ජේ. රොබිනට් බයිඩන්ගේ ආදර ගීතය

ජෝ බයිඩන් (ස්තුතිය: ෆ්ලික්ර්.කොම්, ගේජ් ස්කිඩ්මෝ)

ජේ. රොබිනට් බයිඩන්ගේ ආදර ගීතය

එය දීර්ඝ දුෂ්කර සංග්‍රාමයක් විය.

විවාදාත්මක සකසු වැකි, ට්විටර් හා මුහුනුපොත් සටහන්

ආදී අපේ සකල සියලු සේනා,

අපි රැස් කලෙමු.

යුක්තිධර්මයේ හා සමානතාවේ ලෝකයක් අපි අරමුනු කර ගත්තෙමු.

ඒ අරගලය දීර්ඝ හා කටුක වුවත්,

මැතිවරනයේ දී අපි ජයග්‍රහනය කලෙමු.

වෝල් වීදිය සිය පසුම්බිය පුරවන අතර,

සංක්‍රමනිකයන්ට හිංසනය කිරීමේ; රුදුරු පොලිස් ප්‍රචන්ඩත්වයේ;

දුගී බවේ, ව්‍යාධියේ, ඌනතාවේ, ආක්‍රමනික යුද්ධයේ,

මියැදෙන ග්‍රහ ලෝකයක් අපි දිග්විජය කර ඇත්තෙමු.

බහුවිධ ඇමති මඩුල්ලක් විසින් ඒ සියල්ල කෙරෙනු ඇත.

[මෙම කාව්‍ය රචනය දෙසැම්බර් 10 දින ඉංග්‍රීසි සංස්කරනයේ පලවින.]

Loading