ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දේශපාලන බලපෑම හා වැඩෙන පාඨක සමූහය

2020 ඔක්තෝබර් 2 වන දින යලි දියත්කිරීම් සමග ආරම්භ වූ ලෝක සමාජවාදී වෙබි අඩවිය දියත් කිරීම සාදරයෙන් පිලිගැනීම සදහා ඔක්තෝබර් 25 දින පැවති මාර්ගගත රැලියේ දී ලෝක සමාජවාදී වෙබි අඩවිය විසින් හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රමුඛ සාමාජිකයින් හා දායකයින් විසින් කරන ලද දේශන ප්‍රකාශයට පත් කරනු ලැබේ. පහත දැක්වෙන්නේ එක්සත් ඡනපද සමාජවාදී සමානතා පක්ෂ ජාතික කමිටුවේ සාමාජිකයෙකු හා ලෝසවෙඅ ප්‍රමුඛ ලේඛක යෙකු වන පැට්‍රික් මාටින් කල ප්‍රතිපදානයයි.

පසුගිය ඔක්තෝබර් 2වෙනි දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය යලි දියත් කිරීම ලෝක ට්‍රොට්ස්කිවාදි ව්‍යාපාරයේ වර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස අපි සලකන්නෙමු.

හතරවැනි ජත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් 1998 පෙබරවාරි මාසයේ දී ලෝසවෙඅ ප්‍රසිද්ධ කිරීම ආරම්භ කිරීමට ගත් තීරනය පිලිබඳ ව ඩේව් සහෝදරයා දැනටමත් සඳහන් කර ඇත. මගේ පරම්පරාවේ අය සම්බන්ධයෙන් ගත් විට, අපි දැනටමත් අපගේ දේශපාලන ජීවිතයෙන් ආසන්න වසයෙන් අඩක්, අප දේශපාලනයට පිවිසෙන විට පැහදිලි ව නො තිබුනු දෑ, අන්තර්ජාල ශ්‍රාවකත්වයක් සඳහා ලිවීම කැපී පෙනේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආරම්භ කිරීමට පෙර අපි එක්සත් ජනපදය තුල, ඒ මගින් ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ලගා වීමට හා දේශපාලනික ව අධ්‍යාපනය ලබා දීමට සටන් කල මුද්‍රිත ප්‍රකාශන වූ, බුලටිනය සතිපතා හා සතියකට දෙවරක් ද ජාත්‍යන්තර කම්කරු බුලටීනය සතිපතා හා සතියට දෙවරක් ද ප්‍රකාශයට පත් කලෙමු.

මැසවුසෙට් ප්‍රාන්තයේ පාසල් කප්පාදුව පිලිබද වාර්තා හෝ බටහිර වෙරල තීරයේ ෆැසිස්ට් විරෝධතාකරුවෙකු වන මයිකල් රෙනොහෙල් ඝාතනය කිරීම හෝ 1619 ව්‍යාපෘතිය පිලිබද බොහෝ විවරන වැනි ලෝක සමාජවාදී වෙබි අඩවියේ ලිපි, මුද්‍රිත පිටපතක් බෙදා හැරීමෙන් මාසයක දී හෝ අවුරුදු ගනනාවක දී ලගා විය නො හැකි තරම් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් කරා වේගවත්ව ලඟා වන බව, අද සඳහන් කිරීම එම ආරම්භක උත්සාහයන් දශමයකින් වත් හීන නො කරයි.

පැට්‍රික් මාටින්

මාක්ස්වාදී මූලධර්ම සඳහා සම්මුති විරහිත අරගලයක් හරහා ජාත්‍යන්තර කම්කරුවන්ගේ පලමු සැබෑ ගෝලීය ප්‍රකාශනය වන ලෝසවෙඅ බිහිවීමට පදනම දැමුවේ, බුලටීනය හා ලොව පුරා අපගේ සහෝදර පක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද පුවත්පත්වල වැඩකටයුතුය. ලෝසවෙඅ දැන් සෑම රටක ම හා මහාද්වීපයක ම පාහේ කියවනු ලැබේ.

1998 පෙබරවාරි මාසයේ දී අප ලෝසවෙඅ දියත් කරන විට, එක්සත් ජනපදය, අද මෙන්, ජනාධිපතිවරයෙකු පහ කිරීමට තර්ජනය කල මාරාන්තික අර්බූදයක පැටලී සිටියේය. නැවත සලකා බැලීමේ දී, ඔහුගේ අන්ත දක්ෂිනාංශික විරුද්ධවාදීන් විසින් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට හේතුවූ මොනිකා ලුවින්ස්කි සමග ක්ලින්ටන්ගේ සම්බන්ධය, ජනාධිපති ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනවලින් අද හිනිපෙත්තට නගින, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිද වැටීම්වල ආරම්භක රූපාකාරය පමනි. එහෙත් මෙම ක්‍රියාවලියේ මුල් අවධියේ දී ම, ලිංගික සෝලියක ක්‍රමවේදයක් හරහා දෙවරක් තේරී පත් වූ ඡනාධිපතිවරයෙකු නෙරපා හැරීමට ගත් උත්සාහයට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිලිබඳ සැලකිය යුතු ප්‍රශ්න ඇතුලත් වූ බව අපි දනිමු. කම්කරු පන්තිය හුදෙක් පසෙකට වී බලා නො සිට පාලක ප්‍රභූවේ දේශපාලන අර්බූදයට මැදිහත් වී තම ස්වාධීන අවශ්‍යතා වෙනුවෙන් සටන් කල යුතු යැයි අපි පැවසුවෙමු. ඩිමොක්‍රටික් පක්ෂය හා ක්ලින්ටන් යටතේ ඇමරිකානු අධිරාජ්‍යයේ ප්‍රතිපත්ති කෙරෙහි අපගේ සතුරුකම නොතකා දෝෂාභියෝගයට අපි විරුද්ධ වූවෙමු.

ලෝසවෙඅ ආරම්භයේ සිට අපි සතියේ දින පහක් දිනපතා පල කිරීමට පටන් ගත්තෙමු. මෙය එක්සත් ඡනපද දේශපාලන අර්බුදය පිලිබද එදිනෙදා විශ්ලේශන හා විවරනය කිරීමේ හැකියාව ඇති කලේ ය. ප්‍රකාශනය පල කල පලමු අවුරුද්ද තුලදී, ක්ලින්ටන් අර්බුදයේ විවිධ පැතිකඩ පිලිබඳ ව, අද්විතීය දේශපාලන වාර්තාවකින් සමන්විත ලිපි 100කට වඩා අප විසින් ලියා ඇති අතර, එය එක්සත් ජනපදය හා ලොව පුරා අනෙකුත් අර්බුද හා ප්‍රධාන දේශපාලන සිදුවීම් සඳහා රටාවක් ස්ථාපිත කලේ ය. ඊලඟ අවුරුද්දේ, සර්බියාවට එරෙහි එක්සත් ජනපද-නේටො යුද්ධය අතරතුර, අපි ප්‍රකාශනය සතියේ දින හයක් දක්වා පුලුල් කලෙමු.

1998 පෙබරවාරි 14වැනි දින ලෝසවෙඅ පල කරන ලද ආරම්භක පිලිගැනීමේ දී, ලෝසවෙඅ ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ නිල හඬ වන බව ප්‍රකාශ කලෙමු. අපි මෙසේ ලිව්වෙමු:

ආසියාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය හා උතුරු ඇමරිකාවේ සාමාජිකයින්ගේ සමිබන්ධීකෘත ප්‍රයත්නයන් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන, ලෝක සමාජවාදී වෙබි අඩවිය, පන්ති අරගලයේ ජාත්‍යන්තර ස්වභාවය එහි ආරම්භක ලක්ෂය ලෙස ගනියි. එය සෑම රටක ම දේශලපාලන වර්ධනයන් තක්සේරු කරන්නේ, ධනවාදයේ ලෝක අර්බුදය හා ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහන දෙමින් සිටින දේශපාලන කර්තව්‍යයන්ගේ ආස්ථානයෙනි. මෙම දෘෂ්ඨිකෝනයෙන් ගලා එන්නේ, එය ස්වෝත්තමවාදය හා ජාතික දේශාභිමානයේ සියලු රූපාකාරයන්ට දැඩි ලෙස විරුද්ධ වන බවයි.

විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ මෙම දේශපාලන ස්ථාවරය, ලොව පුරා කම්කරු පන්තියේ බොහෝ අරගලයන්ගේ ගමන් මඟෙහිදී ද, සියල්ලටත් වඩා ලෝක ධනවාදයේ ම වෛෂයික වර්ධනය මගින් ද සනාථ කෙරී ඇත. ලොව පුරා කම්කරුවන්ට අඩු වැඩි වසයෙයෙන් එකවර බලපා ඇති කොරෝනා වෛරස් වසංගතය, ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෝලීය පරිමානයන්ගේ අර්බුදයකට මුහුන දුන් පලමු අවස්ථාව නොවේ.

එක්සත් ජනපදයේ 9/11 ප්‍රහාරයෙන් හා ඉතිහාසයේ විශාලතම යුද විරෝධි ව්‍යාපාරයට හේතු වූ, දේශපාලන විරුද්ධත්වයේ ලෝක පරිමාන පැතිරීමකට තුඩුදුන්, 2003 දී එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමනය කිරීමෙන් පසු ව ආරම්භ වූ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ” ස්වභාවය මෙය විය. 2008-2009 දී ඇති වූ ගෝලීය මූල්‍ය අර්බුදය, 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු සමස්ත ලෝක ධනවාදය ම ගැඹුරු පසුබෑමකට ඇද දැමීය. එමෙන් ම කොරෝනා වෛරස් වසංගතය දැන් ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම වැඩ කරන ජනතාවට ඒ ආකාරයෙන් ම බලපායි.

අප ලෝසවෙඅ දියත් කරන අවස්ථාවේ දී මිලියන 80ත් 100ත් අතර පිරිසකට අන්තර්ජාල පහසුකම් ඇති බව අපි දුටුවෙමු. ව්‍යාජ වමෙහි අපගේ සමහර සතුරන් විසින්, මෙම ප්‍රේක්ෂකයින් නො වැදගත් හෝ ඉහල වරප්‍රසාද ලත් අය ලෙස බැහැර කරනු ලැබුනි. එක් කන්ඩායමක් කියා සිටියේ අප සයිබර් අවකාශයට පලා යන බව හා අන්තර්ජාලය යනු, අප ව අතරමං කිරීමට සූදානම් ව සිටින කලපුවක් හෝ ක්ෂේමභූමියක් බවත් ය. අද වන විට අන්තර්ජාලය සක්‍රියව භාවිතා කරන බිලියන 4.6ක පුද්ගලයන් සිටින අතර තවත් බොහෝ දෙනෙකුට එයට පිවිසුම් ඇත.

අන්තර්ජාල ප්‍රේක්ෂකයින් පුලුල් වෙද්දී එය කරා ලඟා වීමේ අපගේ කාර්යන් ද පුලුල් වී ඇත. ලෝසවෙඅ සිය පලමු වසර තුල ලිපි 1500ක් පමන ඉංග්‍රිසියෙන් ප්‍රකාශයට පත් කලේ ය. වසර ගනනාවකට පසු මෙය වසරකට 4000කට වඩා වැඩි විය. 2008 දී ඉදිරිදර්ශන තීරුව හදුන්වා දුන් වෙබි අඩවියේ පලමු ප්‍රධාන ප්‍රතිනිර්මානයෙන් පසුව, අපි වසරකට ලිපි 5000කට වඩා නිතිපතා ප්‍රකාශයට පත් කර ඇත්තෙමු. පසුගිය වසරේ 2019 අගෝස්තු මාසයේ දී සමුච්චිත එකතුව ඉංග්‍රිසි භාෂාවෙන් 75,000 ක් වූ අතර අද වන විට එම සංඛ්‍යාව 82,000 ඉක්මවා ඇත. වසරකට පසු අපගේ ප්‍රේක්ෂකයින් හා ලෝසවෙඅ සඳහා දායක වන ජාත්‍යන්තර කමිටු ශාඛාවල වැඩ කටයුතු නව ඉහල මට්ටමකට ලඟා විය.

ලොව පුරා වැඩ කරන ජනතාව හා විශේෂයෙන් තරුන තරුනයින් ඔවුන්ගේ අරගල සහ දේශපාලන අත් දැකීම් ජාත්‍යන්තරව සම්බන්ධ වන බව සොයා ගන්නා අතර, ලෝකයේ කම්කරු පන්තිය දැනුවත් ව එක්සත් කිරීමට උත්සාහ ගන්නා වෙබ් අඩවියකට ඔවුන් එතරම් දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නේ එබැවිනි.

මේ අර්ථයෙන් ගත් කල ලෝසවෙඅ, සම්පූර්නයෙන් ම නව යමක් නියෝජනය කරයි. එය, ලෝක පරිමානයෙන් ධනවාදය පෙරලා දැමීමට හා නව ජාත්‍යන්තර සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සූදානම් වෙමින් සිටින කම්කරු පන්තියේ ඵෙතිහාසික මෙහෙවර පිලිබද ව දැනුවත් හා එහි ජාත්‍යන්තර හඬයි.

[මෙම ලිපිය ඔක්තෝබර් 30 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.]