අධ්‍යාපන සේවක සුරක්ෂිතතා කමිටුව ඉහල සහභාගිතවයක් සහිත අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

[මෙම ලිපිය ජනවාරි 15 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින. ] 

පසුගිය ජනවාරි 7වැනි දා ගුරුවරුන්,සිසුන් සහ දෙමාපියන්ගේ සුරක්ෂිතා කමිටුව(ගුශිදෙසුක) ‘අනාරක්ෂිත තත්ත්ව යටතේ පාසල් ආරම්භ කිරීම’ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තම පලමු මාර්ගගත රැලිය පැවත් වීය.

ගුරුවරු, අධ්‍යාපන වෘත්තිකයෝ, අනධ්‍යන කාර්ය මන්ඩල කම්කරුවෝ, සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, දෙමව්පියෝ හා ආධාරකරුවෝ ඇතුලු ව 50කට වැඩි පිරිසක් මෙම මාර්ගගත රැස්වීමට සහභාගි වූහ.ලෝක සමාජවාදි වෙබ් අඩවිය (ලෝසවෙඅ) සහ සමාජවාදි සමානතා පක්ෂය (සසප) මගින් නිකුත් කරන ලද අධ්‍යාපන සේවකයන් සඳහා සසප පනිවුඩ පුවත් හසුන මෙම රැස්වීම ප්‍රවර්ධනය කිරීමට සහාය විය.

අධ්‍යාපන ක්‍රියාකාරි කමිටු රැස්වීමේ සමාජමාධ්‍ය ප්‍රචාරනය

කොවිඩ්-19 දිගින් දිගට ම රට පුරා ව්‍යාප්තව තිබියදීත්, බටහිර පලාතේ පාසල් හැරුනු විට ශ්‍රි ලංකාවේ අනෙකුත් සියලු ම පාසල් ජනවාරි 11වැනි දින නැවත විවෘත කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව විසින් කරන ලද නිවේදනයකින් අනතුරුව මෙම රැස්වීම කැඳවනු ලැබී ය.

ගුශිදෙසුක හා සසප දේශපාලන කමිටුවේ සාමාජික කපිල ප්‍රනාන්දු රැස්වීමේ මුලසුන දැරී ය.ලොව පුරා පාසල් අනාරක්ෂිත ලෙස විවෘත කිරීම කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට එක් ප්‍රධාන හේතුවක් බව ඹහු පෙන්වා දුන්නේ ය.

ගුරුවරුන් හා සිසුන් අඛන්ඩව කොවිඩි-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබියදීත්,පසුගිය වසරේ දී රාජපක්ෂ ආන්ඩුව බස්නාහිර පලාතේ හැරුනු විට සියලු ම පාසල් විවෘතව තැබී ය. “පාසල් විවෘත කිරීමට ඒරෙහි ගුරුවරුන්,සිසුන් සහ දෙමාපියන්ගේ දැඩි විරෝධය ආන්ඩුව නොසලකා හැරිය” බව ඔහු පැවසී ය.

ගුරුවරුන්, සිසුන් හා දෙමාපියන්ගේ ආරක්ෂන කමිටු ගොඩ නැගීම තුලින් පුලුල් ලෙස ව්‍යාප්ත වී ඇති මෙම විරොධතා ඉදිරියට ගෙන යා යුතු ව ඇති බව කපිල ප්‍රනාන්දු විස්තර කලේ ය.

ක්‍රියාකාරි කමිටුවේ සහ සසප දේශපාලන කමිටු සාමාජික ප්‍රගීත් අරවින්ද විසින් මෙම රැස්වීමේ ප්‍රධාන වාර්තාව ඉදිරිපත් කරන ලදී.වසංගතය යනු ශ්‍රි ලංකාව ද ඇතුලු ව ගෝලීය ධනවාදයේ අර්බූදය වේගවත් කල ප්‍රේරක සිදුවීමක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

මහනුවර පාසලක සමාජ දුරස්ථ භාවයකින් තොරව පන්ති පැවැත්වු ආකාරය (WSWS)

කොරෝනා වසංගතයට ප්‍රතිචාර වශයෙන් සෑම තැන ම ආන්ඩු ගනු ලබන තීරන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා නොව විශාල ව්‍යාපාරවල ලාභ ආරක්ෂා කිරීම සඳහා බව අරවින්ද ප්‍රකාශ කලේ ය.

ලොව පුරා ආන්ඩු අනාරක්ෂිත තත්ත්වයන් යටතේ කම්කරුවන් නැවත වැඩට යවන බව ඔහු පැවසීය. ඔවුන්ට අවශ්‍ය වූයේ පාසල් විවෘතව තබා ගැනීමයි. ලමයින් නිවසේ නැති නිසා කම්කරුවන් නැවත කර්මාන්තශාලා හා වෙනත් සේවා ස්ථාන කරා තල්ලු කල හැකියි.ආන්ඩුවේ සාපරාධී ප්‍රතිපත්තිය, “ධනවාදී ආර්ථිකය විවෘතව තබා ගැනීම සඳහා තත්ත්වය සාමාන්‍ය යැයි මවා පෑමට ගත් උත්සාහයක්” යැයි ඔහු පැහදිලි කලේ ය.

ලමයින්ට වසංගතයෙන් අඩු බලපෑමක් ඇති බවට ආන්ඩුව හා මාධ්‍ය විසින් කරන අසත්‍ය ප්‍රකාශ කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු බව අරවින්ද අවධාරනය කලේය. ලෝසවෙඅ විසින් ඉදිරිපත් කරන ලද වසංගතය පිලිබඳ විශ්ලේෂන අධ්‍යයනය කරන ලෙස හා බෙදා හරින ලෙස ඔහු පැමින සිටි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

පාසල්වල සෞඛ්‍ය සේවා සඳහා ආන්ඩුව ප්‍රමානවත් තරම් වියදම් නොකිරීම, කොවිඩ් - 19 වඩාත් දරුනු ලෙස පැතිරීමේ අන්තරාය වැඩි කල බව කථිකයා ප්‍රකාශ කලේ ය. 2020 අයවැයෙන් අධ්‍යාපන අංශයේ ප්‍රතිපාදන රුපියල් බිලියන 39කින් තව දුරටත් කප්පාදු කරලා, පාසල්වල නිසි සනීපාරක්ෂාව පිලිබඳ වගකීම ප්‍රාදේශීය ප්‍රජාවන්ට පවරා තියෙනවා.

“මහා ව්‍යාපාරිකයන්ගේ ලාභයට ඇති කෑදරකම වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාග කිරීමේ අවදානම ගුරුවරුන් හෝ දෙමාපියන් දරා ගත යුතු නෑ.ඔවුන්ගේ ඉල්ලීම විය යුත්තේ වසංගතයෙන් තර්ජනයට ලක් වූ ජීවිත බේරා ගැනීම සඳහා ධනපතියන් විසින් රැස් කරන ලද ධනය කොන්දේසි විරහිතව භාවිතා කිරීමයි”

අධ්‍යාපන වෘත්තීය සමිති ආන්ඩුවේ නින්දිත ප්‍රත්පත්ති සම්පූර්නයෙන්ම අනුමත කල බව අරවින්ද පැවසුවේ ය. “කම්කරුවන්ගේ වැටුප් හා රැකියා කප්පාදු කිරීම සඳහා කාර්මික අංශයේ වෘත්තීය සමිති හාම්පුතුන් හා ආන්ඩුව සමඟ අත්වැල් බැඳගෙන ඇතිවා සේම, පාසල් විවෘතව තබා ගැනීමේ තීරන ගැනීමේදි තමන් සම්බන්ධ කර ගන්නා ලෙස අධ්‍යාපන අංශයේ වෘත්තීය සමිති ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා”

ආන්ඩු හා වෘත්තීය සමිති විසින් කොවිඩ් - 19 වසංගතයට දක්වන අනාරක්ෂිත ප්‍රතිචාරයන්ට එරෙහිව සටන් කිරීම සදහා ක්‍රියාකාරි කමිටු ගොඩනැගීමේ දී, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට අනුබද්ධ, ලොව පුරා සමාජවාදිී සමානතා පක්ෂ නායකත්වය ගෙන ඇති බව අරවින්ද පැවසී ය.එක්සත් ජනපදය, යුරෝපය හා ඔ්ස්ට්‍රේලියාව වැනි රටවල සසප නායකත්වය දෙනු ලබන අධ්‍යාපන වෘත්තිකයන්ගේ ක්‍රියාකාරි කමිටු විසින් සිදු කරනු ලබන කාර්යයන් පිලිබඳ ව පවර්පොයින්ට් මගින් ඔහු රැස්වීමට සාරාංශයක් ඉදිරිපත් කලේ ය.

පාසැල්, විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනවල ක්‍රියාකාරි කමිටු පිහිටුවන ලෙසත්,සියලුම කම්කරුවන් තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන පොදු අරගලයක් සඳහා එක්සත් කරන ලෙසත් අරවින්ද සහභාගි වූවන්ගෙන් ඉල්ලා සිටියේය. ගුශිදෙසුක පිහිටුවන ලද්දේ, ශ්‍රි ලංකාවේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තියේ අනෙකුත් කොටස් සමඟ අධ්‍යාපන ක්‍රියාකාරින්ගේ අරගල ඒකාබද්ධ කිරීම සඳහා යි.

සාකච්ඡාව අතරතුර, මහනුවර රෝහලක වෛද්‍යවරයකු වන සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් රැස්වීම ඇමතී ය. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවකයින්ගේ වැඩෙන රැල්ල පෙන්වා දෙමින් ඔහු මෙසේ පැවසීය. “මෙම අරගල අධ්‍යාපන ක්ෂේත්‍රයේ කම්කරුවන්ට තමන්ගේ සටන ඉදිරියට ගෙන යාමට මහත් උත්තේජනයක් වනවා ඇති. එවැනි අරගල සමාජවාදී ක්‍රියාමාර්ගයක් කරා යොමු කිරීමේදී අධ්‍යාපන සේවකයින්ගේ මෙම ක්‍රියාකාරී කමිටුව තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.”

නිකවැරටිය පාසලක ගුරුවරයකු වන අශෝක රැස්වීම අමතමින් කියා සිටියේ තම පාසලේ අත්දැකීම් ක්‍රියාකාරී කමිටුවල අවශ්‍යතාවය පෙන්නුම් කරන බවයි. කොවිඩ් - 19 රෝගියෙකුගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස සිසුවෙකු හඳුනා ගැනීමෙන් පසුව තම පාසල නොවැම්බර් මාසයේදී අනාරක්ෂිත වූ බවත් අනෙක් සිසුන් පාසලට නොපැමිනි අතර අවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර ගැනීමට ආන්ඩුව අපොහොසත් වූ බවත් ඔහු පැවසී ය.

ශ්‍රී ලංකාවේ නැවත විවෘත කරන ලද පාසලක උදෑසන රැස්වීම (WSWS)

පාසලේ ගුරුවරුන් මෙම තත්ත්වය පිලිබඳව සාකච්ඡා කල බවත්, රැකියාවට පැමිනීම ගැන සැලකිලිමත් වූ අතර, අසනීප නිවාඩු ගැනීමට තීරනය කල බවත්ය අශෝක පැවසුවේ ය. “අපේ සටන ඉදිරියට ගෙන යාමට අපට වැඩපිලිවෙලක් අවශ්‍ය වුනා. වෘත්තීය සමිතිය කිසිසේත් මැදිහත් නොවූ නිසා අප කුමක් කල යුතුද යන්න අපට ස්වාධීනව තීරනය කිරීමට සිදුවනා.

ගුශිදෙසුක සාමාජිකයෙකු ගුරුවරුන් සමඟ කතා කල අතර මූලික වාර්තාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කරන ලදී. සසප ක්‍රියාකාරී කමිටුවේ මැදිහත්වීම, පාසලේ ආරක්ෂක කමිටුවක් පිහිටුවීමට පදනම දැමූ බව අශෝක පැවසී ය.

කොලඹ උපනගරයක් වන හෝමාගම පාසලක උසස් පෙල ගුරුවරයෙකු වන ලක්මාල් මෙම සාකච්ඡාවට දායක විය. සිසුන්ගේ අධ්‍යාපනය දියුනු කිරීම සඳහා පාසල් විවෘත කරන බවට ආන්ඩුව කරන ප්‍රකාශ අසත්‍ය බව ඔහු පැවසී ය.

"මෙම බොරුව ප්‍රචාරය කිරීම සඳහා ආන්ඩුව ධනේශ්වර මාධ්‍ය භාවිතා කරනවා. ඔවුන් සිසුන්ගේ සුභසාධනය ගැන තැකීමක් කරන්නේ නෑ. වසංගතය මධ්‍යයේ ජනතාව මත ‘නව සාමාන්‍යයක්’ බලහත්කාරයෙන් පැටවීමට ඔවුන්ට අවශ්‍යයි. පාසල් විවෘතව තැබීම එහි කොටසක්," යැයි ඔහු පැවසී ය. "අපගේ සිසුන්ගේ ජීවිත අනතුරේ හෙලීමට අප විරුද්ධ විය යුතුයි."

මෙම සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන වෘත්තිකයෙකු වන සම්පත්, “පාසල් නැවත විවෘත කිරීමට එරෙහි සටනට නිසි මඟ පෙන්වීමක් ලබා දුන්නොත් ප්‍රබල බලවේගයක් බවට පත්විය හැකි විරෝධයක් ගුරුවරුන් අතර පවතිනවා.” ගුරුවරුන් මුහුන දෙන දේශපාලන හා වෘත්තීය ගැටලු රාශියක් පවතින බව ඔහු පැවසූ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය පුරා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම තමන්ගේ අරගලය ශක්තිමත් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කලේ ය.

විශ්‍රාමික ගුරුවරියක වන නිල්වලා, මාර්ගගත සාකච්ඡාව සංවිධානය කිරීම පිලිබඳ ව ක්‍රියාකාරී කමිටුවට සුබ පැතූ අතර ශ්‍රී ලංකා අධ්‍යාපන සේවකයින්ට ක්‍රියාකාරී කමිටු අවශ්‍ය බව ඒත්තු ගැන්විය හැක්කේ කෙසේ දැයි විමසුවා ය.

ඇයගේ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් අරවින්ද කියා සිටියේ ලෝසවෙඅ සහ එහි අධ්‍යාපන සේවකයන් සඳහා සසප පනිවුඩ විශ්ලේෂනයන් අධ්‍යාපන සේවකයින් අතර වැඩිපුරම කියවන ප්‍රකාශන බවට පත් කිරීම තීරනාත්මක කාර්යක් වන බව යි. එවැනි කමිටු පිහිටුවීමේදී දේශපාලන මග පෙන්වීම ලබා දීමට ක්‍රියාකාරී කමිටුව පෙරමුන ගත යුතු අතර අධ්‍යාපන වෘත්තිකයන් මුහුන දෙන ගැටලු පිලිබඳව සංවේදී විය යුතු බව ඹහු තව දුරටත් එක කලේ ය.

අරවින්ද සාකච්ඡාව අවසන් කලේ සහභාගී වූ සියලු දෙනාට සසප සහ එහි ක්‍රියාකාරී කමිටුවලට බැඳී සමාජවාදය සඳහා වන අරගලයට සහය වන ලෙස ආරාධනා කරමිනි.