මහර බන්ධනාගාරයේ කෘර ඝාතනය පිලිබඳ මරන පරීක්ෂනයෙන් වින්දිතයින්ට වෙඩි තබා ඇති බව තහවුරු වෙයි

නොවැම්බර් 29 සහ 30 යන දිනවල ශ්‍රී ලංකාවේ මහර බන්ධනාගාරයේ පැවති විරෝධතාවයකදී  සිදු වූ රැඳවියන්ගේ මරන වෙඩි තැබීම  නිසා  ඇති වූ  තුවාල හේතුවෙන්  සිදු වූ බව පශ්චාත් මරන පරීක්ෂන වාර්තාවලින් හෙලිදරව් වී ඇත.

සිය ගනනක් රැඳවියන්ට  ඒ වන විටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති  බව පරීක්ෂන වලින් තහවුරු වී තිබීම නිසා  පීසීආර් (PCR-පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂන ඉල්ලා සිටි සිරකරුවන් දහස් ගනනකගේ විරෝධතාවක් මැඩපැවැත්වීම සඳහා ආන්ඩුව දැඩි ලෙස සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය සාධක බලකා පොලිස් නිලධාරීන් යෙද වීය.

එස් .ටී.එෆ් සොල්දාදුවන්ගෙන් තම පවුලේ සාමාජිකයන් පිලිබඳ තොරතුරු ඉල්ලන මහර බන්ධනාගාරයේ ගොදුරු වූවන්ගේ sඥාතීන් (ස්තුතිය: ෂෙහාන් ගුනසේකර)

 මෙම සිද්ධියෙන් සිරකරුවන් 11 දෙනෙකු මිය ගිය අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මේ වන විට පශ්චාත් මරන පරීක්ෂන වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇති අතර 11 න් 8 දෙනෙකුගේ  වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල තිබු බව ඉන් එලිදරව් වී  ඇත. අනෙක් තිදෙනා  පිලිබඳ වාර්තා ජනවාරි 8 වන දින වත්තල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, සිද්ධිය විමර්ශනය කිරීම සඳහා අධිකරන අමාත්‍යවරයා විසින් පත් කරන ලද කමිටු වේ කාන්දුවූ වාර්තාවක් උපුටා දක්වමින්  රැඳවියන් 11 දෙනාම වෙඩි වැදීමෙන් මියගිය බව පසුගිය සති අන්තයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත   සඳහන් කර ඇත.  මෙම වාර්තාව අද (5) කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රිමාන්ඩ් බන්ධනාගාර රැඳවියෙකු වන අතුල කුමාර නිදහස් කිරීමට අධිකරනයෙන් අවසර ලබා දී තිබිනි. ඔහු වෙඩි ප්‍රහාරයට ගොදුරු වූයේ බන්ධනාගාර සහ පොලිස් නිලධාරීන් ඔහුව  නිදහස් කිරීම ප්‍රමාද කල බැවිනි..

ඔවුන්ට කෝවිඩ-19 ආසාදනය වී තිබූ බවත්, මලසිරුරු  තබා ගතහොත් සෞඛ්‍යයට තර්ජනයක් වනු ඇති බවත් ප්‍රකාශ කරමින් බලධාරීහු  වහාම ඒවා  ආදාහනය කිරීමට උත්සාහ කලහ. ප්‍රහාරයට ලක් වුවන්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සාක්ෂි විනාශ කිරීමට තැත් කරන්නේ  යැයි බලධාරීන්ට චෝදනා කලහ. මහජන කෝපය මධ්‍යයේ, මරන පරීක්ෂන අධීක්ෂනය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ආන්ඩුවට  සිදුවිය.

මහර සිරකරුවන්ගේ  ඥාතීන් මෙයට වඩා වැඩි මරන සංඛ්‍යාවක්  සිදුවී ඇතිදැයි  බිය පල කර තිබේ. ඔවුන්ගෙන් සමහරු සිද්ධියෙන් පසු අතුරුදහන් වූ රැඳවියන් සම්බන්ධව ආන්ඩුවේ  බෙලහීන ආයතනයක් වන ‍ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසමට පැමිනිලි කර ඇත.

රාගම රෝහලෙන් පිටත වින්දිතයින්ගේ ඥාතීන් (ස්තුතිය: WSWS Media)

සිද්ධියෙන් පසු තම පුතා අතුරුදහන් වී ඇති බවත්, ඔහු සිටින ස්ථානය හෙලි කිරීම බන්ධනාගාර නිලධාරීන් ප්‍රතික්ෂේප කරන  බවත් සිරකරුවෙකුගේ මවක් මාධ්‍යයට පැවසීය. "මම දින දෙකකට වරක්  බන්ධනාගාරයට ආවා.  දිනපතා දුර කථන ඇමතුම් දීලා මගේ පුතා සිටින තැන ගැන විමසුවා. නමුත් ඔවුන් ඔහු  එහි නැති බව කිව්වා"

තුවාල සිදුවුයේ ප්‍රතිවාදී කන්ඩායම්  එකිනෙකාට පහර දීමෙන්  බව ආන්ඩුව  සහ පොලිසිය රැඳවියන්ට චෝදනා කර තිබේ. “බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම්වලින් කිසිවෙකු මිය ගොස් නැති" බව  බන්ධනාගාර ප්‍රතිසංස්කරන හා පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත  පාර්ලිමේන්තුවේ දී  සඳහන් කලේ ය.  රත්වත්ත මෙම ප්‍රකාශය කලේ විධිමත්  පශ්චාත් මරන පරීක්ෂන පැවැත්වීමටත්  පෙරය. 

මහර බන්ධනාගාරයේ සිදුවීම් “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලනය අපකීර්තියට පත්කිරීමේ උත්සාහයක්” බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පාර්ලිමේන්තුවට පැවසීය. සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් සංසරනය කරමින් පැවැති “රිවර්ස්” නම් ඖෂධය  සිරකරුවන් විසින් පානය කිරීම නිසා ගැටුම් සිදු වූ බව ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා මනෝචිකිත්සක විද්‍යාලයේ ප්‍රකාශයක් මෙම චෝදනාව  ප්‍රතික්ෂේප  කර ඇත. සිරකරුවන් භාවිතා කලේ යයි කියනු ලබන ඖෂධයෙන් කිසිදු උත්තේජනයක්  ඇති නොවන බවත් ඉන් සිදුවන්නේ සන්සුන්වීමක් සහ  නිදිබර ගතිය ඇතිවීම පමනක් බව ප්‍රකාශය පෙන්වා දුන්නේ ය. මාධ්‍යවල පිටුබලය ලත් රාජපක්ෂ ආන්ඩුවේ බොරු  මරන පරීක්ෂන වාර්තා මගින් හෙලිදරව් කෙරී  ඇත.

අධිකරන අමාත්‍යවරයා විශ්‍රාමලත් මහාධිකරන විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කලේ ය. අතීතයේ දී, එවැනි කමිටු විසින් සත්‍යය යටපත් කරන සහ ආන්ඩුවේ ක්‍රියා සාධාරනීකරනය කරන වාර්තා ඉදිරිපත් කර ඇත. කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ පවතින අතිමහත් සාක්ෂි පාපිසි  යටට අතුගා දමා සැඟවිය නොහැක.

ඇප ලබා දුන් සියලු රැඳවියන් වහාම නිදහස් කිරීම, සියලුම රැඳවියන් සඳහා PCR පරීක්ෂන, කෝවිඩ්-19 රෝගීන් මහර බන්ධනාගාරයෙන් ඉවත් කිරීම සහ කෑමට සුදුසු  ආහාර සැපයීම ඇතුලු සාධාරන ඉල්ලීම් රැඳවියන්ගේ උද්ඝෝෂනයේ දී  ඉදිරිපත් කල බව කමිටුවේ අතුරු වාර්තාව පිලිගනී.

වාර්තාවට අනුව, බන්ධනාගාර නිලධාරීන් හය දෙනෙකු ඇතුලු  තහවුරු කරන ලද  කෝවිඩ්-19 ආසාදිතයන් 186 ක් සිටින බව දැනගත් වහාම රැඳවියන් කෝපයට පත් වූ අතර ආසාදනය වීම ගැන භීතියට පත්විය.

බන්ධනාගාර නිලධාරීන් “කැරලිකාර රැඳවියන් විසුරුවා හැරීම සඳහා රබර් උන්ඩ සහ සජීවී පතොරම් සමඟ කඳුලු ගෑස් භාවිතා කර ඇති” බව වාර්තාවේ සඳහන් වේ.

රැඳවියන්ගේ කන්ඩායම් කිහිපයක් අතර  ඇති වූ ගැටුමේ දී ඔවුන් “ලී පොලු, යකඩ පොලු, මන්න  සහ කඩු” භාවිත  කර තිබු බව වාර්තාවේ සඳහන් වෙතත් ඒවා බන්ධනාගාරය තුලට ලැබුනේ  කෙසේදැයි පැහැදිලි කර නැත.

උද්ඝෝෂනය අතරතුර බන්ධනාගාර නිලධාරීහු ජල සැපයුම විසන්ධි කලහ. සිරකරුවන් විරෝධතා දක්වමින්  ජලය ඉල්ලා කෑ ගැසූ විට "කැරලිකාරී කන්ඩායම්  පාලනය කිරීම සඳහා නිලධාරීහු ඔවුන්ට වෙඩි තැබූහ.”

මහර  ඝාතනය මේ වසරේ එවැනි තුන්වන සිදුවීමයි. මාර්තු මාසයේ කෝවිඩ්-19 සම්බන්ධ විරෝධතාවයකදී  උතුරු මැද පලාතේ  අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු ඝාතනය  වී තවත් කිහිප දෙනෙකු තුවාල ලැබීය. රැඳවියන් සියයකට අධික පිරිසක් ආසාදනය වී ඇති බව පරීක්ෂන වලින් හෙලි වූ පසු පලායාමට උත්සාහ කලේ යයි කියනු ලබන තවත් සිරකරුවෙකු , නොවැම්බර් 18 වන දින මධ්‍යම පලාතේ බෝගම්බර  බන්ධනාගාරයේදී වෙඩි තබා ඝාතනය කරන ලදී.

මහර සිද්ධිය  වන විට බන්ධනාගාරයේ රැඳවියන් 2,782 ක් සිටි අතර එය එහි ධාරිතාව මෙන් තුන් ගුනයකට අධිකය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ තොරතුරු  වලට අනුව, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුල  රැඳවිය  හැකි රැඳවියන් ගනන 11,762 ක් වූවද පසුගිය වසරේ දෙසැම්බර් මාසය වන විට සිරකරුවන් 33,472 ක් සිටි අතර එය  සියයට 184.6  වැඩිවීමකි.

රැඳවියන් මුහුන දෙන දුෂ්කර හා අනාරක්ෂිත තත්වයන් ආන්ඩුව  විසින් නොසලකා හැරීම හේතුවෙන්, මේ වනවිට 3,000 කට අධික පිරිසකට කොවිඩ් 19 වයිරසය  ආසාදනය වී ඇති බව පරීක්ෂන වලින් තහවුරු වී තිබේ. මෙම සිරකරුවන්ගෙන් බහුතරය ධනවාදයේ තීව්‍ර  වන  අර්බුදයේ භයානක සමාජ ප්‍රතිවිපාක වලින් එකක් වන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුනයන් ය.

මහර සංහාරයෙන් පසුව ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය විසින් නිකුත් කෙරුන සමීක්ෂන වාර්තාවක  අධික තදබදය , ප්‍රමානවත් ජලය හා සනීපාරක්ෂක පහසුකම් නැතිකම,  කෑමට නුසුදුසු ආහාර හේතුවෙන් ඇතිව තිබූ ඛේදනීය තත්වයන් ගැන සඳහන් විය.

මෙම අධ්‍යයනයට අනුව, බන්ධනාගාරයේ ඉඩ ප්‍රමානවත් නොවීම නිසා රැඳවියන්ට සිටගන සිටීමට  සහ මාරුවෙන් මාරුවට නිදා ගැනීමට  සිදුවන අතර   ප්‍රමානවත් තරම් වැසිකිලි පහසුකම් නොමැතිකම නිසා රාත්‍රියේ බාල්දි සහ පොලිතින් බෑග් වලට මලපහ කිරීමට බල කෙරී ඇත. එක් රැඳවියෙක් පර්යේෂකයන්ට මෙසේ පැවසීය: “අපි,මලමිනියක් වගේ දුගඳ හමන මෙම ස්ථානය වෙනස් කල යුතුයි. එය සොහොන් බිමක් වගේ දුර්ගන්ධ යි. අපි මෙය වෙනස් කල යුතුයි. ”

සිද්ධියෙන් පසු ජනාධිපති රාජපක්ෂ  බන්ධනාගාරවල මර්දනකාරී කොන්දේසි දැඩි කිරීමට පියවර ගත්තේය. චීනය වැනි විදේශ රටවල අත්දැකීම් හා තාක්ෂනය උපයෝගී කරගනිමින් බන්ධනාගාර පද්ධතිය “නවීකරනය” කිරීම සඳහා ඔහු ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කලේ ය.

බන්ධනාගාර තුල විශේෂ කැරලි මර්දන ඒකකයක් පිහිටුවීමට ද ආන්ඩුව තීරනය කර තිබෙන බව ද “ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව වසර 12 ක සේවා කාලය සම්පූර්න කර හමුදාවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා හමුදා භටයන් 500 ක් මෙම ඒකකය සඳහා බඳවා ගන්නා” බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සිරස ප්‍රවෘත්ති සේවයට පැවසීය.  

එය “ඉහල ගනයේ සිරකරුවන් ආරක්ෂා කිරීම සහ බන්ධනාගාර තුල  කැරලි මර්දනය කිරීම සඳහා යොදා ගැනෙන අතර විශේෂ ඒකකය බන්ධනාගාර බුද්ධි අංශයට සම්බන්ධ කෙරෙනු ඇත.”

මෙම පියවරයන් ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම කරා ගමන් කරන රාජපක්ෂ ඔහුගේ පරිපාලනය මිලිටරීකරනයේ  කොටසකි.

ධනපති පන්තිය ආර්ථික බිඳවැටීමේ බර සහ ගෝලීය කෝවිඩ්-19 වසංගතයේ බලපෑම ජනතාව මත  නිර්දය ලෙස පටවන අතර එහි ප්‍රතිපලයක්  ලෙස  කම්කරුවන් සහ දුප්පතුන් අතර කෝපය වර්ධනය වෙමින් ඇත.  සමාජ පිපිරීමක් ගැන නොසන්සුන්ව සිටින රාජපක්ෂ තන්ත්‍රය පන්ති යුද්ධයට සූදානම් වෙමින් සිටී.

මෙම ලිපිය ජනවාරි 5දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාව ඉල්ලා විරෝධතා දැක්වූ රැඳවියන් අට දෙනෙක් ශ්‍රී ලංකා බන්ධනාගාරයේදී වෙඩි තබා ඝාතනය කෙරෙති

බන්ධනාගාර ඝාතන වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ආන්ඩුව පචමෝල ක්‍රියාත්මක කරයි

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර නියාමකයෝ විරෝධය දැක් වූ රැඳවියන්ට වෙඩි තබති

Loading