ඉදිරිදර්ශන

ගිනුම් අක්‍රීය කිරීම “ස්වයංක්‍රීය දෝෂයක්” බව කියාපාමින් ෆේස්බුක් සමාගම සමාජවාදී පිටු වෙත පිවිසීම යථා තත්වයට පත්කරයි

[පහත පල  ‍කෙරෙන්නේ 2021 ජනවාරි 26 වැනි දින Facebook restores service to socialist pages, claiming the purge was an “automation error” යන මැයෙන් පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනයයි.]

පලල් ව පැතිරී ගිය විරෝධතා මධ්‍යයේ, මිචිගන් විශ්ව විද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ පිටුව සමගින් සසජාතශි හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) නායක සාමාජිකයන්ගේ පිටු ෆේස්බුක් විසින් සඳුදා (ජනවාරි 25) ප්‍රතිස්ථාපනය කලේ ය.

බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් (එෆ්ටී) විසින් කරන ලද විමසීම්වලට ප්‍රතිචාර දක්වමින්, ඉහත සඳහන් අයගේ ෆේස්බුක් ගිනුම් ඉවත් කිරීම “ස්වයංක්‍රීය දෝෂයක්” බවත්, “එම වරද වෙනුවෙන් අපි සමාව අයදින” බවත් ෆේස්බුක් කියා සිටියේ ය.

ෆේස්බුක් ලෝසවෙඅ වාරනය කිරීම ගැන එෆ්ටී වාර්තාවක් පලකරයි

කිසිදු විස්තරයක් හෝ වගකීමක් සම්පාදනය නො කරමින්, ෆේස්බුක් විසින් එම පිටු අවලංගු කිරීමෙන් දවස් දෙකකට පසු, මෙම සේවා පුනස්ථාපනය සිදු කරන ලදී. ඉවත් කරන ලද පුද්ගලික ෆේස්බුක් පිටු අතරට සසජාතශි ජාතික ලේකම් ජෙනවීව් ලෙයිගේ හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) එක්සත් ජනපද කලමනාකාර කර්තෘ නයිල්ස් නීමුත්ගේ පිටු අයත් විය.

මෙම දේශපාලන විරේක කිරීම හෙලා දකිමින් ලෝසවෙඅ මත පලකල ප්‍රකාශ, සමාජ මාධ්‍ය මත වාර දහස් ගනනක් බෙදා හරින ලද්දේ, කම්කරුවන්, තරුනයන්, ජනමාධ්‍යවේදීන් හා වෘත්තිකයන් වෙතින් ගලා ආ ලිපි හා ප්‍රකාශවලට අමතර වසයෙනි.

“ෆේස්බුක් සමාජවාදී පිටු වසා දැමීම කෝපය අවුලුවාලයි” යන හිසින් යුත් මුල් පිටු ලිපියක් එෆ්ටී මත පලකරන ලදී. ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් හා එක්සත් රාජධානියේ සසප ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් සමග පුවත්පත සම්මුඛ සාකච්ඡා පැවැත්වී ය.

“මෙම සුවිශේෂී තහනම (ආපසු හරවනු ලැබ) තිබුන ද එය ඊලඟට පැමිනෙන්නේ කවරක්දැයි අපි නො දන්නා තත්ත්වයට පත්කරති” යි යනුවෙන් නෝර්ත් පැවසූ බව ලිපිය තුල උපුටා දැක්වී ය. “සමාජ මාධ්‍ය... පුද්ගලික හිමිකාරීත්වය යටතේ පැවතුනත්, අභිලාශයන් සහ පරමාර්ථ අතින් සත්‍ය වශසයෙන් ම එය වෙලඳපොලට සමාන වී තිබෙනවා” යි මාස්ඩන් කීවේ ය. “ඔවුන් ඔවුන්ගේ බලය භාවිතා කරන්නේ මුලුමනින් ම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ආකාරයකට.”

ගිනුම් අවලංගු කිරීම වනාහි තාක්ෂනික ක්‍රියා විරහිත වීමක ප්‍රතිඵලය වීය යන ෆේස්බුක්හි කියාපෑමට කිසිදු විශ්වාස වන්ත භාවයක් නැති අතර, එය මුලුමනින් ම වංක ය. සසප, සසජාතශි හා ලෝසවෙඅ නායක සාමාජිකයන් හඳුනාගැනීම පිනිස මෙම සමාජ මාධ්‍ය සමාගම පැහැදිලි ව ම කාලය හා සම්පත් ආයෝජනය කර ඇත.

ෆේස්බුක් “රැඩිකල්” දේශපාලන අදහස් යනුවෙන් හඳුන්වන දෙය සමග පොරබැදීමට හිතාමතා ම අපේක්ෂා කරන බව, එහි නිලධාරීන් කොංග්‍රස් අදහස් විමසීම්වල දී මෙන් ම මිලිටරි ශ්‍රාවකත්වයන් ඉදිරියේ යලි යලිත් කර ඇති ප්‍රකාශයන් මගින් මෙම කියාපෑම ඛන්ඩනය කරනු ලබයි.

2018 පැවති නැටෝ සමුලුවක දී ජනරාල්වරුන් හා ඔත්තු සේවා නිලධාරීන් ඉදිරියේ කතා කල ෆේස්බුක් ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් ස්ටැමෝස් මෙසේ ප්‍රකාශ කලේ ය: “සියලු තොරතුරු සමාන ව නිර්මනානය නො කරන්නේ ය යන අදහසට අනුගත වීම අපේ සමාජයන් විසින් සමස්තයක් ලෙස අරඹා තිබෙනවා.” “තමන් නො තකා හැර හෝ පීඩනයට පත් කරනු ලැබ ඇතැයි හඟින පුද්ගලයන්” මිලියන ගනනක් “රැඩිකල් දේශපාලනය වෙතට තල්ලු වීම” සඳහා ෆේස්බුක් භාවිතා කරමින් සිටින බවට ඔහු අනතුරු ඇඟවී ය. මෙම පුද්ගලයන් හා සංවිධාන “දේශීය බලපෑම මෙහෙයවන්නන්” ලෙස ඔහු විසින් හඳුන්වනු ලැබී ය.

තම වේදිකාව මත කරන කතා පාලනය කිරීම සඳහා, බොහෝ විට පොලිස් හා ඔත්තු සේවා පසුබිමක් සහිත හෝ ස්ටැමෝස් වැනි බුද්ධි අංශවලට සම්බන්ධ චින්තන පර්ශද වැඩකරන 20,000කට අධික පිරිසක්, ෆේස්බුක් එහි ආරක්ෂක හා බලාත්මක කන්ඩායමට බඳවාගෙන ඇත.

මිචිගන් විශ්ව විද්‍යාලයේ සසජාතශි ගිනුම් හා සසප නායක සාමාජිකයන්ගේ ගිනුම් විරේක කරන ලද්දේ මන්දැයි විස්තර කරන ලෙස, ලෝසවෙඅ ෆේස්බුක් සමාගමෙන් ඉල්ලා සිටී.

සසප සාමාජිකයන්ගේ පිටු ඉවත් කිරීම තීරනය කිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් කවුද? ෆේස්බුක් තීරනයට එක්සත් ජනපද ආන්ඩුවේ ඒජන්සිවල සහභාගීත්වය කවරක් වී ද? සසප හෝ එහි කිසිදු සාමාජිකයෙකුගේ ක්‍රියාකාරකම් ෆේස්බුක් එක්සත් ජනපද ආන්ඩුව සමග කවදා හෝ සාකච්ඡා කලේ ද? සසප සාමාජිකයන්ට එරෙහි ව පියවර ගන්නා ලෙස එක්සත් ජනපද ආන්ඩුව යොදන පීඩනයට ෆේස්බුක් නතු වී ද?

එවන් විස්තර කිරීමකින් තොර ව, වැඩිදුර හිතුවක්කාරී හා දේශපාලනික ව අභිප්‍රේරිත ක්‍රියාවන් නො ගනු ඇතැයි සහතිකයක් පැවතිය නො හැක. ෆේස්බුක් සමාගමට සහතිකයක් සම්පාදනය කල නො හැකි නම්, එහි සමාව ගැනීම් සතුව මින් මත්තට එවැනි තීන්දු නො ගන්නා බවට අර්ථයක් නො තිබේ.

සසජාතශි හා සසපට එරෙහි ෆේස්බුක් සමාගමේ වාරන ක්‍රියාව ප්‍රසිද්ධ කොට එය ආපසු හැරවීමට උදව් දුන් බොහෝ පාඨකයන්ට, ආධාරකරුවන්ට හා මූලධර්මාත්මක ජනමාධ්‍යවේදීන්ට ලෝසවෙඅ ස්තුතිය පුද කරයි. එහෙත් සටන තවමත් අවසන් ව නැත.

පහත පියවරයන් සඳහා අපි අපේ පාඨකයන් ව උනන්දු කරමු:

1. ෆේස්බුක් හි ක්‍රියාවන් සම්බන්ධයෙන් පැහැදිලි කරන ලෙස අනවන ප්‍රකාශ info@support.facebook.com හා zuckerberg@fb.com වෙත යවන්න. ඔබගේ ලිපිවල පිටපත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මත පලකිරීම පිනිස comments@wsws.org එවන්න.

2. ෆේස්බුක්, ට්විටර් හා අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා මත සිටින ඔබගේ මිතුරු මිතුරියන් හා සහෝදර කම්කරුවන් සමගින් මෙම ප්‍රකාශය බෙදා හරින්න. hashtag #StopCensoringSocialism යන්න ඇතුලත් කරන්න.

3. ෆේස්බුක් හෝ අනෙක් සමාජ මාධ්‍ය සමාගම් මගින් වාමාංශික පුද්ගලයන් හා ප්‍රකාශන වාරනය කිරීම පිලිබඳ ව ඔබ දන්නා ඕනෑම තොරතුරක්, අපට එය හෙලිදරව් කලහැකි හා විරෝධය පලකල හැකි පරිදි ලෝසවෙඅ වෙත (ලින්ක් Send to the WSWS) එවන්න.

Loading