ඉදිරිදර්ශන

මැතිවරන කුමන්ත්‍රන සැලසුම් මධ්‍යයේ ට්‍රම්ප් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයට තර්ජනය කරයි

නොවැම්බර් 14 වනදා ලෝක සමාජාවාදී වෙබ් අඩවිය විමසුවේ ට්‍රම්ප් ඉරානයට එරෙහිව යුද්ධයක් සූදානම් කරමින් සිටින්නේද යනුවෙනි. ඊට පිලිතුර ලැබීමට වැඩි කාලයක් ගතවී නැත.

“ඉදිරි සතිවල දී ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධය්ථානයට එරෙහි ව පියවර ගැනීමට ඇති විකල්පයන්” පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති පසුගිය බ්‍රහස්පතින්දා ඕවල් කාර්යාලයේ දී සිය ජාතික ආරක්ෂක කැබිනට් මන්ඩලයේ රැස්වීමක් කැඳවූ බව ටය පුවත්පත නොවැම්බර් 16 දා ලිපියකින් හෙලි කර තිබේ.

ජනාධිපතිවරනයේ ප්‍රතිඵල අහෝසි කිරීම සඳහා ට්‍රම්ප් සිය උද්ඝෝෂනය දියත් කරමින් සිටිය දී පැවති මෙම රැස්වීමට උප ජනාධිපති මයික් පෙන්ස්, රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ, අලුතින් පත් කෙරුනු වැඩබලන ආරක්ෂක ලේකම් ක්‍රිස්ටෝපර් මිලර් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජනරාල් මාක් මිලී සහභාගී වූහ.

අනතුරු ඇඟවීම් සහිත මෙම සාකච්ඡාවේ කඩතුරාව වන්නේ, ඉරානයේ අඩු ප්‍රභලතාවයකින් යුතු යුරේනියම් තොගය රාත්තල් 5,386 ක් දක්වා ලඟා වී ඇති අතර එය 2015 දී ටෙහෙරානය හා ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර ඇති කර ගැනුන, න්‍යෂ්ටික ගිවිසුම විසින් තබන ලද සීමාව මෙන් 12 ගුනයක් බව සඳහන් කෙරෙන, ජාත්‍යන්තර පරමානුක බලශක්ති ඒජන්සිය (අයිඒඊඒ) පසුගිය සතියේ නිකුත් කල වාර්තාවකි. ඒකාබද්ධ විස්තීර්න ක්‍රියාකාරී සැලැස්ම ලෙස හැඳින්වෙන මෙම ගිවිසුම, ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩපිලිවෙල තියුනු ලෙස කප්පාදු කිරීමට හා එය දැඩි සුපරික්ෂා පාලනයකට යටත් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සම්බාධක ඉවත් කිරීමට හිලව් කෙරින.

ට්‍රම්ප් 2018 දී ගිවිසුමෙන් ඉවත් වූයේ, නිමක් නැති මිලිටරි ප්‍රකෝප කිරීම්වල නිරත වෙමින් සිටින අතර, ඉරාන ආර්ථිකයේ ගෙල සිරකිරීම හා එහි ජනතාව කුසගින්නට යටත් කිරිම අරමුනු කර ගැනුනු අතොරක් නැති, ඒකපාර්ශ්වික සම්බාධක මාලාවක් පටවමිනි. මෙය අවසන් වූයේ පසුගිය ජනවාරියේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ඉරානයේ ඉහල පෙලේ නායකයෙකු වූ කාසිම් සුලෙයිමානි ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමෙනි. එය දෙරට මුළුනින් ම යුද්ධයේ අද්දරට ගෙන එන ලද සාපරාධී ක්‍රියාවකි.

2015 ගිවිසුමට පෙර තිබුනාට වඩා බෙහෙවින් කුඩා වන, ඉරානයේ යුරේනියම් තොගයේ ප්‍රමානය මූලෝපායික ව වැදගත් නො වන අතර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් නියෝජනය නො කරයි. වොෂින්ටනයේ ඒකපාර්ශ්වික සම්බාධකවලට විරුද්ධ වීමට යුරෝපය අපොහොසත් වීමට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානය තොගය වැඩි කර ඇති අතර ගිවිසුමේ වෙනත් සීමාවන් ඉක්මවා ගොස් ඇත. විඛන්ඩනය කල හැකි ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන සියයට 90 ඉක්මවා යුරේනියම් ප්‍රගුනනය කිරීමට ඉරානය කිසිදු පියවරක් ගෙන නැත. එසේ කිරීමට එයට හැකියාවක් ඇති බවට සාක්ෂි ද නොමැත. ඉරානය සිය න්‍යෂ්ටික වැඩපිලිවෙල සාමකාමී අරමුනු සඳහා පමනක් බව නැවත නැවතත් අවධාරනය කර ඇති අතර ඊට පටහැනි කිසිවක් තිබේනම් හෙලි කරගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂන පැවත්වීමට ඉඩදී තිබේ.

ටය ලිපිය පුනරුච්චාරනය කරන්නේ, එලඹෙන වසන්තය තරම් ඉක්මනින් ඉරානය “බෝම්බයකට ආසන්න” විය හැකි බවට එක්සත් ජනපද හා ඊස්රායල් ආන්ඩු විසින් තොරොම්බල් කරනු ලබන ප්‍රචාරකවාදී බොරුව යි. ලිපියේ කතුවරුන්ට අයත් වන එරික් ෂ්මිට් හා ඩේවිඩ් සැන්ගර් යන දෙදෙනා ම, 2002-2003 දී ඉරාකයට එරෙහි එක්සත් ජනපද ආක‍්‍රමනකාරී යුද්ධයක් සඳහා කඩතුරාවක් ලෙස “මහා විනාශකාරී ආයුධ” පිලිබඳ බුෂ් පාලනාධිකාරයේ ප්‍රබන්ධයේ සේවය පිනිස, ටය ලිපිවලින් උද්ඝෝෂනයට දායක වූ බව පෙන්වා දීම අවශ්‍ය ය.

ටය පුවත්පතට අනුව, ඉරානයේ විශාලතම යුරේනියම් ප්‍රගුනනය කිරීමේ පහසුකම වන ටෙහෙරානයට දකුනින් පිහිටා ඇති නටෑන්ස් වෙත “මිසයිලයක් හෝ සයිබර් ප්‍රහිරයක් මගින්, ඕනෑම ප්‍රහාරයකට නිසැකව ම පාහේ අවධානය යොමු වනු ඇත”.

ටය වාර්තාව නම් නො කල පරිපාලන නිලධාරීන් උපුටා දක්වමින් කියා සිටියේ, “පොම්පේයෝ මහතා හා ජනරාල් මිලී මිලිටරි උත්සන්න වීමේ අවදානම විස්තර කිරීමෙන් පසු ව,නිලධාරීන් රැස්වීමෙන් ඉවත්ව ගියේ ඉරානය තුල මිසයිල ප්‍රහාරයක් න්‍යාය පත්‍රයෙන් බැහැර ව ඇතැයි විශ්වාස කරමිනි.”

එවැනි සහතික සැබෑ යැයි පිලිගැනීමට කිසිම හේතුවක් නැත. එක්සත් ජනපද ප්‍රහාරයක් සඳහා සැලසුම් කිරීම වේගයෙන් සිදු වෙමින් පවතින අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත පියවර ගැනෙමින් තිබේ.

පෙන්ටගනය සඳුදා වාර්තා කලේ ජර්මනියේ ස්පාන්ග්ඩලෙම් ගුවන් කඳවුරේ සිට අබුඩාබියේ අල්-දෆ්රා ගුවන් කඳවුර දක්වා එෆ් -16 ප්‍රහාරක බලකායක් නැවත රැඳවීම, ගුවන් හමුදා අන දෙන නිලධාරියෙකු මාධ්‍යයට පැවසූ පරිදි, “කලාපයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය තහවුරු කිරීමට ඇමරිකානු මධ්‍යම ආඥාවේ (සෙන්ට්කොම්) කැපවීම මිතුරන්ට හා හවුල් කරුවන්ට ප්‍රදර්ශනය කිරීමකි.” ඉලක්කවලට එරෙහිව සාම්ප්‍රදායික හා න්‍යෂ්ටික බෝම්බ ඒල්ල කිරීමට මෙම යානය සන්නද්ධ කෙරේ. මේ අතර, එක්සත් ජනපද නාවික හමුදාවේ නිමිට්ස් නාවුක ප්‍රහාරක කන්ඩායම පර්සියානු ගල්ෆ් කලාපයේ මෙහෙයුම් දිගට ම කරගෙන යන අතර, එක්සත් ජනපදය කලාපයේ හමුදා භටයන් 35,000 ක් පමන යොදවා ඇත.

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ අද ඊශ්‍රායලයට පැමිනෙන්නේ, ට්‍රම්ප්ට නො වෙනස් ව, අපරාධ චෝදනා රැසකට මුහුන දී,.බලයෙන් නෙරපා හරින බවට තර්ජනය කෙරී සිටින, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ සාකච්ඡා කිරීම සඳහා ය. පොම්පේයෝගේ සංචාරයේ දී සාකච්ඡා කෙරෙනු ඇති ප්‍රධාන කාරනය වන්නේ, එය වොෂිංටනයේ ටෙහෙරාන් විරෝධී අක්ෂයේ කොටසක් වන පර්සියානු ගල්ෆ් තෙල් රාජාන්ඩුවල ඔහුගේ පසුකාලීන නැවතුම් වල දී මෙන්, ඉරානයට එරෙහි යුද්ධය යි. ට්‍රම්ප් බලයෙන් පහ කිරීමට පෙර එක්සත් ජනපදය ඉරානයට පහර දෙනු ඇත් ද, නැතහොත් වොෂින්ටනය එසේ කිරීමට නෙතන්යාහුට සහාය දෙනු ඇත් ද යන්න පිලිබඳ සමපේක්ෂනවලින් ඊශ්‍රායල් පුවත්පත් පිරී තිබේ.

එක් දෙයක් නිශ්චිත ය. නටාන්ස් හෝ වෙනත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට බෝම්බ හෙලීම, දහස් ගනනක්, නැතහොත් දස දහස් ගනනක් මුළුමනින් ම ඝාතනය කිරීමට තර්ජනය කරන්නා වූ ද, ඒමෙන් ම යුරේනියම් හෙක්සාෆ්ලෝරයිඩ් නිකුත්වීම හා තදනන්තර විකරනශීලී පතිතයෙන් තවත් බොහෝ අය මරනයට හා ලෙඩරෝගවලට යටත් කරන්නා වූ ද ‌ලෝක ඓතිහාසික පරිමාවක යුද අපරාධයක් වෙනු ඇත.

ඉරාන යුරේනියම් තොගවල කඩතුරාව පිටුපස, ඉරානයට එරෙහි එවැනි යුද අපරාධයක් සඳහා ක්ෂනික ගාමක බලවේගය පවතින්නේ, බලයේ රැඳී සිටීම සඳහා පශ්චාත් මැතිවරන කුමන්ත්‍රනයක් දියත් කිරීමට ට්‍රම්ප් ගත් උත්සාහය හමුවේ, වොෂින්ටනය ග්‍රහනය කර ගන්නා පෙර නො වූ විරූ දේශපාලන අර්බුදය තුලයි.

ඔවුන් සියල්ලන්ම අන්තවාදී ඉරාන විරෝධීන් වන, ෆැසිස්ට් හිතවතුන්ගේ කල්ලියක් ඉහල තනතුරු සඳහා පත් කරමින්, ට්‍රම්ප් පෙන්ටගනයේ ඉහල නායකත්වයේ විරේක කිරීමක් ක්‍රියාත්මක කර ඇත. ආයුධ කර්මාන්තයට තල්ලුව දෙන්නෙකු වූ, සේවයෙන් නෙරපා හරින ලද වැඩබලන ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉවත් කරන ලද්දේ, ඉරාන ප්‍රහාරයකට සහාය දැක්වීමට ඔහු අදිමදි කිරීම හා කැරලි මර්දන පනත යොදා ගෙන, පොලිස් -ප්‍රචන්ඩත්ව විරෝධී පෙලපාලිවලට පහර දී ම සඳහා නිත්‍ය හමුදා භටයන් වීදිවල යෙදවීමේ ට්‍රම්ප්ගේ යෝජනාවට ප්‍රසිද්ධියේ විරුද්ධ වීම යන කාරනා දෙක නිසා ය.

ඉරානයට එරෙහි ප්‍රහාරයක් සහ එක්සත් ජනපද හමුදා විශාල සංඛ්‍යාවකගේ විය හැකි මරන සමග නො වැලැක්විය හැකි ඉරාන පලිගැනීම යුද නීතිය පැනවීම හා ධවල මන්දිරය පැවරීම ප්‍රතික්ෂේප කිරීමට ට්‍රම්ප්ට කඩතුරාව සපයනු ඇත. නියමිත ජනාධිපති පදවි ප්‍රාප්තියට දින 62ක් තිබීමත් සමග, එවැනි ප්‍රකෝප කිරීමේ අන්තරායන් දිගට ම පවතී..

බයිඩෙන් හා ඩිමොක්‍රටිකයින් ඉරානයට එරෙහි විනාශකාරී යුද්ධයක තර්ජනය නො සලකා හැර තිබේ. ඒ වෙනුවට, ඔවුහු දශක දෙකකට ආසන්න කාලයක් ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ එක්සත් ජනපද යුද්ධයෙන් එක්සත් ජනපද හමුදා “වේගයෙන්” ඉවත් කර ගැනීමේ අන්තරායන් ගැන අනතුරු අඟවන අතර ට්‍රම්ප් බලය මාරු කිරීමේ සංක්‍රාන්ති ක්‍රියාවලියට හරස් වීම, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය එහි “සතුරන්ට” ගොදුරු වීමට ඉඩ හරින, “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් බව ප්‍රකාශ කරමින් සිටති.

ඉරානයට එරෙහි යුද තර්ජනය හා නව ලෝක යුද්ධයක අන්තරාය අතිමූලික වශයෙන් මුල් බැස ඇත්තේ ට්‍රම්ප් තන්ත්‍රයේ අර්බුදය තුල නො ව එහි මූලාශ්‍රය වන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඓතිහාසික අර්බුදය තුල යි. ඉරානයට එරෙහි තම අනුකම්පා විරහිත ආක්‍රමනයේ දී, වොෂින්ටනය භූ-මූලෝපායික උත්සුකතා හඹා යමින් සිටියි. එය පර්සියානු ගල්ෆ් කලාපය සහ එහි අතිවිශාල බලශක්ති සම්පත් කෙරෙහි බාධාවකින් තොරව ආධිපත්‍යය දැරීමට උත්සාහ කරන්නේ, තම ප්‍රධාන ගෝලීය ප්‍රතිවාදියා වන චීනයට ඒ්වා ප්‍රතික්ෂේප කරන අතර ය.

ජනවාරි 20වැනි දින පදවි ප්‍රාප්තියට බයිඩෙන් සමත් වුවහොත්, මෙම යුද තර්ජනය තවදුරටත් උත්සන්න වනු ඇත. රුසියාවට හා චීනයට වඩා “මෘදු” වීම නිසා ට්‍රම්ප්ට දකුනේ සිට පහර දෙන ව්‍යාපාරයක් හරහා ඩිමොක්‍රටික් පක්ෂය මෙය ඇති තරම් පැහැදිලි කර තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික අවධානය යොමු වී ඇත්තේ ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන පරාජය කිරීමට නො ව, වෝල් වීදියේ හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ උත්සුකයන්ට තර්ජනය කිරීමෙන් ඒ්වාට එරෙහි මහජන විරෝධය වැලැක්වීම සඳහා ය.

කොවිඩ්-19 වසංගතයට පාලක පන්තියේ “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරුවන්ගේ ජීවිත පූජා කිරීමත් සමඟ යුද්ධයට එරෙහි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරගලය ට්‍රම්ප්ට හා ඩිමොක්‍රටිකයන්ට මෙන් ම ඔවුන් දෙදෙනා ම ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහි ව දියත් කල හැක්කේ කම්කරු පන්තියට පමනි.

එක්සත් ජනපද මැතිවරනයෙන් පසු ව ඇති වූ අසාමාන්‍ය සිදුවීම් මුළු ලෝකය ම බලා සිටින අතර, ඇමරිකානු කම්කරුවන් ස්වාධීන දේශපාලන අරගලයක් ආරම්භ කරන්නේ නම්, එයට ලොව පුරා කම්කරුවන්ගේ සහාය ලැබෙනු ඇත. එක්සත් ජනපදයේ සහ සෑම රටක ම කම්කරුවන්ගේ පොදු අත්සුකතා පවතින්නේ මූල්‍ය-සංගත කතිපයාධිකාරයේ ග්‍රහනය බිඳ දමා සමානාතාවේ හා සමාජවාදයේ පදනම මත ජාත්‍යන්තර ව ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බලය අතට ගැනීම තුල යි.

Loading