කම්කරු පන්තිය ඓතිහාසිකව පාවාදීමට වගකිව යුතු, පැබ්ලෝවාදී ප්‍රවනතාවයේ ආර්ජන්ටිනාවේ සංශෝධනවාදී නායක නැසීගිය නහුවෙල් මොරිනෝගේ දේශපාලන උරුමක්කාරයෙකුය. 

එෆ්ටී හි මොරිනොවාදීන්, ජාත්‍යන්තර පරිමානව පන්ති අරගලය යලි මතුවීමෙන් දැඩි ලෙස මංමුලාවට පත්ව සිටී. කම්කරු පන්තියේ පුලුල් ස්ථර ධනවාදී ක්‍රමයට හා එහි ජාතික රාජ්‍යයට එරෙහිව නැගී සිටීම හමුවේ, මොරිනොවාදීන් නැඹුරුවී සිටින ඉහල මධ්‍යම පන්තියේ අපකීර්තිමත් ජාතිකවාදී වෘත්තීය සමිති හා ව්‍යාජ වාම පක්ෂවලට වල කපනු ලබයි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) මූර්තිමත් කරන, ගෝලීය කම්කරු පන්තිය හතරවන ජාත්‍යන්තරයේ සැබෑ වැඩපිලිවෙලින් හා ඉතිහාසයෙන් ඉවතට හැරවීමට උත්සාහ කිරීමේදී, පාලක පන්තිය වෙනුවෙන් එෆ්ටී උත්සාහය වැදගත් හා ප්‍රතිගාමී කාර්යභාරයක් ඉටු කරයි.

ඉස්ක්වාරිඩා ඩයරියෝ Izquierda Diarioගේ ට්‍රොට්ස්කි ඝාතනය කිරීමේ සංවත්සරය පිලිබඳ දුෂ්ඨ 80 වැනි සමරුවේ ප්‍රමුඛ අංඟය වුනේ, සියුම් ලෙස ගොතන ලද පැයකුත් විනාඩි විස්සක වීඩියෝ පටයකි. යුරෝපය, ලතින් ඇමරිකාව සහ එක්සත් ජනපදය තුල සිටින එහි වර්තමාන සංවිධායකයින්,  “ඓතිහාසිකව ද යථාර්තවාදීව ද ට්‍රොට්ස්කිගේ දේශපාලන හා මූලෝපායික විෂ්ලේෂනයන්හි විවිධ අංශ” පිලිබඳව කථාකරන ලදී. අවසන් විනාඩි 40, ආර්ජන්ටිනා කන්ඩායමේ නායක එමිලියෝ ඇල්බමොන්ටි Emilio Albamonte සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට කැපකර තිබුනි.

මෙම “විවිධ පැති” සම්බන්ධ කථා, 1920  හා 1930 ගනන්වල ට්‍රොට්ස්කිගේ ලේඛනවල ඓතිහාසික සන්දර්භයෙන් ඉරාගත් උපායික සූත්‍රපාඨ කෙරෙහි මූලික අවධානය යොමුකල, කෑලි බෑලි විය. ට්‍රොට්ස්කිගේ දේශපාලන අරගලයෙහි සමාලෝචනයක් වීඩියෝවෙන් ගෙනහැර දැක්වෙන බව කියන ලදී: ට්‍රොට්ස්කිවාදී සටන්කරුවන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රන්ස ශාඛාවට ඇතුලුවීම වැනි, ෆැසිස්ට්වාදයේ නැගීමට එරෙහිව සටන් කිරීම සඳහා කම්කරු ව්‍යාපාරයේ විශාල සංවිධාන අතර එක්සත් පෙරමුනක දේශපාලනයෙන් පාඩම් උකහා ගැනීම.”  

1930 ගනන්වල එක්සත් පෙරමුනකට ඇතුලුවීම පිලිබඳ ඉල්ලීම එෆ්ටී විසින් හුවාදැක්වීම, ට්‍රොට්ස්කි විසින් දියත් කරන අරගලයේ භාෂාව සමඟ අනන්‍ය වෙමින්, එහි වර්තමාන අවස්ථාවාදී දේශපාලන උපාමාරු වසාගැනීම සඳහා වූ කඩතුරාවකට වැඩි දෙයක් නොවීය. 

එක්සත් පෙරමුන පිලිබඳ උපාය මුසාකරනය කිරීම

එෆ්ටීහි ජර්මානු කන්ඩායම නියෝජනය කල පලමු කථිකයා, හිට්ලර්ගේ නැඟීම හමුවේ කොමියුනිස්ට් පක්ෂය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර එක්සත් පෙරමුනක් සඳහා කල ට්‍රොට්ස්කිගේ ඉල්ලීම ගැන කථා කලේය. 

 ඉතාලිය නියෝජනය කරමින් ඊලඟ කථිකයා, “නිකායවාදයට” එරෙහිව සටන් කිරීම සඳහා, “ට්‍රොට්ස්කි එම රටේ එක්සත් පෙරමුනක් යෝජනා කල බව” පැවසීය. 

තම දේශපාලන පදනම වන, ප්‍රතිපත්ති විරහිත හා නිලධාරිවාදී මැතිවරන හා වෘත්තීය සමිති සන්ධාන පිලිවෙත, ට්‍රොට්ස්කි විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මගින් සනාථ වී ඇති බවට ජනතාව තුල විශ්වාසය ගොඩනැඟීමට එෆ්ටීයට අවශ්‍යය. ට්‍රොට්ස්කි ගෙනගිය සටනේ අර්ථය, ෆැසිස්ට්වාදයේ උවදුරට එරෙහිව කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ උපක්‍රමයක් ලෙස එක්සත් පෙරමුනක් ගොඩනැඟීම වූ අතරම, එහි පසු පෙලෙහි සාමාජිකයන් වශයෙන් සංවිධානයවී සිටි කම්කරු ජනතාව ඉදිරියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉටු කරන ද්‍රෝහි ක්‍රියාකලාපය හෙලිදරව්කර ඔවුන් විප්ලවවාදී ප්‍රතිපත්තියක් වෙත දිනාගැනීම ද විය. මොරිනොවාදීන්ගේ වර්තමාන භාවිතයට එය සපුරා විරුද්ධ ව නැඟී සිටියේය. 

මේ අනුව, “චිලී කම්කරුවන් හා තරුනයින් විශාල කැරැල්ලක්” ගැසූ ඇල්බාමොන්ටේ ප්‍රාන්තයේ Albamonte 2019 නොවැම්බරයේ දී එෆ්ටීයේ කන්ඩායම වන PTR (විප්ලවවාදී කම්කරු පක්ෂය), “කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවනු ලබන කම්කරුවන්ගේ එක්සත් මධ්‍යස්ථානය CUT  වෘත්තීය සමිතිය සමඟ එක්සත් පෙරමුනක්”, ගොඩනඟා ගැනීමට සමත් විය. කොමියුනිස්ට් පක්ෂයට  සාමාජිකයන් දහස් ගනනක් ඇති විට මෙය නොකල හැකි දෙයක් වීමට ඉඩ තිබුන බව ඔහු පිලිගත්තේ ය.

මෙසේ පිලිගැනීමෙන් පෙන්නුම් කරන්නේ, මෙම “එක්සත් පෙරමුනට ” කම්කරු පන්තියේ මහජන සංවිධාන අරගලයේදී එක්සත් කිරීම හෝ සීපී නායකත්වය හෙලිදරව් කිරීම සමග කිසිදු සම්බන්ධයක් නොතිබුන බවයි. ඒ වෙනුවට එය, චිලී කම්කරු පන්තිය විප්ලවවාදී අරගලයෙන් පීලි පැන්නවීම සඳහා ස්ටැලින්වාදීන් සහ මොරිනොවාදීන් අතර ඇති වූ කුනු වූ සන්ධානයක් පමනක් විය.

ස්ටැලින්වාදීන්ට තවමත් කම්කරු පන්තියේ සැලකිය යුතු පදනමක් ඇති විට, එෆ්ටී හි පූර්වගාමීන් විසින් සපයන ලද සේවය ඔවුන්ට කිසිදු ප්‍රයෝජනයක් නොවීය. එහෙත් දැන් ඔවුන් (ස්ටැලින්වාදීන්) තරයේම අපකීර්තියට පත්ව තිබුනු හා ඊටත් වඩා, කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරය නිසා භීතියට පත්ව සිටි තතු හමුවේ, මොරිනොවාදීන් ඔවුන්ගේ පාවාදීම්වලට ලබා දුන් “වාම ” කවරය සාදරයෙන් පිලිගනු ලැබින. 

සිය ප්‍රතිගාමී ප්‍රතිපත්ති යුක්ති සහගත කිරීම සඳහා ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී ඉදිරිදර්ශනය විකෘති කිරීමට එම  ක්‍රමයම, එෆ්ටී ප්‍රන්ස ශාඛාව වන නොනවතින විප්ලවය (RP)  විසින් ද යොදාගත්තේය. ආර්.පී. ප්‍රකාශිකාවක් වන ඩැනියෙලා කොබෙට්,   1936 දී ප්‍රන්සය තුල ට්‍රොට්ස්කිගේ කටයුතු, “ඉතා දුර්වල” ඔහුගේ කන්ඩායමේ ස්වභාවය ජයගැනීම සඳහා  මංමුලාසහගතව දරන ලද උත්සාහයක් ලෙස ගෙනහැර  දැක්වීය. “පැත්තකටවී සිටිනවා වෙනුවට, වැඩකරන ජන සමූහයා වෙත මාවතක් සොයාගැනීමට” දරන ලද උත්සාහය ට්‍රොට්ස්කිගේ ග්‍රස්තිය පෙන්නුම් කලේය. “විප්ලවවාදී පක්ෂයක මූලෝපායික අවශ්‍යතාවට වඩාත් ගැලපෙන විවිධ උපායන් මාලාවක්” ට්‍රොට්ස්කි ගෙනහැර දැක්වීය.

1930 ගනන්වල  කම්කරු පන්තියේ මහජන අරගල තුලට තරුන ප්‍රන්ස ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හැරවීමට ට්‍රොට්ස්කි කරන ලද අරගලය, RPයේ අද  දින මෙහෙයුම් සමග ගැලපෙන්නේ කෙසේ ද? මෙම කන්ඩායම ස්ටැලින්වාදී වෘත්තීය සමිති දෙසට නැඹුරු වූ, ලිබියාවේ සිට මාලි දක්වා ප්‍රන්ස අධිරාජ්‍යවාදයේ මිලිටරි මැදිහත්වීම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි, ඉහල මධ්‍යම පන්තියේ පක්ෂයක් වන ව්‍යාජ වාම නව ධනේශ්වර විරෝධී පක්ෂයට (එන්පීඒ) ඒකාබද්ධ වී සිටියි. එන්පීඒ යනු කම්කරු පන්තියට විවෘතව සතුරු පක්ෂයකි. එය කහ බැනියම් ව්‍යාපාරයට මැක්‍රොන් ආන්ඩුව එල්ල කල ප්‍රහාර සමඟ පෙලගැසුනි. එය වර්ගවාදී හා ෆැසිස්ට් ව්‍යාපාරයක් ලෙස මඩ ගැසීය.

එහෙත් මොරිනොවාදීන් අවධාරනය කරන්නේ ,  කොබෙට්ගේ වචන වලින් පැවසුවොත්, “සාපේක්ෂව සුලු භූමිකාවක්” පමනක් රඟදක්වා තිබෙන මෙම ප්‍රතිගාමී පක්ෂය, අද ට්‍රොට්ස්කිගේ අරගලය ඉදිරියට ගෙන යන සහ සංවර්ධනය සඳහා වන වාහනයයි.

“විවිධ සම්ප්‍රදායන් ” එක්සත් කිරීමේ වාහනයක් ලෙස එන්පීඒ 

විවිධ සම්ප්‍රදායන් දරා සිටින සටන්කාමීන්ගෙන් සමන්විත ප්‍රබල විප්ලවවාදී පක්ෂය ප්‍රන්සයේ ගොඩනැගීමට, ට්‍රොට්ස්කිගේ නිර්භීතකම පුනර්ජීවනය කරන විප්ලවකාරී අන්ත වාමාංශය ප්‍රතිසංවිධානය කිරීමේ මෙවලමක් ලෙස එන්පීඒ ගෙඩනැඟිය යුතු බව ඇය ප්‍රකාශ කරයි:   රුසියානු විප්ලවවාදියා ඝාතනයෙන් වසර 80 කට පසු ඔහුට ගෞරව දැක්විය හැකි හොඳම ක්‍රමය මෙයයි. ”

“ විවිධ සම්ප්‍රදායන්ගෙන් යුත් සටන්කාමීන්ගෙන් සැදුම්ලත් ” ජාතික අවස්ථාවාදී පක්ෂයක් පිහිටුවීම, හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීම සඳහා ස්ටැලින්වාදයට හා මාධ්‍යමිකවාදයට එරෙහිව අශමනීය අරගලයක් කල කල ලියොන් ට්‍රොට්ස්කිට උපහාරයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට එෆ්ටී උත්සාහ නොකරයි. එහි (හතරවන ජාත්‍යන්තරය) කේඩරයෙන් පිටත “ඒ නම දැරීමට සැබවින්ම සුදුසු එක් විප්ලවීය ධාරාවක් වත් මෙම ග්‍රහලෝකයේ නොමැත”යයි ට්‍රොට්ස්කි ලිවීය.

මෙම මොරිනොවාදීන් ට්‍රොට්ස්කිගේ උරුමය, “හුදකලාව පිලිබඳ ප්‍රශ්නයට” විසඳුමක් සම්පාදනය කරන “නිර්භීත උපක්‍රමයන්ගේ” එකතුවක් බවට කරන අවධාරනය, ට්‍රොට්ස්කිට උපහාරයක් නොවන අතර, ඒ වෙනුවට, ඔහු විසින් පිහිටුවන ලද ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂය විනාශ කිරීමට උත්සාහ කල අයට උපහාරයකි. මයිකල් පැබ්ලෝ හතරවන ජාත්‍යන්තරය දිය කර හැරීමේ සිය වෑයම තුල ආදර්ශ පාඨය කරගෙන තිබුනේ, “එය ප්‍රකාශ වන ඕනෑම තැනක, මහජන ව්‍යාපාරය තුල අපේ තැන සොයා ගැනීම හා තමන්ගේම අත්දැකීම් තුලින් වඩාත් ඉහල තැනකට නැඟ ගැනීම” ය. 

ඒෆ්ටීය, ට්‍රොට්ස්කිගේ උරුමය සමාන කිරීමට උත්සාහ කරන්නේ, පැබ්ලෝවාදයේ පාවාදීම්වලට පමනක් නොව, ඔහුගේ මරනයෙන් පසු ගත වූ දශක ගනනාව තුල විශ්ව විද්‍යාලවල විකසිතවූ  මධ්‍යම පන්තියේ න්‍යායන්ට ය. වීඩියෝව තුල ට්‍රොට්ස්කි පින්තාරු කර ඇත්තේ, මාක්ස් විරෝධී පශ්චාත් නූතනවාදයේ මුතුන් මිත්තෙකු ලෙස ය.

එෆ්ටීයේ කාන්තා අංශයේ ඇන්ඩ්රියා ඩී ඇට්රි, පාන් සහ රෝස මල් වෙනුවෙන් කථා කරමින් තර්ක කරන්නේ ට්‍රොට්ස්කි, “වඩාත්ම රැඩිකල් ද්‍රව්‍යමය පරිවර්තනයන්ට පවා ඒවායින්ම පීඩනය ජයගත නොහැකිය” යන්නේ නියෝජිතයෙකු වූ බවටය. මධ්‍යම පන්තිය විසින් අධිකාරය දරන ලද, පසුගිය කාන්තා දිනයේ දී හටගත් විශාල පෙලපාලි ට්‍රොට්ස්කිට දැකගන්නට ලැබුනේ නම් ඒවා ධනවාදයට එරෙහි අරගලයේ පෙරටු බලඇනිය ලෙස සලකනු ඇති බව ඇය කියා සිටියාය. 

මෙම මූලික තේමාවම දිගටම අනුයමින් බ්‍රසීල විප්ලවවාදී කම්කරු ව්‍යාපාරය MRT වෙනුවෙන් කතා කරන මාර්සෙලෝ පැබ්ලිටෝ උපදෙස් දුන්නේ, වාර්ගික ගැටලු පන්ති නිර්නයන් තුල දියකර හැරීමට පමනක් සීමා නොවන විප්ලවවාදී හා සමාජවාදී මූලෝපායේ සත්‍යවාදීකම" වෙනුවෙන් පෙනී සිටිය යුතු බවටය.

පැබ්ලිටෝ මෙසේ කියයි,  “විප්ලවවාදී මූලෝපායේ පලමු සත්‍යය” අන්තර්ගතකර ගන්නේ, අපගේ සමේ වර්නය නොසලකා,  අපේම ජීවිත සඳහා අරගලයෙන් ද අපගේ ම අනන්‍යතාව සහ අපගේම සංස්කෘතික හා අපගේ සමස්ත පන්තියේම ඓතිහාසික කාර්යයෙන් ද,  වෙනස්වී ගත් [කලු මිනිසුන් ගේ ] අරගලය අතර ඇති සම්බන්ධය හෙලිදරව් කිරීමය.”

එෆ්ටීට අනුව, වර්ගය පිලිබඳ ප්‍රශ්නයෙන් ආරම්භ කිරීමේ මෙම උපාය මාර්ගයේ විභවය පෙන්නුම් කලේ, පොලිසිය ජෝර්ජ් ෆ්ලොයිඩ්  ඝාතනය කිරීම මගින් එක්සත් ජනපදය තුල ඇවිල ගිය “කලු කෝපය ” මගිනි. “අප්‍රිකාවෙන් පිටත විශාලතම කලු රට වන බ්‍රසීලයේද විරෝධතාවන්ට එය තුඩු දුන්නේය. 

වාර්ගික දේශපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා එෆ්ටී, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි බහු වාර්ගික මහජන විරෝධතාව ගසාකයි,

මොරිනොවාදීන්  ප්‍රකාශ නොකරන දෙය නම්, වර්ගවාදයට හා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි එක්සත් ජනපදයේ පැනනැඟි “ කෝපය ” බ්‍රසීලයේ පමනක් නොව යුරෝපය හා ලොව පුරා පැතිරී ගිය බහු වාර්ගික ස්වරූපයේ විරෝධතාවලින් ප්‍රකාශ වූ බවයි. ඒවා වර්ගවාදය කෙරෙහි පමනක් නොව, සමාජ අසමානතාව, මහජන දරිද්‍රතාව හා COVID-19 වසංගතය හමුවේ ලෝක ධනපති පාලක පන්ති අනුගමනය කල මිනීමරු ප්‍රතිපත්ති වලට එරෙහිව ද යොමු   වූ බවයි. 

ට්‍රොට්ස්කිගේ කටයුතු හා  සුලු ධනේශ්වරයේ අවශ්‍යතා මත පදනම් වන කම්කරු පන්ති විරෝධී හා මාක්ස් විරෝධී අනන්‍යතා දේශපාලනය හුවා දක්වන ඔවුන් අතර, සම්බන්ධයක් පිහිටුවා ගන්නට හැකි එකදු  වැකියක් හෝ ලිහිල් වාක්‍ය ඛන්ඩයක් ඔවුන්ට සොයාගත හැකි වූයේ නැත..

ට්‍රොට්ස්කිගේ විප්ලවවාදී මූලෝපාය, ලෝක ධනේශ්වර නිෂ්පාදනයට එහි සම්බන්ධය විසින් තීරනය කෙරෙන, ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික එක්සත්කම මත පදනම් වී ඇත. ධනවාදයේ ගෝලීයකරනයත් සමඟ ජාත්‍යන්තර කම්කරු පන්තිය එක්සත් කිරීම වෙන කවරදාටත් වඩා දැන් විශාල ය. එය වාර්ගික, ලිංගිකත්ව හෝ ජාතික රේඛා ඔස්සේ බෙදීමට උත්සාහ කිරීම පාලක පන්තියේ ප්‍රතිගාමී අරමුනු වෙනුවෙන් පමනක් සේවය කරයි. 

“වාර්ගික ප්‍රශ්න පන්ති තීරනයන් තුලට දියකර හැරීමට” එරෙහි එෆ්ටී ප්‍රහාරය, වැඩි වැඩියෙන් ධනේශ්වර රාජ්‍යයට ඒකාග්‍රිතව සිටින ඉහල මධ්‍යම පන්තික කොටස්වල මනෝගතීන් පිලිබිඹු කරයි. ව්‍යාජ වාම පක්ෂ වන ඇමෙරිකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් (DSA) ලෙස එක්සත් ජනපදය තුලත්, සමාජවාදය හා නිදහස් පක්ෂය (PSOL) ලෙස බ්‍රසීලය තුලත් එෆ්ටී කන්ඩායම් මුල්බැසගෙන ඇති අතර ඒවා තුල සිය ප්‍රකාශනය සොයා ගනී. 

එෆ්ටීහි “සැමරුම” ට්‍රොට්ස්කිගේ දේශපාලන උරුමයට එරෙහි රලු, විකෘති හා අපහාස වලින් සමන්විත බව පැහැදිලිය. එහෙත් මෙම අභ්‍යාසය විශේෂයෙන් නින්දිත ඓතිහාසික මුසාකරනෙයක් බවට පත් කරන තවත් එක් අංශයක් තිබේ.

තුන්වන ජාත්‍යන්තරය විසින් 1933 දී හිට්ලර්ට ජර්මනිය තුල බලයට පත්වීමට ඉඩ ලබාදුන් පාවාදීම හා 1940 දී ස්ටැලින් දුන් නියෝගය යටතේ ට්‍රොට්ස්කි ඝාතනය කිරීම අතර ඓතිහාසික පරතරය වෙනුවෙන් කැප කල එම ඉදිරිපත් කිරීම තුල, මොරිනොවාදීන් හිතාමතා ට්‍රොට්ස්කි මෙම පාවාදීම ගැන ගන්නා නිගමනය, එනම්,  කම්කරු පන්ති නායකත්වයේ විප්ලවවාදී  අර්බුදය විසඳීම සඳහා නව හතරවන ජාත්‍යන්තරයක් ගොඩනැඟීමට මෙම කාල පරිච්ඡේදය පුරාම ඔහු කල  අරගලය, නොතකා හරි යි.

1938 දී මෙම ලෝක පක්ෂය ආරම්භ කිරීම, එහි පසුකාලීන ඉතිහාසය සහ ඒ තුල කෙරුනු අරගල,  මොරිනොවාදීන් ද ඔවුන්ගේ “අනුස්මරනය” සඳහා ද වැසුන පොතකි.

ඔවුන්ගේ එක්සත් ජනපද කන්ඩායම වන වාම හඬ Left Voice විසින්  කරන ලද ඉදිරිපත් කිරීම, ට්‍රොට්ස්කිගේ “ඇමරිකාව කොමියුනිස්ට්වාදී වුවහොත් නම්” යන රචනාවෙන් උපුටා ගත් කොටස් හඬනඟා කියමින් මැන්හැටන් වීදිවල සැරිසරන තරුනියකගෙන් සමන්විත වීම කැපී පෙනේ. ඇයගේ නිගමනය වූයේ, ට්‍රොට්ස්කිගේ “සමාජවාදී අනාගතයක හැකියාවන් තුලින් සිතීමේ දැවැන්ත නිර්මානශීලිත්වය” මෙම ලේඛනයෙන් පෙන්නුම් කරන බවයි.

ට්‍රොට්ස්කි කිසියම් මනෝරාජික සමාජවාදියෙකු බවට පත්කිරීමේ මෙම විකාර සහගත උත්සාහය දැරිය හැකි වන්නට නම්, ප්‍රතිකොමියුනිස්ට්වාදයට විරුද්ධව සහ ස්ටැලින්වාදයේ අපරාධවලින් ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය තුල ඇතිකල විනාශකාරී බලපෑමට එරෙහිව ගෙනගිය ඔහුගේ අරගලයේම කොටසක් වූ ඔහුගේ දීප්තිමත් රචනාවෙන් උපුටා ගනිමින්,  කිසියම් සාම්‍යයක් ඇඳගත යුතුවිය. 

ඒ අතරම වාම හඬේ ඉදිරිපත් කිරීම, ඇමරිකානු කම්කරු පන්තිය තුල සැලකිය යුතු බලපෑමක් ඇති කල හා හතරවන  ජාත්‍යන්තරයේ විශාලතම පක්ෂය වූ ඇමරිකානු ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සමඟ ඝාතනයට පෙර වසරවලදී ට්‍රොට්ස්කි පවත්වාගෙන ගිය දැඩි සහයෝගයෙන් මුලුමනින්ම දික්කසාද වුන එකකි. මේ පිලිබඳව ඔවුන් වචනයක්වත් කතා කලේ නැත.

මොරිනෝවාදය සහ හතරවන ජාත්‍යන්තරය කෙරෙහි එහි සතුරුකම

ඓතිහාසික මුසාකරනයේ මෙම සමස්ත අභ්‍යාසයේම කේන්ද්‍රීය තල්ලුව නම්, හතරවන ජාත්‍යන්තරය කිසි විටෙකත් නොතිබූ බව මවා පෑමයි. එය වනාහි ඔහු සමඟම වැලලී ගිය ට්‍රොට්ස්කිගේ මනසෙහි දර්ශනයකට වඩා වැඩි දෙයක් නොවීය. එෆ්ටී නායක එමිලියෝ ඇල්බමොන්ටේගේ වචන වලින්: “පලමුවෙන්ම මම ඔබට පැවසිය යුත්තේ, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය දිරාපත් වූ බවය. ඩොයිස්ට්චර්  [ට්‍රොට්ස්කිගේ චරිතාපදායකයා වූ අයිසැක් ඩොයිස්ට්චර්, හතරවන ජාත්‍යන්තරය ආරම්භ කිරීමට මුලුමනින්ම විරුද්ධ විය] එය දැවැන්ත රුවල් සහිත කුඩා බෝට්ටුවක් ලෙස අර්ථ දැක්වීය. එම රුවල් ස්ටැලින්වාදී හිම පොරවේ අනුහස යටතේ අතුරුදහන් විය. ”

ට්‍රොට්ස්කි මරාදැමූ ස්ටැලින්වාදී ඝාතකයින්ගේ මූලික අරමුනට පක්ෂපාත මෙම මොට්ට තක්සේරුවෙන් පසුව ඇල්බමොන්ටේට,  ධනේශ්වරයේ, ව්‍යාජ වාම පක්ෂ තුල, වෘත්තීය සමිතිවල සහ ධනේශ්වර රාජ්‍ය පර්යාය තුලම අනුහස හා තානාන්තර ලබා ගැනීම සඳහා ප්‍රයෝජනවත් මාධ්‍යයක් ලෙස, කියනු ලැබූ ට්‍රොට්ස්කිගේ උපායන්ට ප්‍රශංසා කිරීම දක්වා ආපසු යා හැකි විය. 

ට්‍රොට්ස්කි ඝාතනයේ සංවත්සරය වෙනුවෙන් මොරිනෝවාදීන්, ඔහුගේ ශ්‍රේෂ්ඨතම ඓතිහාසික ජයග්‍රහනය ලෙස ට්‍රොට්ස්කි විසින්ම විස්තර කර ඇති, ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ අරගලය සහතික කල හැකි හතරවන ජාත්‍යන්තරය ආරම්භ  කිරීම, මාක්ස්වාදයේ අඛන්ඩතාව සහතික කිරීම,  මොට්ට කිරීමට හා හෙලාදැකීමට නැඹුරු වුනේ මන් ද? 

පලමුව, තමන්ගේම ඉතිහාසය පැහැදිලි කිරීමට ඔවුන්ට නොහැකි වීමත්, දෙවනුව, හතරවන ජාත්‍යන්තරයේ ඉතිහාසය සහ ඒ තුල ගෙනගිය අරගල, විෂමජාතීය සංශෝධනවාදී ප්‍රවනතා ගනනාවක් සමඟ ගොඩනඟාගෙන තිබෙන අවස්ථාවාදී සන්ධානවලට බාධාවක් වීමට ඉඩ නොදීමේ අවශ්‍යතාවත් නිසා ය.

නහුවෙල් මොරිනෝ

එෆ්ටී හි ප්‍රමුඛ සංවිධානයක් වන පීටීඑස් PTS හි (ආර්ජන්ටිනාවේ සමාජවාදී කම්කරු පක්ෂය) මූලාරම්භය වන්නේ, 1987 දී එහි නායක නහුවෙල් මොරිනෝගේ අභාවයෙන් පසු සමාජවාදය දෙසට වූ ව්‍යාපාරය (MAS) බිඳ වැටීම යි.

මොරිනෝ 1963 දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී, හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරයන් තුල දිය කිරීමට උත්සාහ කල පැබ්ලෝවාදී සංශෝධනවාදී ප්‍රවනතාවය සමඟ යලි එක්විය. පසුව ඔහු, තම පක්ෂය කැස්ත්‍රෝවාදයට හා පෙරොන්වාදයට මෙන්ම ආර්ජන්ටිනාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ ස්ටැලින්වාදීන්ට ද අනුගත කරමින්, අන්ත ජාතික අවස්ථාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. 1976 මිලිටරි කුමන්ත්‍රනයට පෙර, ආර්ජන්ටිනාවේ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීම සඳහා ඔහුගේ පක්ෂය, ඉසබෙල් පෙරොන්ගේ දක්ෂිනාංශික පෙරොන්වාදී ආන්ඩුවට සහාය වෙමින් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේය.

අද, මොරිනෝ විසින් ආරම්භ කරන ලද ප්‍රවනතාව සමඟ “අඛන්ඬතාව” පිහිටුවා ගන්නේ යයි කියා සිටින පීටීඑස්, ඊනියා වාම හා කම්කරු පෙරමුන (එෆ්අයිටී) වටා අවස්ථාවාදී මැතිවරන සන්ධාන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එෆ්අයිටීයේ විවිධ කොටස් වාම ජනතාවාදය මත පදනම් වූ ක්‍රියාමාර්ගයකට යටත් කර ඇති අතර,  පෙරෝන්වාදයේ කර්ච්නරිස්ට් අංශයට Kirchnerist wing of Peronism අනුවර්තනය වී ඇත.

2017 දී, එෆ්අයිටී හි මොරිනොවාදීන්ගේ ප්‍රධාන සගයකු වන පාර්ටිඩෝ ඔබ්‍රෙරෝ (පීඕ) හි, ජෝර්ජ් අල්ටාමිරා, “ඩයපර්ස් (නැපිය) ඇඳගත් පොඩෙමෝස්” ලෙස පීටීඑස් නිවැරදිව විස්තර කරන්නේ, ස්පාඤ්ඤයේ “ වාම ”පක්ෂය ගැන සඳහන් කරමිනි. දැන් එය PSOE විසින් නායකත්වය ගෙන ඇති, කම්කරු පන්තියට එරෙහි කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරන,  COVID-19 වසංගතය මධ්‍යයේ ව්‍යසනකාරී ආපසු වැඩට දැක්කීමේ උද්ඝෝෂනයෙහි පෙරමුන ගෙන ඇති, ප්‍රමුඛ ධනේශ්වර ආන්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා ය. එලෙස බෙදීම සනිටුහන් වෙමින් තිබියදී වුවත්, පාර්ලිමේන්තු තනතුරු ලුහුබැඳීමේදී පීටීඑස් සමඟ අවස්ථාවාදී සන්ධානය අඛන්ඩව පවත්වාගෙන යාමෙන් පීඕව වලකවන්නේ නැත.

එෆ්ටී විසින් කියනු ලබන ට්‍රොට්ස්කි ඝාතනයෙන් 80 වන සංවත්සරය සැමරීම විකාරයකි.  සාරාත්මක ලෙස, ට්‍රොට්ස්කිගේ සමස්ත විප්ලවවාදී  ඓතිහාසික උරුමයට එරෙහිව යොමු කරන ලද දෙවන ඝාතන උත්සාහයකි ඒ.

එය සාර්ථක නොවනු ඇත. මෙම උරුමය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ සංශෝධනවාදයට එරෙහි එහි දිග්ගැස්සුනු අරගලය තුල අන්තර්ගත වී ආරක්ෂා කර සංවර්ධනය කර ඇත. මෙම දැවැන්ත ඉතිහාසය කම්කරු පන්තියේ වැඩෙන ජාත්‍යන්තර අරගල තුලට ගෙන ඒමටත්, එමඟින් කම්කරු පන්තිය ජයග්‍රහනය කරා මෙහෙයවීමටත් ලෝක ධනවාදය අහෝසි කිරීමටත් නායකත්වයක් ගොඩනැගීම සඳහා හජාජාක වෙහෙස නොබලා අරගලයක යෙදී සිටී.

Loading